බමර වලල්ල˜ සිනමා කෘතිය පසු ගිය වකවානූවේ දකුණේ භීෂනය සංකේතවත් වුවක්දැයි අතුල ලියනගේගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. තාත්වික ක්‍රියාදාමයන් ඇතුලත්ව නිපදවූ මෙම සිනමා සිත්තම පාතාලයේ ඇතුලාන්තය කුමක්ද යන්න නිරූපිතයි. පාතාල ලෝකයේ සිද්දි කිහිපයක් අරඹයා නිර්මාණය වුවද අපරාධ වැලක ආරම්භය සහ අවසානය දම්වැලක පුරුක් මෙන් එකිිනෙකා අතර වූ සහ සම්බන්ධතා මිත්‍රශීලිත්වය, පරිත්‍යාගය හා කළගුණ සැලකීම ඉන් ඔබ්බට වූ බලහත්කාරය මේ සියල්ල කැටිවූ සංවේදනා මනුෂ්‍යත්වය තුල වූ සෞන්දර්ය කියා පායිද? කලාත්මක චිත්‍ර පටියකට වඩා වාර්තාමය චිත්‍රපටියකට වැඩි ඉඩක් ඇති නිර්මානයක් ලෙස බමර වලල්ල˜ හැඳින්විය හැක. සිනමා කෘතියක් ලෙස සාර්ථකය.
පාතාල ලෝකයේ රජවරුන් කිරුළු පැලැන්දේ මේ ආකාරයටය. ලේබල් කිරීමේ සමාජ න්‍යාය, ගෝන මඩිත්තේ පොඩි එකා බිහි කලේය. ඌ ඉතා අහිංසකය. මනුෂ්‍යත්වයේ සර්ව සාධාරණය සොයන්න ගොස් ආවේගශීලී හැඟීම් මුදාහල මොහොකත පළවෙනි අපරාධය සඳහා අත්පොත් තබන්නට ඔහුට සිදුවිය. සමාජය ඔහු අපරාධකාරයකු කලේය. ඔහුගේ තාරුණ්‍ය සිරකොට තැබුවේය. අපරාධ නැමති විෂය හදාරන්නට බන්ධනාගාරය නැමති විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම සඳහා නොමිලයේ ශිෂ්‍යත්වයක් ඔහුට ලැබුනි. සියළු අධ්‍යාපන කඩ ඉම් ඉතාම සාර්ථක ලෙස හැදෑරු ඔහු උපාධියක් ලැබුවේය. අන්තර් ආශ්‍රය න්‍යාය, උප සංස්කෘතික න්‍යාය ,චර්‍යාවාදී න්‍යාය ගෝන මඩින්නේ පොඩි එකා විද්‍යාත්මකව බිහි කලේය. සියළු ශිල්පයන්හි කෙල දක්වමින් කඩු, දුනු ශිල්පද, පශ්චාත් උපාධිය ලෙස හදාරන ලදී. ඒ ඔහුගේ අධ්‍යාපනයයි. දැන් ඌ ශක්තිමත්ය.
හිරෙන් මුදාහල තාරුණ්‍ය නැවතත් සිර කල නොහැක. ඔහු හැඟීම් බර විය. රෝග ලක්ෂණ පහල විය. ස්වභාධර්මයට විරුද්ධ වීමට ඔහුට නොහැකි විය. ඒත් ඒ හැඟීම් කාට පවසන්නද? කීප විටක් උත්සාහ කලේය. එහෙත් සිදුවූයේ කුමක්ද? නැවත වතාවක් ඔහුට ඔහුම නැතිවිය. සමාජ ආර්ථික පසුතලය නැවතත් ඔහුගේ සිතුවිලි අතරමං කරන ලදී. තාරුණ්‍ය නැවත සිරගත වන ලදී. ගෝන මඩින්නේ පොඩි එකා, දැන් ඔහුට නැතිවන්නට දෙයක් නැත. නව සමාජ රැල්ල ඔහුව ආදරයෙන් පිළිගන්නා ලදී. ජීවිතය ඔහුට නැවත ලැබුනි. ඒ විතරක් නොවේ සියළු දේ ඔහුට ලැබුනි. ඒ ඔහුට ලැබුනු දයාවන්තකම, සෙනෙහෙවන්තකම ලඟ පොඩි එකා ණය ගැති උනි.
ඔහුගේ ඉරණම විසෙඳන මායාව ඔහු නොදත්තේය. පාතාලයේ රජවරු නිතර ගැටෙන බව ඔහු නොදත්තේය. ඒ සියල්ල ඔහුට බලා සිටින්නටත් ඒ තුලින් ණය ගෙවන්නටත් සමාජ රැල්ලේ මුදුනා වෙන්නටත් ඔහුට සිදුවුනි. පොඩි එකා දැන් අහිංසක නැත. නමුත් ඔහුගේ හිත හයයි. ඒ ඔහු මනුෂ්‍යයකු බැවිනි. ඔහු මෙහෙයවන්නේ සමාජ රැල්ලයි. අනන්‍යතාවය ඔහුට අහිමිව ඇති බව ඔහු තේරුම් ගෙන තිබුනි. සමාජ රැල්ලෙන් මිදීමට හා ඉන් ඔබ්බට යාම ඔහුට තහනම් විය. තව ණයගෙවිය යුතු ඇත. ඒ ඔහු ජීවිතය නැවත ලැබූ පාපයටය. එහෙත් ඔහු උපන් අපරාධකාරයකු නොවේ, ජීව විද්‍යාත්මක අපරාධ සාධකයද ඔහු තුල නැත. ඔහු අපරාධකාරයකු ලෙස නිර්මානය කලේ සමාජයමයි. පොඩි එකා ජීවිතය උගස් කලේය.
ලිංගික සූරාකෑම් පාතාලය තුල වූ එක් අත්‍යවශ්‍යය කොන්දේසියකි. රජවරුන්ට අන්තඃපුර අවශ්‍ය සේම පාතාල රාජධානියේද මෙය දක්නට ලැබුන බව බමර වලල්ලෙන් දිස්වේ. අවසානයේ සියල්ලෝම සතුටින් සිටින්නක් බව නොව සියල්ලෝම විනාශ වන බව බමර වලල්ලේ පිනුම් ගහන කෙරුම්කාරයෝ දැන සිට ඇත්ද? ස්වභාව ධර්මයා සිය නීතිය අවසානයේ අතට ගනියි. ස්වභාධර්මය නැමති අධිකරණයේ ස්වාභාවික යුක්තිය විත්ති කරුවන්ට දඩුවම් කරයි. නීතියේ මූලික සිද්ධාන්තය වඩාත් තහවුරු විය. බමර වලල්ලේ පිනුම් ගහන්නට සියළු දෙනාටම නොහැකි වන්නේ ඒ හන්දාය. එබැවින් පාතාලය මර්ධනය වන්නට විය. අතුල ලියනගේ දකින්න ඇත්තේ පාතාල ලෝකයේ පැතිකඩක්ද ? නැතහොත් ස්වාභාවික නීතිය සියල්ල විසඳන බවද ? පිළිතුර ඔබට භාරයි.
මං බලලා නැහැනේ අප්පා. ආස හිතුණා බලන්න, බලපුදාට කොමෙන්ට් එකක් දානවා අනිවා.
ReplyDeleteyou tube වල තියනවා නංගෝ.....ඔයා බලන්න
Deleteෆිල්ම් එක ගැන අහලා තිබුනට බලලා නෑනේ ඉතින්.. ඒ හන්දා මුකුත්ම කියන්න නොදනිමි..
ReplyDeleteචිත්‍රපටය බැලලා නෑ බැලුවාම කියන්නම් .......හොද චිත්‍ර පටියක් කියලා අහලා නම් තිබුණා
ReplyDeleteඅනික් අය කියපු දේම තමා මටත් කියන්නතියන්නෙ ලියල තියෙන විදියටනං බලන්න ආස හිතුණ... ටොරන්ට් එකක් වත් නෑනෙ... නැත්තජං බාගෙබ බලනව
ReplyDeletehttps://www.youtube.com/watch?v=arViReH1y6E
Deleteඔය චිත්තරපටිය මං බැලුවා වගේ මතකයි.. ස්තුතියි..
ReplyDeleteමාත් චිත්‍රපටය බලලා නෑ. බලන්න වටිනවා.
ReplyDeleteෆිල්ම් එකගැන කොච්චර අහල තිබුනත් තාම බලන්න බැරිවුනා. පෝස්ට් එක කියෙව්වට පස්සෙ බලන්න දැන් තවත් ආසයි.
ReplyDeleteචිත්‍රපටිය .... බලන්න.... කියල මං ඔයාලට කියනවා..... ලංකාවේ පාතාල ලෝකය ගැන හා එය නිර්මාණය වූ ආකාරය පිළිබද යම් වැටහීමක් ඔබට ලැබෙයි...........
Deleteඅපරාධකරුවන් කියන්නෙත් මිනිසාගේ මනසේ වූ යම් වෙනස් වීමක් නිසා , නැවත නිර්මාණය වූ මිනිස් මනසක් ඇති කොට්ඨාශයක් බව අප පිළිගත යුතුයි....
එනිසයි...... වැලිකඩ බන්ධනාගාරේ තාප්පේ ලියල තියෙන්නේ 'සිරකරුවොත් මනුෂ්‍යයෝ '' කියා....'
මේ චිත්‍රපටය මම කිහිපවරක් බැලුවා. නිහිංසා......මේ මොකක්ද මේ කියන්නේ..තව ටිකක් පැහැදිලි කරලා දෙන්න.
ReplyDelete/////කලාත්මක චිත්‍ර පටියකට වඩා වාර්තාමය චිත්‍රපටියකට වැඩි ඉඩක් ඇති නිර්මානයක් ලෙස බමර වලල්ල˜ හැඳින්විය හැක. //////
කලාත්මක චිත්‍රපටියක් වගේ නිපදවූ මෙම බමර වළල්ල ....එහි වූ ලක්ෂණ තුල කලාත්මක භාවය විදෙනවා....එහි කලාත්මක බව තීරණය වන්නේ....... ගැඹුරු සිතුවිලි තුල වූ යථාර්තවාදී ලක්ෂණ නිසයි....ලංකික සිනමාවට අනුව එය එලෙස විග්‍රහ කල හැකියි.....නමුත් වාර්තාමය චිත්‍රපටියකට වඩාත් සමීප බව මගේ හැගීම වන්නේ.....අන්තර්ජාතික සිනමාව සතු වාර්තාමය ලක්‍ෂණයන්ද මෙහි ගැබ්ව ඇති නිසාය....ලාංකීය පාතාල ලෝකය , එහි බිහිවීම, ක්‍රියාකාරිත්වය , හා විනාශය සිදු වන්නේ කෙබදු ආකාරයටද යන්න, ලෝකයටම කිව හැකි පරිද්දෙන් ලෝකයේ කවර තරාතිරකම ප්‍රේක්ෂකයින්ට දැකිය හැකි පරිද්දෙන්, රසයක් විදිනවා.... වෙනුවට යම් කරුණක් ...අවබෝධ කරවීමට සමත්කමක් මේ තුල තිබෙනවා යයි ,මට හැගෙන නිසා, මෙය වාර්තාමය චිත්‍රපටියකට වැඩි ඉඩක් ඇති බව කිව හැක.....මේ බමර වළල්ල මා දුටු ආකාරය
Deleteඔබගේ අදහසට ස්තූතියි නිහංසා. මේ ඔබ කියන්නට අදහස් කරේ "බිඳෙනවා" යන වචණය යැයි මම හිතනවා.
Delete/////කලාත්මක භාවය විදෙනවා//////
සමාවන්න.....' කලාත්මක භාවය විහිදෙනවා.' යන්න නිවැරදි විය යුතුයි.....මිතුර .....
Deleteතුංකම හංදියෙන් යන එන හැම වෙලාවකම ෆිල්ම එක මතක් වෙනවා..
ReplyDeleteජය වේවා!!!
මටත් ඒ වෙලාවට මතක් වෙනවා...... මේක වැඩිපුරම බර උනේ ඒ පැත්තේ තිබුණු කල්ලි දෙකේ ඝට්ඨනයට .....අන්තිමට ඔක්කොම විනාශ උනා.
Deleteචිත්‍රපටිය බලලම ඉන්න වෙයි වගේ ඒ ගැන යමක් කියන්න.
ReplyDeleteඔබේ විස්තරයට තුති....අනිවාර්යෙන් බලන්න හිතුන....
ReplyDeleteඅපූරු විචාරය, සිනමා නිර්මාණයේ අන්තර්ගතය හොදට විග්‍රහ කරලා, ස්තුතියි ෆිල්ම් එක අයි බලන්න හිතුන.
ReplyDeleteස්තුතියි..... ඔබට. මට දැනෙන දේ ලිව්වා.... වගේම , මේ දේවල් හා සම්බන්ධ පුද්ගලයින් එක්ක පවා. මා කතා කලා.... අද වෙනකොට , ඒ කිසිවෙකුත් ජිවතුන් අතර නැ......ඔවුන්ගේ වචන චිත්‍රපටිය තුල තාමත් දෝංකාර දෙනවා.....
Delete