ඔබ සිහිනයක් .....
සයිබර් අවකාශේ පාවෙලා ආව ....
සැහැල්ලු උවමක් වගේ ......
නොනිත්..... ඇල්මක ..... උඩ බලන් ඉන්දවපු...
නුලකින් ගැට ගහපු ...... රතු පාට බැලුමක් වගේ.....
කොයි වෙලේ ඉගිලිලා යාද ..... නොදනිත්....
සුන්දර ඉසව් සොයනු රිසියෙන්.......

සයිබර් ප්‍රේමය....... මං දැකපු හීනය ....
තිරයට එහා ගිය... හීනියට පෙරුම් පුරපු
පාට පාට ....සබන් බෝල උඩ ඇරල
සතුටුව හිත හදා ගත්.... උන්මන්ත ප්‍රේමය
ඔබ තවමත් හීනයක්.........
අදහන්න බැරි හීනයක්.........
සයිබර් ඉමේ එහාට මෙහාට පාවුනු හීනයක්....
එන්නෙත් නැති..... යන්නෙත් නැති.....
ආපසු ගොසින් එන්නත් බැරි......
ආවත් ... ලං වෙන්නත් බැරි.....
නාවත්.....දුකකුත් නැති.....
මගේ ..... හීනය .... ඔබම පමණි.....
ඒ ඔබම පමණි.......
සොදුර ..... නුඹ ලග නැති මට දැනෙන දුක ........
කටු අග රැදුන ....... තුඩු'ගිස්සක්
ඇනුන විටක මෙන් ........ රිදුම් දෙන
හදවතේ උණුසුම්ම තැනින් වැක්කෙරෙන
වෙඩරු මෙන් දියාරු ..... උකටලී වූ ප්‍රේමය
සිත් මඩලේ කැලතී ..... කැලතී .......
පින් බිමක් දකිනු රිසියෙන් මෙන් .....
දික් වූ බෙලි ඇතිව ....
ඇදවූ ...... මුවග'ට ..... රිසි නොවූ සිනාවන්.....
කළු වූ මුහුණු ඇතිව ...... ගිලුණු දෑස'ගින්
වැටෙන කදුළු බිඳු ..... ගිනියම්ව දැනෙන කල
නුඹම පමණි ....... මා තවම දකින්නේ......
අද ..... ? හෙට ...... ? එනු එතැයි .....
මං ...... තවමත් බලන් ඉන්නවා......
තප්පරෙන් ..... තප්පරේ ......
හිත් කොනින් එබෙන විට .....
කල්පෙකින් නොදැක්ක ..... නුඹ
එනු ඇතැයි ........
මං ආයෙත්ම සිතනවා........