ලංකාවේ විවිධ ප්රශ්න වලට මැදිහත් වී උදව් උපකාරකරමින් අපි අතර ,අපේම උදව්වෙන් රැදී සිටින සංවිධාන විශේෂයකි රාජ්‍යනොවන සංවිධාන . යම් ව්යපෘත්යක් හරහා , අපේ උගත් පිරිසක් හට සංවිධානයේ තනතුරු හා වගකීම් පිරිනමමින් විශාල ලෙස මුල්ය ප්රතිපාදන ලබා දෙමින් ගැටළුවක් සදහා මැදිහත්වීම මේවයේ ලක්ෂණයන්ය . එහෙත් කල්ගතවත්ම , රටේ ජාතික ආරක්ෂාවටද ,ආර්ථිකයටද , සංස්කෘතියටද දැඩි හානියක් සිදු කෙරෙමින් පවතින බව දනගැනීමට කල්ගත වේ .
සිවිල් ජනයාගේ සුබසාධනය සදහා පෙනී සිටිමින් , රාජ්ය නොවන සංවිධාන වල න්යාය පත්‍ර වලට අනුගතව ජාත්යන්තර බලවේගවල උවමනා එපාකම් පිරීමැහිමට ඔවුන් අපේ අයත් එක්ක එකතු වී බලාසිටි . කෝටි ගණන් මුදල් මෙම සංවිධාන මගින් ලබා දුන්නද මේවයේ වාර්ෂික සැලසුම් ,ප්‍ර ගති වාර්තා , රාජ්ය ආරක්ෂක අමාත්යංශය යටතේ ඇති රාජ්ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේඛම් කාර්යාලයට එවා නොමැති බවද රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත . අදාලඅමාත්යංශයේ කිසිදු අවසරයකින් තොරව සංචාරක විසා මත මෙම කණ්ඩායම් වරින්වර පැමිණේ . තවද ලංකාව පිළිබද අසත්‍ය තොරතුරුද ඔවුන්ගේ වෙබ් අඩවි වල පළකර ඇත .
වරෙක අනුන්ගේ ක්රෙඩිට් පත් වල දත්ත හොරාගෙන විශාල මුල්ය වංචාවක් සිදුකිරීම හේතුවෙන් අපේ රාජ්ය බැංකුවක් මේ වනවිට මුල්යමය දැඩි අපහසුතාවයකට ලක්වීම හේතුවෙන් තවමත් පරීක්ෂණ පැවැත්වේ . ගොවීන්ගේ තොරතුරු සොයන මුවාවෙන් උතුරු නැගෙනහිරපලාතේ තොරතුරු රැස් කරමින් එහි තිබු හමුදා කදවුරු සම්බන්ධ තොරතුරු එක්රැස් කොට ඇත . සංරක්ෂිත වනාන්තර වල පරීක්ෂණ පවත්වමින් අපට අවේනික ශාක හා සත්ව ජාන මංකොල්ලයක් සිදුකරඇත . මේ සියලු අකටයුතුකම් වලට වග කිව යුත්තේ රාජ්ය නොවන සංවිධානයි .
මෙවන් ආකර්ශනීය වැඩ පිළිවෙලක් ඇති මෙම රාජ්ය නොවන සංවිධානවල යථාර්තය මෙයයි . ඉහල වැටුප් දෙමින් විදේශ සංචාර පිරිනමමින්, යාන වාහන සපයමින් අලංකාර කාර්යාල හා අදාල පහසුකම් ලබාදීම හේතුවෙන් අපේ උදවිය මේවයේ රැකියා කරමින් නොදැනුවත්වම මෙම වංචාවේ කොටස්කරුවන් වී ඇත . අදාල ජාත්යන්තරයේ අරමුණ ඉටුවූ පසු ඔවුන් ආපසු යයි , එහෙත් පසුවිපාක විදින්නේ අපි සහ අනාගත පරපුරයි .යම් අවස්ථා වලදී මෙහි රැකියා වල නියළුවන් නීතිමය ගැටළු වලටද මුහුණපා ඇත්තේද ඇතුලාන්තය නොදත් කමිනි . දැන්වත් මෙම රාජ්ය නොවන සංවිධාන ගැන අවදානයෙන් සිටිය යුතුබව අවදාරණය කරගත යුතුය.
//අදාල ජාත්යන්තරයේ අරමුණ ඉටුවූ පසු ඔවුන් ආපසු යයි ,//
ReplyDeleteඅප අවධානෙයන් සිටියා කියා ඔවුන්ෙග් ක්‍රියා කළාපය ෙවනස් ෙව්යැයි සිතිය ෙනාහැක..
සිදුකල යුත්ෙත් ඔවුන් හට රටතුල ක්‍රියාත්මක වීමට අවසර ලබා ෙනාදීමයි..
දැන් තිබෙන තත්වය හොදයි. ඒ සදහා නීති ක්‍රියාත්මක වී තිබෙනවා. සැම සංවිධානයක්ම රජයේ ලියාපදිංචි වීම හා සියළුම ගනුදෙනු පිළිබද වාර්තා. රජයට සැපයිය යුතුය. මේ නිසා දැන්.... රාජ්‍ය නොවන සංවිධාන පැමිණීම හා උදව් කිරීම බොහොමයක් වැලකි ඇත.විනිවිදභාවයට ඔවුන් බයයි.මේ තත්වය පෙර තිබුණා නම් මෙපමණ හානියක් වන්නේ නැත.
Deleteලංකාවේ වැඩකරන එන්ජීඕ හැම එකක්ම ඔය කියන තරම් කළු නෑ. කීපයක් තියෙන්න පුළුවන් නමුත් එන්ජීඕ වලින් රටට ලැබුනු දායකත්වය ගැනත් ලියවුනානම් හොඳයි.
ReplyDeleteඔව්..... හොද පැත්තකුත් තිබුණා. බහුතරයක් එහෙම උනේ නැ. දැනටත් ජනතාවට සුභාසධන කටයුතු කරන එන් ජි ඔ තියනවා. ඒවා සදහා රජයේ අනුමැතිය ලැබී තිබෙනවා , වගේම ඒවායේ නිර්දේශද රජය ක්‍රියාත්මක කර තිබෙනවා.
Deleteඅම්මෝ…… NGO කියත්දිත් බයයි.
ReplyDeleteමොකද්ද ඔයාගේ අත්දැකීම.....
Deleteඔක්කම උන්නෙ වාසියට...
ReplyDeleteඩොලර් හම්බනව නං ඔන එකෙක් ඔය වැඩේ කරයි...
කාටවත් කවමදාවත් ඇත්තටම උදව් කරන්න ඕන වෙලා ඇති කියල මම නං හිතන්නෙ නෑ
මහේෂ් ඔයා දැක්ක දේ හරි.....එන් ජි ඕ කියන්නේ ගොඩක් අයගේ මතය ඕකම තමා. උදව් කරපු අවස්ථාත් මං දැකල තියනවා. ඒවාට රජය අනුමැතිය දීල . හානිදායක නොවන නිසා.
DeleteNGO කාරයෝ කියන්නෙනම් තනිකරම වෛරස්.
ReplyDeleteඒක නෙවෙයි, අක්ෂර වින්‍යාසය ගැන ටිකක් සැලකිලිමත් වුනොත් හොඳයි නේද. අමාරුයි කියවන්න. මටත් ඔය ලෙඩේ තිබුන ඉස්සර. දැන් නම් හරි. ඒ නිසා ඔයත් පුලුවන් නම් හදාගන්න.
ඔව් අක්ෂර වින්‍යාසය මං හදා ගන්නම්. මං ඒක දැක්කා.....
Deleteඔය අකුරු තුන ඇහෙද්දීම අපි ඒ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නේ නරක පැත්තෙන්.. හැබැයි ඉතින් ඒකට සාධරණ හේතු නැතුවමත් නෙමෙයි..
ReplyDeleteහේතු තියනවා දිනේෂ්..... ඒවායෙන් ඇතිවුණු ගැටළු ගැන මුලින් කතා කරේ......
Deleteඕනම එකක හොද නරක දෙපැත්තක් තියෙනව නේ දෙපැත්තටම සමබර වෙන්න ලියන්න
ReplyDeleteජයවේවා!!!!!!!!!!!!!!
සහෝදර .... මං මේ වගේම හොද පැත්තත් සමග උදාහරණ ලියන්නම් ඉදිරියේදී.....
Delete