Sunday, April 16, 2017

සමාජීය විද්‍යා පර්යේෂණ සහ දර්ශනවාදය




ඔබ නවක පර්යේෂකයෙකු   නම්  පර්යේෂණයක් සිදු කිරීමට  දර්ශනවාදය ගැන දැනුමක් තිබීම අවශ්‍ය වේ. පර්යේෂණයක් යනු 
  1. පර්යේෂණ විධික්‍රම 
  2. පර්යේෂකයන් කරන සොයා ගැනීම් 
  3. එළඹෙන නිගමන 
යන  කාරනා පහත සදහන් ප්‍රශ්න වලින් ප්‍රකාශයට පත්වේ. 
·       පර්යේෂකයකු ඇත්තටම කරන්නේ කුමක්ද ?
·       පර්යේෂණ සිදු කිරීමේදී කෙනෙකු නිශ්චිත විධික්‍රම අනුගමනය කරන්නේ ඇයි?
·       එවැනි නිශ්චිත විධික්‍රම පර්යේෂණයේදී අනුගමනය කල යුතුමද ?
·       පර්යේෂණ විධික්‍රම පිටුපස ඒවාට පදනම් වන මුලධර්ම , සිද්ධාන්ත , න්‍යාය තිබේද ?
·       පර්යේෂණයෙන් සොයා ගන්නා ලද දැනුම අනෙක් අය පිළිගනු ලබන්නේ කවර පදනමකින්ද ?
·       එම දැනුම පරික්ෂා කල හැකි මාර්ග මොනවාද ?
ඉහත ප්‍රශ්න කිරීම් වලට අනුව දර්ශනවාදය , විද්‍යාත්මක පර්යේෂණ , න්‍යායන් හා ප්‍රවේශයන් පිළිබද අන්‍යෝන්‍ය  සම්බන්ධතාවය සොයාගත හැක.
අතීතයේ විද්‍යාව හා දර්ශනය එකට පැවති  ඥාන විශේෂයක් බැවින් “ ස්වභාවික දර්ශනවාදය “ ( natural pilosophy ) නමින් හදුන්වනු ලැබිය.
ලෝකය පිළිබද සත්‍ය සෙවීමේ හා ලගාවිමේ නීති රීති සදහා පදනම සැපයුවේ එවකට සිටි දර්ශනිකයන්ය. මේ සදහා පාරභෞතිකවාදී විධික්‍රම භාවිතා කලේ දහසය වන සියවසේදීය  , ඇරිස්ටෝටල් ඒ අතර සිටි අයෙක් වේ.
එහෙත් , විද්‍යාව සහ දර්ශනවාදය එකිනෙකින් වෙන් වූ පසු , ලෝකය පිළිබද දැනුම සැපයීමට පාරභෞතිකවාදයට හැකිද යන්න ප්‍රශ්න මතුවිය .
ඒ අනුව , එම තර්කනය බිද වැටෙමින් , දැනුම පිළිබද විශ්වාශය තැබිය  හැක්කේ , ප්‍රයෝගික අත්දැකීම , ඉන්ද්‍රියමුල නිරීක්ෂණය හා ක්‍රමානුකුල අත්හදා බැලීම් තුලින් බව යන විද්‍යාත්මක විධික්‍රමය දාහත්වන සියවසදී ප්‍රැන්සිස් බේකන් විසින් වැඩි දියුණු කළේය. එහෙත් , ඔහු විසින්  විද්‍යාව සතු දාර්ශනික සංකල්ප පිළිගන්නා ලදී.
දර්ශනවාදය පර්යේෂණ සදහා අදාල වන්නේ , සංකල්ප පැහැදිලි හා නිරවුල් කරගැනීමට  යන්න බව පැවසුවත් , එම ප්‍රකාශය තුල ඊට වඩා වැඩි දෙයක් ඇති බව තහවුරු කර ඇත.
පර්යේෂකයන් විසින් සිදු කරන්නේ ඥාන සම්පාදනයයි. ( production of knoledge )
ඉහත දැක්වූ කාරනා පහත සදහන් ලෙස සරල කරගත හැක.
·       ලෝක ස්වභාවය හා සම්බන්ධ , එනම් සත්භාවවේදී ප්‍රශ්න (ontological)
·       ඥාන මිමංසාත්මක ප්‍රශ්න
·       ක්‍රමවෙදත්මක ප්‍රශ්න
·       විධික්‍රමය පිළිබද ප්‍රශ්න 

මින් පලවෙනි , දෙවැනි ක්‍රම පිළිබද උනන්දුව ඇත්තේ දාර්ශනිකයන්ටය. මේ සදහා සිදු කරන පර්යේෂණ ඉතා අඩුවේ. වැඩි නැඹුරුවක් ඇත්තේ , විධික්‍රමය පිළිබද ප්‍රශ්නකාරී ලෙස හැදෑරීමටයි. තුන්වෙනි ක්‍රමය සදහා පර්යේෂකයන්ගේ පෙළඹවීමද අඩු මට්ටමක ඇත. 

සත්භාවවේදය
සත්භාවවෙදයට අනුව ලෝකය යනු “ මනුෂ්‍යන් විසින් නිර්මාණය කර ඇති යථාර්තයකි”
මේ බැව් ප්‍රකාශ කරන්නේ සමාජ විද්‍යාඥයින් වේ.
ප්‍රපන්චවෙදය ( Phenomenology)  සහ මානව ප්‍රජා ක්‍රමවේදය ( Ethnomethodology) 
තව මතයක් නම් අප සෙවීමට උත්සහ ගන්නේ “ අපට එපිටින් තිබෙන වාස්තවික ලෝකයයි “
ස්වභාවික විද්‍යාඥයින්ගේ  මතය මෙය වේ. (අනුභූතිවාදී / ප්‍රත්‍යක්ෂමුලවාදී ) සමාජ විද්‍යාඥයින් වේ. 

ඥාන මිමන්සාව
ඥානය පිළිබද න්‍යාය සහ ඥානයට අවකාශ ලැබීමේ තත්වයන් පිළිබද මිස , (Conditions of posibility for knoledge) ඇගයුම්ශීලි විනිශ්චයන් ගැබ්ව නැත,
මාගේ පර්යේෂණයෙන් කිරීමට උත්සාහ දරන්නේ  “ තමන්ගේම සංස්කෘතික ඇස් වලින් හා තමන්ගේම සංස්කෘතික ප්‍රභේදන තුලින් ලෝකය දකින ආකාරය “ පිළිබද ස්ථාවරයක් පල කරන්නකි. 

ක්‍රමවේදය
මෙහිදී , සත්භාවේදී හා ඥාන මිමන්සාත්මක ප්‍රශ්න  මතු කෙරේ . ප්‍රත්‍යක්ෂමුලවාදය ක්‍රමවේදයක් හැටියට පදනම් වන්නේ ලෝකයේ ස්වභාවය හා ඥානමිමන්සාව , අනුභූතිවාදී උපකල්පන හා පදනම් මතය.
·       ප්‍රත්‍යක්ෂමුලවාදීන් උත්සහ ගන්නේ ලෝකය පිලිබදව වාස්තවික දැනුමක් සම්පාදනය කිරීමටය. එය , ඇගයුම් විනිශ්චයන්ගෙන් තොර එකකි.
·       මානව වංශවේදියකු සම්පාදනය කිරිමර උත්සහ ගන්නේ විෂය බද්ධ “ මනෝමුල” ඇගයුම් විනිශ්චයන් සහිත (normative ) සමාජ ක්‍රියාවකට තුඩු දෙන එකක් විය හැක. 

විධික්‍රම
පර්යේෂණ මෙවලම් වල ක්‍රමවෙදාත්මක පදනම් තිබේ. ක්‍රමවේදයේ ඥාන මිමන්සාත්මක පදනම තිබේ. ඥානමිමන්සව සත්භාවවේදයෙන් ව්‍යුත්පන්න වේ.
දර්ශනවාදයේ ප්‍රභේද දෙකක් ඇත. මෙම බෙදීම පර්යේෂණ ක්‍රමවේදයට හා විධික්‍රමයට  බලපායි.
1.  වස්තවිකවාදී (objectivist )
2. විෂයමුලවාදී (subjectivist )

Objectivist
·       වාස්තවික යථාර්තය හා මිනිස් මනස , ද්‍රව්‍ය සහ විඤ්ඤානය මේවා එකිනෙකට වෙනස්ව ස්වාධීනව පැවති.
·       වාස්තවික යථාර්තය ඥානනය කිරීමට ඇති මාර්ගය නිරීක්ෂණය හා මානයයි. (observation and mesurement) ඥානනය කරන්න සිටින්නේ ලෝකයට පරිබාහිරවය .
·       වාස්තවික යථාර්තය “ හුදු කරුණු “ (pure facts) ලෙස ග්‍රහණය කල හැක.
·       වාස්තවික දත්ත වල ඇත්තේ ගණනය කල හැකි හා වර්ගීකරණය කල හැකි කරුණු වේ.
·       මේ සදහා දත්ත එක්රැස් කල හැකි මාර්ග වන්නේ නියැදි සමීක්ෂණ , ප්‍රශ්නාවලි තුලින් තොරතුරු ලබා ගැනීම, සංඝණන පැවැත්වීම, දත්ත වර්ගීකරණය, සංඛ්‍යා විද්‍යාත්මක විග්‍රහ , පරිඝනක මාදිලින් ගොඩ නැගීම තුලින් දත්ත විශ්ලේෂණය . 

Subjectivist
·       යථාර්තය යනු මනුෂ්‍ය සංජානනයේ නිර්මාණයකි. මනුෂ්‍යයින් කරන්නේ තමන් ජිවත්වන විශයමුල ලෝකයක් ගොඩ නගා ගැනීමය. ලෝකයේ යථාර්තයන් බොහෝමයක්ම පවතී. මනුෂ්‍යයින් විසින්ම සමාජ හා සංස්කෘතික පරිකල්පනය ගොඩ නංවති.
·       ඥානනයට ඇති මග අත්දැකීමයි. යථාර්තය, ඉතිහාසය, නිර්මාණය කරන්නේ මනුෂ්‍යයින්ය. ලෝකය, යථාර්තය නිර්මාණය කරන්නේ සංකල්පිත ප්‍රභේදයන් තුලින්ය.
·       එම යථාර්තවාදයන් තේරුම් ගැනීමට මානව වංශවේදී  හෝ ප්‍රපංච වේදී හෝ ප්‍රවේශයන් අවශ්‍ය වේ.
·       වඩාත් සුදුසු පර්යේෂණ විධික්‍රමය නම් ,  ගුණාත්මක දත්ත ලබාගත හැකි සහභාගිත්ව නිරීක්ෂණ , විස්තෘත සම්මුඛ සාකච්චා හා පුද්ගල අත්දැකීම් පිළිබද ප්‍රථම පුරුෂ ආඛ්‍යාන හා විස්තෘත වර්තාවන්ය.
දහනම සියවස අගභාගය තෙක් සමාජ විද්‍යා හා විද්‍යාවේ දාර්ශනිකයින් අතර ක්‍රමවේද පිළිබද මහත් මතභේද හා විවාද පැවතුනි. ඒ අතර
·       එක් ගුරු කුලයක් පවසන්නේ , ස්වභාවික විද්‍යාවන් මනුෂ්‍යාගේ ක්‍රියාකාරකම් ගැන අධ්‍යනය කිරීමට ,  ගොඩ නගා ඇති පැහැදිලි කිරිම්,  න්‍යායන්ට සමාන පද්ධතීන් ගොඩ නැගීමෙන් සමාජීය විද්‍යාවන් විසින් වලක්වාලනු ඇති බවයි.
·       අනෙක් ගුරුකුලයට අනුව , සමාජීය ලෝකයේ හා ස්වභාව ලෝකයේ ව්‍යුහයන් අතර අතිමුලික බෙදීමක් ඇති බව පවසයි . එනම් , සමාජීය විද්‍යාවේ විධික්‍රමය මුළුමනින්ම ස්වභාවික විද්‍යා  විධික්‍රමයෙන් වෙනස් වන බවය.
·       ස්වභාවික විද්‍යාවන් ගනු දෙනු කරන්නේ ද්‍රව්‍යමය වස්තුන් හා ක්‍රියාවලින් ගැන වුවත් , සමාජීය විද්‍යාවන් ගනු දෙනු කරන්නේ , මනෝ විද්‍යාත්මක හා බුද්ධිමය වස්තුන් ගැන නිසාය.
·       ස්වභාවික විද්‍යා  විධික්‍රමයේ අරමුණ පැහැදිලි කිරීමත් , (explaining)  සමාජීය විද්‍යාවන්ගේ අරමුණ තේරුම් ගැනීමත් (understanding)  වේය යන්නයි.
පර්යේෂකයින් තමන් සම්පාදනය කර ඇති නව දැනුම ඉදිරිපත් කරන විට ඔවුන් සාමාන්‍යයෙන් මුහුණ දෙන අභියෝගය නම් , තම නිගමන වල  වලංගු බව ඒත්තු ගැන්වීම සහ නිගමන වලට පදනම් වූ දත්ත , සාක්ෂි හා තොරතුරු සොයා ගැනීමේ විධික්‍රමය සාධාරණය කිරීමයි. 

(ජයදේව උයන්ගොඩ මහතාගේ “සමාජියිය - මානවීය විද්‍යා පර්යේෂණ දාර්ශනික ක්‍රමවේදී  හැදින්වීමක් “ යන ග්‍රන්ථය ආශ්‍රයෙනි .)

No comments:

Post a Comment