Tuesday, March 29, 2016


රුධිර බිඳුවකින්  ඉපැදුනු   ආදරය 
මහා මෙරක් තරමට අකුරු වූ ආදරය
හිරු දැවී   ගිනි  බිදී හද දැවුණු ආදරය .
සඳ සිසිල උතුර වූ නුඹ මගේ ආදරය 

Thursday, March 3, 2016

බන්ධනාගාරය තුල මාද්‍ය භාවිතය



බන්ධනාගාරය තුල මාද්‍ය භාවිතා වනවා කිව්වම ඔබ පුදුම වෙන්න ඇති නේද ...? ඔබ නොදන්නවාට මාද්‍ය භාවිතය බොහොම හොදින් තියන තැනක් බන්ධනාගාරය කියන්නේ . 

එක් වරම සිහියට එන්නේ ඔබට ජංගම දුරකථන භාවිතය නේද ...? එය නීති විරෝධී පරිහරණයක්. එසේ නොවන මාද්‍ය භාවිතය කුමක් නම් වේද ...? ලිපි ලිවිම ....? මෙයත් සිමා සහිත අවසරයක් තියන කටයුත්තක්.   ලිපි ලැබීම හා යැවීම ....පරීක්ෂාවක් මතයි සිදු කරන්නේ  

බන්ධනාගාරය තුල ලබා දෙන සැම පහසුකමකටම සිමා තියෙනවා කියල ඔබ දන්නවද ....? ඔව්.... සමහර පහසුකම් තීරණය වෙන්නේ .... වරදකරුගේ ක්‍රියා කලාපය මත. මේවා වරප්‍රසාද ..... ඔහු ලබන 

අතීතයේ සිටම බන්ධනාගාර තුල .... මේ ක්‍රම තිබුනා , 


පොත්පත් හා පත්තර කියවීම තවත් ප්‍රබල මාද්‍ය භාවිතයක් ....  බන්ධනාගාර සුභසාධන අංශය  මගින් මේ කටයුත්ත පාලනය කෙරුනා .

බන්ධනාගාර තුල පුස්තකාල තියනවා කියල ඔබ දන්නවද ...? කියවීමේ ශාලා නැතත් , සිර කුටිය තුලට රැගෙන ගොස් බැලීමේ හැකියාව , පොත් කියවන්න කැමති ඕනෑම රැදවියකුට තියනවා. 

මට කියන්න ඕන උනේ ......  බන්ධනාගාරය තුල තුල සිදුවන පොත්පත් පරිශිලනයයි. 
හිරකාරයින්ට මොන පොත්ද කියල ඔබට සිතෙන්න පුළුවන්.....


සිරකරුවන් යනු ... සියුම් බුද්ධි මහිමයක් ඇති පුද්ගලයින් බව ඔබ දන්නවද ...? මට නම් ඔවුන් විශේෂයි. 

Add caption


සිරකරුවන්ගේ දක්ෂතා මා කොතෙකුත් දැක තිබෙනවා. මේ ශක්තිය සදහා මං හිතන්නේ ... ඔවුන්ගේ උගත්කම, සමාජ වටපිටාව, ලබා ඇති වෙනත් පුහුණු (අනියම් හෝ නියම් ) හෝ පෙර ආත්ම වලදී ලබා ඇති හැකියාවන් මේ සදහා බලපාන්න ඇත කියායි. 

යම් හැකියාවක් ඇති සිරකරුවකු ගොඩ නැංවීමට අපට බොහෝ දේ කල හැකියි. එයින් එක කටයුත්තක් තමයි ..... පොත්පත් පරිශීලනයට ඔහුව යොමු කිරීම . 

බන්ධනාගාරය තුල පුස්තකාල වල තියන පොත් හෝ පිටතින් ගෙන්වගෙන දියහැකි පොත් හෝ සිරකරුවන්ට පරිශීලනයට දිය හැකි නම් ඔවුන් යම් තරමකට වෙනස් කිරීමට හැකියාවක් ඇති බව මා දනී. 

බන්ධනාගාර පුස්තකාල වලට පොත් ලැබෙන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් , රාජ්‍ය නොවන සංවිධාන මගින් හෝ යම් ප්‍රමාණයක් රජය මගිනි . 


පෙරදී නම් මොනවා හෝ පොතක් ලැබුණි. එහෙත් මේ වන විට වැදගත් යයි හැගෙන අද්යාත්මික සංවර්ධනයක් ලැබිය හැකි පොත් හා ධනාත්මක චින්තනය ලබා දිය හැකි වර්ගයේ පොත් වැඩිමනක් ලබා දී ඇත. මෙයට අමතරව තාරුණ්‍යයේ ... සිරකරුවන් හට කියවිය හැකි ආදර කතා ආදියද බන්ධනාගාරය තුල බහුලව භාවිතා වේ ...

අද්යාත්මික සංවර්ධනය සදහා නොයෙක් ආගම් පොත්ද .... කුරානය , බයිබලය ඇතුළු.... බුද්ධාගම් පොත්ද .... භික්ෂුන් වහන්සේලා විසින් රචිත , ඒ වගේම , දයා රෝහණ ගේ ධනාත්මක සංකල්ප ඇතුලත් පොත්ද ...... තාරුණ්‍යයේ  ගත්කරු යයි හදුන්වන .... සුජීව ප්‍රසන්නආරච්චි , චන්දී කොඩිකාරගේ පොත්ද ..... බන්ධනාගාරය තුල ජනප්‍රිය වේ. 

මෙයට අමතරව පෞද්ගලිකව ලග තබා ගෙන ඇති බෝධි පුජා පොත්, බයිබලය , වෙනත් වන්දනා පොත් ... බහුලව පරිහරණය කරන බවක් පෙනේ. 

තවද .... හැගීම් අවුස්සන සුළු ... කාම රචනා අඩංගු පොත් කියවීම, බැලීම බන්ධනාගාරය තුල තහනම් වුවද .... කෙසේ හෝ ඒවා ද පරිශීලනය වන බව ... යම් යම් අවස්ථා වල වාට්ටු පර්ක්ෂාවේදී හෙළිවී ඇත. මේවා අමුත්තන් බැලීමේ අවස්ථාවේදී කෙසේ හෝ හොරෙන් ගත් බවක් තමයි දැන  ගන්න ලැබුනේ. 

ඉහත කාරනා සියල්ල ගෙන බැලීමේදී පෙනී යන්නේ සිරකරුවන් මාද්‍ය භාවිතයට ඉතා කැමැත්තක් දක්වන බවයි... එසේ නම් පොත්පත් පරිශීලනය සදහා වැඩි ඉඩක් හා අවස්ථා ලබා දෙන්නේ නම් ...සිරකරුවා සැබවින්ම වෙනස් කල හැක. 

රජය හා අනෙකුත් සමාජ සුභ සාධක  ආයතන මේ සදහා මැදිහත් විය යුතුය . ඒ සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කල යුතුය . 


  1. .ලබා දිය යුත්තේ කුමන පොත්ද ....?
  2. ලබා දියයුතු ආදර්ශමත් චරිතාපදන මොනවද ...?
  3. අන්තර්ජාතික අත්දැකීම් ලැබිය හැක්කේ කෙසේද ...?
  4. රස වින්දන හා සාහිත්‍ය රසාස්වාදය ලබා ගත්ත හැක්කේ කුමන පොත් වලින්ද ...?                    
 යන්න වර්ග කරගෙන ලබා ගත හැකි පොත් සංඛ්‍යාව වැඩි කර ගත යුතුය. 

බන්ධනාගාරය තුල පොත්පත් පරිශීලනය කරමින් .... පොත් ලියු කතුවරයෝද සිටියහ . තවමත් ... මා දන්නා තරමින් එක් ඇමතිවරයෙක් පොත් ගණනාවක් ලියන්න ..... කාලය ලබා ගත්තේ සිය .... සිර දඩුවම් විදි කාලයෙනි.

තවත් එක්තරා ප්‍රසිද්ධ නඩුවක චුදිතයෙක් කේන්දර බලන්න ඉගන ගත්තේ .... බන්ධනාගාරය තුලට ගෙන්වා ගත් සාත්තර පොත්, ජෝතිෂය පොත් හා යන්ත්‍ර මන්ත්‍ර කිරීමේ මුලාශ්‍ර වලිනි. මේ වන විට   ඔහුගේ  ජීවනෝපාය කේන්ද්‍ර බැලීම හා යන්ත්‍ර දැමීමයි. 

සිරකරුවත් මනුෂ්‍යයෙකි කියන සංකල්පය වඩාත් කුළු ගැන්වීමට නම්, මෙවැනි විකල්ප ක්‍රම භාවිත කිරීම සුදුසු යයි මට හැගේ. සිරකරුවා සමාජගත වීමේදී ....  පොත්පත් භාවිතය ඔහුගේ ඉදිරි ගමන සකස් කිරීමට පිටුවහලක් වන බව මේ අනුව පෙනේ. 

දියුණු රට වල පවා , පොත්පත් පරිශීලනය සිරකරුවාට අනිවාර්ය කර ඇත්තේ ... සිරකරු මනස පුනුරුත්තාපනය කල හැකි ප්‍රබල මාධ්‍යක් වන බැවිනි. 

Friday, February 26, 2016

මාලෝ ..... මාළු ... මාලෝ .....


සුනිල් සුපුරුදු පරිදි ......... මුස්ලිම් විදිය හරහා සිය මාළු බයිසිකලය පැදගෙන ආවේය .  බයිසිකලය නතර කරනවාත් සමග පිටුපසින් ලුහුබැද ආ ට්‍රැෆික් බයිසිකලය ඉදිරියෙන් හරස් කර නතර කරවුයේ මහා මෙහෙයුමක් කරන විලාසෙනි. 
ඇස් කරකවල බලපුවම ... බොඳ මිදුම් අතරින් දුටුවේ, පොලිස් ඇදුමින් සැරසුණු මහත්තුරු දෙන්නෙක් ...

මාළු ගන්න ආවද මන්දා .....

අරිනවා පෙට්ටිය .... හ්ම්.... ඉක්මනට ....

බුදු අම්මෝ ....
මේ මාළු ගන්න නම් නෙමේ, මේ උන්දලා ....ඇවිල්ල ඉන්නේ  .... 

හ්ම්..... අරිනවා ඉකමනට ...
මේ මොනවද ..... ගන්නවා එලියට ....

අනේ බුදු මහත්තයෝ ..... ඇගේ අමාරුවට ගෙදර ගිහින් බොන්න ගත්ත අරක්කු කාල ඔය .....

බොරු කියන්න එපා මනුස්සයෝ .... තමුන් අරක්කු විකුනනවා නේද ....? 
අනේ බුදු මහත්තයෝ ..... මං විකුනන්නේ මාළු විතරයි ..... මේ බලන්න ඉතුරු කුරියෝ  .....
තෝර පැටියෙක් හා ලින්නෝ දෙතුන් දෙනෙක් ... පෙට්ටිය අතරින් එබිකම් පාන්නට විය. 
සර්ධා ... හෝටලයේ මුදලාලි එලියට පැන්නේ .... මේ පොලිස් ගෝරනාඩුව ඇහුනු හන්දා  ....

අනේ මහත්තයෝ ..... මේ අපිට  මාළු දෙන මනුස්සයා .... 

මං අරක්කු ටිකක් බිව්ව තමයි මහත්තයෝ .... අරක්කු  විකුනන්නේ නෑ.... බුදුම්පල්ල .....

කිව්වා .... කිව්ව ...... අහන්නේ නෑ..... 

එනවා ...... 
ගන්නවා බයිසිකලය පොලිසියට ... හ්ම් ..... පදිනවා දැන් .... 
හ්ම් ..... ඉක්මන් කරනවා .... 

මං කාට කියන්නද දෙයියෝ ...... මං  අරක්කු විකුනන්නේ නෑ කියල .....
බයිසිකලය පොලිසිය මිදුලේ තිබුන ගහට හේත්තු කරලා .... මං පඩි දෙකතුනයි නැග්ගේ ......
ඇදගෙන ගියේ ..... මගේ කමිස කරෙන් අල්ලගෙන ...

 යනවා ඇතුලට කියල .... මාව තල්ලු කරලා දැම්මේ .... මං ..... මහා මැරයෙක් ගානට දාලා ........ අනේ අහිංසක මට .... වෙච්ච දේ ... ඉතුරු මාළු ටිකත් අරන් ගෙදර එනකන් උන්දැ අරහේ බලං ඉන්නවා .... බත ලිපේ තියා ගන්න බැරුව ..... පොඩි උන් ඉස්කෝලේ ගිහින් ආපුවම කන්නේ මොනවයි දැන් ......
අර මාළු ටික අරහේ කුණු වෙනව  .... මට කියට යන්න දෙයිද දන්නේ නෑ.  ..... බඩගිනිත් එක්ක ... තාම උදේට කෑවෙත් නෑ.....
 දැන් පැය කියක් ගියාද .....
 අනේ මහත්තයෝ .... මට වතුර තිබහයි .... වතුර ටිකක් දෙන්න ...... තොල කට වේලිලා .....
මාව මොකට .....  මේ කුඩුවේ දැම්මද මන්දා ......

මෙතන ඉන්න බෑ හුජ්ජා ගදයි.....  මොකා චු දාලද  දන්නේ නැ. 
දැන් කිය උනාද මට කන්නත් නෑ.... බොන්නත්  නැ...... බඩගින්නේ ඉන්න බැරියෝ .....

මුන්ට ඇහෙනනවද මන්දා .... මං කියන දේවල් ...... අම්මපා .....

කළුවර වැටීගෙන එනකොට ..... ආයෙත් මාව කුඩුවෙන් එලියට ගත්තා .... මොන මොනවදෝ ..... පොත් වල කුරුටු ගෑවා .... 

අත්සන් කරපිය මෙතන ......

මං අකුරු දන්නේ නෑ මහත්තයෝ .....

උඹ .... වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද ...? 

ගියා මහත්තයෝ .... දෙකටද කොහෙද ...? ඒත් අකුරු බෑ මට .....

ආ ..... ඇගිල්ල තියපිය මෙතන ..... හ්ම්.....

දම්පාට පෙට්ටියකින් ගත්තු , සායම් ටිකක් මගේ ඇගිල්ලේ උලලා . අර ලියපු කොලේ උඩින් තියල තද කරා .... මට තරු විසි උනා. 

හ්ම් .... නැගපන් ජීප් එකට තව ගමනක් යන්න තියනවා උඹත් එක්ක ....

ජීප් එකේ තව කොල්ලෝ දෙන්නෙකුත් හිටියා ..... කොට කලිසන් ඇදපු ... උන් දෙන්න දැකල පුරුදුයි මට ..... හරියට නිච්චියක් නෑ. 

බැහැපල්ලා .... බැහැපල්ලා .... 
හිටගනින් පේලියට ........

කාගේදෝ ගෙදරකට අර උස පොලිස්කාරය ... ගිහින් , .... එක පාරටම අඩියක් පොලවේ ගැහුවේ  නැතා .....  
මාව ගැස්සිලා ගියා සද්දෙට 

මරක්කලගේ සොමිපාල ........ 

පස්සෙන් හිටිය පොලිස්කාරය මාව තල්ලු කලා  ගේ අස්සට ..... වැටෙන්න ගිහින් අනු නවයෙන් මං බේරුනේ .... 

ඔලුව පහතට කරගෙන මොනවදෝ ලියනවා කළු කෝට්  ඇදගත්ත මහත්තයෙක් . 
රජයේ අනුමත අරක්කු මුදලට විකිණීම  ..... තමුන් වැරදිකරුද ..... නිවැරදිකරුද ......? කියනවා බලන්න 

මහත්තයෝ .... ඒ ....... මං  බොන්න ගත්ත අරක්කු කාල ... බුදුම්පා..... 

පෙර වැරදි තියනවද ....?
නැත ස්වාමිනි .....

රුපියල් දෙදාහක් දඩ ......

රුපියල් දෙදාහක්  ....? කොයින්ද මට ..... මාළු විකුණලා ගත්තෙත් රුපියල් අටසීයයි ..... ඒකත් මාව කුඩුවට තල්ලු කරද්දී අර උන්දා ගත්තා . 

ආයෙත් අර කොල්ලෝ දෙන්නත් එක්ක මාව ජීප් එකේ දා ගත්තා .... ගියා එක පිම්මට .... හිර ගෙදර මහ ගේට්ටුවෙන් ඇතුලට ....

මාව හිරේ  දාන්නයි හදන්නේ .......  සල්ලි නෑ කියල ..... අනේ මගේ දරු පවුල උන් බඩගින්නේ ....

ගලවනවා .... ඇදන් ආපු සුට් එක ..... ඇද ගන්නවා මේක  ..... හ්ම් ....

සිර දඩුවම .... මාසයයි .....

L- 3542  - මරක්කලගේ සොමිපාල 

මාළු විකුනන්න ගියපු මට නොම්මරයක් හම්බ උනේ ඔහොමයි .....



දවස් 23 කට විතර පස්සේ මං ගෙදර ආවා ..... බයිසිකලේ නම් පොලිසියේ ගැරේජ් එකේ තිබිල මං අරන් අවා..... ඒත් ....  මාළු කපන පිහි දෙක ..... ඒකට වෙච්ච දෙයක් නෑ.....

මං කොහොමද ආයෙත් රස්සාව කරන්නේ ....?