මල්දහසක් ගන්වා .....
සුදු පිරුවට මත
නුඹ මා කැන්දා ....ගිය
කුලගෙට .....
නුඹ මව් .... සිඹ මා උවනත ....
පිළිගත් ..... මනමාලි මං....
සුදු සේද යහනත ... මා සතපා ....
පිරිමැද .... හිස'ග .... තෙපළු....වදන්....
නුදුරු ... රුදුරු .... වූ අරුම කීම ...
දොර,ගිස්සෙන් .... එබිකම් පාන ...
අවශේෂ දෙනෙත ...... මග හරින
මා දෙනෙත් .....
නිසල සේයාවකි ....
මා වැඩි ... කුලගෙය ... ගිනිගෙය වූ බව ....
නොපවසා බැරිය මට .....
මුනිවත රකින .... නුඹ මව්ට ....
අලුත් කෝණයක්.. කතාවකට මරු.. හොදයි නිහිංසා... ඉදිිරියට යමු
ReplyDeleteස්තුතියි ...... දේශකතුමනි .....
Deleteකුලගෙය ගිනිගනි.....
ReplyDeleteඔව් නේ ...... මනෝ ....
Deleteමුගේ මව යටත්කොට
ReplyDeleteගන්න හැකිනම් මා හට
වෙන්න පුලුවන් නැවතත්
ගිනිගෙය කුලගෙයක්
ඉයන් ..... මෙතන මව අහිංසකයි ..... වෙන ප්‍රශ්නයක් තියෙන්නේ ..
Deleteගෙයි ගිනි පිටතට නොදී, පිටත ගිනි ගෙදරට නොගෙන, ඉන්න පුළුවන් වෙයිද?
ReplyDeleteමේ ගින්න ගෙයි ඇතුලෙම විතරයි ..... ඒකයි විදවිල්ල .....
Deleteඅනේ මන්දා ඉතින්....
ReplyDeleteආවේ ගිනිගෙයක ඉන්න නෙමේ නේ. ඉතින් ආපහු එක කුල්ගෙයක් කරගනීවා කියලා පතමු නේද...??
-------
වචන ටික නියමයි.
සම්ප්‍රධායික නිවෙස් වල මෙවැනි කුල ගෙවල් තාමත් තියනවා .... දෙයියෝ ....කුලගෙයි රකිනවා ... අමාරුවෙන් වගේ .... නම්බුවට
Deleteනිහිංසා .............
ReplyDeleteබොහොමයක් මනමාලියන්ගේ අත්දැකීමක් වගේම දුක්කතාවක්..... වැඩි පුර කතා නොවෙන සමාජ දුක්ඛාන්තයක්..... හරිම අගෙයි නිර්මාණය
ස්තුතියි කුරුටු ......
Deleteකවුරුත් තමන් ලබන මේ අත්දැකීම කියන්න කැමති නෑ . කිව්වොත් යන්නම වෙනවා ආපහු...
මට දෙවෙනි ගමන ෆිල්ම් එක මතක් උනා . හැබෑටම මේ ඒ වගේ සීන් එකක්ද තියෙන්නේ ?
ReplyDeleteනෑ... වයලිනෝ .... මේ වෙලා තියෙන්නේ තුන්වන පර්ශයවයක් විදියට ගෙදර මෙහෙකාරි ... එක්සතු වෙලා ...
Delete