මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කරන්න යයි..... සමාජ මතයක් මේ දිනවල පවතී..... වරදක් සිදු වීමට , හේතුව හෙළි කරන්න යයි කිසිවකුත් නොඉල්ලති වරදට හේතුව මේ සමාජයමද ...? වරදකරුවන් බිහි කරන්නේ කවුරුන්ද ...?
අපරාධකරුවන් බිහිවීම සම්බන්ධයෙන් , මේ වන විට ජෛව විද්‍යාත්මක සාධක හා උපන් අපරාධකරු යන න්‍යායන් බිද වැටි ඇත .....
එසේ නම් පරිසර සාධක අපරාධකරුවකු බිහිවීම කෙරේ බලපා ඇති බව පිළිගන්න වනවා නේද ....?
වරද ---- දඩුවම
මේක උත්තරයක් කියල අපි හිතන්නේ කොහොමද ....? මොකද අපරාධකරු දඩුවම් විද නැවත පැමිණෙන්නේ මේ සිවිල් සමාජයටමයි . එසේ නම් ඔහු එල්ලිය යුතුද .....? නැතහොත්, ඔහු පොරක් නම් , මල් මාලා දා සාදරයෙන් පිළිගත යුතුද ....?
නැත ...... වරදකරු සමාජ ගත වීමේදී ...... ඔහුව පිළිගත යුතු මැද මාවතක අවශ්‍යතාවයක් ඇති බව දැන් නම් අප පිළිගත යුතුය.
මරණ දඩුවම ක්‍රියාත්මක වන රට වල වැරදි අඩු වී ඇතයි සිතීම ..... වැරදීමකි. එවන් රටක් ඇති බව මා අසා නැත. යම් රටක මරණ දඩුවම ක්‍රියාත්මක වීම, මා දකින්නේ , එරටේ ... සමාජ සංස්කෘතියේ පිළිබිඹුවක් බවයි.
අතීතයේ පටන් අප රටේ මරණ දඩුවම ක්‍රියාත්මක විය. පෞද්ගලික පලිගැනීම් වලට පවා , සාක්ෂි නොමැතිව මරණ දඩුවම ක්‍රියාත්මක විය. එතෙක් .... මෙතෙක් අප ලැබුවා වූ ප්‍රගතියක් ඇත්ද ....?
එකල, [ අප දන්නා තරමින්, ඇහැලේපොල, දස්කොන් ආදී මරණයන්] අහිංසකයින් පවා මරණ දණ්ඩනයට ලක් විය. දැනුත් ඒ දේම නොවෙන්නේ යයි සිතිය නොහැකිද ....? වර්තමාන නිතිය මගින් සියල්ලම වැරදි ආවරණය නොවන කල සාධාරණ විනිශ්චයන් සැම විටම දක්නට නොලැබේ. විනිසුරුවන් පවා ඒ සිද්ධාන්තය පිළිගෙන ඇත. නිවැරදිකරු වැරදිකරුවී..... වැරදිකරු නිවැරදිකරු වී, ....... විසදුනු නඩු තීන්දු කොතෙකුත් අප දැක ඇත.
එසේ නම් දඩුවම් ක්‍රමය සාධාරණව ක්‍රියාත්මක වේදැයි, අපට කිව නොහැක. එබැවින් වරදට පිළිතුර දඩුවම නොව ..... වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක අවශ්‍යතාවය මේ වන විට පැන නගමින් පවතී.
ඇමරිකන් හා ඕස්ට්‍රේලියානු වැනි දියුණු රාජ්‍ය වල දඩුවම් ක්‍රමය වෙනුවට විශෝධනය සුදුසු යයි. විකල්ප ක්‍රමවේදයන් අත්හදා බලමින් පවතී. ඔබ මේ බව දන්නවාද.......?
community corrections ..... වරදකරු විශෝධනය කිරීම සදහා මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් සැකසීම මේ ක්රමයේ ලක්ෂණය වේ. සමාජීය පිළිකුල්භාවය වෙනුවට , අනුකම්පාසහගත මේ වැඩ පිළිවෙල ක්‍රමානුකුලව සිදු කිරීමෙන් වරදකරු වැරදි චර්යාවෙන් මුදවා ගැනීමට පිටිවහලක් වේ.
මේ සදහා දැඩි ඉවසීමකින් හා සංයමයකින් යුක්ත ..... පුහුණු හා සුදුසුකම් ලත් නිලධාරීන් අවශ්‍ය වේ.
වරදකරුවන් සැකකරුවන් විදියට හෝ වරදකරුවන් විදියට , බන්ධනාගාර ගත වීමේදී, රජය බන්ධනාගාර නිලධාරීන්ගෙන් , බලාපොරොත්තු වන කාරනා කීපයක් ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහා නිලධාරී බදවා ගැනීමේදී මුඛ්‍ය පාඨය වුයේ වරදකරුවන් සදහා ආරක්ෂාව ,රැකවරණය හා පුනුරුත්ථාපනය ලබා දිය යුතු බවයි. මෙයින් මුල් කාරණා දෙක යම් වශයෙන් ඉටු වුවත්, විශෝධනය නම් නිසි ලෙස ඉටු නොවේ.
හේතුව මා දකින විදියට අදාල තනතුරු වලට බදවා ගැනීමේ ක්‍රම වේදය තුල නිසි පුහුණු නිලධාරීන් බදවා ගැනීම සදහා , බදවා ගැනීමේ පටිපාටිය සකස් නොකිරීමයි. උපාධිධාරීන් බදවා ගැනීම අවම මට්ටමකත්, මෙතෙක්, බදවා ගැනීමේ විභාග පැවැත් වුවද , දේශපාලන හිතවතුන් වැඩිමනක් බදවා ගැනීමක් වැඩි වශයෙන් සිදු විය. අදාල අමාත්‍යවරයා නියෝජනය වන ප්‍රදේශයෙන් පත්වීම් ලත් ආකාරය අනුව බදවා ගැනිම් තර්කයකින් තොරවම , පිළිගත හැක.
මෙය ..... වඩාත් හොදින් පෙනෙන්නේ , මේ දිනවල බන්ධනාගාර ආරංචි මාර්ග පිරික්සීමේදී, නිලධාරීන් සතු වූ සුදුසුකම් හා දක්ෂකම් එලියට ආරංචි වීමෙනි . මේ හේතුවෙන් , විශෝධනය වෙනුවට වැරදි ආදර්ශ පමණක් රැදවියන්ට ලැබෙන කාල පරිච්චේදයක් පැමිණ ඇත.
විශෝධනය යනු කුමක්ද ....? වරදකරු නිසි කායික හා මානසික සෞඛ්‍යකින් පිරිපුන්ව තැබීමයි. මෙය කෙසේ සිදු කරන්නේද ....? ඒ සදහා ගැලපෙන ක්‍රියාවලියක් සැකසීමයි. කවුරුන්ද මෙය සිදු කරන්නේ ....? ඒ සදහා සුදුසුකම් ලත් නිලධාරීන්. වගකීම.....? සියළුම පුරවැසියන්ගේ වගකීමයි ......
වරදකරු බන්ධනාගාරය තුලදී හෝ, සමාජයේදී විශෝධනය වීමේදී නිසි අධීක්ෂණයකින් යුතු වැඩපිළිවෙලක් තිබිය යුතුය. වරදකරු වැරදිත් සමග සමාජ ගත වීමේදී , සිදු වන්නේ නැවතත් ඒ ආකාරයේම වැරදි සිදු කිරීමයි. එසේ නම් එම ක්‍රමවේදය සැකසීම වහා ඉක්මනින් ක්‍රියාත්මක වනවා දැකීම, අප සියළු පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි.
නැවතත් සාක්ෂි නැති මරණ හා අපරාධ තව දුරටත් සිදු නොවේ යයි අප බලාපොරොත්තු වෙමු. මන්ද මානසිකත්වයෙන් යුක්ත වුවන් හට කරක් ගැසීමට සමාජය ඉඩ නොදිය යුතුය......
මානසික ඒකග්‍රතාවයක් නොමැති ජනතාව වසන රටක ජීවත්වීම, පාපයක් ලෙස සිතීම සාධාරණය නොකරන්නට , සියලුමදෙනා වග බලා ගත යුතිය.

ගමක ජිවත් වන පුද්ගලයන්ගේ තරාතිරම ..... ගම වැසියන් යම් තරමක් දනී. ගමේ ග්‍රාම නිලධාරියා, සමෘද්ධි නිලධාරියා, ආර්ථික සංවර්ධන නිලධාරියා ඇතුළු ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ පත් කරන ලද තවත් විෂයානුකුල නිලධාරීන් රැසක් ඇත. මොවුන් සිටින්නේ ඇයි.....? ගමේ ප්‍රශ්න යම් තරමකට විසදීමට මැදිහත් වීමටයි. මේතාක් නිලධාරීන් සිටිද්දී, කෙසේද සමාජ අපචාරයන් සිද්ධ වෙන්නේ ...?
වලක්වන්න පුළුවන් , යම් මැදිහත් වීමක් වෙන්න , මේ අයට නිත්‍යානුකුල අවසරයක් ඇත. එසේ නම් .... පොලිසියට යාමට පෙර , ගම් වැසියන් දන්නා තොරතුරු මෙම නිලධාරීන් වෙත වාර්තා කිරීමට හැකියාව ඇත. සුළු වැරදි හා විෂම චර්යා පාලනය කිරීමේ හැකියාව මෙමගින් ලැබෙන බව ඔබ දන්නවද ....? දැන්වත් දායක වන්න ගමේ ඇති මේ කර්තව්‍යට . ගම් මට්ටමින් විෂම චර්යා ඇත්තවුන් විශෝධනය කිරීමේ හැකියාව ඔබට ඇත්තේ මෙලෙසිනි.

වැරැද්දට එරෙහි වීමේ අයිතිය ඔබට ඇත. එහෙත්, එම වැරැද්දට දඩුවම් පැමිණවීමේ අයිතිය ඔබට නැත. ඔබ නීති ගරුක පුද්ගලයෙකි. නිවැරදි පුරවැසියන් බිහිවනු දැකීම හා යහපත් රාජ්‍යක් බිහිවීම සියළු දෙනාගේම බලාපොරොත්තුවයි.
ලෝකයේ දියුණු රට වල අපරාධ අවම කිරීම සදහා වරදකරුවන් සම්බන්ධයෙන් තෝරාගෙන ඇති ක්‍රමවේදය ප්‍රජා විශෝධනයයි. ලංකාවට සාපේක්ෂව ඒවා ක්‍රියාත්මක වන ආකාරය ඔබට දන ගැනීම පිණිස , එම මද්‍යස්ථාන කීපයක චායාරුප පහතින් දක්වමි . එම රටවල් විසින් විශෝධන මද්‍යස්ථාන පිහිටුවමින්, උපදේශනය සිදු කරමින් , අපරාධ අඩු කර ගැනීම සදහා සදාචාරාත්මක ක්‍රමවේදයකට යොමුව ඇති ආකාරය අප බලමු .