තාරුණ්‍ය උද්වෙගකරය ...........
සද මඩලක්ව පිරිසිදුය ........පියකරුය ........
අහම්බයෙන් එන මේඝ වලාවන් සද මත වැටි .........
අන්ධකාරය .......අමාවක සේ .......
හොරෙන් ඉසිඹුලන සිතුවිලි ........
එක්රොක්ව පෙළගැසී ........
කතිකාවතකට පෙළහර පාන ඉල් මසේ .......
සද නම් බියකරුය .......පුරුද්දට මෙන් .......
තාරුණ්‍ය නිසි අරමුණු නො ,ගත වූ කල
තාරුණ්‍ය නිසි අරමුණු නො ,ගත වූ කල
වැලද ගත් මාවත ...... තනිව නොව උපාලිලා සමගින් ……
නිමල් ඉන්දිරා දෑත් පැටළුනේ ....?
නිමල් ඉන්දිරා දෑත් පැටළුනේ ....?
පරාජය වූ ප්‍රේමය වැලද ගෙන නන්නත්තාරව
මරණයේ සුදු කොඩි නොදැන යන්නම ගිය නිමල් ....
ආපසු එයිදැයි මග බලන හුදෙකලාවූ තාරුණ්‍ය සමගින්
මැදිවියේ එළිපත්තට පැමිණ ආපසු හැරුන ඉන්දිරා .....
ජීවිතය කුමක්දැයි සෙවුවේ ........
තනිකම , පාළුව දරාගත නොහැකිව ..........
උද්වේගකර තාරුණ්‍ය .......සමාජවාදය ......
හදන්න බලපු අලුත් ලෝකය ........
සියල්ල හිරුදුටු පිනි සේ .........වියකි .... ගිහිල්ල .....
ඉන්දිරා .......
අනන්‍ය වූ කිසිවකුත් නොඉතිරව......
අනන්‍ය වූ කිසිවකුත් නොඉතිරව......
ප්‍රේමය අබියස තනිව ........ හැඩුම් ලාගෙන ආපසු එන්නේ නැති
නිමල්ව සොයන්නේ .......ආ මග හුන් අය හැරගිය හන්දද .....
ගුණදාස අමරසේකරගේ 'ප්‍රේමයේ සත්‍ය කතාව ' ඇසුරින් නිර්මාණය වූ නිසදැස..... තාමත් හිත් කොනේ රව් පිළිරැව් දෙන්නේ ප්‍රේමය හා විශ්වවිද්‍යාලිය සමාජවාදයේ බිදවැටීම ම,සිතට පසක් කරලමිනි.
චිත්ත ශක්තියහි ප්‍රමාණය විරහවෙහි මායිම තීරණය කරයි
ReplyDeleteචිත්ත ශක්තිය බලවත් උවත්..... තනිකම.... පසුතැවිල්ල...... කාලයත් එක්කම දරා ගන්න අමාරුයි...... ජිවන
ReplyDeleteඅද නැත තාරුණ්‍ය, උද්වේගකර මෙන්ම පිනි බිදක් සේ සුපැහැදිලි......
ReplyDeleteමන්ද යැයි නොදනී.....
නොහදුනන දුක දුප්පතාගේ
ඉතිරි කර දනවතා
කොහිද නුඹ ගියේ තනිකර අපව
හිතවතුනි....වතියනි
ඔව්..... අද උද්වේගකර තාරුණ්‍ය මලානික වෙලා.....වැව්..... වල්මත්වෙලද කියලත් හිතෙනවා...
Deleteවචන පෙළ අනර්ඝයි
ReplyDeleteස්තුතියි..... ෂෙහාන්.....
Delete///ආපසු එයිදැයි මග බලන හුදෙකලාවූ තාරුණ්‍ය සමගින් // අද කාලයත් එක්ක ග්තම් වල්මත් වූ තාරුණ්‍යය වගේ අදහසක් තමා ගැලපෙන්නේ කියලා නිකමට හිතුනා
ReplyDeleteඔව්.... ඉවාන් එක ගැලපෙනවා...... ඒත්..... ඉන්දිරාට දැනුනේ...... වල්මත් වූ පසු.... දැනුනු විරහව....තමයි..... මං හුදෙකලාවෙන් අර්ථ ගැන්වුයේ.....
Deleteනිමල්.... ඒ වන විට විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස..... අහේතුකවම මිය ගිහින්......
අපූරුයි.
ReplyDeleteආවට ස්තුතියි..... ප්‍රියා....
Deleteහරිම ලස්සනයි නිහිංසා............ ඇත්තට ම අගේ ඇති කවියක්... පද විතරක් නෙමෙයි ඔබේ නිදහස් ආරත් අගෙයි..................
ReplyDeleteස්තුතියි.....කුරුටු.... මාව අගේ කලාට.....
Deleteඒ පොත මම කියවලා නෑ . කියවලා බලලා ආයෙත් එන්නම් මේ අදහස ගැන දහස් දක්වන්න . :) :)
ReplyDeleteඔයාව සාදරයෙන් පිලිගන්නවා.... වයලින්......පොත කියවන්න...... පරණ එකක් ..... ලයිබ්‍රරි එකේ ඇති......
Deleteකවි ගැන කියන්‍න එච්‍චර දන්‍නේ නෑ මම , ඒත් බොහොම අපූරුයි කවි පෙල ,අරුත රසවින්‍ඳා
ReplyDeleteඔබව පිලිගන්නවා, මගේ අඩවියට බිනොල්..... ස්තුතියි...... ඔයාට මාව අගය කලාට....
Deleteපොත නම් මම කියවලා නැති වුනත් කවි පන්තියනම් හොදර රසවින්දා.. ලස්සනයි..
ReplyDeleteස්තුතියි...... දිනේෂ්....
Deleteප්‍රේමය ඇතුළේ ආපසු නොඑන අයව හොයනවා වැඩියි නේද කොහොමත්..?
ReplyDeleteඔව්..... මනෝජ්..... සංවේදී...... බැදීම් ඇති උනාම...... එන්නේ නැති උනත්.....ඒ බව දැන දැනම .... එයාව හොයනවා....
Deleteඔබ ප්‍රේමයේ සත්‍ය කතාව තුල ඇති සමාජ කියවීම අතහැර දමා එය , ඉන්දිරා ගේ හා නිමල් ගේ ප්‍රේම විලාපය ලෙස දැකීම , ඔබ නවකතාවේ යටිපෙළ තේරුම් නොගැනීම ගැන ප්‍රබල සාක්ෂියක් සපයයි. ඔබගේ කවිය එම ප්‍රබල දේශපාලන කියවීම ඔස්සේ ගියා නම් නිර්මාණය සාර්ථක වන බව මගේ අදහසයි.
ReplyDelete