රටක භාෂා කීපයක් තිබිය හැක. එය ලිඛිත හෝ කථිකද , මේ දෙකම එකක් වශයෙන්ද , භාෂාව පවතින ආකාරය දැකිය හැක. අපේ භාෂාව සිංහලයි දැන් අප කතා කරන්නේ අපේ භාෂාව ගැනයි.
සිංහල යනු අලංකාරවත් බස් රටාවකි. එය අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නීති තුල පවතින්නා වූ රටාවකි. අප මේ රටාවට හුරු වන්නේ , අතීතයේදී නම්, බොහෝ විට පන්සල මුල් කර ගෙනයි. මා පිළිගන්නා ආකාරයට අතීතයේ පිරිවෙන් අද්‍යාපනය තුලින් සිංහල භාෂාව අපේ පැරණි උගතුන් නිසි ලෙස හැදෑරු බවට සාක්ෂි විද්‍යමාන වේ. එදා සිංහල භාෂාව නිසි ලෙස ඔවුන් හදාරා ඇත.
එහෙත් වර්තමාන පාසල් අද්‍යාපනය සිංහල ඉගැන්වීම සදහා වැඩි උනන්දුවක් නොදක්වයි.අවශ්‍ය පොතපත නොමැතිකම , නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් නොමැතිකම පාසලේදී සිංහල භාෂාව සදහා ලබා දී ඇති කාලය මදිකම , උගත්කම ලත් ගුරුවරු ළමුන්ට උගන්නන්න නොදන්නා කම යන හේතු මත සිංහල භාෂාව මේ වන විට නිසි ලෙස වර්තමාන පරපුර හසුරු වන්නේ නැත.
තවද අප භාෂාව සැදී ඇත්තේ හෙළය මුල් කර ගනිමින් හා වෙනත් විදේශීය භාෂා එකතු කර ගනිමිනි. අතීතයේද අනාගතයේද මෙබදු වෙනස් වූ භාෂා රටා තව දුරටත් එකතු වේ.එය අපට වෙනස් කල නොහැක එබැවින්, සිංහලය තව දුරටත් වෙනස් වීමට ඉඩ ඇත.
භාෂාවක් අවශ්‍ය වන්නේ අදහස් හා හැගීම් ප්‍රකාශනයටය. එය පහසු ලෙස හැසිර වේ නම්, අප සමාජයට ගැටළුවක් නැත.එහෙත් ඉතිහාසයක් ඇති අපේ රටට පැරණි බස රැකිම පිලිබද වටිනාකමක්ද ඇත.එය වෙනමම ප්‍රශ්නයකි. ඉතිහාසගත සියළු දේ සංරක්ෂණය කරන අපට භාෂාවද සංරක්ෂණය කරගත යුතු වන්නේ, අපගේ අනන්‍යතාවය රැක ගැනීමටය.
තවද අප භාෂාව සැදී ඇත්තේ හෙළය මුල් කර ගනිමින් හා වෙනත් විදේශීය භාෂා එකතු කර ගනිමිනි. අතීතයේද අනාගතයේද මෙබදු වෙනස් වූ භාෂා රටා තව දුරටත් එකතු වේ.එය අපට වෙනස් කල නොහැක එබැවින්, සිංහලය තව දුරටත් වෙනස් වීමට ඉඩ ඇත.
භාෂාවක් අවශ්‍ය වන්නේ අදහස් හා හැගීම් ප්‍රකාශනයටය. එය පහසු ලෙස හැසිර වේ නම්, අප සමාජයට ගැටළුවක් නැත.එහෙත් ඉතිහාසයක් ඇති අපේ රටට පැරණි බස රැකිම පිලිබද වටිනාකමක්ද ඇත.එය වෙනමම ප්‍රශ්නයකි. ඉතිහාසගත සියළු දේ සංරක්ෂණය කරන අපට භාෂාවද සංරක්ෂණය කරගත යුතු වන්නේ, අපගේ අනන්‍යතාවය රැක ගැනීමටය.
සමාජ දියුණු වී, තාක්ෂණය හා මාද්‍ය ලෝකය පුළුල් ඌවට පසු භාෂාව වේගයෙන් වෙනස් වීම් වලට භාජනය විය. ලිඛිත භාෂාවේ වැදගත්කම අඩු වී,කථික භාෂාවද ලිඛිත වන්නට විය.
වයස තේරුම් නොමැති උදවිය භාෂාව හරි හැටි නොදැන, කුමක් හෝ කියවන්නට , ලියන්නට පටන් ගත් යුගයක ආරම්භයකට සිංහළය දැනට ප්‍රවිෂ්ඨ වී ඇත.
ලෝකය වෙනස්වීම් වලට භාජනය වනවා සේම, මේ වෙනස්කම්ද අපට නතර කල නොහැක. මේ නිසා උපකාරක පද මෝඩ් වීමද , සන්ධිවාචකයන් ලොප් වීමද දැකගත හැක.
භාෂාව අප සංස්කෘතියේ සංකේතය වුවද ඉස්සරහට එය එසේ නොවන්නේය. අද්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකොට , භාෂාව නම් තව දුරටත් රැකියා නොහැක්කේය. නිසි බස ඉගෙන නොගැනීම හා භාවිතා නොකිරීම ගැන මතු පරපුරට දොස් නොකිය යුතුය. සුදුසු දේ නොකළහොත් සිංහළය තව දුරටත් ඉතිරි නොවන්නේය.
නිවැරදි බස හැසිරවීම ඇත්තෙන්ම අපට අවශ්‍යද......? ඔබේ මතයට ඉඩ.....
වයස තේරුම් නොමැති උදවිය භාෂාව හරි හැටි නොදැන, කුමක් හෝ කියවන්නට , ලියන්නට පටන් ගත් යුගයක ආරම්භයකට සිංහළය දැනට ප්‍රවිෂ්ඨ වී ඇත.
ලෝකය වෙනස්වීම් වලට භාජනය වනවා සේම, මේ වෙනස්කම්ද අපට නතර කල නොහැක. මේ නිසා උපකාරක පද මෝඩ් වීමද , සන්ධිවාචකයන් ලොප් වීමද දැකගත හැක.
භාෂාව අප සංස්කෘතියේ සංකේතය වුවද ඉස්සරහට එය එසේ නොවන්නේය. අද්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකොට , භාෂාව නම් තව දුරටත් රැකියා නොහැක්කේය. නිසි බස ඉගෙන නොගැනීම හා භාවිතා නොකිරීම ගැන මතු පරපුරට දොස් නොකිය යුතුය. සුදුසු දේ නොකළහොත් සිංහළය තව දුරටත් ඉතිරි නොවන්නේය.
නිවැරදි බස හැසිරවීම ඇත්තෙන්ම අපට අවශ්‍යද......? ඔබේ මතයට ඉඩ.....
භාශාවක් කවදාවත් එකතැන පල් විය යුතු නෑ. එය අලුත් අලුත් වචන එකතු වී නැවුම් විය යුතුයි. භාශාවක් සාර්ථක වන්නේ එමඟින් ඕනෑම අදහසක් පැහැදිලිව ප්‍රකාශ කල හැකිනම් පමණයි. ඒ අතින් නම් සිංහල භාශාව පොහොසත්. මා දන්නා පරිදි සිංහල භාශාවත් ඉන්දීය උප මහද්වීපයේ භාවිතා වන අනෙක් බොහෝ භාශා මෙන්ම පාලි හා සංස්කෘත භාශා වලින් බිඳී එන්නක්. එසේ බිඳී ගිය භාශා භවිතය නිසා තවමත් පවතින නමුත් මේ වනවිට පාලි හා සංස්කෘත භාශා මල භාශාවන් වී අවසන්. මේ ගැන වැඩිපුර කීමට මා භාශාවෙන් පොහොසත් නොවුනත් වියත් අදහස් දැන ගැනීමට අශාවෙන් පොහොසත්. ජය ශ්‍රී!
ReplyDeleteකලණ මිතු තොමෝ...... භාෂාව එක තැන පල් වෙන්න ඕන නැ....තමයි..... එය තව අලංකාරවත් වුවාට කම් නැහැනේ.......පාලි හා සංස්කෘත භාෂා තාම දහම් පාසලේ උගන්වනවා නේද....? මාත් ඉස්සර ඉගෙන ගත්තා.....
Deleteඅවශ්‍ය නැත.
ReplyDeleteහේතුව ලිව්ව නම්නෙ ..... හොද ....... මාතලන් අයියේ......
Deleteඅවශ්‍යයි නේ
ReplyDeleteඉතින් කෝ..... කරුණු....?සිජේ.....
Deleteදැන් කාලේ සමහරක් අය මට සිංහල හරියට බෑ ඉංග්‍රීසි විතරයි පුළුවන් කියන්නේ ලොකු ආඩම්බරයෙන්නේ.පෙරපාසල් වල ඉඳලම එහෙමයි අම්මලට ඕන ළමයි සිංහල ,සිංහල අකුරු ඉගෙනගන්නවද කියන එක නෙවෙයි පෙර පාසල ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද කරන්නෙ ඉංග්‍රීසි ද උගන්වන්නේ කියන එක.ඉංග්‍රීසි භාෂාව දැනගන්න ඕන එක වැදගත් ඇත්ත ඒත් සිංහල බැරිනම් ඒක සතුටුවෙන්න කාරණාවක් නෙවෙයි තමන්ටම ,තමන්ගේ සිංහල කමට ලැජ්ජාවක්.ඇයි අප රටේ මිනිස්සු තමන්ගේ භාෂාවට වටිනාකමක් දෙන්නෙ නැත්තෙ ?...
ReplyDeleteඅපේ ඇය කැමතියි හංසි සිංහල වෙනුවට ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න..... එක හොද දෙයක් තමයි...... ඒත්....... මේ එක කොටසකගේ අතිශය වූ කැමැත්තක්...... ඒ කියන්නේ සිංහල භාෂාව කුමන හේතුවක් මත හෝ අනවශ්‍යයි කියන කොටස....
Deleteපාසල් අධ්‍යාපනය තුළ සිංහල භාෂාවටත් සිදු වෙලා තියෙන්නෙ කෘෂිකර්මය විෂයට අත් වෙලා තියෙන ඉරණම මයි. කෘෂිකාර්මික රටක් වෙච්ච ලංකාවෙ අද වෙනකොට කෘෂිකර්මය කියන විෂය තියෙන්නං වාලෙ උගන්නන විෂයක්. ඕනම රටක භාෂාවකට කාලයත් එක්ක යහපත් හෝ අයහපත් අයුරින් වෙනස්කම්වලට ලක් වෙනවා. අවුරුදු ගාණකට කලින් මුද්‍රණය කරපු සිංහල පුවත්පතක් කියවල බැලුවොත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. භාෂාවට සිදු වෙන ඒ විපර්යාසය හඳුනගෙන සුදුසු ලෙස භාවිතා කිරීමයි වැදගත්.
ReplyDeleteපුරාතන ගද්‍ය, පද්‍ය ..... කියවීම මුල් කාලයේ අමාරු වැඩක්...... ඒත්...... පසුව එය රසවත් ලෙස.... කියවන්න පුළුවන්.....ඒකට කැමැත්තක් තියෙන්න ඕන..... නැත්නම්...... භාෂාව ඔහේ යනවා.....
Deleteඉස්සර අපි ඉගෙන ගත්ත කෘෂිකර්මය වගේ...... ඉස්කෝලේ කවදාවත් පැල තවානක් අපි ලව්වා හැදුවේ නැ..... මිතුර.....විෂයට කැමැත්තක් විතරයි තිබුනේ....
නිහංසා....මේ කියන්නේ සිංහල ලිවීම ගැනද. කතා කිරීම ගැනද..? නිකමට අහන්නේ. මම මා දකින විදිය කියන්නම්. දකින නෙමේ හිතෙන විදිහ.
ReplyDeleteමේ දෙකම ගැනයි..... මට කරුණු අවශ්‍ය අරූ අයියේ.... ඔයාට හිතෙන දේ කියන්නේ...
Deleteනිහිංසා, පළමුවෙන්ම මතක කළ යුත්තේ ඔබ අධ්‍යාපනය යන වචනය ලියා ඇත්තේ වැරදියටයි. ඒත් ඔබ කියන කාරණය නිවැරදියි. භාෂාව නිවැරදි නොවුනොත් එයින් කියවෙන දේ අපැහැදිළියි. සමහර අය කියන්නේ ව්‍යාකරණානුකූල නොවුනත් කියන දේ තේරෙනවනම් මදැයි කියා වුවත්, ව්‍යාකරණය වැරදි ලෙස යෙදූ විට කියවන අය ලබා ගන්නා අදහස් ලියන අය කියන්නට අදහස් කළ දෙයම නොවන අවස්ථා මට අනන්තවත් දකින්නට ලැබී ඇත.
ReplyDeleteභාෂාවටට අළුතින් වචන එකතු වීම සාමාන්‍ය දෙයක්. ඒත් ව්‍යාකරණය කියන්නේ සම්මතයක්. එය නැති විට සිදු වන්නේ අර අම්බලමක කරුවලේ නිදාගත් දෙන්නාට සිදු වූ දේ ම තමයි.
තවත් දෙයක්, සිංහල නොඉගැන්වීම ගැන පාසලට දොස් කීම වැරදියි. අද පාසලේ සිංහල කාලපරිච්ඡේදය හැරුණු කොට අනිත් හැම තැනකම තියෙන්නෙ වැරදි සිංහල. අප කුඩා කාලයේ වැඩිහිටියන් අවවාද කළේ දිනමිණ කතුවැකිය (සහ ඉංගිරිසි ඉගෙන ගන්නට ඩේලි නිවුස් කතුවැකිය) කියවන ලෙසයි. ඒත් අද ඒ දෙකේම තියෙන්නෙ වැරදි භාෂාව.
ඔව්..... මිතුර...... බස හැසිරවීම...... නිවැරදි නොවුනොත්.......අදහස විවිධාකාරයෙන් ...... කියවන්නන් හට තේරුම් යා හැක. ව්‍යාකරණය සම්මතයක්....... සිංහල භාෂාව වටා තිබෙන රාමුව මේක තමා .....
Deleteභාෂාව ගැන ඔබ කතාකරන්නට සිතීම ගැන සතුටුයි. ලිපියේ ඇති අදහස් හොඳයි. නමුත් ව්‍යාකරණ දෝෂ සහිතයි. අදහස් ගොනු කිරීමේ තර්කානුකූල බවෙහිද යම් ගැටළු සහගත තැන් තිබෙනවා.
ReplyDelete1. සිංහල භාෂාව තරම් සිංහලයන් විසින් නොසළකා හරින තවත් උරුමයක් නැති තරම්.
2. බටහිරයන්ගේ අභාෂයටම සියල්ල කළයුතුයි, භාෂාව යනු නිරුවත් වෙරළක හැසිරීමක් වැනිය, එබැවින් ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකට සිංහලය හැසිරවිය හැකිය, යන මුග්ධ, අමන, සංකල්පයේ ඉන්න බහුතරයක් තමයි, විශේෂයෙන් අද හමුවන්නේ. නමුත් ඒ පිරිස ඉංගිරිසියවත් සිංහලයවත් හරියට නොදන්නා අතර, ඉංගිරිසිය දේවත්වයේ ලා සලකනවා පමණක් නොව, ඉංගිරිසිය ප්‍රධාන වශයෙන් භාවිතවන තැන්වලදී කට පරිස්සම් කරගන්නට වැර දරනවා.
3. සිංහල භාෂාව ගැන අන්තර්ජාලයේ කතා කරන්නට, සාකච්ඡා කරන්නට, හරවත් සංවාදයක් ගොඩනගන්නට උත්සාහ කරන බොහෝදෙනෙකුට සිදුවන්නේ, නොදන්නාකම ඉහවහගිය පුස්සන් ගේ, පුහු අදහස් වලින් කෙරෙන, කර්කශ අපහාස වලට මුහුණ දීමටයි. වසුරු වලේ ලගින සූකරයන් මෙන් තමයි, ඔවුන් අභියෝග කරන්නේ.
4. ඔබව අනුගමනය කිරීමට එකඟ වන බාල පරපුරට, හොඳ සිංහල උගන්වන්න. ඒ තමයි අද අපිට කරන්නට ඉතිරිව ඇති එකම දේ. සිංහල යනු, ආර්ථික විද්‍යාව, තොරතුරු තාක්ෂණය, වැනි විෂයයක් නොවේ. ජාතියක උරුමයේ, හැදියාවේ, ලක්ෂණ පෙන්නුම් කරන,අති ප්‍රබල සාධකයක්.
එය මේ ලෝකයේ තිබෙන කුමන මව් බසකට වුවද පොදු න්‍යායක්.
මා බලන් හිටියා ඔබේ අදහස එලියට එනකන්...... මං දන්නා තරමින්..... blog කලාවේ බස හොදින්ම හසුරුවන්නේ ඔබ.......විචාරකතුමනි.......
Deleteමං කැමතියි දැනගන්න........ ඔබ ඒ හැකියාව ලැබුවේ කෙසේද යන්න .....
මුලික අද්‍යාපනය ලබපු ආකාරය ගැන පැහැදිලි කලොත් මට....... අදහසක් ගන්න ලේසියි...... මගේ මතයට අනුව,,,,,,පිරිවෙන් අද්‍යාපනය .......සිංහළ භාෂාව සදහා ....සාර්ථක බව පමණි හැගුනේ.........
පළමුවනුව කියවීම සහ ඇහුම්කන්දීම. දෙවනුව කියවීම සහ ඇහුම්කන්දීම. තුන්වනුව කියවීම සහ ඇහුම්කන්දීම. ඔය වැඩේ නොකර භාෂාව නෙවෙයි ජීවිතය ඉගෙනගන්නවත් බැහැ.
Deleteමා කුඩා කාලයේ පන්ති තිබුණේ, හෝඩිය, පළවෙනිය, දෙක, තුන, හතර, ආදී වශයෙන්. ඒ මුල් පන්තිවල මගේ පන්ති භාර ගුරුතුමිය වුණේ මගේ අම්මා. ඊළඟට පහ හය පන්තිවලදී පන්ති භාර ගුරුතුමා වුණේ මගේ පියා. ඒ දෙදෙනාට බුදුබව ලැබෙන්න කුඩාකල සිටම අපිට කියවීම සහ ඇහුම්කන්දීම ඉගැන්නුවා. මම මහජන පුස්තකාලයක සාමාජිකත්වය ලබාගත්තේ අවුරුදු 15 දී. ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨතම කෘති වල සිට අමු කුණුහරප පොත් දක්වා බොහෝ පොත් කියවා තිබෙනවා. පත්තරවල පළවූ ලිපි කියවා තිබෙනවා, ගුවන්විදුලියේ සාකච්ඡා අහලා තියනවා. අදටත් මම සෑහෙන්න පොත් කියවනවා. භාෂාව හරයට බැරිනම් ලැජ්ජා වියයුතුයි කියන හැඟීම අදටත් මාතුළ තියනවා.
සැම විටම කියවීම සහ ඇහුන්කම් දීමේ ප්‍රථිපලය ඔබ සිංහළ භාවිතය සදහා ඉතා හොදින් ගොනු කර තිබෙනවා. බොහෝ අය කියවන්නෙත් නැ..... ඇහුන්කම් දෙන්නෙත් නැ. ලියන්නෙත් නැ...... විචාරකතුමනි....... ඔබට මග පෙන්වීම මුල සිටම තිබුන. එයත් සාර්ථකත්වයට බලපාන්නා ඇති.....
Deleteමට හිතෙන්නෙ භාශාවක් ඕනිවට වඩා සංකීර්ණ වෙන එකේ තේරුමක් නෑ. එය හැකිතාක් සරල සහ අවබෝධ කරගැනීමට, ඉගෙන ගැනීමට ලේසි විය යුතුයි. එවිටයි හොඳින් ලෝකය අතර සංසරණය වෙන්නෙ. ඒකයි ඉංග්‍රීසි ලෝකයේ ප්‍රමුඛ භාශාව වෙලා තියෙන්නෙ. වැදගත් වෙන්නෙ නිරවුල් සන්නිවේදනයයි.
ReplyDeleteඔව්..... මනොෂ්...... භාෂාව සරල උනොත්...... හැසිරවීමට පහසුයි.....
Deleteභාෂාවක් අවශ්‍යයි.............. ඒක රකින්න පිරිසකුත් අවශ්‍යයි......... ඒක අලුත් කරමින් ගොඩනගන්නට පිරිසකුත් අවශ්‍යයි......... ඒ නිසා ඔබ මතුකරන සංවාදය අපි අතර තව තවත් තිබිය යුතුයි...........
ReplyDeleteතව විදිහකට කිව්වොත් මාතලනුත් ඕනේ...... විචාරකත් ඕනේ................. හරිනේ...
ඔබ හරි කුරුටු....... මේ දෙපැත්තේම විචාර මත...... අපේ මතය ගොඩ නැගිය හැකියි..... හරි වැරදි පේන්නේ අපිට එවිටයි....... මොකද අපි පෙරහැරේ ගියාට අල්ලන කස්තිරම්, අඩි හරිද කියල වෙලාවකට අපිම දන්නේ නැ.
Deleteසැම දෙයක්ම අලුත් විදියකට දකින්න මං කැමතියි. කුරුටු....
භාෂාවක් කියන්නේ තැන පල් වෙන දෙයක් නෙමේ.කලනුරුපිව වෙනස් වෙන දෙයක්. නිවැරදි බස හැසිරවීම කියලා ඒ රීති අස්සෙම හිර වෙන එක නම් පලක් ඇති දෙයක් නෙමේ.
ReplyDeleteඔබේ කතාවත් හරි මනෝජ්....... blog ලිවිම වෙනස් ආරක යාම තමා හොදම උදාහරණය...
Delete