Saturday, June 20, 2015
සොදුර ......
සොදුර ..... නුඹ ලග නැති මට දැනෙන දුක ........
කටු අග රැදුන ....... තුඩු'ගිස්සක්
ඇනුන විටක මෙන් ........ රිදුම් දෙන
හදවතේ උණුසුම්ම තැනින් වැක්කෙරෙන
වෙඩරු මෙන් දියාරු ..... උකටලී වූ ප්‍රේමය
සිත් මඩලේ කැලතී ..... කැලතී .......
පින් බිමක් දකිනු රිසියෙන් මෙන් .....
දික් වූ බෙලි ඇතිව ....
ඇදවූ ...... මුවග'ට ..... රිසි නොවූ සිනාවන්.....
කළු වූ මුහුණු ඇතිව ...... ගිලුණු දෑස'ගින්
වැටෙන කදුළු බිඳු ..... ගිනියම්ව දැනෙන කල
නුඹම පමණි ....... මා තවම දකින්නේ......
අද ..... ? හෙට ...... ? එනු එතැයි .....
මං ...... තවමත් බලන් ඉන්නවා......
තප්පරෙන් ..... තප්පරේ ......
හිත් කොනින් එබෙන විට .....
කල්පෙකින් නොදැක්ක ..... නුඹ
එනු ඇතැයි ........
මං ආයෙත්ම සිතනවා........
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
ඉක්මණට එයි. එතකං දෙය්යනේ කියල ජිරාෆ් වගේ බෙල්ල දික් කොරන්ට නොයා හිටිං.
ReplyDeleteහිහි
ජයවේවා
දික් කොරලම ....... බෙල්ලත් උළුක් වෙලා මහේෂ්.....
Deleteඅහල තියෙනවද "සොඳුර නුඹ ලිහිනියක" සින්දුව
ReplyDeleteඔව්...... ඉවාන් ...... ඔක්කොම සොදුරලා ඒකයි වගේ ....
Deleteඒ සින්දුව නම් ලස්සනයි.... මගේ ලියවිල්ලට වඩා ...
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
Deleteමමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින
අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
EHEMA WEDANAWAKNAM IWASANNA HAKIWEWI
ReplyDeleteSAMAHARA WITA WAW....
DeleteThis comment has been removed by the author.
Deleteලස්සනයි :). ආයෙත් එයි. පොඩ්ඩක් බලන් ඉන්න.
ReplyDeleteනිහිංසා කාලෙකින් දැක්කෙ.
ජය වේවා!!!
එයි කියල දන්නවා.... ඒත්... එන්න තමයි පරක්කු .....
Deleteඅධික වැඩ හා lap එක මාසයක් නැතිව හිටියින් එන්න බැරි උනේ .... දැන් හරි මනා..... මං ආයෙත් ආවා....
අනිවා එයා ආයෙත් ඒවි
ReplyDeleteලස්සන වදන් ටික
ජයවේ නිහිංසා!
එයා එන්නම ඕන... වර්ණ .... ස්තුතියි....
Deleteසොඳුර මේ අප පැතුම්.. සුපිපෙනා..
ReplyDeleteහිතමිතුරු වූ..
වසත් කාලයයි..
බලාපොරොත්තුවෙන් ඉමු..
(හැඟීම් අකුරු කිරීමෙන් ඒවා තීව්‍ර වෙනවා.. ලස්සනයි.)
එයා මේවා බලන්නේ නැ..... ඒත් ... මං කොහේ හරි කුරුටු ගානවා.
Deleteකලණ......
හැගීම්..... අතිශයින්ම තිව්රයි...... ලියවෙන තරමට
හ්ම්......................අවුරුදු 34 ක් හිරේ ඉඳලත්, මටත් ඔය ලෙඩේ තියනවා. කොහේ හරි ගියොත් එක දවසකටවත්, ගෙදර ඉන්න එක මරනවා වගේ. බැරිම වෙලාවට බාගයක් ගහලා බුදියගන්නවා. ඇවිත් මම බීලා ඉන්නවා දැකලා අඬනකම්.
ReplyDeleteඋඹ ලියන්නේ ගූගල් ඉන්පුට් ටූල්ස් වලින්ද? සමහර වචන හරියට ලියවෙලා නැහැ. මම මෙතන පෙන්නනවා වචන කීපයක්, ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් ලියන හැටි.
sondura = සොඳුර, langa = ළඟ , wendaru = වෙඬරු,
ඒක තමා විචාරක තුමෝ...... දෙන්නට දෙන්න නැතිව බෑ කියන්නේ ඕකට තමා. .... මේ සංසර බැදීම් වල හැටි වෙන්නෑ .....
ReplyDeleteඔබතුමා හරි මන්ලියන්නේ ගුගල් ඉන්පුට් ටුල් වල තමා. වචනේ දැන දැනත් , ලියන්නේ ඔහොම තමා , මතක් උනාම හරි ගස්සනවා. තියන කම්මැලි කමනේ මාගේ .... අනේ දම වෙන්න
බලාගෙන ඉන්න කවදාහරි එවි අනිවාර්යෙන්ම.
ReplyDeleteමාත් එහෙම හිතනවා....
Deleteසොදුර කිනිස්සක් අරන් එනතුරු හිටිං..
ReplyDeleteඑහෙම වෙන්නත් බැරි නෑ..... එනකොට වෙනස් වෙලා තිබ්බොත් හෙම....
Delete