පැරා ඔලිම්පික් ධාවන ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් , මෙයට වසර දෙකකට උඩදී, අත්වැරදීමකින් තම පෙම්වතියට , පෙම්වතුන්ගේ දිනයේදී වෙඩි තබා මරා දමා ඇත. සිද්දිය සිදුවුයේ දකුණු අප්‍රිකාවේ සිල්වටු ප්‍රාන්තයේ , වික්ටෝරියා නගරයේ තම අධි සුඛෝපභෝගී නිවසේදීයි.
තම පෙම්වතා පුදුම කිරීමට , ඇය පෙම්වතුන්ගේ දිනයේ උදේ පාන්දරම , අනවසරයෙන් ඔස්කාගේ නිවසට ඇතුළු වී ඇත. හදිසියේ කලබල වූ ඔස්කා , වහා ක්‍රියාත්මක වී , පිට පිට වෙඩි ප්‍රහාර හතරක් තැබීමෙන්, ඇය එතනම මිය යන ලදී. පසුව , එසේ පැමිණ ඇත්තේ ,තම පෙම්වතිය බව හදුනා ගැනීමෙන් පසු ඔහු දැඩි ලෙස කම්පාවට පත්විය.
අප තවකෙකු පුදුම කරන්නට කරන ලද යම් යම් ක්‍රියාකාරකම් වල අවදානමක් පවතින බව සිතිය යුතුය. එවැනි යමක් කරන්නට පෙර පවතින තත්වය සැලකිල්ලට ගත යුතුය. සිදුවන අත්වැරදීම් කවදාවත් නිවැරදි කල නොහැක. පුදුමයන් පසුපස සැමවිටම අවදානමක් ඇත.
ඉහත සිද්දිය දෙස බැලීමේදී තේරුම් යන්නේ , හැගීම්බර වූ අවස්ථාවන් , අප බොහෝ විට දුකට පත් කරන්නට හේතුවක් වන බවය. ආදරය සමරන්න හා වැඩි ආදරයක් ලබන්න කැමති වූ ඇයට, වන්දි ගෙවන්න සිදුවුයේ ජීවිතය පිදිමෙනි.
නොසිතු ලෙස තම පෙම්වතිය , තමන් අතින් මරා දමන්න තරම් ඔහුගේ ඉරණම සකස් වුයේ , ආදරය නොහදුනන අයකු නිසා නොව, අදෘශ්‍යමානව , සියල්ල විනාශ කිරීමට ඔහු පෙළඹු හේතුවක් උදා වූ නිසාවෙනි . සියතින් සිය ආදරය විනාශ කර දැමීමට ඔහුට සිදු විය. .... ඔහු බොහෝ සෙයින් වැලපින. ඒත් සිදු වූ සියල්ල සිදු වී අවසානය. ඇය මිය ගොසින්ය.
වසර දෙකකට අසන්න කාලයක් දකුණු අප්‍රිකානු උසාවියක. මේ මිනීමැරුම් නඩුව විභාග විය. සාක්කි සියල්ල ගැඹුරින් සලකා බැලින. අවසන , තීන්දු වුයේ මෙය සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඇසින් දුටු සාක්ෂි කිසිත් නැත , ඝාතන සැලැස්මක් තිබු බවට කරුණු අනාවරණය වුයේද නැත.
එහෙත් දකුණු අප්‍රිකානු මාද්‍ය මගින් මෙම නඩුව සදහා දැඩි බලපෑම් එල්ල කල බව විනිසුරුවරයා පවසන ලදී . ඔස්කා ප්‍රසිද්ධ පුද්ගලයකු බැවින්, මේ නඩුව වඩාත් තිවර හා ප්‍රසිද්ධ එකක් බවට පත්විය. ඔහුට දඩුවම් දෙන්නයි මාද්‍ය පුන පුනා පැවසුවද..... නිතිය සියල්ල විසදුවේය.
එහෙත් ඔහු සදාකල්හිම එම අත්වැරැද්ද සදහා වේදනා විදි , හදවත ඇයට අත් වූ ඉරණම සාධාරණිය කරන්නේ නැත. ඔහු පාද අහිමි වූ අබාධියෙකි. සිය ජීවිතය විර්යෙන් ජය ගත්තද , ස්වභාව ධර්මය ඔහුට නැවතත් අකාරුණික විය. හෙට දින ඔහුගේ ඉරණම කෙබදු වේද යන්නත්.... මේ ප්‍රබල වූ මාද්‍ය හරහා දැන ගැනීමට , අප පෙළ ගැසී සිටින්නෙමු ......
පසු සටහන
මෙය ඔස්කා පිස්ටෝරියස්ගේ නඩු තීන්දුවට පෙර දින ගොනු කරනු ලැබූ සටහනක් බව සලකන්න. ඒ වන විට සම්පුර්ණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර නැත. විනිසුරුවරයාගේ පැහැදිලි කිරීම් වලට අනුව, හා මාගේ මතයට අනුව ලියන ලදී.
අද වන විට සම්පුර්ණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔහු වරදකරු වූ චෝදනා වලට පමණක් දඩුවම් නියම කර ඇත. තව දුරටත් ඔහු නිවැරදිභාවය ලබා ගැනීම සදහා ඇපැලක් යොමු කර ඇත.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)