චීනයේ රෝහලකදී මියගිය සිය බිළිදු දියණියගේ සිරුර ගමට ගෙනියන්න මේ අම්මටයි , තාත්තටයි සල්ලි තිබිල නැහැ . ඒ තරමටම ඔවුන් දුප්පත් , ඒත් සිය දියණියට දැක්වූ ආදරය හේතුවෙන් , මළසිරුර දාල යන්න බැරිකමට ගමේ ගිහින් අවසන් කටයුතු කරන්නට මොවුන්ට උවමනා විය .නමුත් හර්ස් එකට දෙන්න සල්ලි නැති නිසා ,සිය දියණියගේ මල සිරුර කාටවත්ම නොකියම විශාල ගමන් මල්ලක බහා ,බස් රියෙන් ගමට ගෙනියන්නයි මොවුන් හැදුවේ .ඒත් බස් රියේදී සිදුවන ස්කෑන් පරීක්ෂණය නිසා මේ ගමන් මල්ලේ තිබු බිළිදු මළසිරුර සේකයන්ට අහුවෙලා පොලිසියට දැනුම්දීලා .
පොලිස් නිලධාරීන් පැමිණ කරුණු සොයා බැලීමෙන් පසුව ,සිදුව ඇති සානුකම්පිත තත්වය මත බිලිදු සිරුර දඩයක් නොගසාම වෙනත් රථයකින් ගමට ගෙනිහින් දීල .
මෙම දැරියගේ පියා , පොලිසියට කියා සිටියේ , බස් රථයේ සේවකයන් මේ ගැන කලබල වුනේ නැත්නම් , මගීන්ට නොදැනෙන්න , අපි සිරුර ගෙනියනවා . ඔවුන් කලබල කළනිසා ,අපහසුතාවයට පත්වුණා . එත් , පොලිස් නිලධාරීන්ට අනුව පවසන්නේ මළසිරුරක් පොදු ප්‍රවාහන සේවයක ගෙනයාම නීති විරෝධී බවත් , එය මැරුණු කෙනාට කරන අගව්රවයක් බවත්ය .
මැරුණත් අමරණීයත්වයට පත්වූවන් විල්ලුද පෙට්ටි වල අවසන් ගමන් ගියද ,දිළින්දකු මියගියපසු ,කාත් කවුරුවත් නොමැතිව පැදුරු කඩමල්ලක අවසන් ගමන් යති මනුෂත්වයේ වෙනස මෙයදැයි අප කෙසේ සොයම්ද?
ලඟදීම ලංකාවෙත් ඔය වගේ වෙයි..
ReplyDeleteමිනි පෙට්ටියක් උනත් දැන් කොච්චර ගණන්ද? මැරෙන එකත් එපා වෙන වැඩක් නේ.....
Deleteලියහං බං මිනිය කෑලි ගලවල අරගන මෙඩිකල් කොලේජ් එකට දෙන්ඩ කියල , බටර් පාං වියදමත් ගෙදර උන්ට ඉතුරුයි
Deleteමේකනේ අටම් මෙඩිකල් කොලේජේ එකටත් එපා කියනවනේ මේ සමහර මිනි. වයස හින්ද වැඩක් නැ කියනවා.තියා ගන්න ඉඩක් නැ කියනවා.නැද්ද මේකට වෙන ක්‍රමයක් අටම්......දෙන්න වෙන කෙනෙක් නැද්ද? ඔය බල්ලෝ ගැන හෙවුවා වගේ හොයන්නකෝ උදව් කරන කට්ටියක් ඉන්නවද කියල.
DeleteThis comment has been removed by the author.
Deleteශරීරයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු කොටස් අරගන්න කැමැත්ත පලකරනවා , ඒක කරන්න පුලුවන් ඇස් දන්දෙන්නට කැමැත්ත පලකරන පෝම් කොලයෙන්ම
Deleteඑතකොට ඔය අස්ථි කොටස් එහෙම ගත්තහම මිනියේ ඉතිරුවෙන්නේ සුන්බුන් හන්දා සිරුර රජයේ වියදමින් වලලනවා .
ඇස් විතරක් වාගේ ගත්තෝතිං වෛද්‍ය විද්‍යලයෙන් ගැටලුවක් නැතුව ගන්නවා
බැරි වෙලා හරි අවුල් උනොත් ගෙදර අයට කියල තියන්ඩ මිනිය ගෙදර ගෙන්නේ නැතුව කෙලින්ම කනත්තට ගෙනිහිං වලලන්ඩ කියල
හැබැයි මොනදේ වෙන්ඩත් පැය එකහමාරක් යන්ඩ කලින් ඇස් දන්දීම ගැන අදාල පාර්ෂවයන් දැනුවත් කරන්ඩ ඕන ජීවත්වෙලා ඉන්න එවුන්
මෙන්න මේක බලන්ඩ
ජීවත් වෙන කාලෙ හොදට සලකන්නෙ නැති උදවිය මැරුණහම ලස්ස ගණන් දීල මිනී පෙට්ටි ගෙනියන රටකට මේ වගේ කතාවක් ආදර්ශයක් වේවි
ReplyDeleteඒ මිනිස්සු තමන්ගේ තරමටයි , වැඩ කරන්න ගියේ. එතැනදී , නීති රීති වැදගත් උනේ නැ. සමහර නීති වලින් දුප්පත් මිනිස්සු පිඩාවට පත් වෙනවා කියල ඒ නීති හදපු අය දන්නේ නැ.
Deleteඇත්තටම කණගාටුයි. අපේ රටේ උනත් මේවා ඉදිරියට විය හැකියි.
ReplyDeleteඋපන් හැටියෙ දරුවො මරා දාන, තමන්ගෙම දරුවො අපයෝජනය කරන දෙමාපියො ඉන්න කාලෙක මෙවන් දෙමාපියො ඇත්තටම දෙමාපියන්ටත් ගෞරවයක්.
ඔව්..... ඒ මිනිස්සුන්ට පුළුවන් විදියට දියණියගේ මිනිය ගෙදර ගෙනිච්චා.
Deleteමිනීපෙට්ටියක් ගන්නවත්, හර්ස් එකක ගෙදර ගෙනියන්නවත් නෙවෙයි, මේ අපූරු ලංකාව මැරෙන්නවත් සල්ලි නැති රටක්!
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... මොකද කරන්නේ?මනෝෂ්.....
Deleteමොකද බං එක දවසට දෙක දෙක දාන්නේ
ReplyDeleteනැ.... එහෙම නැ...... ඒ පොඩි mistake ...... ගණන් ගන්න එපා. ඒක හැදුවා....
Deleteමිනි පෙට්ටියකට සල්ලි නැති මිනිස්සු අනන්ත අප්‍රමාණ කොටසක් අපේ රටේත් ඉන්නවා. නිහංසා....ඉස්පිරිතාලයක් ගාව තියෙන මිනිපෙට්ටු සාප්පුවක් ගාව දවස් දෙක තුනක් රැඳී ඉන්න. ඔබට වැටහේවී. මම අත්දැකීමෙන් කියන්නේ. මියගිය ඥාතියා වෙනුවෙන් නෙමෙයි මිනිස්සු දුක්වෙන්නේ, මළගම කරගන්නේ කොහොමද කියලා.
ReplyDeleteඔව්..... ඒ හින්ද සමහරු කර ගන්න දෙයක් නැතුව මිනිය ගෙදර ගෙනියන්න බැරුව , රජයේ වියදමින් වලදාන්න ඉඩ අරිනවා.....ඉස්සර මිනිස්සු නම් ගෙදර මැරුණා. ගමේ කට්ටිය එකතු වෙලා සියළු කටයුතු කරනවා.සල්ලි ඕන නැ...... දැන් ඒ සරල සමාජ වෙනස් වෙලා.
Deleteඅනුවේදනීය කතාවක්. ලංකාවෙත් ඔහොම අය සිටින්න පුළුවන්.
ReplyDeleteඅඩේ මෙන්න මූ අැවිල්ලා..
Deleteහිටු කෝ තෝ අල්ලගන්න....
ඔව්.....මං දන්න කෙනෙකුත් ඔය වගේ කතාවක් කිව්වා. මාතර ඉස්පිරිතාලේදී මරුන එයාගේ අවුරුදු දෙකක බබා. අවසන් කටයුතු කරන්න ගෙනාවේ ඔය විදියට බස් එකේ පිටි පස්සේ සිට් එකේ එයාගේ උකුල උඩ තියාගෙන රෙදි බැග් එකක දාගේනලු. වෙලාවට අපේ බස් වල scan යන්ත්‍ර නැනේ. ඒ හින්ද බේරුනා.....
Deleteලෝකය පුරාම මින් පෙර නෑසූ දේවල් තව තව අහන්න ලැබෙනව නිහිංසා......
ReplyDeleteඅර අරූ ගෙ අඩවිය කියල තියෙනව වගේ ලංකාවෙ කොතෙක් ශෝචනීය දේවල් වෙනවද......
ඔව්..... කෙන්ජි.... ඇස ගැටෙන දේවල් මං cover කරනවා. සංවේදී තැන් වැඩියි...... ලංකාවෙත් මේ වගේම තමයි...... මිනිස්සුන්ට වෙලාවකට වෙන්නේ කොහෙත්ම නොවෙන දේවල් නෙමේ කියල ... දැන් අපට කියන්න බැ.......සැම දෙයක්ම අවිනිශ්චිතයි........
Deleteසංවේදී කතාවක්.දැන් ගමේ ගියාම හුගාක් දුක හිතෙනවා.ඒ එදා තිබුණු සමාජ ක්‍රමය නැති වෙලා.සහයෝගය කියන වචනය සමහරු දන්නෙවත් නෑ.ඒ තරමටම අධ්‍යාත්මික වශයෙන් සමාජය පිරිහිලා.මිනිස්සු උත්සාහ කරනවා නාගරික වෙන්න.මහ විශාල ගේට්ටු බැදගෙන තාප්ප බැදගෙන.මේක මහ විශාල කේදවාචකයක්.ඒත් ඉතින් වෙනස්වීම කිසිම කෙනෙකුට වෙනස් කල නොහැකියි.එවැනි සමාජයක අනුන් වෙනුවෙන් පෙනී හිටින්න, කතා කරන්න, උදව් කරන්න මිනිස්සු පෙළඹෙන ප්‍රමාණය බොහෝම අඩුයි
ReplyDeleteසහයෝගය නැතිකම කියන අඩුව අපට දැනෙනවා. තව ඉස්සරහට අපි තනි වෙනවා . මිනිසාගේ පවුද්ගලිකත්වය වැඩි දියුණු වෙලා, මිනිස්සු තනියෙන් ජිවත් වෙන්න පුරුදු වෙලා. සමාජ දියුණු වෙන්න වෙන්න අපි හුදකලා වෙනවා. මේක දැන් අපට වෙනස් කරන්න බැ...... බහුතරයක් තනි වෙන්න කැමතියි.....
ReplyDeleteමම නම් අන්තිම කැමැත්තක් ලියන්නයි හිතාගෙන ඉන්නේ.
ReplyDeleteඅන්තිම කැමැත්ත කීපාරක් වෙනස් කරන්න වෙයිද දන්නේ නැ. අපේ නැන්ද මේ වෙනකොට තුන් පාරක් ලියල වෙනස් කරා. තාම ඉන්නවා...... ආයෙත් ලිව්වේ නැ. මුද්දර ගාස්තු ගනන්නේ....
Delete