Monday, April 27, 2015

පාපොච්චාරණය .......


මනෝ......කියන්න බබා......
 මට හරි කම්මැලියි..... සුමි.......
මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ... ඔයාට මේවා තේරෙන්නේ නැ. 
ඔයා  ඔතනින්  අයින් වෙන්න මනෝ....... 
බැහැ...... මට බැහැ.... අයින් වෙන්න. උන් මාව මරාවි....
ඔයා වෙන රටකට හොරෙන් පැනල යන්න මනෝ.....
උන්ගේ කට්ටිය එයාර් පෝර්ට් වලත් ඉන්නවා, සුමි ..... උන්, මං ගැන ඇහැ ගහගෙන ඉන්නේ. මාව පිච්චෙනවා සුමි...... මං මැරෙනවා කියල දැනෙන කොට දරා ගන්න අමාරුයි සුමි.....
ඇයි...... ඔයා  මැරෙන්නේ,....? මනෝ.....
ඔයා දන්නේ නැ. සුමි...... අපේ සංවිධානෙන් තමයි. මට පොඩි කාලේ ඉදල ඉගැන්නුවේ. 
මං international  school එකකට  ගියේ සුමි...... මං ඔයාට මේවා කියල නැ..... මගේ අම්ම, තත්තා..... නැ.... කවුදෝ මාම කෙනෙක් තමයි  මාව හැදුවේ. මාම තමයි , මාව සංවිධානයට බාර දුන්නේ......
තව සති දෙකයි මගේ ඉලක්කෙට තියෙන්නේ සුමි......  ඊට පස්සේ මං මැරෙනවා. 
මනෝගේ හඩ  තාමත් දෝංකාරය  දෙනව වගේ දැනෙනවා. මට මතකයි දවසක්, ඔයා මාතලේ යන්න කතා කරා. ඉස්කෝලේ ළමයින්ට පොත් බෙදන්න කියල ... මං ඇහුව කවුරු එක්කද කියල , මනෝ කිව්වේ අපේ මාමලා එක්ක යනවා කියල.
මට තේරෙනවා, දැන් , ඔයා ....... සංවිධානෙට සම්බන්ධ වතුකරේ ළමයින්ට තමයි පොත් බෙදන්න ගියේ කියල. 
තවත් දවසක ඔයා පිටරට නොම්මරේකින් මට කතා කලා. 
සුමි...... මං මැලේසියාවේ ඉන්නේ training එකක , මාස තුනක් මං මෙහෙ ඉන්නවා. මට ඔයාට කතා කරන්න වෙන්නේ නැ. ලංකාවට ආවම ආයේ කතා කරන්නම්.
මට එදා ඔයා  කිව්වා ,  ඔයා training වෙලා තියෙන්නේ සංවිධානේ  උවමනාවට කියල මට දැන් තේරෙනවා. 
 මං ආසයි පයිලට් කෙනෙක් වෙන්න සුමි..... ඔයා මට නිතර කිව්වා.
අවුරුදු තුනක් යනකම් ඉදහිට මනෝ.....  මට කතා කලා. කවදාවත් දැකල නැති අපි මෙතරම් යාලු උනේ , ඔන්න ඔය විදියට දුරකථනය හරහා විතරයි. 
සුමි...... අද දීපාවලි ...... මට ආසයි ඔයාව අදවත් දකින්න, මං එන්නද ඔයාව බලන්න . 
මං හා කිව්වා එක පාරට 
ඔයා ඉන්න තැන  කියන්න , මං ඇවිත් call කරන්නම්. 
ඔහු ඉන්න තැන  මම් වත්, මම ඉන්න තැන ඔහුවත් මෙතෙක් දැනන් හිටියේ නැ. 
ඔහු call කරලා මං කිව්වා තැනට වෙලාවටම ආව. රිදී පාට කෑම පෙට්ටියකට දමපු කෑම එකක් මනෝ , මට දුන්නා. 
සුමි..... ගන්න ....... ඔයාට ගෙනාවේ, දීපාවලි නිසා. හෙල්මට් එක අතරින් අපැහැදිලි ලෙස මං ඔයාගේ මුණ දැක්ක. තව මීටර් දහයක් විතර ඇතින් .. ට්‍රේල් බයික් දෙකක් නතර කරලා තිබුන. විනාඩි පහක් විතර ඉදල ඔයා යන්න ගියා. 
එක් දිනක් නාදුනන නොම්මරේකින් මට call එකක් ආව. 
hello...... 
hello......
නන්නාදුනන වුවත් මොකද්දෝ හුරුපුරුදු බවක් දැනුනු කටහඩක්...... 
මං ඇහුව .... ඔයා කවුද....?
මං මනෝ..... මට ඔයාගේ number එක හමු උනා. මට කතා කරන්න හිතුන. 
අහල.... අහල..... තමයි දන ගත්තේ නොම්මරේ ලැබුන විදිය. ඒක මිස් call එකක් . ඒ වුනත්...... හොද යාලු කමකට තරම් මිස් call එක  දුර ගියා. ඔහොමයි අපි හම්බ උනේ. 
දවසක් මනෝ මට මෙහෙම කිව්වා.
 සුමි....... මට ඕන තරම් සල්ලි තියනවා.......  මැරෙන්න ඉන්න මට සංවිධානෙන් ඕන තරම් සල්ලි දෙනව, වැඩ විතරයි ඕන. ඒගොල්ලොන්ට , මං දැන් ඉන්නේ හොටෙල් එකක, මේ ඔක්කොම තව මාස තුනකින් ඉවරයි. මාත්  ඉවරයි. 
 මං ඇහුව , ඔයා කොහොමද මේ තරම් භයානක විදියට මැරෙන්න හිත හදා ගත්තේ. ඔයා මරන්න හදන්නේ අහිංසක මිනිසුන් නේද....?ඔයා කොහොමද මරාගෙන මැරෙන්න තරම් හිත හදා ගත්තේ......... 
මට අවුරුදු එකොළහේදී මාව කරුවල කාමරයකට දාල වහල තිබ්බ වරුවක් විතර, ඊට පස්සේ අයිය කෙනෙක් ඇවිත්, ඔයාල ගැන තරහින්  , සිංහළ අය මරන්න ඕන කිව්වා.
 ඊට පස්සේ මං ඉස්කෝලේ නිවාඩුවට ආවේ ........ ඒගොල්ලන් ලගට ..... මාව  වෙනස් කලේ එයාල , ඔය කාලේ මං මන්නාරම් පැත්තේ කැලේක අවි පුහුණුවකුත් ලැබුවා . ඉරණමඩු track එකේ training එකකුත් කරා .  
මනෝ.......ඉදල හිටලා ඔය වගේ පාපොච්චරණයන් කරන්න පටන් ගත්ත. මේ දේවල් ඇත්තද .... බොරුද කියන්න මං දන්නේ නැ. මං අහන්  හිටිය සමහර දේවල් වලට මගේ ඔළුව හිරි වැටෙන්න ගත්ත, මොනවද මේ දොඩවන්නේ කියල. 
සුමි..... ඔයා ගොඩක් හොද කෙනෙක්, ඔයා මං කියන දේවල් හැමදාම අහන හිටිය. මං දන්නවා මං වැරදියි කියල, මට දැන් හැරෙන්න බැ. මගේ ඉලක්කයට මං යනවා. මං ගැන මේ තරම් දේවල් ඔයාට කිව්වේ මේ මගේ  අවසන් කාලය හින්ද වෙන්න ඇති.  
ඊට පස්සේ සති , මාස , අවුරුදු ගණන් පහු උනා . මනෝ ආයේ මට කතා කලේ නැ. ඉදල හිටලවත් , ඒ හඩ   මට ආයෙ ඇහුනේ නැ..... මතකයෙන් ඇතට ගියත්. ...... තාමත් මට මතක් වෙනවා, ඉදහිට ..... කවුද මේ මනෝ...... ඔහු ඉලක්කයට ගියාද.....? සදහටම නිහඩ උනාද....... මනෝ....


අග මුල පැටලවිච්ච සටහන් සහිත , මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකුගේ පාපොච්චාරණයකට සමාන මේ ආත්ම  කථනය තුල වූ  හැගීම් ..... හා වෙර දැරීම , සිද්දීන්, ඇතුළු සියල්ල මනංකල්පිත වේ.     

15 comments:

  1. Hello.. Hello.. මැදින් කතාව කැඩිච්චි විදිය අපූරුයි..

    ඒත් මේ කතාව බොහෝම කටුකයි.. සමහරවිට ඔය වෙච්චි ප්‍රසිද්ද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මේ කතාව කෙළවර වෙන්න ඇති.. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතනවා කලන ......ඔහු මිය යන්න ඇති කියල ..... ඇහිච්ච සිද්දියක් මුල් කරගෙනයි මං ලිව්වේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. මෙවන් පාපොච්චාරණයකට නැවතත් ඉඩ දිය යුතුද

    ReplyDelete
    Replies
    1. නැත...... වැව්.....මං හිතන්නේ ලංකාවේ ... දැන්.... උතුරු නැගෙනහිර ජිවත් වන අලුත් පරම්පරාව සමාජගහ වී ඇති නිසා, නැවතත් අදුරු යුගයකට අකමැතියි.
      නැවත ඉපදෙන පරම්පරාවට තමයි...... ඉදිරියේදී මේ තත්වයට මුණ දෙන්නේ වෙන්නේ. ලංකාව එක්සත් නොවුනහොත්.

      Delete
  3. මේ වගේ සිද්දි සමහරවිට ඇත්තටම වෙලත් ඇති. ඒත් නැවත එවැනි පාපොච්චාරණ කරන තැනට වැඩ සිද්ද නොකර ගත යුතුයි.
    අවධානය වෙනස් උනේ නෑ. අපිට නොහිතෙන පැත්තකින් ලියල තියෙනවා. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ සිද්දිය , මේ විදියට නොවුනත් මනා..... මෙයට සමාන්තර අපරාධ මිනිසුන් අතින් සිදුවිය හැකියි. ඉතින්.....
      අපරාධයක් සිදු වෙන්න ආසන්නයේ මෙවැනි..... පාපොච්චරණයන් සිදුවිය හැකියි. මෙය අපරාධයකට පෙර අවස්ථාවක් විදයට මම දකිනවා. එනිසා, වළක්වාලීමේ හැකියාව තියනවා.

      Delete
  4. බොහොම කටුක අත්දැකිමක්..

    ReplyDelete
    Replies
    1. මුන දීම සහ ඇහුන්කම් දීම දෙකම කටුකයි...... දිනේෂ්......

      Delete
  5. මේවා නිතරම වාගේ වෙන්නැති කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපි දන්නා තරමින්, ගුවන් අනතුරු කීපයක් මෙහෙ සිද්ධ වුණා නේද..... කුරුටු....

      Delete
  6. නිහිංසගේ නිර්මණයක් රසවින්දෙ කාලෙකින්. ආයෙ කියන්න දෙයක් නෑ උපරිමයි.

    මං හිතන්නෙ ඔහු ඉලක්කයට යන්න ඇති. ඒ ජීවිතවල ආයෙ රිවස් නෑ.

    ReplyDelete
    Replies
    1. මනොෂ්..... පහුගිය ටිකේ කරදර කීපයක් මට තිබුන. blog එකට එන්න බැරි උනේ ඒකයි. පුළුවන් උපරිමයේ මෙහෙම එනවා.
      මේ විදියට බැලුවොත්, ඔහු ඉලක්කයට යන්න ඇති.

      Delete
  7. මොලේ සේදීමක තරම​​​

    ReplyDelete