මා ඔබට සාපේක්ෂයි කියල මං හිතුවට ඒක එහෙම
වෙන්නේ නැ කියල,
මට දැන්
තේරෙනවා..... මං කොයි තරම් හිරවිමකද ඉන්නේ කියල හිතෙන කොට සාපේක්ෂ වීම කෙසේ වෙතත්
..... මේ මමද කියන යථාර්තයටත් බිය වෙන්න වෙනවා කියල, මට නම් හිතෙනවා. මං ලෝකේ දැක්කා කියල
කොහොම කියන්නද?
අනුන්ගේ සයිස්
එකට හදපු මිරිවැඩි සගලක් පලදිනකොට, මට මේ පාරේ යන්න පුළුවන් උනාට අද....... හෙට
වෙනකොට මංමුලා වෙනවා කියල,
හීනියට පපුවට
දැනෙනවා. කවුරු හරි අල්ලලා මාව මේ උගුලේ හිරකරලද මන්දා..... මේක මං යන්න ඕන පාර
නෙමෙයි..... මට උරුම වෙච්ච පාර ..... අපේ අය මට උරුම කරපු, කරුමක්කාර
පාර..... තව පොඩ්ඩෙන් මං අනන්තයට යනවා....... මගේ පොතේ ලියවිලා තිබුනේ නැ..... මේක
තමයි,
මා යායුතු මග
කියල..... මතක පොතට විරාමයක් තියල , මං ආයෙත් ජිවිත පොත සංස්කරණය කරන්න පටන්
ගත්තා......මට තවත් මේ මායාවේ හිර වෙන්න බැරි හින්ද.....
මං දන්නෙත්
නැති කලෙක ඉදල මගේ අතපය ගෙට ගහල කියල, දැන ගන්න කොට, මං පරක්කුද මන්ද...... ඒත්.....ගස් ගල්
වන්දනා කරන්න මට තවත් බැ.....දෙවියෝ මං එක්ක තරහ වෙයි කියල මං දන්නව. පඩුරු
පාක්කුඩ නොලැබෙන කොට,
සුවද දුම්
අල්ලන්නේ නැති වෙනකොට,
ප්රශස්ති ගී, නොගැයෙන කොට, මං මිත්යදෘෂ්ඨිකයෙක්
වෙනවා තමයි,
මට දිව්‍යලොකෙත්
යන්න බැරි වෙනවා තමයි..... මේ මිහිපිට අපායක් කියල, දෙවියන්ට තේරෙන්නේ නැත්නම්, මේ ගැත්තා
කුමක් කරන්නද...?
යක්ෂ ප්‍රේත, කුම්භාණ්ඩයින්
රජ කරන මේ ලෝකේ,
දෙවියෙක් ඉදිද
කියලත් දැන් නම් සැකයි..... ඒ තරමට , මේ අපේ පුජා භුමිය කිලි කුණු වලින් පිරිලා, පෙරදා තිබු ශ්‍රීලංකා
ද්වීපයෙ හැඩය වෙනස් වෙලා,
සුනාමියට
අහුවෙලා වගේ කියල හිතෙනවා.
මාව හිර උනාට, මගේ හිත හිර
කරන්න බැනේ..... මං මගේ පොත ලියනව්..... නව ලෝකයකට හෙට හිරු පායන කම්, මං ලියනවා. මට
ආලෝකය දකින්න ඕනෙ...... හෙට වෙද්දී ....... මං ලෝකය දකීවි..... මං දන්නව ඔබ මට
හිනා වෙයි කියල .......දැන් ඉන්නේ ලෝකෙක නෙමෙයිද කියලත් අසාවි......ඔව්...... හරියි කියල කියන්න පුළුවන් තැනක නෙමේ, අපි දැන් ඉන්නේ........ ඔබටත් ..... මටත් ලෝකය එරෙහිව නැගී සිටින දවස වැඩි ඇතක නොවේ.......එදාට ලෝක යුද්ධය
පටන් ගනීවි.......සියල්ල නැති වී ..... ආයෙත් ලෝකය අලුතින් බිහිවේවි....... ඊවා, ආදම් ආයෙත්
ඉපදී .... මනුෂ්‍ය පරපුර අලුතින් නිර්මාණය වේවි. මං ආසයි ඒකට ... මට මැරිලා
උපදින්න ඕනෙ. ජිවින්ගේ අඛණ්ඩ පැවැත්ම කියන්නේ මේකට , උපරිමයට ගිහින් දසමයට එන්න වෙන්නේ ඔරොත්තු
නොදෙන තරමට බර දරා ගන්න බැරි උනාමයි..... කියලත් මං පොතේ ලිව්වා.
මට දැන්
සැහැල්ලුවක් දැනෙනවා. මං ටික ටික .... නිදහස් වෙනවා කියල දැනෙනවා. පොත ලියල ඉවර
වෙන්න ලගයි,
ඒත් හෙට වෙද්දී, මේක බලන්නවත්
කවුරුවත් ඉතිරි වෙයිද කියල නම් සැකයි.ලෝක විනාශයට අහු වෙද්දී මේ පොතත් මං එක්කම
විනාශ වෙලා යාවි......
දැන් තියෙන ප්‍රශ්නේ ඇත්තටම පොතක්ද? ලිපියට පොතක්ද ? කියලා :)
ReplyDeleteසංස්කරණය කර කර ලියන ජිවිත පොත..... ගැන මදාරා මං ලිව්වේ..... මට හිතෙන දේ මං ලිව්වා.....
ReplyDeleteඇත්තටම මට මෙලො දෙයක් තෙරුණේ නම් නෑ ,මේ කියන්නෙ ජීවිතය ගැන නම් අවසානේ ලොක විනාශයක් ගැන කියන්නෙ මොකක්ද හැබැට ???
ReplyDeleteජිවිත පොත ලියාගෙන ලියාගෙන යද්දී .... ලෝක විනාශය වෙයි කියල ..... මට හිතෙනවා.....සහෝ......
Deleteඅපි හැමෝටම එක වෙලාවකට දැනෙන්නේ ඔය දේම තමයි නිහින්සෝ..
ReplyDeleteඒ..... කියන්නේ අපි හිරවෙලා ..... කියල හිතන්න වෙනවා..... නේද දිනේෂ්.....?
Deleteපොත දිගටම ලියන්න.. අවසානය ගැන නොහිත...
ReplyDeleteහැමදාම කපල කොටලා ලියනවා ..... දේශකතුමනි....... මං මැරුණු දාට ..... අවසාන වේවි.....
Deleteහැම දනන් ගේ ම සිත් තුළ මෙවන් දුක් දෝමනස්සයන් කල්පිතයන් පිරි තියේ. සතුට සොම්නසද රැදී තියේ. විදවිමට වඩා විදීම යෙහෙකියි සිතා කටයුතු කරමු. අපට අවැසි විිදියට නොවේ අවට ලෝකයාට අවැසි විදියට.
ReplyDeleteනලින්..... මේ මිහිතලයේ අපි රගපානව...... මේක හරිම විහිළුවක් කියල හිතෙන තරමට අපි රැවටිලා......අපි ජීවිතය විදිනවා කියල හිතන් දන්නෙම නැතුව විදවනවා.....
Deleteලියල ලැමිනේට් කරන්න......පිටුවෙන් පිටුව......
ReplyDeleteඑවිට විනාශ නොවී පවතී.......
කියවන අය ගැන නොසිත දිගටම ලියන්න අනී .......
ලියල ලැමිනේටින් කරාම ලෝක විනාශයේදී..... පොත ඉතුරු වෙයිද......? මං හිතන්නේ ලැමිනේටින් උනුවෙලා වක්කෙරේවි...... ඊට හොදානේ....... නැත්නම් අර මිසරයේ මමී වගේ ඝනිභුත වෙන්න ඕන..... නැවත ජීවයක් ආපු දාට කියවන්න.
Delete