Showing posts with label කාලින. Show all posts
Showing posts with label කාලින. Show all posts

Monday, December 12, 2016

දෙවන බස හා රාජ්‍ය සේවය


අපගේ දෙවන බස , දමිල බස බව මේ වනවිට ලොකු කුඩා හැමෝම දනිති. එහෙත් , කුමන බසක් හෝ තෝරා  ගැනීමේ අයිතිය අප සතු වේ. පළමු බස සිංහළ වීම ශ්‍රී ලාංකිකයින්ට උරුම වුවකි . එහෙත් දෙවන , නිත්‍යානුකුලව....  ශ්‍රී ලාංකිකයින්ට උරුම කර වුවකි. වරදක් නැත. එහෙත් නැත්තෙමත් නැති බව .... මට අනුව ... හැගී යන්නකි. ජාතිවාදී හැගීමක්එ නොව , එය  මගේ දෝෂයක්ද මන්දා . 

පාසල් අධ්‍යාපනය තුල , පළමු වසරේ සිට දමිළ බස, මේ වන විට විෂයක් ලෙස  උගන්වයි. එය සිංහළ මාධ්‍යයේ විෂය නිර්දේශයට  අනුකුල වුවකි. එයද කම් නැත. 

එහෙත් ගැටළුව .... උසස් පෙළ සමත්ව , විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් නිම කොට ඇති අයවලුන්ට, 2007 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට ඇතුලත් වීමේදී හෝ උසස් වීම් ලැබීමේදී , වසර පහක් ඇතුලත  සමත් වන්නට ඇති රාජ්‍ය භාෂා දමිළ විභාගයයි. 


දමිළ අකුරක් වත් නොදත් සිංහළුන්ට මෙය උගතෝකෝටික ගැටළුවකි. දමිළ  මුල සිට ඉගෙනීමට නැවතත් සිදුව ඇත.  මෙය වර්තමාන රාජ්‍ය සේවයට අනිවාර්ය වුවකි. 

දමිළ නොදත් සිංහළුන්ට අඩුම ගනනේ ඉංග්‍රීසි බසවත් කැමති අයට තෝරා ගැනීමේ අයිතිය දුන්නා නම් , බාසා දෙකක් දැන  ගැනීමේ දෝෂය දුරු වේ. එහෙත් ඇයි මේ දමිළ ... සියළු දෙනාටම අනිවාර්ය කර ඇත්තේ.

ටියුෂන් මාෆියාව ..... දමිළ විෂයද ගිලගෙන ඇති බව මේ අනුව බලන, ඔබට පෙනෙන්නට ඕනේ. ළමුන්ට පමණක් නොව ළමුන්ගේ අම්මා තාත්තාද දරුවන් එක්ක  දමිළ පන්ති වල උගනිමේ සංස්කෘතිය ලංකාව තුල මේ වන විට ආරම්භ කර ඇත. මෙවැනි ටියුෂන් පංතියක් ලගට ගොස් බැලුවහොත් , බඩ දරු අම්මලාද .... මේ රැල්ලේ පාවෙන, පීඩාකාරීම කොට්ඨාශය වී ඇති බව පෙනේ. මන්ද වසර පහක් ඇතුලත දමිළ අවශ්‍යතාවය සපුරාලුයේ නැතිනම් වැටුප් වර්ධකය අහිමි වන බැවිනි.

අවුරුද්දක් , මාස හයක් වැනි කාලයක ඉතාම ඉක්මනින් මේ විෂය හදාරන්නට පෙළඹෙන  හා උගන්වන දෙකොට්ඨාශයම යම් තරමක මායාවක දැවටී ඇතැයි මට සිතේ. මෙය පීඩාකාරී තත්වයක් බව බැලු බැල්මට පෙනේ. මෙතරම් කෙටි කලකින් පුළුවන්ද භාෂාවක් ඉගෙන ගන්න....?

රාජ්‍ය බාසා විභාගය හා සාමාන්‍ය පෙළ විභාගය මේ සදහා මාද්‍ය වෙමින් , විභාග අක්‍රමිකතා වලටද මග පෙන්වීමකටද  , මේ අනුව මග පෑදේ. මේ තුල නිවැරදි ප්‍රතිපත්තියක්වත්  නැති බව විමර්ශනයේදී දැක ගත හැකිය. 

මෙය වෙනත් හැගීමකින් ලියුවක් නොව , සිදුව ඇති පිඩාව හා බාහිර ගැටළු නිසා ලියුවක් බව කරුණාවෙන් සලකන්න. 

   

Tuesday, August 16, 2016

ධිවර කර්මාන්තය ආශ්‍රිත මත් ද්‍රව්‍ය භාවිතය


මත් ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු රාශියක් ධිවර කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති බව මේ වන විට සමීක්ෂණ වලින් හෙළිව ඇත. පහුගිය දිනක හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් ... ධිවර වරායක සංචාරය කිරීමට . මා හට අවස්ථාව ලැබුණි . වරාය පරිශ්‍රයෙන් ඇතුළු වූ විගස එක යායට රළ මත  පෙළ ගැසී ඇති , බෝට්ටු දුටු විට අමුතු චමත්කාරයක් මා අත්වින්දද . බෙහෙවින් සුන්දර දසුනක් මගේ නෙතට ඇතුළු වුවද ... විගසම දැනුනු දුක නම් , පළමු පියවර මා තබා ඇත්තේ ... දැවී ගිය සිගරට් කොටයක් මතට නිසාය.  ... ඉබේම , බිම බැලීමි. එහෙත්..... ඒ සමග ඉබාගාතේ විසිරි ගිය තවත් සිගරට් කොට හා සිගරට් පැකට්ටු , හිස් ලයිටර් දුටු විට සිගරට් දුමින් පිරි ගිය හෝරාවන් මෙහි ඇති බව , සිතට දැනුනි.  අවස්ථාව නම් වරාය  ජන ශුන්‍ය වූ වේලාවකි. එබැවින් කලබලකාරී වාතාවරණයක් දක්නට නොවිය . උදැසනම දවසේ බෝට්ටු සමග  , වෙරළට විත්, සිය කාරිය අවසන්ව , බොහෝ ධිවරයින් නික්ම ගොස් තිබුණි .




මා සමග  ආ පිරිස සමග තව ටිකක් ඉදිරියට ඇදුනි . ගොඩට ඇද දා තිබු බෝට්ටු අස්සෙන් අප සක්මන් කළෙමු. අව් රශ්මිය ඒ වන විට තදින් වැටි ඇත. වැල්ල ගිනියම්ව ... රත්ව ඇත. තැනින් තැන බෝට්ටු අස්සේ සෙවනට පත්ව, වැල්ල මත  වැතිර සිටින උන් කිහිප දෙනෙකි. උන් ඔහේ නීදති. තව තැනක ගසකට මැදිව ඇද ඇති බෝට්ටුවක දැල් ලිහන හතර පස් දෙනෙකි. මුවගේ සිගරට් දල්වා  මහන්සිය නිවා ගන්නා සෙයක් ඔවුන් දක්වති. තව තැනක බිම පැදුරක් එලාගෙන ඕම්බි බලන පිරිසක් හා ඔවුන්ට අත්වැල් සපයන දෙතුන් දෙනෙකි.ඔවුන් අතරද දුම්වැටි හා කාලේ බෝතල් කීපයකි . නිදහසේ තම සතුට භුක්ති විදිති ...


මේ සියල්ල දහවල් දහය පහු වන විට , දැක බලා ගත හැක. බෝට්ටු අස්සේ නිදා උන් කිහිප දෙනා පුරුද්දෙන් අදුනාගත හැක. පෙර හෙරොයින් සම්බන්ධ වැරදි ඇත්තවුන්ය. 
සිතා ගත හැක. වැල්ලේ සිටින හෙරොයින් බොන බොහෝ අය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ , මෙහෙම සිටින විටදී බැව් මා  දැන  උනෙමි. ලග නැතත්... ලග තිබුනා වැනිය .හේතුව. හෙරොයින්  සදහා වැල්ලේ ඔවුන් නම් දරා ඇත්තේ කුඩ්ඩෝ  ලෙසය . මෙවැනි කුඩ්ඩන්ට නින්ද ගොස් ඇත්ද  ... නැතහොත් පියවි සිහිය අත හැර ඇත්තේදැයි ... මෙවන් මොහොතක සිතාගත නොහැක.



වැල්ල දිගේ තව  ටිකක් ඇවිද්දෙමි. මුහුද අද්දරට වන්නට බියර් බෝතල්, අරක්කු බෝතල් හා සෝඩා  බෝතල් ගෝනියකට එකතු කල හැකි තරම්ය .  හවසට වැල්ල නන්නත්තාර වන්නට විචිත්‍රව ඇතැයි සිතිය හැක. හිරු බැස ගියද ... සඳ නැගුනද සමහරු  ගෙදර නොයති ... දැනගත් පරිදි හවසට වැල්ලද්දර ධීවරයන්ගේ විවෘත වූ  විනෝද සමාජයකි . 

වෙරළ දිගේ අවුත් , වරායට පිවිසුනෙමු. නැංගුරම් දාගත් බෝට්ටු අස්සෙන් ඇදුනෙමු. නානා නම් ගත් හා පින්තුර සහිත බෝට්ටු අලංකාරව පින්තාරු කර ඇත. එක් වරම දුටුවේ ලෝක ප්‍රසිද්ධ ගායකයකුගේ රුවකි. ඔහු බොබ් මාලේ නම් වේ. ඔහුගේ පින්තුරයට ධීවරයෝ කැමැත්තක් දක්වති යයි දුටු විට සිතේ. නමුත් එය එසේ විය හැකිද ...? ඔහුට ධිවර කර්මාන්තය හා සම්බන්ධ කමක් ඇතැයිද  සිතිය නොහැක. බොබ් මාලේ ප්‍රසිද්ධ ... සුද්දන්ට එරෙහි කළු ජාතික ව්‍යාපාරයට සහය දැක වූ ගායකයකු වුවද අසා ඇති පරිදී මත් ද්‍රව්‍ය එනම් ..... ගංජා භාවිතය සදහා නම් දැරූවෙකි.  මම හරිද මන්දා ....

මතකයි වරක් . මත්ද්‍රව්‍ය භාවිතා කරණ ධිවර කාර්මිකයකු කි.....  කතාවක් ...... මුහුදට යනකොට අපි සිගරට් බන්ඩල් එකයි. ගංජා මිටි හත අටකුයි. හෙරොයින් ටිකකුයි අරන් යනවා . දවස් ගණන් අපට නිකන් ඉන්න බෑ. හිතලයි.... පාලුවයි වෙලාවකට දරා ගන්න බෑ. මාළු රස්සාවේ හැටි ඔහොම තමා . 

බහුදින යාත්‍රා වල යන ධිවර කාර්මිකයින්ට පමණක් මෙය අදාල වේ.


හැම ධිවර  කර්මිකයෙක්ම මෙලෙස නැතැයිද කිව හැක. පාන්දරට මුහුදට ගොස් දවාලට අත් දිගට ඇද ..... රජයේ රස්සාවට යන ධිවර කර්මිකයන්ද අප දැක ඇත. ඔවුන් සාමාන්‍ය පරිදි ජිවත් වේ. අරක්කු  පමණක් ඉද හිට පානය කරති.  නුවන ඇත්තෝද ....? නුවන නැත්තොද ධිවර කාර්මිකයින්  අතර සිටින බව මේ අනුව හිතා ගත හැක.  ....

ධිවර කර්මාන්තය හා  මත් උවදුර අතර ඇති සම්බන්ධතාවය අප මෙලෙස දුටිමු . සාක්ෂාත් කර ගතිමු. 

වරෙක අපි ඔවුන් ගෙන් මෙලෙස ඇසුවෙමු ... මේක නතර කරන්න බැරිද ...?  පොලිසියෙන් ඔයගොල්ලෝ නිතර අල්ලනවනේ. 

 එහෙනම් ආණ්ඩුවට කියල  .. අපට බොන්න පුවන් නිදහස් තැනක් හදල දෙන්නකෝ .... 

පෙම් කරන්න .. පෙම් උද්‍යාන සංකල්පයත් ආ  .... අප රටේ අරක්කු උද්‍යාන සංකල්පයත් ඒදෝයි  සැක සිතේ. 

ධිවර කර්මාන්තය පාරම්පරික එකකි ... එහෙත්.... මෙවන් ව්‍යවසනයක් එදා තිබුනිදෝයි.... කොහේවත් ලියල තිබුනා මතක නැත....බොහෝ වෙහෙසකාරී රස්සාවක් බව දැන හිටියා වගේම ජිවිත අනතුරු  වැඩියි ..... බුදු දහමට අනුව මාළු මරණ එක පව්කාර රස්සාවක්ලු . ඒත්...මාළු මුදලාලිලාගේ පොහොසත්කම මේ ඔක්කොටම වඩා වටිනවාලු ....

හොද නරක දෙකම ඇතැයි සමාජය මනින මේ රස්සාවට ඇයි මේ මත්ද්‍රව්‍ය භාවිතය ... ධිවර ජනතාව නැමති ..ඒ උප සංස්කෘතියේ අද වන විට අනිවාර්ය අංගයක් වී ඇති මත් ද්‍රව්‍ය භාවිතය හන්දා .... මේ රස්සාවත් හෙට වන විට අනතුරේ ඇත.

අප ධිවර කර්මාන්තය  දන්නා කාලය එන විට .. බිලා ඇවිත් ... කුණුහරුප කියන .. ගෙදර ගැනිට ගහන .... සිද්දීන් සිනමාවේ තිබුනා මතකය. 
  • අරක්කු කියන්නේ ජොලි පානයක්ද ...?
  • බිව්වම මහන්සිය අඩු වෙනවද ...?
  • තනිකම පාළුව නැති වෙනවද ...? 
හෙරොයින් බිව්වම .... ලස්සන හීන  පේනවද ...? පාවෙන්න පුළුවන්ද ...? සමහරු කියනවා ඇගට ශක්තිය ලැබෙනවලු වැඩ කරන්න . මේ ඔක්කොම ඇත්ත කියා කොහොමද අපි  පිලිගන්නේ ...?

මේ දේවල් ලියන්නේ යමක් කමක් තේරෙන අයට මිසක් ... පාසල් යන දරුවන්ට නොවේ....මාධ්‍ය භාවිතය ,  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප පරිස්සම් වෙන්න ඕනෑ. මත්ද්‍රවය නිවාරණ දැනුවත් කිරීම් හුදෙක්... මතින් ඈත් කිරීම පිණිස මිස ..... ලං කිරීමට කරන බන්ධනයක් නොවේ. 

කාලෙකට පස්සේ .... මාසයක් තිස්සේ කඩින් කඩ ලියුවක් .... පැවති .... අධික කාර්ය බහුලත්වය blog එකෙන් මාව ටිකක් ඈත් කළා..... 







Friday, April 1, 2016

ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ සමාජ සත්කාර ..







මාතර ප්‍රජා  විශෝධන ප්‍රාදේශීය කාර්යාලයෙන්  එක් සමාජ සත්කාරයක් මෙලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි ... 

ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ අරමුණු හා  දැක්ම පිළිබද මෙලෙස සටහන් තබමි.

මා පෙර ලිපි කීපයක ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව හා එහි කාර්ය භාරය ගැන සටහන් තබා ඇත . 

Tuesday, January 27, 2015

සාම විනිසුරු


             
         සාම විනිසුරු තනතුර කියන්නේ මොකද්ද  කියල , මං අපේ blog මිතුරන්ගෙන් අහන්න ඕන කියල හිතුව. පහුගිය දිනවල දිවයින තුල  වැඩි සංඛ්‍යාවකට මේ තනතුර හම්බ උනා. මුළු දිවයිනටම හා එක්තරා බල ප්‍රදේශයකට පමණක් දිවුරුම් දුන් අයත් මේ අතර හිටිය. වැඩිපුරම ඒ දවස් වල නම් හිටියේ වැඩිහිටි අය. කාන්තා , පිරිමි දෙකොට්ඨාශයම නියෝජනය වෙමින් සාම විනිසුරු තනතුර සදහන් බෝඩ් ලැලිත් එල්ලලා තියනවා මම දැක්කා. 
       අධිකරණයක් හමුවේ දිවුරුම් දෙමින් , ශ්‍රීලංකා රාජ්‍යයේ ඒකීයත්වය රකින බවට ගෞරවනීය  ලෙස දිවුරුම් දී, සමාජ මෙහෙවරක් කරන බවට සපථ  වී එන මේ නිලධාරීන් සමාජය වෙනුවෙන් කරන්නේ මොනවද....? ඇත්තෙන්ම ඔවුන්ගෙන් සමාජ මෙහෙවරක් ඉටු වෙනවාද...... ? කියන එක හොයන්න වටිනා වැඩක්, මොකද වැඩක් කරන්න ඉන්න පිරිසගෙන් අපි වැඩක් ගන්න ඕනනේ. 
       මට මතකයි මං විභාගෙකට අත්සන් කරන්න හුගක් ඉස්සර දවසක සාමදාන විනිසුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. මගෙන් ගාස්තුවක් ගත්තේ නැති උනාට, එයා වෙන අයගෙන් නම් සල්ලි ගන්නවලු. මේක මුදලට කරන ව්‍යාපාරයක්ද....? අර ...... ආගමන විගමන එක ලග කඩ දාගෙන , රට යන අයට දිවුරුම් පෙත්සම් එහෙමත් , සකස් කරන සේවාවක් තියනවා කියල, මං දවසක් පත්තරෙන් දැක්කා. ඇත්තටම මේ සේවාවේ නියම අර්ථය මොකද්ද ...? දවසක් මේ සම්බන්ධ පුහුණු පන්තියක් ගාල්ලේ තියනවා කියල නෝටිස් කරලා තියනවා මං දැක්කා . මොනවද දන්නේ නැ, මේ සදහා තියන විෂය මාලාව 
     දේශපාලන සම්බන්ධයක් තියන අයටත් , මේ තනතුර ගන්න පුළුවන්ලු, ඒ කියන්නේ කවුද මේ තනතුර පිරිනමන්නේ...?   ගෙදර රස්සාවක් නැතිව ඉන්න අයටත් ඒ ගොල්ලන්ට කියල මේ තනතුර ගන්න පුළුවන්ලු. වෙලාවකට හරි පහසු තනතුරක් කියලයි  මට හිතෙන්නේ . 
සාම විනිසුරුවරයෙකු උනාම ලබා දිය යුතු සේවාවන්  හා කර්තවයන් මොනවාද යන්නත්, සමාජය දැනුවත් කරන්නේ නම් හොදයි කියල මට හිතුන. මං හිතන්නේ මේ ගැන දන්නා අය සිටි නම් අපිව දැනුවත් කරන ලෙස ඉල්ලනවා .

Saturday, November 8, 2014

විවාහය තුල දේශපාලනය

        

   විවාහය යනු කිළිටි නොකළ යුතු පුජා භූමියක් ලෙසයි , මා දකින්නේ..... එය එතරම් වැදගත් සංධිස්ථානයක්. දෙදෙනකු අතර හුවමාරු වන හැගීම් සහ දැනීම්.... විවාහය අර්ථ ගන්වන්න වැදගත් වනවා කියලයි මට නම් හිතෙන්නේ. 
         මෙය සංස්ථාවක්, සංකීර්ණ ගනුදෙනුවක්. එකාත්මිය විය යුතු කලාවක්..... ඒත් විවාහය එසේ පවතියිද.....? සමාජ වෙනස්වීම් හා ගෝලීයකරණයේ බලපෑම් විවාහය වෙත එල්ල වෙද්දී, මේ පුජනිය බව කෙලෙසීමට .... විවාහ සංස්ථාව දෙදරීමට බලපාන්නේද යන්න සොයා බැලිය යුතුය. 
         මා වෙත බලපාන්නා වූ සමාජ සංස්කෘතික තත්වයන් මත මා මේ සටහන විග්‍රහ කිරීමට පමණක් බලාපොරොත්තු වේ. නුතන මතවාදයන් හා වෙනත් වෙනස්කම් ඇත්නම් පැවසීම..... ඔබට බාරයි.
          විවාහය දෙදෙනකු අතර සිදුවන ගනුදෙනුවක් කියල මා වරෙක පැවසුවා. යම් විදියකින්, මෙය බල අරගලයක් ලෙස අර්ථ දැක්වීම සුදුසුද ..... මන්දා.....
       මා වර්තමානයේ දකින සමාජ තත්වය මත මෙය බලය බෙදීමේ විෂමතා මත අරගලයන් කරා යන තත්වයක් විවාහය තුල ඉස්මතු වෙලා කියල දැනෙනවා. වරෙක සල්පිලක තබා වෙන්දේසි වන භාණ්ඩයක් ලෙස විවාහය ලංසු තබන ආකාරයත්, කඹ ඇදිල්ලේ ක්‍රීඩාව සදහා වෙනත් මුහුණුවරක් ගන්නා ආකාරයත්, තවත් වරෙක විවාහය මාර්කට් වන සංකල්පයත්..... ඔබ මා හිදින මේ සමාජ තලය තුල විද්‍යමාන වේ. 
           මේවා විවාහය තුල නිලින ලක්ෂණ ලෙස පෙර සමාජ තත්වයන් තුල පැවතියත්.... අද වන විට, විවාහයේ අඩු පාඩු ප්‍රසිද්ධ කර මඩ ගැසීමේ කලාව දක්වා වර්ධනය වූ පහත් මට්ටමේ ඇගයීම්..... සමාජයට මුදා හැර ඇත. එම අදහස් සංසරනයත් සමග විවාහය යනු කුමක්ද....? සැබෑ අරමුණු මොනවාද යන්න අප ඇත්තෙන්ම සෙවිය යුතුද.......? 
          එයද පෞද්ගලික කාරණාවකි. තම විවාහය තිබිය යුතු ආකාරය මනෝ චින්තනය වන්නේ තමාටම බැවිනි. මෙම චින්තනය දෙදරා යාමේදී..... විවාහ ගැටළු ඉස්මතු වනවාද යන්නත් වරෙක සිතේ.හැමෝම දන්නා පරිදි , අපේ  ප්‍රසිද්ධ චරිත දික්කසාද කරා යාමට සිදු උනේ ..... මේ මනෝ රාජික විවාහයේ ප්‍රතිපලයන් භුක්ති නොවිදිම හේතුවෙන් වන්නට පුළුවන. 
         උදාහරණ ලංකා සමාජයෙන් ගත් කල ප්‍රසිද්ධ වූ කරනා කීපයක් මත පදනම්ව මා මෙසේ ලියමි. 
        ජනාදරී අද මෙසේ කියයි....... 'මාව මගේ ස්වාමිපුරුෂයා වෙළද භාණ්ඩයක් ලෙස යොදවා , මා හට සාධාරණය ඉෂ්ඨ කලේ නැ'....... ඔවුන් අද වෙන්ව වසයි..... හදගම නිහඩය. ඇය පමණක් කතා කරයි. දෙදෙනාම දක්ෂයින්ය. විවාහයේ අරමුණු වලට වඩා දෙදෙනාම ප්‍රබල වුයේ, වෙළද අරමුණු තකාය. විවාහයේ ප්‍රථිපල දරු දෙදෙනාය.ඔවුන් මේ ගැටුමේ ප්‍රථිපලයන් ..... භුක්ති විදින්නෝය. විවාහයේ යුධ ගිනි ඔවුන් වටා ඇවිලේ. 
       මට මතකයි..... සුදත්...... සත්‍යංගනීට මෙලෙස කිවා.... ' අපි දෙන්නා ගස් දෙකක් ..... ගහකට එතෙන්න ඕන වැලක්...' ඒ හන්ද වෙන්ව යමු..... ඒ ගෞරවාන්චිත වෙන්විමකි. ශක්තිමත් දෙදෙනකු  එකතු වූ කල විවාහය අර්ථ නොගැන්වෙන බව ඔවුන් නිහඩව වටහා ගන්න ඇති. ඔවුන් අද වෙන් වෙන්ව නව විවාහයන් භුක්ති විදිමින් සිටිති. 
        උදාහරණ දෙස බැලීමේදී, මේ විවාහයද.....කියල සිතන තරමට ගැටළු සංකීර්ණ බව පෙනේ. බල අරගලයන් කරා සටන් වැද ...... අවසානයේ ලැබෙන්නේ මොනවාද.....? කලකිරීම් පමණි. විවාහයේ නායකත්වය සැම විටම හිමි වන්නේ බිරිදටද, ස්වාමිපුරුෂයාටද.....? ස්ත්‍රී පුරුෂභාවය විවාහය තුල වැදගත්ද......? බලය බෙදීම විවාහයට වැදගත්ද....? මේ සියළු කාරණා එකතු වූ කල විවාහයද දේශපාලනීකරණය වී ඇති බව සිතා ගත හැක. 
         විවාහය තුල ක්‍රියාත්මක වන මේ නිලින දේශපාලනය, බල ලෝභය, ආර්ථික අරමුණු .... ඇති තාක් විවාහයේ උත්තරීතර පරමාර්ථ ඉටු වන්නේ නැත.  ශුද්ධ වූ විවාහය අපායක් වන්නේ, මේ දේශපාලනය විවාහ සංස්ථාව තුලට වැද්දා ගැනීම නිසා බව මට සිතේ. 



Thursday, November 6, 2014

බස හැසිරවීම

       


           රටක භාෂා කීපයක් තිබිය හැක. එය ලිඛිත හෝ කථිකද , මේ දෙකම එකක් වශයෙන්ද , භාෂාව පවතින ආකාරය දැකිය හැක. අපේ භාෂාව සිංහලයි දැන් අප කතා කරන්නේ අපේ භාෂාව ගැනයි.
        සිංහල යනු අලංකාරවත් බස් රටාවකි. එය අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නීති තුල පවතින්නා  වූ රටාවකි. අප මේ රටාවට හුරු වන්නේ , අතීතයේදී නම්, බොහෝ විට පන්සල මුල් කර ගෙනයි. මා පිළිගන්නා ආකාරයට අතීතයේ පිරිවෙන් අද්‍යාපනය තුලින් සිංහල භාෂාව අපේ පැරණි උගතුන් නිසි ලෙස හැදෑරු බවට සාක්ෂි විද්‍යමාන වේ. එදා සිංහල භාෂාව නිසි ලෙස ඔවුන් හදාරා ඇත. 
         එහෙත් වර්තමාන පාසල් අද්‍යාපනය සිංහල ඉගැන්වීම  සදහා වැඩි උනන්දුවක් නොදක්වයි.අවශ්‍ය පොතපත නොමැතිකම ,  නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් නොමැතිකම පාසලේදී සිංහල භාෂාව සදහා ලබා දී ඇති කාලය මදිකම , උගත්කම ලත් ගුරුවරු ළමුන්ට උගන්නන්න නොදන්නා කම යන හේතු මත සිංහල භාෂාව මේ වන විට නිසි ලෙස වර්තමාන පරපුර හසුරු වන්නේ නැත.
             තවද අප භාෂාව සැදී ඇත්තේ හෙළය මුල් කර ගනිමින් හා වෙනත් විදේශීය භාෂා එකතු කර ගනිමිනි. අතීතයේද අනාගතයේද මෙබදු වෙනස් වූ භාෂා රටා තව දුරටත් එකතු වේ.එය අපට වෙනස් කල නොහැක එබැවින්, සිංහලය තව දුරටත් වෙනස් වීමට ඉඩ ඇත.      
          භාෂාවක් අවශ්‍ය වන්නේ අදහස් හා  හැගීම් ප්‍රකාශනයටය. එය පහසු ලෙස හැසිර වේ  නම්, අප සමාජයට ගැටළුවක් නැත.එහෙත් ඉතිහාසයක් ඇති අපේ රටට පැරණි බස රැකිම පිලිබද වටිනාකමක්ද  ඇත.එය වෙනමම ප්‍රශ්නයකි. ඉතිහාසගත සියළු දේ සංරක්ෂණය කරන අපට භාෂාවද සංරක්ෂණය කරගත යුතු වන්නේ, අපගේ අනන්‍යතාවය රැක ගැනීමටය. 
           සමාජ දියුණු වී, තාක්ෂණය  හා මාද්‍ය ලෝකය පුළුල් ඌවට පසු  භාෂාව වේගයෙන් වෙනස් වීම් වලට භාජනය විය. ලිඛිත භාෂාවේ වැදගත්කම අඩු වී,කථික භාෂාවද ලිඛිත වන්නට විය. 
        වයස තේරුම් නොමැති උදවිය භාෂාව හරි හැටි නොදැන, කුමක් හෝ කියවන්නට , ලියන්නට පටන්  ගත් යුගයක ආරම්භයකට සිංහළය  දැනට ප්‍රවිෂ්ඨ වී ඇත.
      ලෝකය වෙනස්වීම් වලට භාජනය වනවා සේම, මේ වෙනස්කම්ද අපට නතර කල නොහැක. මේ නිසා උපකාරක පද මෝඩ් වීමද , සන්ධිවාචකයන් ලොප් වීමද දැකගත හැක.
      භාෂාව අප සංස්කෘතියේ සංකේතය වුවද ඉස්සරහට එය එසේ නොවන්නේය. අද්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකොට , භාෂාව නම් තව දුරටත් රැකියා නොහැක්කේය. නිසි බස ඉගෙන නොගැනීම හා භාවිතා නොකිරීම ගැන මතු පරපුරට දොස් නොකිය යුතුය. සුදුසු දේ නොකළහොත් සිංහළය තව දුරටත් ඉතිරි නොවන්නේය. 
           නිවැරදි බස හැසිරවීම ඇත්තෙන්ම අපට අවශ්‍යද......? ඔබේ මතයට ඉඩ.....

Tuesday, October 21, 2014

රූපලාවන්‍ය සදහා වියදම් කල ඇමතිනිය


            රූපලාවන්‍ය කටයුතු සදහා දේශපාලන මුදල් වැය කල ජපාන වෙළද හා කර්මාන්ත ඇමතිනිය වන යුකෝ ඔබෝචි හට අගමැති දෝෂාරෝපණය කිරීම හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදු  විය. පක්ෂයේ දේශපාලන අරමුදල් අත්තනෝමතිකව භාවිතා කිරීම ඇයට එල්ල වූ චෝදනාවය. 

        මෙම සිදුවීම නිසා වත්මන් අගමැති, ෂින් ෂෝ අබේ  වෙත දැඩි බලපෑමක් මාද්‍ය වෙතින් සිදු විය. පක්ෂයේ අරමුදල් දේශපාලන නොවන අරමුණු සදහා වියදම් කල නොහැක. 

           පසු ගියදා , එරට මාද්‍ය වාර්තා කරන ආකාරයට ඇය සහ ඇගේ කාර්ය මණ්ඩලය ඇමරිකානු ඩොලර් දහස් ගනනක් වැය කර රූපලාවන්‍ය උපකරණ මිලදී ගෙන ඇත. එසේම, ටෝකියෝ  නුවර සංචාරය කිරීම සදහා ඩොලර් දස දහස් ගානක් වියදම් කර ඇත. මෙය මාද්‍ය මගින් අනාවරණය වීමත් සමග ඇය ඉල්ලා අස්වෙන බව මාද්‍ය වෙත ප්‍රකාශ කර ඇත.     

        ජපානයේ දේශපාලන සභාගිත්වය සදහා වැඩි කාන්තා නියෝජනයක් ලබා දීම අගමැති විසින්  අරමුණු කරගැනීමේ ක්‍රියාදාමය මේ හේතුවෙන් පසුගාමී තත්වයට වැටෙන බව මාද්‍ය ප්‍රකාශ කරයි. 

          අගමැතිවරයා පසුගිය මාසයේ, සංශෝධනයට ලක් කරන ලද ජපාන කැබිනට් මණ්ඩලයට අළුතින් පත් කරන ලද කාන්තා නියෝජිතයින් පස්දෙනා අතර ඇයද සිටියාය. එසේම අනාගත අගමැතිවරියක වීමේ හැකියාවද ඇය වෙත වූ බව මාද්‍ය ප්‍රකාශ කරයි. 

        අගමැතිගේ ඉලක්ක සපුරා දීම තමන්ට නොහැකි වූ බැවින් ඉල්ලා අස්වෙන බව, සිය නිල ප්‍රකාශයේදී ඇය දන්වා සිටියාය. 

        එසේම .... ජපාන ආර්ථික සුරක්ෂිතතාව සහ කාන්තාවන් සදහා හොද තැනක් ලබා දීමද , අගමැතිවරයාගේ මුලික අදහස වී තිබුන බව ඉල්ලා අස්වූ යුකෝ ඔබෝචි තව දුරටත්  පවසා සිටියාය. 

ජපානය යනු වේගයෙන් දියුණු වූ රටකි. එරට ආර්ථික ප්‍රතිපත්ති දැඩි බවින් යුක්ත වීම හේතුවෙන්, හොද ආර්ථික ස්ථාවරයක් ගොඩ නගා ගෙන ඇත. අනවශ්‍ය වියදම් ජපන් වැසියන් කවදත් නුරුස්සති. මුදල් මිස සෝබන ක්‍රියාකාරකම් වලට ඉඩක් නැත. 

          හිටපු ඇමතිනියගේ  මෙම රුපලාවන්‍ය භාණ්ඩ මිලදී ගැනීම, කිසිවකු අනුමත නොකළ අතර ප්‍රශ්න  කිරීමට ලක්වීමේදී..... ඇය, නිහතමානිව , රටක ප්‍රබල අරමුණු වලට ඉඩදී ඉන් ඉවත් විය. 
      
      එහෙත්...... මේ ආදර්ශය අප රටේද පැවතියේ නම් , මෙලහකට ලංකාව සිංගප්පුරුවක් වත් වී ....... අවසානය.  

Friday, October 17, 2014

බන්ධනාගාර රැදවියන්ට දුරකථන පහසුකම්


          නොබෝද බන්ධනාගාර රැදවියන්ට දුරකථන පහසුකම් ලබාදීමේ පලවෙනි අදියර වැලිකඩ බන්ධනාගාරයෙන් ආරම්භ කෙරින. රුපියල් මිලියන හැත්තෑපහකට වැඩි මුදලක් වැය කරමින්, ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය හා එක්ව, දුරකථන අටක් මේ වන විට සවිකොට ඇත. 
     රැදවියන් වෙනුවෙන් පෞද්ගලික ගිණුම් ආරම්භ කරමින්, ඇගිලි සලකුණු ලබා ඔවුන් ලියාපදිංචි කිරීම  පළමුවෙන්ම සිදු කෙරේ. එම ඇගිලි සලකුණු මගින්, ඔවුන්ගේ ගිණුමට සම්බන්ධව, තමාට නියමිත ඩේටා ප්‍රමාණයට ඇමතුම් ලබා ගත හැක. එම ඇමතුම් ස්වයංක්‍රියව පටිගත වන අතර , සතියකට විනාඩි දහයක් තුල දුරකථන අංක තුනකට කතා කිරීමේ හැකියාව ඇත. 
          මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් වෙතින් සැම ශ්‍රීලංකා රැදවියකුටම රුපියල් විසිපහක මුදලකුත්, විදේශීය රැදවියකුට රුපියල් දාහක මුදලකුත් බැරකර ඇත. අනතුරුව, රැදවියන්ගේ ගිණුමට නැ හිත මිතුරන්ට ශ්‍රීලංකා ටෙලිකොම් හරහා මුදල් බැර කිරීමේ හැකියාව ලබා දී  ඇත. 
       රැදවියන්ගේ මානව හිමිකම් රැකිම සහ දුෂණ වංචා අවම කිරීමේ එක් ක්‍රමවේදයක් ලෙස මෙය හැදින්විය හැක.   මේ අනුව නීති විරෝධී ජංගම දුරකථන සංසරණය අවම කිරීමට හැකි වන අතර, රැදවියන්ගේ මානසික තත්වය නගා සිටුවීමටත්, දුර බැහැර සිටින, නැ හිත මිතුරන් තමන්  බැලීමට ගෙන්වා නොගෙන අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමටත් හැකියාව ඇත. 
       මෙම දුරකථන භාවිතය හරහා බන්ධනාගාරය තුල ..... බන්ධනාගාර සංස්කෘතියේ යම් වෙනස් වීමක් සිදුවෙන බව හා ඒ තුල වූ ක්‍රියාකාරිත්වය  නොබෝ කලකින් අපට දැනගත හැක. මෙය සුභවාදී දැක්මක් අනුව ආරම්භ කලද...... ඉදිරි තත්වය ..... පසුවට අප විමසීමක් කොට බලමු. 

Sunday, September 28, 2014

සුනෝ ..... ආයේ එන්නෙ නෑ

        

     
           මං පුංචි කාලේ ඉදන් හැදී වැඩුනේ සැප සම්පත් මැද , අපේ පවුලේ අටදෙනෙක් සිටියා. අක්කා, අයියා, නංගිලා, මල්ලිලා, අපි හැමෝටම අම්මයි,තාත්තයි කිසි අඩුවක් කලේ නැ. ජිවිතේ දුකක් කියල දෙයක් දන්නෙත් නැ. තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක්, අම්මා අපිව බලාගෙන ගෙදර හිටිය, මමයි, අක්කයි, ඉස්කෝලේ ගියේ, අගනුවර ප්‍රසිද්ධ පාසලක, හොස්ටල් එකේ නතර වෙලා , තමයි ඉගෙන ගත්තේ . 
අපේ ගම දකුණේ, ප්‍රසිද්ධ නගරයක්. විදේශිකයන් බැලූ, බැලූ අත සැරිසරනවා . හැම වෙලේම ඇස ගැටෙන්නේ, ඔවුන්ගේ  අපුරු දර්ශන .... 
          අපි හොද ඉස්කෝලෙක ගියාට අපි දෙන්නටම ඒ තරම් ඉගෙන ගන්න බැ. උනන්දුවක් තිබුනෙත් නැ. අම්මල අපි ඉගෙන ගන්නවද කියල බැලුවෙත් නැ. කොහොමින් හරි, සාමාන්‍ය පෙළ අසමත් වෙලා අපි ගෙදර නතර උනා. කවුරුවත් අපිට බැන්නෙත් නැ. ඒ කාලේ හැටියට අපේ පැත්තේ , සල්ලි තියන පවුල් වල ළමයි, ඉහලට ඉගෙන ගත්තේ නැ.කරුමෙටද මන්දා කාටවත් ඉගෙන ගන්න දක්ෂතාවයක් තිබුනෙත් නැ . මොනවා උනත් ඉංග්‍රීසි ටිකක් නම් අපිට ඉතුරු උනා. 
               අනෙක් නංගිලා පොඩියි. අයියයි, මල්ලිලාටයි උනෙත් ඒ ටිකමයි. ඒ ගොල්ලන්ටත් තාත්තා ඕන තරම් සල්ලි දුන්නා. ඒ හින්ද එයාලත් එතරම් අද්‍යපනයක් ලැබුවේ  නැ. අන්තිමට මල්ලිලා නම් තාත්තගේ වෙළද ව්‍යාපාරයට එකතු උනා. 
         සල්ලි අත ගාල පුරුදු  එයාල, හම්බ කරනවට වඩා කරේ වියදම් කරන එක. තාත්තත් කඩේ ඒ ගොල්ලන්ටම බාර දීල, ගෙදර නැවතුනේ විවේක ගන්න. පුතාල හොදින් ව්‍යාපාරේ කරනවා ඇතැයි සිතා, ඒ පැත්තවත් බැලුවේ නැ, අම්මටත් ගානක් උනේ නැ. හැමදේම අඩුවක් නැතිව ගෙදරටම ලැබුන, අම්මට කොහොමත් ඕව තේරෙන්නෙත් නැ. 
       අපි පාරට අවොත් හැම වෙලේම දකින්නේ විදේශිකයෝ කියල මං මුලින්ම ඔයාලට කිව්වනේ. ඔන්න අපේ නංගි සුද්දෙක් එක්ක යාළුවෙලා. ජර්මන් කාරයෙක්ලු , නංගි ලස්සනයි. වයස 22ක් විතර, ඒ මනුස්සය ගෙදරට ඇවිත් කතා බහ කරලා නංගිව කසාද බැන්ද. ටික දවසකින් ජර්මනියට එක්කන් ගියා. සුද්දෙක් බදින එක අපේ අපේ පැත්තේ සාමාන්‍ය සිදුවීමක් නිසා, කාටවත් ඒ ගැන ගානක් නැ. ඒ ගොල්ලන් නම් දැන් බොහොම හොදින් ඉන්නවා. ළමයි දෙන්නෙක් එක්ක , ළමයිනුත් දැන් ලොකුයි. 
       එන්න ... එන්නම අපේ ව්‍යාපාරේ වැටුනා. වියදම් මිසක් අදායමක් නැ. වරද මල්ලිලාගේ. තාත්තත් දැන් වයසයි. මේවට මහන්සි වෙන්නත් අමාරුයි. මල්ලිලා අන්තිමට ව්‍යාපාරය වහල දැම්මා. ව්‍යාපාරය කිව්වේ, අපට තිබුනේ හෝටලයක් සහ  වයින් ස්ටෝර්ස් එකක්, ඒකෙ බලපත්‍රයත් කැන්සල් උනා. අන්තිමට හැමෝම ගෙදර නතර උනා. ඉතුරු සල්ලි ටිකත් ටික ටික වියදම් උනා. ජර්මනියේ ඉන්න නංගි අපට ජිවත් වෙන්න සල්ලි එව්වා. ඒ හින්ද ලොකු මදි පාඩුවක් තිබුනෙත් නැ. 
        ඔහොම කල් යද්දී නංගිලා දෙන්නෙක්ගේ විවාහ කටයුතුත් සිදු උනා. මල්ලිලා දෙන්නත් බැන්ද, අනේ මමයි, අක්කයි, අයියයි , නංගියි , තමයි ගෙදර ඉතුරු උනේ.නංගි හොයන්නෙත් සුද්දෙක් බදින්න. එයා ලංකාවේ කෙනෙකුට කැමති නැ. ඒ උනාට තාම බැන්දෙත් නැ. අයියට බදින්න උවමනාවක් නැ. රස්සාවකුත් නැ. අක්කටයි, මටයි, කපුවො දම්මල හොයපු නැති දිහාවක් නැ. ඒත් ඉරනම්කාරය අහලකවත් නැ. 
      කාලෙත් එක්ක යන්තම් අවුරුදු පනහ පහුවෙද්දී අක්කා නම් බෙල්ජියම්කාරයෙක් බැන්ද, අක්කගේ වාසනාව. දැන් මං ගෙදර. අක්කත් යන්න ගියා. ඔය අතරේ අක්කා මට මනමාලයෙක් හෙව්වා. බෙල්ජියම් වලින්. මටත් දැන් පනහට ලගයි. තව හිටියොත් මාව අනාත  වෙනවා. තාත්තා ඒ වෙනකොටත් මිය ගිහින්, අම්මා එකතැන ආර්ථික ප්‍රශ්න වටේටම. ඉස්සර වගේ අපට සල්ලිත් නැ දැන්. කාටවත් රස්සා නැ. මොකද කරන්නේ ....... අක්කා හොයපු මනමාලයට කැමති වෙන එක විතරයි දැන් තියෙන්නේ . 
        මනමාලය ලංකාවට ආව.... මාව කසාද බැන්ද , එයා ආපහු ගියා. මාව ගෙන්න ගන්නවා කිව්ව. මාස තුනකින් මාත් බෙල්ජියමට ගියා. එයා  කලින් බැදලා දික්කසාද වෙච්ච්ච කෙනෙක්. රස්සාවෙනුත් විශ්‍රාම ගිහින්, එයා ඇත්තටම මට ආදරෙයි , ඒ වුනාට මාව ගෙන්නුවේ හැම අවුරුද්දටම මාස තුනයි, එයත් මාස තුනක් මෙහේ. මං කොච්චර කිව්වද මාව දිගටම එහේ තියා ගන්න කියල. විසා හදන්න එයාට සල්ලි නැ කිව්ව. මාව  ලංකාවේ ගෙයක් බද්දට අරන් ඉන්දුවා, ගෙට බඩු අරන් දුන්නා.එයා එනකන් මං තනියම හිටිය. අපි හැමදාම ස්කයිප් එකෙන් කතා කලා. මට මාසෙට හතලිස් දාහ ගානේ වියදමට එව්වා. 
     මං හිටියේ අවදානමක , එයාට අසනීප තිබුන. ප්‍රෙෂර් , කොලෙස්ටරෝල් තිබුන.  කොච්චර කිව්වද මට ගෙයක් අරන් දෙන්න කියල. මටම කියල , එයාට මොනවා හරි උනොත්, මට මොකද වෙන්නේ කියල හැම වෙලේම හිතුනා. ඔය විදියට අවුරුදු දොළහක්ම ගෙවුන. 
     දවසක් මං එයත් එක්ක ස්කයිප් එකේ කතා කර කර ඉන්න කොට එක පාරටම එයාගේ  , කැ ගැහිල්ලක් එක්ක ස්කයිප් එක නතර උනා. ඊට පස්සේ නම් එයා කවදාවත් මට කතා කලේ නැ. මං කීප සැරයක්ම එයාගේ ෆෝන් එකට ගත්තා, එයා කතා කරන්නේ නැ. අන්තිමට කලින් කසාදෙ පුතාට මං කතා කරලා කිව්ව, සුනෝ ගැන බලන්න කියල . .       සුනෝ මැරුන කියල. එයා මට කිව්ව. දවස් හතරකට පස්සේ ගෙදර තිබිල මිනිය හම්බ වෙලා තියෙන්නේ, පොලිසියට සැකයි කියල තාමත් පරික්ෂනලු. 
      මට සුනෝ බලන්න අන්තිම වතාවටවත් යන්න බැරි උනා. එයාගේ මරණයේ අවසන් කටයුතුත් කරලා. මට බිරිද විදියට කිසි දෙයක් කරන්න බැරි උනා. මං ඇඩුව. මගේ අසරණකම මතක් උනා. මට දැන් බෙල්ජියම් වලට යන්න සල්ලි නැ. සුනෝ එවපු හැම සතයක්ම මට වියදම් වෙලා. කීයක්වත් ඉතුරු කරල නැ. 
        එයා එවපු සල්ලි වලින් මං කලේ, කාපු බීපු එකයි , විසා හදා ගන්න දේවාල ගානේ ගිහින් බාර හාර වෙච්ච එකයි විතරයි .
         අක්කා මට සල්ලි එවන්නම් කිව්ව. මගේ උරුමයවත් ඉල්ලා ගන්න මට බෙල්ජියම් වලට යන්න වෙනවා. ඒවත් කොහොම ලැබේවිද දන්නේ නැ. 
           සුනෝ ආයේ එන්නේ නැ. මං තනි උනා. මට ආපහු ගෙදර යන්න බැ. ජිවත් වෙන්න ක්‍රමයකුත් නැ. සල්ලි ගොඩක් එක්ක , සැප සම්පත් පැතුව මට වෙච්ච දේ ...... 
        මට වෙච්ච දේ  ..... මේ ලංකාවේ කාටවත් වෙන්න එපා කියල මං කියන්නේ , මගේ කතාව ඔයාලට දැන ගන්නයි. 


අසුව දශකයේ සිට මේ දක්වා විකාශනය වූ සත්‍ය කතාවකි , ඇගේ අනාගතය  කෙබදු ලෙස ගත වේදැයි, අවිනිශ්චිතය. මේ.....  මා දුටු හා ඇ  පැවසු ඇගේම කතාවයි......


Friday, September 12, 2014

ආදරයට ලද තිළිණය

        
    පැරා ඔලිම්පික් ධාවන ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් , මෙයට වසර දෙකකට උඩදී, අත්වැරදීමකින් තම පෙම්වතියට , පෙම්වතුන්ගේ දිනයේදී වෙඩි තබා මරා දමා ඇත. සිද්දිය සිදුවුයේ දකුණු අප්‍රිකාවේ සිල්වටු ප්‍රාන්තයේ , වික්ටෝරියා නගරයේ තම අධි සුඛෝපභෝගී නිවසේදීයි.


            තම පෙම්වතා පුදුම කිරීමට , ඇය පෙම්වතුන්ගේ දිනයේ උදේ පාන්දරම , අනවසරයෙන් ඔස්කාගේ නිවසට ඇතුළු වී ඇත. හදිසියේ කලබල වූ ඔස්කා , වහා  ක්‍රියාත්මක වී , පිට පිට වෙඩි ප්‍රහාර හතරක් තැබීමෙන්, ඇය එතනම මිය යන ලදී. පසුව , එසේ පැමිණ ඇත්තේ ,තම පෙම්වතිය බව හදුනා ගැනීමෙන් පසු ඔහු දැඩි ලෙස කම්පාවට පත්විය.



            අප තවකෙකු පුදුම කරන්නට කරන ලද යම් යම් ක්‍රියාකාරකම් වල අවදානමක් පවතින බව සිතිය යුතුය. එවැනි යමක් කරන්නට පෙර පවතින තත්වය සැලකිල්ලට ගත යුතුය. සිදුවන අත්වැරදීම් කවදාවත් නිවැරදි කල නොහැක. පුදුමයන් පසුපස සැමවිටම අවදානමක් ඇත.



       ඉහත සිද්දිය දෙස බැලීමේදී තේරුම් යන්නේ , හැගීම්බර වූ අවස්ථාවන් , අප බොහෝ විට දුකට පත් කරන්නට හේතුවක් වන බවය. ආදරය සමරන්න හා වැඩි ආදරයක් ලබන්න කැමති වූ ඇයට, වන්දි ගෙවන්න සිදුවුයේ ජීවිතය පිදිමෙනි.

      නොසිතු ලෙස තම පෙම්වතිය , තමන් අතින් මරා දමන්න තරම් ඔහුගේ ඉරණම සකස් වුයේ , ආදරය නොහදුනන අයකු නිසා නොව, අදෘශ්‍යමානව , සියල්ල විනාශ කිරීමට ඔහු පෙළඹු හේතුවක් උදා වූ  නිසාවෙනි . සියතින්  සිය ආදරය විනාශ කර දැමීමට  ඔහුට සිදු විය. .... ඔහු බොහෝ සෙයින් වැලපින. ඒත් සිදු වූ සියල්ල සිදු වී අවසානය. ඇය මිය ගොසින්ය.



        වසර දෙකකට අසන්න කාලයක් දකුණු අප්‍රිකානු උසාවියක. මේ මිනීමැරුම් නඩුව විභාග විය. සාක්කි සියල්ල ගැඹුරින් සලකා බැලින. අවසන , තීන්දු වුයේ මෙය සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඇසින් දුටු සාක්ෂි කිසිත් නැත , ඝාතන සැලැස්මක් තිබු බවට කරුණු අනාවරණය වුයේද නැත. 

      එහෙත් දකුණු අප්‍රිකානු මාද්‍ය මගින් මෙම නඩුව සදහා දැඩි බලපෑම් එල්ල කල  බව විනිසුරුවරයා පවසන ලදී . ඔස්කා ප්‍රසිද්ධ පුද්ගලයකු බැවින්, මේ නඩුව වඩාත් තිවර හා ප්‍රසිද්ධ එකක් බවට පත්විය. ඔහුට දඩුවම් දෙන්නයි මාද්‍ය පුන පුනා පැවසුවද..... නිතිය සියල්ල විසදුවේය. 

     එහෙත් ඔහු සදාකල්හිම එම අත්වැරැද්ද සදහා වේදනා විදි , හදවත ඇයට අත් වූ ඉරණම සාධාරණිය කරන්නේ නැත. ඔහු පාද අහිමි වූ අබාධියෙකි. සිය ජීවිතය විර්යෙන් ජය ගත්තද , ස්වභාව ධර්මය ඔහුට නැවතත් අකාරුණික විය. හෙට දින ඔහුගේ ඉරණම කෙබදු වේද යන්නත්.... මේ ප්‍රබල වූ මාද්‍ය හරහා දැන ගැනීමට , අප පෙළ ගැසී සිටින්නෙමු ......

පසු සටහන

            මෙය ඔස්කා පිස්ටෝරියස්ගේ නඩු තීන්දුවට පෙර දින ගොනු කරනු ලැබූ සටහනක් බව සලකන්න. ඒ වන විට සම්පුර්ණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර නැත. විනිසුරුවරයාගේ පැහැදිලි කිරීම් වලට අනුව, හා මාගේ මතයට අනුව ලියන ලදී.
           අද වන විට සම්පුර්ණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔහු වරදකරු වූ චෝදනා වලට පමණක් දඩුවම් නියම කර ඇත. තව දුරටත් ඔහු නිවැරදිභාවය ලබා ගැනීම සදහා ඇපැලක්  යොමු කර ඇත. 

Tuesday, September 9, 2014

අනියම් සබදතා හා එහි කෙලවර

             


            මේ දිනවල ලෝකයේ කථා බහට ලක්වූ අලුත්ම මාතෘකාව වන්නේ අනියම් සබදතායි. මෙයට හේතුව ලෝක ප්‍රකට නායකයන් කීප දෙනෙකුගේ විවාහය දෙදරා යන්නේ යයි, මාද්‍ය වර්තාකරණ නිසාවෙනි. ඒ අනුව  පැපරාසීන් අනුන්ගේ කුණු අවුස්සමින්, පවුල් දෙකඩ කිරීමේ සමාජ සත්කාරයේ යෙදී සිටි. 
        ලෝකයට අළුත් පුවත් මැව්වට, මේ මාද්‍යවෙදින් සිදුකර ගන්නා පාපය අතිමහත්ය. සැම පවුලක් අතරම ගැටුම් තිබෙන්නට පුළුවන. එය ස්වභාවික සිද්දියකි.පවුල් අඩදබර, විසදා ගත යුත්තේ පවුල තුළදීමය. තුන්වන පාර්ශවයක් එයට මැදිහත් වීමෙන් පලක් වන්නේ නැත. ඔවුන් මැදිහත් වන්නේ උදවු කිරීමට නොව, ප්‍රශ්න තව තවත් අවුල් කිරීමටය. මේවා ලෝකයට අවුස්සා පෙන්වීමෙන් සිදුවූ හානිය පිළිබදවද විමසා බලමු.




                   ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ විවාහයේ ගැටළුද  මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමෙන්, දැන්  සිදුවන්නට යන්නේ දරු දෙදෙනෙකුගේ මවක්‌ වූ මිෂේල්ගේ මානසික අවපීඩන තත්වය තුල දික්කසාදයට මග පැදිමකි. මේ වන විට ඔවුන් වෙන්ව වාසය කරයි.ඔබාමාගේ ළග හිතවතියක වූ ගායිකා බියෙන්සේ සමග අනියම් සබදතාවයක් ඇති බව මාද්‍යවෙදියකු පුන පුනා ප්‍රකාශ කරයි. ඔවුන්ගේ චායරුපද ප්‍රසිද්ධ කර ඇත. 
          මෙය පවසා ඇති පැපරාසියා ප්‍රංශ ජනාධිපතිටද මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ඔහුගේ පවුලද මේ වන විට දෙකඩ වී ඇත. ජනපති බ්රිද අසනීපව රෝහල්ගත වීමෙන් නොවැලකි , මන්දිරයද හැරදමා ගොස් ඔවුන්ගේ විවාහ ජිවිතයද අවසන් කර ඇත. ප්‍රංශ ජනපති ප්‍රන්ශුවා හොලන්ඩේ , නිලියක්  වන ජුලි ගයේට් සමග විවාහ වන්නට යන්නේ යයි , මෙම ප්‍රංශ ජාතික පැපරාසියා මේ වන විට වාර්තා කර ඇත. 
                මේ ආකාරයෙන් ඇමරිකානු හිටපු ජනපති , බිල් ක්ලින්ටන්ටද මෙවැනි තත්වයක් පැපරාසීන් විසින් වරෙක උදා කර, බ්‍රිතාන්‍ය ජාතික මෝස්‌තර නිරුපන ශිල්පී එලිසබත් ගර්ලි සම්බන්ධ කර අනියම් සබදතාවයක් ඇති බව වාර්තා කල පුද්ගලයාම, දැන් පවසන්නේ එවැනි සම්බන්ධතාවයක් නොතිබූ බව පිළිගන්නා බවය. 
       මෙවැනි සිද්ධීන් දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රබල මාද්‍ය වාර්තාකරණය නිසා,පවුල් සංස්ථාවේ ගැටළු වැඩිවී ඇති බවය.ජිවිත වල අඩුපාඩු මිනිසුන් ප්‍රසිද්ධ කරන්නේ නැත. එයින් දෙපාර්ශවයම අපහසුතාවයට පත්වීමත්, චරිත වල මඩගැවීමත් පමණි අවසානයට සිදු වන්නේ. 
        අනියම් සබදතා යනු වැරදි හැසිරීමක් යයි කොතනකවත් දක්වා නැත. එයටම සුවිශේෂී වූ හේතු පුද්ගල සන්තානය තුල පැවතීම හේතුවෙන්,  ඒවා වළක්වාලිය නොහැක. එබැවින්, ඒවා ප්‍රශ්න නොකළ යුතුය. 
         මේ සටහන  ..... අනියම් සබදතා සාධාරණිය කිරීමට ලියන ලද්දක් නොව , ස්වභාව ධර්මය වෙනස් කල නොහැකි බව කියා පාන්නකි.  ජිවිත උපේක්ෂාවක් ඇති බිරියන් මේ තත්වය තේරුම් ගනියි. එහෙත්, සියළු බිරින්දෑවරුන් එසේ නොවේ, 
          එම නිසා, විවාහ වෙන්වීම්, සියදිවි නසාගැනීම්, වැනි අතිරේක හේතු සාධක වල පිහිට පැතීමෙන් ජිවිත අවුල් කරගන්නේ අනෙකුත්  පාර්ශවයන්ද නොසලකාය. එනිසා, දෙස් විදෙස්, නියම් අනියම්, වර්තාකරුවනි, තමාගේ සමාජ කාර්ය පිළිබදවද  මදක් නැවතී, සිතන්න. 

Saturday, August 23, 2014

ප්‍රජා පාදක විශෝධනය අවශ්‍ය ඇයි....?



ශ්‍රීලංකා නීති කොමිසම සහ ඕස්ට්‍රේලියානු රජය මැදිහත්වීම තුලින් 1988 වර්ෂයේදී ප්‍රජා පාදක විශෝධන ක්‍රමය මෙරට හදුන්වා දෙන ලදී  එහි ප්‍රථිපලයක් ලෙස 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සම්මත කරන ලදී මෙම පනතට අනුව අවුරුදු දෙකක් නොඉක්මන බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇති සිරකරුවන්ට හෝ රුපියල් 5000 ට අඩු මුදලක් නියම කොට අදාල දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වන පුද්ගලයකු දඩ මුදල නොගෙවීම වෙනුවෙන් සිරගත කිරීම වෙනුවට ප්‍රජා විශෝධන නියෝගයකට යටත් කිරීම සිදුකල හැකි බැව් පෙන්වා දෙන ලදී  '

 බන්ධනාගාරය මගින් නිකුත් කරනු ලබන වාර්ෂික වාර්තා වලට අනුව බන්ධනාගාර ගත වන්නන් වැඩි බහුතරයක් සුළු වැරදි සදහා කෙටි කාලයක් වෙනුවෙන් බන්ධනාගාර ගත වුවන් සහ සුළු දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වුවන් වේ

එක්රැදවියකු නඩත්තු කිරීම සදහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති අතර එම වැය කිරීමට සිදුවන මුදල ඔහු විසින් රජයට ගෙවිය යුතු දඩ මුදලට වඩා කිහිප ගුණයකින් වැඩිවීම දැකිය හැක 




පුද්ගලයකු බන්ධනාගාර ගත වීම තුලින් ඔහුගේ පවුල් ඒකකයට සිදුවන ආර්ථික හා සමාජීය බලපෑම අතිමහත් වන අතර එය මුල්‍යමය වශයෙන් ගණනය කිරීමේ හැකියාවක් නැත

 ශ්‍රිලංකාවේ බන්ධනාගාර ගතවී සිටින අපරාධකරුවන් ගෙන් බහුතරයක් පහල අද්‍යාපන මට්ටමකින් යුක්ත වුවන් වෙති බන්ධනාගාර ගත වන්නන්ගෙන් බොහොමයක් ඔවුන්ගේ පවුලේ ප්‍රධාන හෝ එකම අදායම් උපයන්නා වීම සහ බොහෝ දෙනෙකු දිනක  වැටුප් මත යැපෙන පුද්ගලයන් වන නිසා එතුලින් ඇතිවන සමාජ ආර්ථික බලපෑම සමාජ විද්වතුන්ගේ අවදානයට යොමු නොවීම ඉමහත් අවාසනාවන්ත තත්වයකි 

එවැනි තත්වයන් යටතේ යම් පුද්ගලයකු බන්ධනාගාර ගතව සිටින කාලය තුලදී ඔහුගේ යැපෙන්නන් තම ජීවිතය පවත්වා ගෙන යාමට විවිධාකාර නීති විරෝධී ජිවනොපයන්ට යොමුවීමේ ප්‍රවනතාවයක්ද ඇති බැව් විද්‍යමාන වේ සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වන මෙවැනි පුද්ගලයන් බන්ධනාගාරයේ සිටින බරපතල අපරාධකරුවන්ගේ වහළුන් ලෙස සිරගත වූ කාලය තුලදී සේවය කරන බැව්ද  නිරීක්ෂණය කල හැක 

තවද රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන බරපතල ගනයේ අපරාධකරුවන් සමග බන්ධනාගාරය තුලදී ඇතිවන සමීප සම්බන්ධතාවයන් හේතු කොට ගෙන මේ පුද්ගලයින් බරපතල ගනයේ අපරාධ සිදු කරන්නන් හට අවශ්‍ය කරනු ලබන තොරතුරු සපයන පුද්ගලයින් සහ ඔවුන්ගේ ගෝලයන් ලෙස ක්‍රියා කරන අවස්ථාද නිරීක්ෂණය වේ 

  මේ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් හට තම ජාලය පුළුල් කර ගැනීමේ අවස්ථාවන්ද බන්ධනාගාරය තුලදී  සකස් වී අත එමෙන්ම සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වුවන් බරපතල ගනයේ අපරාධකරුවන් සමග තම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් ඔවුන්ද බරපතල අපරාධ කිරීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා ගනිති මෙම තත්වය හේතු කොට ගෙන බොහෝ සමාජ විද්වතුන් බන්ධනාගාරය අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලය ලෙස හදුන්වයි

 සුළු දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව යම් පුද්ගලයෙක් බන්ධනාගාර ගත වුවද ඔහු නැවත සමාජගත වීමේදී ඔහුට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද විශාල සමාජමය ගැටළු රාශියකට නිතැනින්ම මුහුණ දීමට සිදුවේ 

බන්ධනාගාර ගත වූවකු ලෙස සමාජය විසින් ලේබල් කිරීමට භාජනය වන පුද්ගලයකු හට සමාජය ඉදිරියේ නිවැරදි පුද්ගලයකු ලෙස තව දුරටත් ක්‍රියා කිරීමේ අවකාශය ඇහිරී යාමෙන් සමාජය තුලින් ප්‍රතික්ෂේප වීම හේතු කොට ගෙන ඒ මගින්  ඔහු නැවත අපරාධ වලට පෙළඹීමේ අවකාශය වැඩිවීය  

  මෙවැනි හේතුන් මත ශ්‍රී ලංකාවේ නීති කොමිසම විසින් ගැටළුකාරී තත්වයන් මගහැර සුළු වැරදි කරන පුද්ගලයන් සමාජයේ සිටියදීම නැවත එම වැරදි කිරීම අවම කිරීම සහ වැරදි සිදු කිරීමෙන් වැලැක්වීම තුලින් පුද්ගලයා යහපත් පුරවැසියෙකු ලෙස සමාජ ගත කිරීමේ පරමාර්ථයෙන් ප්‍රජා විශෝධන ක්‍රමය ආරම්භ කරන ලදී 

  මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය විසින් පහසුකම් සලසා   පුනුරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව ආරම්භ කොට දිවයිනේ සැම මහේස්ත්‍රාත් අධිකරනයකම ප්‍රජා විශෝධන  කාර්යාලයක් පිහිටුවා ඇත 

Sunday, August 10, 2014

අපේ කාලයේ සහෝදරයෙක්

        


         නිමල් පුංචි කාලේ ඉදන්ම ඉගෙන ගන්න දස්සයා . ඒත් ආර්ථික අමාරුකම් මැද්දේ අම්මගේ තාත්තගේ ගොවිතැන් වලට උදව් වී, කීය කීය හරි හොයා ගෙන පොත් අරන් ඉස්කෝලේ ගියා. හතේ අටේ පන්තියට එනකොට දකුණේ භිෂණය පටන් ගත්තේ නිමල්ලගේ අද්‍යාපනයටද කන කොකා හඩවමිනි . 
     මෙතක් ඔහු ආ ගමන් මග වෙනස් කරමින්, යන්න උනේ සමාජ සංශෝධන ව්‍යාපාරයේ පෙරටුගාමී චරිතයකට පන පොවමින්. ජාතියේ විමුක්තිය පිණිසය. සැබෑ දේශප්‍රේමියකුගේ වගකීම රට හා ජාතිය රැකිම බව, නිමල්ට පිළිගන්නට සිදුවුනි. පාසල් අද්‍යාපනය ඒ වන විටත් අවසන්ව නොතිබුනත්, ඔහු රට රැකීමේ භාරදුර කාර්යට අත තිබ්බේ සිය ජීවිතය පරදුවට තබමිනි. 
      ඔහු පෙරමුණේම ගියේය. සටන් ව්‍යාපාර දියත් කළේය. ඔහුගේම සමකාලීනයන් ආරක්ෂක අංශ අතින් අතුරුදහන් වෙද්දී, මළමිනී හන්දි ගානේ දැවී යද්දී, ඔහු ආයුධ සන්නද්ධ විය. පොලිසියට, හමුදාවට කට්ටි පනිමින් , වන වැදුනේ සිය ආරක්ෂාව පතාය. 
       හිරිමල් වියේ එළිපත්තේ සිට සුන්දර සිහින දකිනවා වෙනුවට , මරණය දකිමින්...බියෙන් සැකෙන් කාලය ගෙව්වේය. ඔහුගේ මිතුරන් බොහොමයක් හා ව්‍යාපාරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු  අතුරුදහන් වෙද්දී, නිමල්ගේ දිවි රැකුණේ පුරුවේ වාසනාවකටද කියල අපට සිතුනත්, ඔහු නම් සිතුවේ, මෙලෙස දිවි රැකුණේ කරුමයට බවය. 
       දකුණේ එක් ප්‍රසිද්ධ ගම්මානයක ජිවත් වූ ඔහු..... දේශප්‍රේමී වීරයකු ලෙස අවට ගම දනව් වෙතද..... නිමල් යන නම ප්‍රචලිත විය. ගෝනි බිල්ලෝ මග හරිමින්, දවලට නොපෙනී.... රැට පෙනී .... නොපෙනී..... සටන්  කරමින් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් නිමල් ඇප කැප වෙද්දී..... කාලයාගේ ඇවෑමෙන් භිෂණය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙන්නට විය. වල් වැදුණු නිමල්..... නිවසට එන විට , ඔහුගේ අනාගතයද වල් වැදී ඇති බව, ඒ වන විටත්  දැන නොසිටින්නට ඇත. 
      අඩපනව තිබු නිමල්ගේ පාසල් අද්‍යාපනය නැවත පටන් ගත්තේ, ගෙදරින් බැනුම් අහන්නට බැරිකම නිසාවෙනි. සාමාන්‍ය පෙළ, සමත්ව සිටි නිමල් උසස් පෙළද ඉහලින් සමත් වුයේ විශ්ව විද්‍යාලයට යාමට ලකුණක් මදි වීමෙනි. 
        එතකින් අද්‍යාපනය හමාර කරමින්, රැකියා සදහා නිමල් ඉල්ලුම්පත් දමන්න උත්සාහ ගත්තේ, තව දුරටත් ගෙදරට බරක් නොවන්නටය. විටක , සම්මුඛ පරීක්ෂණ සදහා කැදවිණි. එහෙත්, පොලිස් වාර්තාව නිමල් සම්බන්ධයෙන් , හොද එකක් නොවූ බැවින්, එතනින් එහාට යන්න නිමල්ට නොපුළුවන් විය. JVP කාරයා යන නමින් නිමල් හංවඩු ගැහුනේ, ගමේ ප්‍රසිද්ධ චරිතයක් වූ බැවින් හා, ඔහුගේ දේශප්‍රේමියත්වයට ගරු කිරීමක් වශයෙනි. ඉතින් ඔහු කොතෙක් ඉගෙන ගත්තත් කෝ ආණ්ඩුවේ රස්සාවක්? 
          මේ කිසි දෙයකින් වැඩක් නැති බව දැනගත් , නිමල් උරුමයෙන් හම්බ වෙලා තිබුණු කුඹුරට බැස්සේ ජිවත් වීමේ මහා සටන දැන් ඔහු අභිමුවේ ඇති නිසාවෙනි. කුඹුරු නියගයට අහුවී... අස්වැන්න අඩු වෙන්නට පටන් ගත්  විට ඔහුට දෙවියන් සිහි උනේ. මින් ඉදිරියට කුමක් කරන්නදැයි, සිතමිනි..... ඔහු කසාද බැන්දේය. ළමයින් හැදුවේය, දැන් ඔහුට කියා පවුලක් ඇත.පවුල නඩත්තු කිරීම යුතුකම වන්නේය....
          නිමල් නම් වූ දේශප්‍රේමියා, ගමේ වීරයා, අළුත් රැකියාවක් සොයා ගත්තේය. පවුලක් නඩත්තු කිරීමේ මහා බාරදුර කටයුත්තට සරිලන රැකියාව ඔහු තෝරා ගත්තේය. 
       නිමල් බුරු පිටියේ ගණන්කාරයකු වුයේ, දේශප්‍රේමයේ අනුහසින් යයි ගමේ උන් කියයි. ඔහු දැන් මුදලට බුරු ගස්සවයි, ගමේ හා ඒ අවට මල ගෙවල් වැරද්දුවේ නැත. ඒ හැම එකටම සහභාගි වුයේ, නීතියේ රැකවරණ ලැබෙන නිසාවෙනි. දැන් නිමල් JVP නිමල් නොව, බුරු නිමල්ය. ගමේ අය ඔහුව හදුන් වන්නේ එලෙසිනි, තවමත් ඔහු වීරයෙකි, හේතුව, ගමේ කාට හරි අතමාරුවක් ඕන වුන විට පිහිට වන්නේ නිමල්ය. ඒ යහතින් සල්ලි ඇති නිසාය. 
      මට ඔහු හමු උනි, ඒ අවුරුද්දට මුදල් ඔට්ටුවට බුරු ගසා පොලිස් අත්අඩංගුවට පත් වූ නිසාය. ඔහුගේ කතාව මා ඉදිරියේ, පෙළගැස්වුයේ ඔහුගේම  දැසට කදුලක් එක් කරවමිනි. මා ඇහුවේ එක ප්‍රශ්නයයි, ඔහුගෙන්, ඇයි.... දැන්වත් රස්සාවක් කරන්නේ නැත්තේ ඕන තරම් JVP කරපු අය රස්සාවල් කරනවනේ,
          මේ ඔහුගේ පිළිතුරයි, .....
      මං ගියා මගේ සුදුසුකම් වලට රස්සාවක් බලන්න මන්ත්‍රීතුමාගේ ගෙදර, අයදුම්පත දීල යන්න කිව්ව, පස්සේ දන්වන්නම් කියල. මට ආරංචි වුණා එතන හිටපු අය කිව්වලු ඔය JVP කාරයෙක්, මොන රස්සාද කියලා. ඉතින්, මට කවුද රස්සා දෙන්නේ ....? 
       නිමල්ගේ චරිතය සමාජය  විසින් මේ වන විට ලේබල් කර හමාරය. ඒකට පිළිතුරක් ලෙස ඔහු නැවතත්, සමාජ විරෝධී චර්යාවක නියැලී සිටි . අද දවස ගත කලද , හෙට අවිනිශ්චිතය, එහෙත්, දරු පවුල නඩත්තු කරන්නට නම් ඔහුට, හෙටත් බුරුවො ගැස්සවීමට සිදුවේ.  
     වරද කොතනද....? නිමල්ගේද...? අපේද....? 

Saturday, July 19, 2014

නිදහස් .... නිවහල්.....

          

          
           ලෝකය නිදහස්ය... නිවහල්ය.... මේ සුපින්වත් බිමේ, පය තබන්න ...... කල පින් මදිද කියාත් සිතේ. ස්වභාවික යුක්තිය අහසින් බිමට විත්, පව්කාරයන්ට දඩුවම් කරන්නට පටන්ගෙන ඇත්දෝයි සිතෙන තරමට කරුණු කාරනා සිදුවෙන සැටියක් පෙනේ.යුක්තියේ  සමාජ රාමුව අභිබවා යා නොහැකි බවත්, බව තරණය කරන්නටම සිදුවෙන බවත් ඉදුරා පැවසිය හැක. නිදහස් නිවහල් මේ සාමකාමී මන්දාකිණියේ , සළෙලු වරම් ලබාදුන් දෙවියෙක්වත්, ගැත්තෙක්වත් නැති බව යුක්තියේ මාතාව අපට නැවතත් පසක් කළේය. සිදුවීම් බොහෝම සෙමින් සිදුවන විට, ඇයි මේ ඉක්මනක් ...... සියළු කරුණු අවබෝධ වීමෙන්ද නැතහොත් උන්මන්තක අවපීඩන පසුපස එලවන නිසාද .....අවසානය සොයා පා නැගුවේ , ය'දඩු වටවූ   මුරුග පුරවරයට .

               ඔබට මෙසේද, තවකෙකුට එසේද සිදුවන අහඹු ප්‍රාතිහාර්ය ඔස්සේ දෙපා නගන විට........ දනන්  පිරිවරාගත් රග මඩලක නටන රුකඩ  ...... විහිදුනු දෙපා සොලවමින් , අල්ලලන අළුත් කස්තිරම්, වැයෙන බෙර පදයට, ඔසවමින් සිය දෑත ...... පිළින දෙමින් සාමයේ රජ පරවී දහනක කිරුළු පළදින බවට, සපත වෙමින් දහසක් පොරොන්දු සමග අප .... ඔබ සමගයි ...... කියා. වෙනසක් සොයන හුදී ජනයාට ..... දිව කප්පරක් සිරි සැප දෙමුයි ....මතක බන කියමින්, රගන්නෝය, සිත් තුටින්.

             අළුත් ලෝකයක් හදන්න ..... සතුටින් සාමයෙන් දිවි ගෙවන්න අප සිතන විටම, උදා වෙතයි, බලාපොරොත්තු වන ලෝකය      ඇලඩින්ගේ පුදුම පහන මෙන්, මැවිම්වාදය .....දෙවියන්ගෙන් ලැබෙන තුටු පඩුරු ..... වලට කවුද ආස නැත්තේ...? රැල්ලට හසුවෙලා   ..... පාවෙලා යන්න  .... ගහගෙන යනකොට තණකොළ පදුරු වල එල්ලෙන්න . 


          තාමත් අපට පුළුවන්. බලය හා ලෝභය මෝඩ ලෙස පාවිච්චි නොකරන තෙක් , හිස් දෑසින් බලා ඉන්න..... ලෝකය තවමත් නිදහස් , නිවහල් තමයි..... ඒත් අපේ නිදහස ..... බාධාවක් නැතිව පාවෙලා යන්න පුලුවන්ද...? 

          සියළු විප්ලවයන් හමුවේ..... හෙට බිහිවන අළුත් ලෝකය දෙස බලන් ඉමු අපි .... සංක්‍රාන්තියක් උදා වෙනකන් . 


Tuesday, July 15, 2014

ලොව පුරා සරණාගතයින්ගේ විශාල වැඩිවීමක්


    
            ලෝකයේ 1994 වසරදී තිබුනට වඩා සරණාගතයින්ගේ  වැඩි වර්ධනයක් මේ වන විට සංඛ්‍යාලේඛන වල සටහන්ව ඇත. ගැටුම්කාරී තත්වයන් හා ජිවිත හානි විශාල වශයෙන් වාර්තා වුයේද, මේ ජන සංක්‍රමණ ආශ්‍රයෙනි. මින් වැඩි ප්‍රමාණයක් දේශපාලන රැකවරණ පතන අය බව එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පෙනී යයි. 

       මින් බහුතරය, ඇෆ්ගනිස්ථානය හා මැද පෙරදිග රටවල් වලින් පැමිණෙන අතර, ඉන්දුනීසියාව හරහා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මිට අමතරව මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ සිට මද්‍යධරනි මුහුද හරහා ඉතාලියට පැමිණේ. 
          
        මේ සියල්ලටම හේතුවුයේ, යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවයයි. එමෙන්ම, දුප්පත්කම යන කරුණු හේතුවී ඇත. අළුත් ජිවිතයක් බලාපොරොත්තුවෙන් ජිවිත පරදුවට තබා, මොවුන් සංක්‍රමණය කෙරේ . මේ අනුව බලන විට මිලියන 26 ක පමණ ජනතාවක් ලෝක සංක්‍රමිකයන්ගේ ඝනයට වැටේ. ඉන් මිලියන 10.4 ක් භූමියෙන් පිටත්, 15.6 ක් උපන් භූමියේත් සරණාගතයින් බවට පත්ව ඇත. 

           පසුගිය වසර දෙකේ සිරියාවේ ඇතිවූ ගැටුම් නිසා, මිලියන දෙකකට අසන්න පිරිසක් අවට රටවල අවතැන්ව ඇත. ලෝකය පුරාම රටක් නැති පිරිස මිලියන 12 ක් පමණ වෙතයි, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 

Thursday, July 10, 2014

සමාජ සංස්ථා හා අප ජන සමාජය

       

     
          ශී‍්‍ර ලංකා ජන සමාජය ගොඩනැගි ඇති ප‍්‍රධාන ඵ්කක සමාජ සංස්ථා ලෙස හැදින්විය හැක. ජන සමාජයක් වෙනස් වීම කෙරෙහි වන බලපෑම මෙම සමාජ සංස්ථා තූලින් සිදුවන බව තේරුමම්  ගත යුත්තකි  සමාජීය පුනරාගමනයට හා ප‍්‍රතිනිර්මාණයට බලපෑ මේ  සාධක මොනවාද යන්න හදුනා ගනිමු.

1. කූලය



          අප ජන සමාජය තූල කූලය නැමැති සාධකය නිලීනව කි‍්‍රයා කරන අයුරු දැකගත හැක. ප‍්‍රජාතන්ති‍්‍රය රාජ්‍යන් තූල කූලයට ඉඩක් නොමැත. ඇත්තේ සමානත්වය පමනයි . නමුත් ඵසේ සිතා ගත්තද කූලයද අත්‍යවශ්‍ය සමාජ කරුණක් බව පෙන්වා දෙමින්  දේශපාලන සංවිධාන තූල, ආගමික ආයතන තූල, රාජ්‍ය ආයතන තූලට පවා දැඩි බලපෑමක් ඵල්ල වන බව විමර්ශණයන් තූලදී දැකගත හැකිවිය. 


2.  පන්තිය


          ශී‍්‍ර ලාංකීය ජන සමාජයේ පංති තූනක් ප‍්‍රධාන වශයෙන් කි‍්‍රයාත්මක  වෙ. මෙහිදී ධනපති පංතිය හා මධ්‍යම පංතිය සමාජය තූල වැඩි කි‍්‍රයාකාරිත්වයක් දක්වයි . නමුත් බහුතරයක් අයිති නිර්ධන පංතිය සතූව කිසිදු බලයක් නොපැවතියත් අදවන විට පවතින පන්ති පීඩනය තූල සමාජීය වෙනස්කම්  සිදුකිරීමට දැඩි ප‍්‍රයත්නයක් දැරීම තූල විප්ලවීය කි‍්‍රයා මාර්ග ගන්නා තැනට පත්වීම කැපී පෙනේ. මේ තත්වය  ශී‍්‍ර ලාංකීය ජන සමාජයට හිතකර නොවෙ.



3. ආගම


        සමාජයක සංස්කෘතිය ගොඩ නැගී  ඇත්තේ ආගම තූලින්ය. නමුත් අප ජන සංස්කෘතිය තූල මෙි වන විට බොහෝ ආගමික දර්ශනයන් බිහිව ඇත්තේ  ව්‍යාපාර බිහිවන්නා  සේය. සමහර පුද්ගලයන් මෙම ආගම්වාදී දර්ශන පසුපස ඇදි ගියේ අධ්‍යාත්මික දියුණුව සදහා නොවන බවත් ආර්ථික වාසි සලසා ගැනීමට බවත් හැගී ගිය කරුණකි . මෙි තත්වය තූල ආගම අධ්‍යාත්මික සංකල්පයකට වඩා ආර්ථික සංකල්පයක් දක්වා පරිණාමය වු බව අදාල ආගමික සංස්ථා අධ්‍යනයෙදි වටහාගත හැක. මේ අනුව, ශ්‍රීලංකා සංස්කෘතියේ අහිතකර වෙනස්වීම් අප බලාපොරොත්තු විය යුතුය.


4. දේශපාලනය 

     අද වන විට ශී‍්‍රලංකා ජන සමාජයේ අති කි‍්‍රයාකාරිත්වයක් ඇති සංස්ථාව, දේශපාලනය බවට පත්ව ඇත. ඉහතින් සාකචිචා කල කාරණා තූනම මෙම සංස්ථාව වෙත අතික‍්‍රමණය වී ඇතිබව විග‍්‍රහ කිරීමි තූලින් පිළිඹිඹු විය. අප ජන සමාජය මෙහෙයවන ගාමක බලවෙිගය බවට පත්වීම තුලින් අහිතකරම සමාජ සංස්ථාව  දේශපාලන සංස්ථාව බවට පත් වී ඇත. ප‍්‍රජාතාන්ති‍්‍රක රටක් තූල කි‍්‍රයාත්මක වන සමානාත්මතාව පුද්ගල නිදහස හා අයිතිවාසිකමි මෙම සංස්ථාව තූලින් අහිමි වීමට පටන් ගෙන ඇති බව යමි යමි දේශපාලන සංවිධාන තූලින් දැකගත හැක. 



     ඉහත සියළු කාරණා අප සමාජ පර්‍යාය වෙනස් වීම කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බව මෙි අනුව සිතා ගත හැක. සමාජ විෂමතා පවතින රටක් සංවර්ධනය සදහා යා නොහැක. මුලික අවහිරතා ඉවත්කර නොගන්නා තෙක් ශී‍්‍රලංකාව තව දුරටත් තූන්වන ලෝකයේ රටක් ලෙස වැජඹෙනු ඇත