මල්දහසක් ගන්වා .....
සුදු පිරුවට මත
නුඹ මා කැන්දා ....ගිය
කුලගෙට .....
නුඹ මව් .... සිඹ මා උවනත ....
පිළිගත් ..... මනමාලි මං....
සුදු සේද යහනත ... මා සතපා ....
පිරිමැද .... හිස'ග .... තෙපළු....වදන්....
නුදුරු ... රුදුරු .... වූ අරුම කීම ...
දොර,ගිස්සෙන් .... එබිකම් පාන ...
අවශේෂ දෙනෙත ...... මග හරින
මා දෙනෙත් .....
නිසල සේයාවකි ....
මා වැඩි ... කුලගෙය ... ගිනිගෙය වූ බව ....
නොපවසා බැරිය මට .....
මුනිවත රකින .... නුඹ මව්ට ....


