ඔබ සිහිනයක් .....
සයිබර් අවකාශේ පාවෙලා ආව ....
සැහැල්ලු උවමක් වගේ ......
නොනිත්..... ඇල්මක ..... උඩ බලන් ඉන්දවපු...
නුලකින් ගැට ගහපු ...... රතු පාට බැලුමක් වගේ.....
කොයි වෙලේ ඉගිලිලා යාද ..... නොදනිත්....
සුන්දර ඉසව් සොයනු රිසියෙන්.......

සයිබර් ප්‍රේමය....... මං දැකපු හීනය ....
තිරයට එහා ගිය... හීනියට පෙරුම් පුරපු
පාට පාට ....සබන් බෝල උඩ ඇරල
සතුටුව හිත හදා ගත්.... උන්මන්ත ප්‍රේමය
ඔබ තවමත් හීනයක්.........
අදහන්න බැරි හීනයක්.........
සයිබර් ඉමේ එහාට මෙහාට පාවුනු හීනයක්....
එන්නෙත් නැති..... යන්නෙත් නැති.....
ආපසු ගොසින් එන්නත් බැරි......
ආවත් ... ලං වෙන්නත් බැරි.....
නාවත්.....දුකකුත් නැති.....
මගේ ..... හීනය .... ඔබම පමණි.....
ඒ ඔබම පමණි.......

"එන්නෙත් නැති..... යන්නෙත් නැති.....
ReplyDeleteආපසු ගොසින් එන්නත් බැරි......
ආවත් ... ලං වෙන්නත් බැරි..... නාවත්.....දුකකුත් නැති....."
සිරා කතාව...
මේකට කොමද සීරාව ගැවුනේ
Deleteබලන්න ඇත්තේ සිරා කෝණයකින් වෙන්න ඇති. ......රුපෙට අනුව.......
Deleteමැලේ ...... ඔයාගේ සීරාව පැහැදිලි මදි.
අර රූපය කියල තියෙන කතාවත් මරු හැබැයි...
ReplyDeleteහික්ස් නියම කවිය කවියක් නං මං කීවෙ
තේරුනේ නැ මහේෂ්....
Deleteසයිබර් පෙම ගැන බැඳුනු විරහ ගීය
ReplyDeleteඉස්සර වාගේ එවන්න ලිපියක් අන්තර්ජාලිත රැහැන් දිගේ
ඉස්සර වාගේ කරන්න දෙඩුමක් එම් එස් එන් සේවයෙන් අගේ
ඉස්සර වාගේ ගයන්න ගීයක් සිත ගත හද මත් කරන මගේ
ඉස්සර වාගේ ලබන්න සතුටක් අද මට කල පින් මදියි වගේ
එදා වගේමත් පේරාදෙණියේ හඳ පායනවද කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ රැළි පෙරලෙනවද පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ මල් පෙති විසිරෙනවද සුළඟින්
එදා වගේමත් මා සියුමැළියේ මා ගැන සිහිවෙනවද සුසුමින්
පරිඝණකයෙ විද්‍යුත් ලිපි ගොණුවට වෛරස් ආසාදනයක් දෝ
දුරකථනයෙ පිරිවැය සීමා බිඳ අන්තර්ජාලය ගොළුවුනි දෝ
විශ්ව ගමේ නිතරම දුටු සැවුළිඳු කරමළ සුදු පැහැ ගැන්වුනි දෝ
අන්තර්ජාලේ සයිබර් පෙම්දම අන්තර්ජාලෙ ම මියගියෙ දෝ
;-)
නියම උත්තරය මට ඔයාගෙන් ලැබුන...... සයිබර් පෙම ගැන , රසික අයියේ....
ReplyDeleteඔබ හීනයක් වගේ
ReplyDeleteඔව්..... හීනයක්....
Deleteසයිබර් හීනය
ReplyDeleteහිතන්න දෙයක් තියෙනවා...
ජය!
සයිබර් ලෝකයේ සැරිසරන විට ලැබෙන අත්දැකීම් මේ....
Deleteසයිබරේ ප්‍රේමය. ඒකත් මරු නේ :D.
ReplyDelete