ජීවිතය විදින්න හැකිනම් සුන්දරව ....
එත් ... විදිනව කියා
විදවන්න නම් බැ මට ....
ඔබ .... මේ දෙකෙන්
කෝකද ..... තෝර ගන්න
කියන්න මට .....
කෝක තෝර ගත්තත් ....
ඔබ හෝ මම ....
පරාද වනබව නම් ඇත්තයි .....
ඔබ ජීවිතය විදිනකොට .....
මට විදවන්න වෙනවා ....
මම ජීවිතය විදිනකොට .....
ඔබට විදවන්න වෙනවා ..
ඒකත් එහෙමද...
ReplyDeleteදෙකෙන් එකක් වත් තෝරගන්නෙ නැතිව ඉන්ට කියන්න
මේ දෙකෙන් එකකට අපි ඉබේම වැටෙනවා මහේෂ්......
Deleteඒක නං හිතන්න ඕන කතාවක්
Deleteස්වාධීනත්වය තුළ බැඳීම් නැති කල මේ දේවල් සුන්දරව සිදුවනවා. ප්‍රායෝගික තලයේ ( යුග දිවිය තුළ) මෙය වෙනස්වන්න හැකිියි. එය ඉටු කරගැන්ම තම වගකිමයි.
ReplyDeleteඔව්.... නලින් ඔයාගේ මතය සමග මා එකගයි.....ආදර හුවමාරුව සුන්දරව සිදු වෙනවා නම්, කාටවත්ම විදවන්න වෙන්නේ නැ. ඒත්...... බැදීම් නැ කියන්නේ. ..... අසම්මතයද මන්දා.....
Deleteයුග දිවිය තුල මේ විදවීම වැඩියි...... විදිනවට වඩා.....
උගතෝකොටික පුරශ්නයක් නොවෑ ,මොකුත් නොකියා යන එක හොදයි ...
ReplyDeleteපද ටික ලස්සනයි ගලපලා තියෙන විදිය
ඔන්න සහෝ..... හිතට එකගව ප්රශ්නය මගහැරියා....... නේ.....උත්තර නැනේ......
Deleteවිදීම සහ විදවීම.........
ReplyDeleteඔබේ විදවීම බලා
විදිය හැක්කක් නොමැති සද
විදවීම ම මා
සැමදා විදිමි...
//විදවීම ම මා// පද ෙබදුම වහර නියමයි. ඒ්ත් මම නැතිව මා කියා අවසන විදිමි කියන තැන අවුල් අදසහ සුපිරි.
Deleteසුසී......
Deleteඒ කියන්නේ ඔබ දිහා බලා විදවිමත් සතුටක් කියලද කියන්නේ....
ඔව්..... නලින් මං හිතන්නේ එතැන එක 'ම ' යන්නක් වැඩි වෙලා.....
අදහස ලස්සනයි, ...... ඒක එච්චර දැනෙන්නේ නැ නලින්, හොදටම වචන අර්ථ ගත්තොත් තමා වැරැද්ද අහු වෙන්නේ.
ඔව්.. ඒ විදවීම විදින්න පුලුවන්..
Deleteඅමාරු වැඩක් උනත් කැපකිරීමක උපරිමය එතන තියෙනවා...
නලීන්.... ස්තුති අඩුපාඩුව පෙන්නුවට...
ඔය දෙපාර්ශවය හරියට තේරුම් ගන්න පුළුවන්නම් අනෙකාගේ විදීම තමන්ගේ විදීම කරගන්නත් පුලුවන් වෙයි පහසුවෙන් ම...............
ReplyDeleteඇත්තෙන්ම ඔව්..... ඒක තමා හොදම සහ එකම උත්තරය.......
Deleteසාර්ථක යුග ජීවිතයක පදනම මෙතන තමයි තියෙන්නේ. .... ඒත් සමහරු මේ තීරණයට විරුද්ධ වෙයි...... මොකද කැප කිරීම් කරන්න බැරි නම් . මේ උත්තරයට එකග නැ.....
සපුරා ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක්නෙ. අනිවාරෙන්ම එක්කෙනෙක්ට කැපකිරීමක් කරන්නම වෙනවා.
ReplyDeleteසත්තකින්ම ඔව්.... මනෝෂ්.... කැප කිරීම අවශ්‍යයි......
Deleteසාමදානව වෙන්වෙමු..
ReplyDeleteජය වේවා!!
වෙන් වෙනවට වඩා බලන්න ඕන එකතු වෙන්නේ කොහොමද කියල විදානේ..... කොහොම හරි ජිවිතේ ගැට ගහ ගන්නත් එපැයි....... නේ.....
Deleteහ්ම්ම් විදින්නද… විදවන්නද… හිතා ගන්න අමාරුයි.
ReplyDeleteපද ටික නම් ලස්සනයි.
මේ දෙකම ජීවිතය තුල තියෙන්නත් පුළුවන් ප්‍රියා......
Deleteඔය කොහොම කිව්වත් දෙදෙනාම සමව විඳින ජීවිතයක් ලැබෙන්නේ නැහැ. විඳවීම් දෙදෙනාටම ලැබෙනවා. පරිත්‍යාගය වැඩිවූ තරමට විඳවීම් අඩු වෙනවා.
ReplyDeleteවිඳවීම කියන වචනය ටයිප් කරන හැටි මම කිව්වා අමතකද? windaweema තව අමාරු වචන තියනවනම් කියන්න.
ඔව්.... විචාරකතුමනි...... පරිත්‍යාගය මත තමයි ජිවිතයේ විදවීම හා විදීම තියෙන්නේ ...
Deleteඅනේ...... කොහොම type කලත් අමතක වෙලා , ලියවෙනවා. පරණ පුරුද්දට ..... මොකද කරන්නේ විචාරක තුමනි එකට.
තව අහගන්න වචන තියනවා mail එකක් එවන්නද.....?
හ්ම්ම්...ඔව් නේද....නිහිංසා......
ReplyDeleteපද ගැලපුම අනර්ගයි......
ස්තුතියි කෙන්ජි...... මේකත් අවුරුදු 10 කාට පෙර ලියවිච්ච එකක් . මගේ අත්දැකීමක් වෙන්න ඇති. ඒත්...... හේතුව මතක නැනේ.....
Deleteනිහිංසා යුනිකෝඩ් වලින්ද ලියන්නේ , විදින්න නෙවෙයි විඳින්න ලෙස නිවැරදි වෙන්න් ඕනේ මම හිතන්නේ .
ReplyDeleteඅන්තිම කවිය නම් මම හිතන්නේ ප්‍රේමයේ නිරුවත ..වෙන්වීම කොයිතරම් උත්සාහ කලත් මැදහත් සිතින් දරාගන්න අමාරුයි නේද
ඔව් ඉවාන්..... මට අමතක වෙලා එහෙම ලියවුනා. අත් අකුරු හරියට ලියවෙනවා. type කරද්දී ඒක අමතක වෙනවා.
Deleteප්‍රේමයේ නිරුවත ....... විදවීම හා වෙන්වීම ...... මේ දෙකම ලැබෙන බව අප දැන ගන්න ඕන නේ....
ඔය දෙකම අතරේ අපි හිතනවට වැඩිය හොදට ජීවිතේ තියෙනවා..
ReplyDeleteමං හිතන්නෙත් එහෙමයි..... දිනේෂ්..... ජීවිතය තුල විඳීම වගේම විඳවීමත් තියනවා.
ReplyDelete