Sunday, April 6, 2014

වෙනිසියුලාවේ ප්‍රථම ඇමතිනිය








        හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝගේ නව රජයේ ක්‍රීඩා අමත්‍යන්සය භාරදී ඇත්තේ 32 හැවිරිදි ක්‍රීඩිකාවකටය .ඇය ,අලේහෙනද්‍ර බෙනිටිස්ය .අනුව වෙනිසියුලාවේ ප්‍රථම ඇමතිනිය ඇයයි . සුරූපී තරුණියක වන ඇය කඩු සටන් සුරියකි . 2004,2008, 2012 ඔලිම්පික් ක්‍රීඩා වලදී , වෙනිසියුලාව නියෝජනය කලේ ඇයයි . 
               ඇය පවසන අන්දමට ' මට ක්‍රීඩාවේදී නොයෙක් අභියෝග හමුවී තිබෙනවා , දැන් මට රට වෙනුවෙන් විශාල අභියෝගයක් බාරගන්න සිදුවෙලා ,මා උපරිමයෙන් රටට  සේවය ලබා දෙනවා . වෙනිසියුලාවේ සියලුම කාන්තාවන් වෙනුවෙන් ' යයි අලෙහෙන්ද්‍ර ට්විටර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇත . 

Friday, April 4, 2014

පොල් කඩන්නාගේ ගීතය









                 උදසනින් නැගිට පාරට බහින්නේ මං , පොල් ගහකට නැගල කියක් හරි හොයාගෙන දරු පැටවූ හතර දෙනාගේ බඩ පුරවන්න . ළමයි ලොකු මහත් කලේ මං  එහෙමයි . මට ඉන්න තැනක් තිබුනේ නැ . ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් මැදිහත් වෙලා මට , සුනාමි ගෙයක් අරන් දුන්නා . ඊට අමතරව දියුණු වෙන්න කියල , කිරි හරක් ජෝඩුවක් දුන්නා . මගේ බිරිද ටිකක් මෝඩයි , එත් මං  හරි ආදරෙයි . මගේ ජීවිතේම එයා කියලයි මං හිතුවේ .

            මට ඉන්නේ දුල දෙන්නයි , පුත්තු දෙන්නයි . ලොකු එකිට 17යි ඊලග 16යි පුතා 13යි ,පොඩිපුතා අවුරුදු 2යි . මන් උන්ව කාලයක් පරිවාසේටත් දීල තිබුන . හදා ගන්න අමාරු නිසා , ගස් නැගල ආවම මං ටිකක් බොනවා ඇගේ අමාරුවට , ඒ වැඩිපුර සල්ලි තිබුනොත් විතරයි . නැති දවසට කහට එකක් බිල ,  පොඩි උන්ගේ බඩ පුරවනවා . අපේ පවුලේ දියුණුව ගැන හිතල , මං හැමදේම කලේ , මගේ බිරිදගෙන් අහල . අර කිරි හරක් දෙන්න, අපි රුපියල් 5000 කට විකුණුව , උන් හදන්න අමාරුයි , සල්ලි හදිසියක් වෙලා ගේත් උකස් කලා 8000 කට , 

         ලොකු දුව පිරිමි ළමයෙක් එක්ක යාලු වෙලා තණමල්විල පැත්තේ , මගේ බිරිද දැනුවත්ව උන් දෙන්න දැන් ඉන්නේ එක ගෙදර , කසාද බැදලත් නැ , වයස මදි . නැන්දම්මා , කෙල්ලට පවුල් සැලසුමකුත් කරලා දීල . අනිත් කෙල්ලත් යාළුවෙලා ඒකි නම් ගෙදර ඉන්නවා .පුතා නම් ඉගෙන ගන්න දක්ෂයි . මේ අස්සේ බිරිද වෙන කවුදෝ එක්ක පටලැවිල්ලක් හදාගෙන හොදින් කියල නතර කෙරෙව්වා . මොකද , මට  මගේ ගැනී නැතුව මට ඉන්න බැ .

          මේ අතර බිරිද මට කිව්වා අපි ගේ විකුණලා බලන්ගොඩින් වෙන ගෙයක් ගමු කියල , මාත් ඒක අහල ලක්ෂ 10 කට ගේ විකුණලා බලන්ගොඩින් ගෙයක් ගත්තා . ඉතිරි සල්ලි වලින් ලක්ෂ එකහමාරකට බිරිදට රත්තරන් බඩුත් අරන් දුන්න . ඒ අතර පොඩි එකාට අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කලා . ඊට පස්සෙන්ද ,මං පුතත් එක්ක පාන්දරම ඉස්පිරිතාලෙට ගියාම මේ ගොල්ල ඉස්පිරිතාලෙන් ටිකට් එකත් අත්සන් කරලා යන්න ගිහින් . මං ගෙදර ගිහින් බැලුව ගෙදරත් නැ . 

          ආරංචි විදියට ගෑනි අර මිනිහත් එක්ක පැනල ගිහින් , මගේ ළමයත් අරගෙන . දවස් දෙකකට විතර පස්සේ ගෙදර තිබුන බඩුත් පටවාගෙන ගිහින් බෑන ඇවිත් , අනිත් පුංචි එවුන්ගේ ඇදුනුත් ගෙනිහින් , උන්ට අදින්න කිසි දෙයක් නැ . තව ලක්ෂ 4ක් විතර තිබුන ඒකත් ගැනී අරන් ගිහින් , මං පොලිසියේ පැමිණිල්ලක් දැම්ම , මේ ගැන කියල , ඒත් ඉන්න තැනක් දන්නේ නැ .  කොහොම හොයන්නද? මේ වෙනකොට අනිත් ළමයින් දෙන්න එක්ක මං අතරමන් වෙලා . මට දැන් ගැනී එපා . මං හොයන්නේ මගේ අර කිරි සප්පයව  , ගැනී මට ආයේ අහු උනොත් මරල දානවා . මගේ අසීමිත ආදරේට වෙච්ච දේ , මං ඒකිව විශ්වාශ කලා . ආදරේ කලා .
  මේ ඔහුගේ කතාවයි. ගැමි පරිසරය තුල , තාර්කික නොවුනු මෙවැනි කතා , තවමත් බොහොමයක් ඇසේ. ඔවුහු හැමදාම උසාවි යයි , පොලීසි යයි . ප්‍රශ්න වල අවසානයක් නැත. සමාජයේ යම් කොටසක මෙහෙම  හැසීරිමක් ඇයි ?  

Wednesday, April 2, 2014

දික්කසාදය



      මං කසාද බැන්දේ පෙරුම් පුරලා , මගේ විවාහය කල් ගියා , ඒ ඇයිද කියන්න මං දන්නේ නැ . අම්මල මට මනමාලයෝ හෙව්වා , කේන්දර බැලුව . එක එක්. කෙනා ගෙන්නුවත් එක්ක මාව බලන්න , එත් ඒවා හරිගියේ නැ . මගේ කරුමේ හින්දද දන්නෙත් නැ. මට රස්සාවක් තිබුන රජයේ එකක් මං ඉස්පිරිතාලේ වැඩකලේ . ඉතින් කවුද මට අකමැති වෙන්නේ , මං හිතුවේ එහෙම , කසාද බැන්දේ නැ කිව්වම , ඒක නිකන් මට අඩුවක් වගේ , මාත් ආසයි මුද්දක් දාන්න .

        ඔහොම ඉන්න කොට අම්මල මට තව යෝජනාවක් ගෙනාව , එයාට රස්සාවක් නම් නැ , ඒත් වතු තියනවා කිව්වා . අදායම් තියන නිසා , මාත් ඒකට කැමති උනා . අපේ කේන්දරත් ගැලපුනා බොහොම හොදට . මිනිහත් හොදයි , ටිකක් අහිංසක පාටයි . ඉතින් අපේ කසාදෙ මාසයක් ඇතුලත රෙජිස්ටර් කරා . මගේ හිතට ලොකු සතුටක් දැනුන . දැන් ඉතින් මංගල්ලෙට ලේස්ති වෙන්නත් ඕනනේ , මන් මගේ , මගුල් ඇදුම හදා ගත්ත . තව තව බඩුත් ගත්තා .හෙට අනිද්දා එයත් එක්ක යන නිසා , හීන ගොඩක් දැක්කා .

        ඔය අතරේ , අපේ අම්මට ආරංචි වෙලා , මගේ මිනිහට වයස වැඩියි කියල , කවුදෝ කියලා , අම්ම යුද්දේ පටන් ගත්ත , හොයල බැලුව , ඒක ඇත්තක්ද කියල , කතාව නම් ඇත්ත , මේ මිනිහ අඩු වයසක් දාල කේන්දරේ හදල , මට වඩා අවුරුදු නවයකට වැඩිමල්ලු . දැන් මට හතලිස් දෙකයි  , ඉතින් අම්ම කියනවා හොර කේන්දර හදල බැන්ද හින්ද කේන්දර ගැලපෙන්නේ නැතිලු , ඕක , අතහැරලා දාපන් පුතේ කියල අම්ම මට කියනවා  . මගේ මංගල සිහිනය දෙපාමුල කඩන් වැටුන . ඔලුව ගිනි අරන් මන් කල්පනා කරා , මොකද කරන්නේ කියල . මගේ හිතට අවේ දික්කසාද වෙයන් කියන උත්තරය , 

            මන් දික්කසාද නඩුව දැම්ම , මුලාකරලා කසාද බැන්ද කියල , අනේ , ඒ මිනිහ අහිංසකව බලන් හිටිය , මං දික්කසාදය ඉල්ලුව , වන්දි ඕන නැ . දවසින් දවස නඩුව කතාකරා , තීන්දුව දෙන්න අන්තිම දවසත් ආවා . අනේ , අර මනුස්සයාගේ ඇස් දෙකේ කදුළු පිරිලා . මට දික්කසාදය ලැබුන . මගේ හිත කිරි ගැහිලා ගියා . මාව ගැස්සිලා ගියා . මගේ කසාදෙ කොලේකට සිමා වෙලා උසාවියෙන්ම අවසන් වෙලා ගියා . මං කල්පනා කරා මට මොකද උනේ කියල , කේන්දර ගැලපෙන්නේ නැ කිව්වම , මට ඒ මිනිහව එපා උනා , ගෙදර කට්ටිය මට එක එක දේවල් කිව්වා . එත් මේ මිනිහගේ කිසිම වැරද්දක් මන් දැක්කේ නැ , මාව රැවට්ටුව තමයි , බොරු වයසක් දාල , ඒත් ඒක කරලා තියෙන්නෙත් මාව ඕන හින්දලු . මන් දැන් මොකද කරන්නේ , දැන් අපි දික්කසාද වෙලා . 

      සමහර විට මං ආයේ කසාද බදින එකක් නැතිවෙයි . දැන් මගේ වයසත් පහුවේගෙන එනවා . බැන්දත් අර වගේ මනුස්සයෙක් නම් මට ආයේ හමුවෙන එකක් නැ . කසාදයේ සතුටට  වඩා , මට දික්කසාදය දැඩි වේදනාවක් උනා . ඒත් අපි එක දවසක්වත් ලංවෙලා , ඉදල නැ , මට දැන්නම් , ඒ මනුස්සයා ගැන මොකද්දෝ ආදරයක් දැනෙන්න පටන් ගන්නවා .