Tuesday, May 6, 2014

බමර වලල්ලේ පිනුම් කාරයෝ


             බමර වලල්ල˜ සිනමා කෘතිය පසු ගිය වකවානූවේ දකුණේ භීෂනය සංකේතවත් වුවක්දැයි අතුල ලියනගේගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. තාත්වික ක්‍රියාදාමයන් ඇතුලත්ව නිපදවූ මෙම සිනමා සිත්තම පාතාලයේ ඇතුලාන්තය කුමක්ද යන්න නිරූපිතයි. පාතාල ලෝකයේ සිද්දි කිහිපයක් අරඹයා නිර්මාණය වුවද අපරාධ වැලක ආරම්භය සහ අවසානය දම්වැලක පුරුක් මෙන් එකිිනෙකා අතර වූ සහ සම්බන්ධතා මිත්‍රශීලිත්වය, පරිත්‍යාගය හා කළගුණ සැලකීම ඉන් ඔබ්බට වූ බලහත්කාරය මේ සියල්ල කැටිවූ සංවේදනා මනුෂ්‍යත්වය තුල වූ සෞන්දර්ය කියා පායිද? කලාත්මක චිත්‍ර පටියකට වඩා වාර්තාමය චිත්‍රපටියකට වැඩි ඉඩක් ඇති නිර්මානයක් ලෙස බමර වලල්ල˜ හැඳින්විය හැක. සිනමා කෘතියක් ලෙස සාර්ථකය.

                            පාතාල ලෝකයේ රජවරුන් කිරුළු පැලැන්දේ මේ ආකාරයටය. ලේබල් කිරීමේ සමාජ න්‍යාය, ගෝන මඩිත්තේ පොඩි එකා බිහි කලේය. ඌ ඉතා අහිංසකය. මනුෂ්‍යත්වයේ සර්ව සාධාරණය සොයන්න ගොස් ආවේගශීලී හැඟීම් මුදාහල මොහොකත පළවෙනි අපරාධය සඳහා අත්පොත් තබන්නට ඔහුට සිදුවිය. සමාජය ඔහු අපරාධකාරයකු කලේය. ඔහුගේ තාරුණ්‍ය සිරකොට තැබුවේය. අපරාධ නැමති විෂය හදාරන්නට බන්ධනාගාරය නැමති විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම සඳහා නොමිලයේ ශිෂ්‍යත්වයක් ඔහුට ලැබුනි. සියළු අධ්‍යාපන කඩ ඉම් ඉතාම සාර්ථක ලෙස හැදෑරු ඔහු උපාධියක් ලැබුවේය. අන්තර් ආශ්‍රය න්‍යාය, උප සංස්කෘතික න්‍යාය ,චර්‍යාවාදී න්‍යාය ගෝන මඩින්නේ පොඩි එකා විද්‍යාත්මකව බිහි කලේය. සියළු ශිල්පයන්හි කෙල දක්වමින් කඩු, දුනු ශිල්පද, පශ්චාත් උපාධිය ලෙස හදාරන ලදී. ඒ ඔහුගේ අධ්‍යාපනයයි. දැන් ඌ ශක්තිමත්ය.

              හිරෙන් මුදාහල තාරුණ්‍ය නැවතත් සිර කල නොහැක. ඔහු හැඟීම් බර විය. රෝග ලක්ෂණ පහල විය. ස්වභාධර්මයට විරුද්ධ වීමට ඔහුට නොහැකි විය. ඒත් ඒ හැඟීම් කාට පවසන්නද? කීප විටක් උත්සාහ කලේය. එහෙත් සිදුවූයේ කුමක්ද? නැවත වතාවක් ඔහුට ඔහුම නැතිවිය. සමාජ ආර්ථික පසුතලය නැවතත් ඔහුගේ සිතුවිලි අතරමං කරන ලදී. තාරුණ්‍ය නැවත සිරගත වන ලදී. ගෝන මඩින්නේ පොඩි එකා, දැන් ඔහුට නැතිවන්නට දෙයක් නැත. නව සමාජ රැල්ල ඔහුව ආදරයෙන් පිළිගන්නා ලදී. ජීවිතය ඔහුට නැවත ලැබුනි. ඒ විතරක් නොවේ සියළු දේ ඔහුට ලැබුනි. ඒ ඔහුට ලැබුනු දයාවන්තකම, සෙනෙහෙවන්තකම ලඟ පොඩි එකා ණය ගැති උනි.

             ඔහුගේ ඉරණම විසෙඳන මායාව ඔහු නොදත්තේය. පාතාලයේ රජවරු නිතර ගැටෙන බව ඔහු නොදත්තේය. ඒ සියල්ල ඔහුට බලා සිටින්නටත් ඒ තුලින් ණය ගෙවන්නටත් සමාජ රැල්ලේ මුදුනා වෙන්නටත් ඔහුට සිදුවුනි. පොඩි එකා දැන් අහිංසක නැත. නමුත් ඔහුගේ හිත හයයි. ඒ ඔහු මනුෂ්‍යයකු බැවිනි. ඔහු මෙහෙයවන්නේ සමාජ රැල්ලයි. අනන්‍යතාවය ඔහුට අහිමිව ඇති බව ඔහු තේරුම් ගෙන තිබුනි. සමාජ රැල්ලෙන් මිදීමට හා ඉන් ඔබ්බට යාම ඔහුට තහනම් විය. තව ණයගෙවිය යුතු ඇත. ඒ ඔහු ජීවිතය නැවත ලැබූ පාපයටය. එහෙත් ඔහු උපන් අපරාධකාරයකු නොවේ, ජීව විද්‍යාත්මක අපරාධ සාධකයද ඔහු තුල නැත. ඔහු අපරාධකාරයකු ලෙස නිර්මානය කලේ සමාජයමයි. පොඩි එකා ජීවිතය උගස් කලේය.  
            ලිංගික සූරාකෑම් පාතාලය තුල වූ එක් අත්‍යවශ්‍යය කොන්දේසියකි. රජවරුන්ට අන්තඃපුර අවශ්‍ය සේම පාතාල රාජධානියේද මෙය දක්නට ලැබුන බව බමර වලල්ලෙන් දිස්වේ. අවසානයේ සියල්ලෝම සතුටින් සිටින්නක් බව නොව සියල්ලෝම විනාශ වන බව බමර වලල්ලේ පිනුම් ගහන කෙරුම්කාරයෝ දැන සිට ඇත්ද? ස්වභාව ධර්මයා සිය නීතිය අවසානයේ අතට ගනියි. ස්වභාධර්මය නැමති අධිකරණයේ ස්වාභාවික යුක්තිය විත්ති කරුවන්ට දඩුවම් කරයි. නීතියේ මූලික සිද්ධාන්තය වඩාත් තහවුරු විය. බමර වලල්ලේ පිනුම් ගහන්නට සියළු දෙනාටම නොහැකි වන්නේ ඒ හන්දාය. එබැවින් පාතාලය මර්ධනය වන්නට විය. අතුල ලියනගේ දකින්න ඇත්තේ පාතාල ලෝකයේ පැතිකඩක්ද ? නැතහොත් ස්වාභාවික නීතිය සියල්ල විසඳන බවද ? පිළිතුර ඔබට භාරයි.

Saturday, May 3, 2014

බලාපොරොත්තු සහ කඩවීම්


බලාපොරොත්තු සහ කඩවීම් 


             ජීවිතය අප ජිවත් කරවන්නේ බලාපොරොත්තු වලින් , අහස උසට පරිකල්පනය කරමින් ඒ තුල අප , අපේ ජීවිතය ගොනු කර ගන්නවා . මේ ක්‍රමය සාර්ථකද? කාටවත් කියන්න පුලුවන්ද ...? ජීවිතය දිනන විදිය මේක කියල . අපි කැමති නම් මෙහෙම හිතන්න , ඒත් , යථාර්ථවාදය මෙය නම් නොවේ . ලෝකය යායුතු දිශානතියට යනවිට , අපට ඊට ප්‍රතිවිරුද්ධව යා නොහැක . ඝට්ටනය පටන් ගන්නේ එතනින් , මේ කඹ ඇදිල්ල හින්ද  තමයි , අපේ බලාපොරොත්තු කඩවෙනවා කියන්නේ .

           උපකල්පන සැම විටම නිවැරදි නැ . අප මේ යථාර්තය ,දැනගත යුතුයි . යම් දෙයක් පිළිබද අධික බලාපොරොත්තු ඇති කරන් , ඒවා කැඩුනම , අපේ ප්‍රතිචාර සැමවිටම යහපත් නොවේ . මේ දිනවල අසන්න ලැබෙන සිද්ධීන්ට සාපේක්ෂව , ඉක්මන් කෝපය මත හා , මානසික වියවුල්තාවය මත සිදුවූ අපරාධ සංඛ්‍යාත්මකව ඉහල ගොස් ඇත . ප්‍රේමය බිද වැටුන තැන , අනෙක් පාර්ශවයේ දිවි තොර කිරීමට තරම් , සිතුවිල්ලක් අපට ඉපදෙන්නේ , මෙලෙස ඇති කරගත් අධික බලාපොරොත්තු නිසාද? නැතිනම් දෙපාර්ශවයේම ,දිවි නැතිකර ගැනීම යුක්ති සහගතද? මෙය එක සන්සිධියක් පමණි , 

           නැතහොත් , අපට ලැබෙන්න තියන දෙයක් නොලැබෙන විටදී , මෙවැනි අපරාධකාරී ක්‍රියාවන්ට යොමුවීම ,එකම විසදුමද? ලෝකය මේ වනවිට අපරාධ රැල්ලකට හසුවී හමාරය . එයට නියැදියක් ලෙස අප රටද ,එම රැල්ලේම කොටස්කරුවන් වී ඇත . අපරාධය යුක්ති සහගත නොවන බව අප දනිමු . එහෙත් කඩවූ බලාපොරොත්තු නැවත ඉටුවන්නේද නැත . එසේ නම් අපට මින් ලැබෙනුයේ කුමක්ද? දුක ,වේදනාව හා පසුතැවිල්ල පමණි . මේ සියලු දේ දැනෙන විට , ජීවිතය විදින්න තියන කාලය අවසන්වී ඇත .

          අපරාධකරුවන් සැමවිටම සිටින්නේ බියෙනි . කලබලකාරී බව තිගැස්ම හා නින්ද නොයාම වැනි මානසික ව්‍යාධියෙන් පෙලේ . තමාගේ වැරදි කවදාක හෝ තමා පසුපස එනබව හොදින්ම දනී . එසේ නම් මෙවැනි මානසික අසමතීකත්වයට ඇයි අප පත්වෙන්නේ , අප සැම විටම අපගේ ප්‍රමාණයට ,බලාපොරොත්තු තබා ගන්නේ නම් , මෙවැනි සිදුවීම් උදා නොවේ . ජිවිත උපේක්ෂාව අප වෙත සැම විටම තබා ගත යුතුයි . සමාජ රැල්ලේ තවත් එක් බිල්ලක් බවට අප පත් නොවිය යුතුය .

Friday, May 2, 2014

අලෙවි වන සිරියානු මනමාලියන්

         සොදුරුතම සිහින මැදින් මනාලියක් වන්නට පෙරුම්පුරන සිරියානු තරුණියන් ...... තම සිහින පසෙකට දමා යුධ කදවුරු තුල දිවි ගෙවමින් , අනාගතය නොදන්නා ඉසව්වකට පා කරමින් සිය දිවියම කදුලින් ගතකරන ආකාරය හා තම මනමාල සිහිනය තුල දුක්බරව ජිවත් වෙමින් සිටින ආකාරය මේ සටහන තුලින් දැකිය හැක. ජෝර්දානයේ ඝටාරී කදවුරු තුල සුදුපාට කුඩාරම් තුල ධුවිලි තැවරුණු මොට්ටක්කිලී තුල සිරවී අපා දුක් විදින තරුණියන්ගේ ඉරණම ඛේදජනකය.  
                ඔවුන් සිරියානුවන් වුවත්, නැවත උපන් රටට යා නොහැක. ජෝදනය තුල රැකියාත් නොමැත. කාන්තාරය මැද ඉදිකර තිබෙන කුඩාරම් තුලට වී, සරණාගතයන් ලෙස ජිවත් වෙමින් අපිරිසිදු අහාර, අපිරිසිදු පානිය ජලය හා දුවිලි තුල සම්මිශ්‍රණය වෙමින් දිවි ගෙවන     මොවුන්ගේ කුඩාරම් අසල පියවරු  දිගු අගල් කපාගෙන ඇත්තේ තම දියණියන්ගේ ආරක්ෂාව සලසන්නටය. පීඩනය දරාගත නොහැකි මව්පියන් දියණියන්ගේ  ආරක්ෂාව පතා සිදු කරනුයේ අඩු වයසින්ම තම ලාබාල දුවරු, විවාහය වෙනුවෙන් අලෙවි කිරීමය. 
               මැද පෙරදිග රටවල් වල සිරිත මනමාලයා විසින් මනමාලියගේ දෙමාපියන්ට මිලක් දී මනාලිය කැන්දාගෙන යාමයි. මේ තත්වය වාසියට ගත් මනාලයන්, පැමිණෙන්නේ අඩු මිලට මනාලියක් ලබා ගැනීමටයි. මනාලයන් කදවුරු තුලට පැමිණෙන්නේ මුලින් සරණාගතයින්ට ආධාර කරන දානපතියන් විලසිනි. අඩු වයස් ඇති දැරිවියන් සිටින පවුල් වලට මුලිකත්වය දෙමින්, උදව් කරමින්, එහෙත් අවසානයේ ආධාරය අවසන් වන්නේ ගනුදෙනුවක විලසින් බාල වයස්කාර දැරිවියක් වයස 60,50 පමණ වන මනමාලයෙකුට කසාද බන්දවමිනි. 
            මෙහි භයානකම තත්වය නම් , විවාහයෙන් සතියකට පසු මනමාලයා අතුරුදහන් වේ. හේතුව විවාහය පදනම් කොටගත් ලිංගික ගනුදෙනුවක් පමණක් වන අතර මෙහි සත්‍ය විවාහයේ අරමුණු ඉටුනොවුන බවය. මේ කාලය තුල ඔවුන් විදි ලිංගික පීඩන අපමණය. මේවා මව්වරු අසා සිටින්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙනි. ආසරණකම හා දුප්පත්කම පමණක් උරුම ඔවුන්ට කාගේවත් පිහිටක් නැත. එලෙස විවාහ වූ තරුණියන්ට දික්කසදායාවත් ලැබෙන්නේ නැත. ඔවුන් වැන්දබුවන් ලෙසම සිරියාවට යා නොහැකිව දිවි ගෙවීමට සිදුව ඇත. මේ සිරියානු මනමාලියන්ගේ තත්වයයි.