රෝස පාට හැන්දෑවක පැතු පැතුම් එක්තැන්
කොට
දෑත , දෑතේ පටලමින් ගිවිසුමකට
එක්තැන්ව
පෙම්බර කවි මුමුණ මුමුණ
පාට පාට ලෝකයකට කැන්දාගෙන
යන්නට
වරම් ලදිමි ... ලෝකෙන්
.....
දෑස , දෑසේ පැටලී පැටලී
යුග ගීයේ .... එලිසමය තනුවකට
මැදිව ....
නොමැති රිද්මයක් කෙලෙස ගයන්නද ....
දෑත රැදුණු මල් පොකුරෙන්
එකිනෙක ගිලිහෙන
පරවුණු මලක් වගේ පැතු
පැතුම්
හිස් අහසට විසිර යද්දී
........
යුග දිවියට අවරගිරේ හිරු
පායද්දි.....
පෙම්වත් වූ හිත දෙරණත
දිව යද්දී .....
රෝස පාට හැන්දෑවේ තුරුල්
වෙලා ...
සීහිනයක් දුටු බව පමණයි මතක .......
හීන වුනත් හැබෑ වෙන්න පුළුවන් ...
ReplyDeleteමේක හැබෑ වෙච්ච හීනයක්..... සහෝ.....
Deleteසිහින සැබෑවනනේ කැපවීමෙනි..
ReplyDeleteඔව්... සි.ජේ...... මේ කැපවීමෙන් බලපු හීනයක් තමයි...... හොදට කියවල බලන්නකෝ, තව පාරක්, මොකද වෙලා තියෙන්නේ කියල....
Deleteජීවිතය ඉතින් අපේ සිහිනයාක් නොවේ......
ReplyDeleteහෙට උදේම අවදි වී යා යුතුව තිබේ.........
ඔබ නිදන්න....ඔබ නිදන්න.... මතින් සැතපිලා...... නලිය .....
Deleteඔව්.... නලින් අවදි උනාම තමයි..... ඇත්ත පෙන්න ගන්නේ....
Deleteඇයි කෙන්ජි..... නලින්ට මත් නින්දක්ද තියෙන්නේ...... පරිස්සම් වෙන්න කියන්න...
මං නම් රෝස පාට සැදාවට ගොඩක් ආසයි.... & ... කැමතියි..... අදටත්.......
ReplyDeleteමොකද මන්ද......
ඔයත් ඒ හීනෙ sure එකටම දැකල තියනවා, කෙන්ජි..... එකයි ආස....
DeleteSweet dream turn out to be a nightmare ...... :(
ReplyDeleteBecause , without sleep ...... to see .... your, memories .....
Deleteසිහිනය හැමවෙලාවෙම සුන්දරයි කියලා හිතේ තියාගන්න..
ReplyDeleteසිහින දකින කම් විතරයි.... දිනේෂ්.... සුන්දර...
Deleteරෝස පාට ද නැත්තං රෝස පටද...
ReplyDeleteඉදස්පිලි පාපිලි තේරුම ගොඩක් වෙනස් කරනව...
ඒක තෝරල දෙන්නකො මං උත්තරයක් ඊට පස්සෙ දෙන්නං
රෝස පාට කියල හිතන්නකෝ...... මට පා පිල්ලක් අඩු වෙලා....
Deleteපා පිල්ල කියන්නෙ ු මේකට...
Deleteඕකට කියන්නෙඇල පිල්ලක් කියල...
කවිය ලස්සනයි...
ඒත් ඇයි රෝස පාට විතරක් මතක..
හිහි
ජෝක් එකක් හොදේ
මට කවිය ලියද්දි මතක් උනේ රෝස පාට නේ මහේෂ්..... එකයි එහෙම ලියවුනේ....
Deleteඇත්තටම සමහර වෙලාවට හීනයක් වගේ සමහර දේවල්, සුන්දර මතක විතරයි. සැබෑ ජීවිතයේදී ඇත විඳින්න වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්
ReplyDeleteඅන්න ඒ වගේ තමයි..... ඉවාන්..... මේ හීනෙන් දැක්ක විවාහයත්.......
Deleteමාත් හරිම ආසයි
ReplyDeleteලා රෝස පාට හීන බලන්න...
අනේ බස්සියෝ....... ලා රෝස පට හින දකින්නේ චුටි ළමයිනේ......
Deleteසුන්දර සිහින සැබෑ වීමත් සුන්දරයි.
ReplyDeleteඒත් මෙතන සුන්දර වෙලා නෑනේ.... ප්‍රියා....
Deleteමටත් මේ වටේ පිටේ උන් කියනවා දැං ඉතිං රෝස පාට හීනයක් බලහං.. නිල් පාට හීන් දෙකක් ම දැකල නේ ඉන්නේ..
ReplyDeleteඅනේ..... නිල්පාට හිනත් තියනවා, කියල මට මතක් උනේ දැන් නේ.....දේශකතුමනි...... කොළ පට හිනත් ඉස්සර දැක්කද...?
Deleteඅපිනම් ඉතින් රෝස පාට දැක්කොත් හිනෙන්ම තමයි
ReplyDeleteඇයි.... ඒ.... රෝස පාට ඒ තරම්ම පේනවා අඩුද...?මැලේ රාල....
Deleteමට පේන්නේ පාට පාට හීනනේ.
ReplyDeleteඒකත්, හොදයි.....එතකොට ටිකක් විතර හින හැබෑ, කරගන්න පුළුවන්.... මිතුර.....
Deleteදේදුන්නේ පාට හතෙන්
ReplyDeleteනේක පාට කලවම් වුණ
පාට හීනයක් දැක්කා
අවදි වෙන්න පමා උනා
හීන දිගේ දුරක් ගියා
පාට ලෝකෙ නැතුව ගියා
පාට මැකුණු පා තිය තිය
මං ආයෙත් අවදි උනා.
ඕව ඔහොම තමයි නිහිංසා...........
ඔන්න අවදි උනාම වෙච්ච දේ තනුජා...... හින හීනම තමයි...... සැබෑ නොවන...
Deleteඒ කෝ මම දාපු කමෙන්ට් එක ?
ReplyDeleteකමෙන්ට් එකට මොකද උනේ මදාරා..... මාත් දැක්කේ නැ.... සමහර කමෙන්ට් වල mail එක විතරයි මට එන්නේ ... ඇයි ඒ ? anonymouse ගේ mail එකකුත් තිබ්බ, ඒකත් publish වෙලා නැ....
Delete