Monday, November 24, 2014

රැඩිකල්වාදියාගේ පෙම්වතිය



නුඹ මට ආදරේට දුන්න පොපි මල 
මගේ මල් බදුනේ......
තනියම හිනැහෙනවා....... 

රතු පාටින් ගෙට ගහපු පීත්ත පටිය......
හුළගට ලෙළදෙන වාරයක් පාසා.....
මට නුඹව සිහි ගන්වනවා......

මතකද අපි ආදරේ කරපු විදිය .....
මගේ පෙම්බරයාණෙනි.......
නුඹ දැක ගන්න බැරුව ගෙවී ගිය වකවානු....

මන් ඇඩුවේ නෑ.. දවසක්වත් .....
කවදා හරි නුඹ ... මං  ලගට එන බව 
දැනන් හිටිය....... 

නිවහල් වූ ලෝකයක් ...... ගොඩ නගා ගන්න බැරිව 
අපේ ලෝකේ ගොඩ නගන්න බැරි බව 
නුඹ මට කිව්ව......

මං  බලන් හිටිය .... නුඹ ආ පසු.......
අපේ ලෝකේ තුරුළු වන්න......
නුඹ ආව.......

තනියම නුඹ ආව.......මාව සනසන්න.......
නුඹ ආව...... එක් අදුරු දවසක....
අපේ ලෝකය ගොඩ නගන්න......

ඒ අදුරු රාත්‍රියේ ...... බියකරු සීනයක් ලෙස
නුඹව කුදලගෙන ගිය ඒ යකඩ සපත්තු 
අඩි සලකුණු.......    

මගේ සිහිනෙ තාමත් සැරිසරනව......
අදුරු මතකයන් අතර පළමුව .......
අවසන් රාත්‍රියක් වූ .... අපේ සැමරුම්.....

අල්මාරියේ ගුලි ගැසී අභිමානව  
නුඹ සුවද ...... මවෙත පවරා.....
ආදරය මේ යයි ...... කියා දුන්න.....

තනි වූ පෙම්වතිය මං.....
නුඹ වෙනුවෙන් පෙළගැසුණු.....
ලෝකය වෙනුවෙන් ..... ජිවත්වෙමි......


[ ඉස්සරදි කියවූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතාගේ නම මතක නැති නව කතාවක් ඇසුරෙනි ]






Friday, November 21, 2014

චින්තන විප්ලවය.....

            

    මට දැනෙන දේ ඔබට නොදැනෙන්න පුළුවන්. ඇත්තටම ඒකට හේතුව කුමක්ද.....? අපේ රස වින්දනය පිළිබද ගැටළුවක්ද.....? එහෙම නැතිනම් අප ජිවත් වන සමාජ සංස්කෘතික වටපිටාවද එහෙමත් නැත්නම් මේ .... යටත් විජිත මානසිකත්වයද......?  මං ජිවත් වීමේ අරුත  සොයනවා. මගේ ඇස් දෙකෙන්. 
          මගේ අරමුණු ඔබට වඩා වෙනස්....... අඩු ගන්නේ අපේ ගෙදර පස් දෙනාගේම අරමුණු පහක් තියෙන්නේ...... ඒ ඇයි.....? මේවා  වරෙක ප්‍රජාතාන්ත්‍රිකයි  ,  නමුත් වරෙක රැඩිකල් . මේක එහෙම උනේ කොහොමද ....? 
            මං පොඩි කාලේ හිතපු විදියට නෙමෙයි දැන් හිතන්නේ, කාලෙන් කාලේ මගේ අදහස් වෙනස් උනා.....ටිකක් තේරෙන කාලේදී මං හිතුවේ කැම්පස් යන්න නෙමෙයි..... PTI කෙනෙක් වෙන්න. මොකද මට එදා ජිවිතයම උනේ ක්‍රීඩාව විතරයි.... අන්තිමේදී PTI කෙනෙක් වෙන්න බැරි උනාම  , මට යන්න ඉතුරු උනේ කැම්පස් එකට , මං මගේ දෙවෙනි කැමැත්තට ඉඩ දුන්නා . 
          ඒත් මගේ පලවෙනි රැකියා ස්ථානය  උනේ..... නිල දරුවන් සිටින තැනක්. එදා එතෙන්ට එද්දී, මං අද ඉන්න තැන දැකල තිබුනේ නැ. කාලයත් එක්ක මං මට ගැලපෙන තැනක රැකියාව නැවතත් ලැබුව .  මේ වෙද්දී මං කොයි තරම් අත්දැකීම් ලබල ඇත්ද කියල මටවත් හිතා  ගන්න බැරි උනා .  
         මේක තමා මගේ  ජිවිත පෙරලිය කියන්නේ. ජිවිතේ වරින් වර මුහුණ දුන් තත්වයන් මත, මගේ ජීවිතය ඉස්සරහට ගියා. මං හැමදාම කලේ මට හරියි කියල හිතෙන  දේ, ඒ තුල සම්ප්‍රධායන් වගේම,  වර්ධනීය අවස්ථාත් තිබුන. කොතනකටවත් සිමා වෙන්න මට අවශ්‍ය වුනේ නැ. වැදගත්ම දේ හිංසනය .......  , මා සැම තැනකදීම පිටු දැක්ක. 
                 මේ ආකාරයේ ජිවන රටාවක් මට තියෙද්දී, සමහරු මගේ කකුලෙන් ඇද්ද. වට්ටන්න උත්සාහ කලා. මං මගේ ගමන ගියා. මං ගියාට ඒ අය තාමත්   එතනමයි. හිමි කර ගන්න පුළුවන් බොහෝ දේ , මං  හිමි කර ගත්තා. 
          ජීවිතේට බොහෝ අවස්ථා ලැබීමෙන් මගේ අදහස් හා සිතුවිලි වෙනස් කියල තමයි අනෙක් අයට හිතුනේ. ඒත් .... මං දන්නවා, මේක තමයි සාමාන්‍ය කියල. 
           මේ තත්වයන්  මං වගේම සමහරක් විට ඔබත් අත්විදින්න ඇති. මට හිතෙන්නේ,   චින්තන විප්ලවය අප තුල ඇති වෙන්නේ, මේ ක්‍රියාදාමය ඔස්සේ වෙන්න ඕන. අප ලබන ජයග්‍රහණයන්, පරාජයන් .... අපව මෙහෙයවන බලවේග බවට පත්වෙලා. අපේ චර්යාවන් වෙනස් කම් වලට භාජනය කරනවා. 
             ඒ වගේමයි, සමාජ  බලපෑම්, ඒවාට අප වෙනස් වෙන්න ඕන ..... නිවැරදි නම් පමණයි. අහිතකර සැම ක්‍රියාවක්ම බලපාන්නේ, අපේ ඉදිරි ගමනටයි. හර්ද සාක්ෂියට අනුගත නොවන කිසිවක් , නොකරන්නේ නම්, පසුතැවිලි වීම් අඩුයි. 
   ස්ත්‍රී පුරුෂභාවය අනුව ..... මට දැනෙන්නේ.... ස්වභාව ධර්මය තුල ජිවින්ගේ අඛණ්ඩ පැවැත්ම සාක්ෂාත් කරන්න අවශ්‍ය නම්, ස්ත්‍රීන්, පුරුෂයන් තම තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත යුතුය. ස්ත්‍රිය ..... ස්ත්‍රීත්වය අභිබවා නොයා යුතුයි. ලෝකය තනන්න . දෙපාර්ශවයේම සහයෝගය ලැබිය යුතුය. 
          අප මේ සියල්ල කරන්නේ මනුෂ්‍ය පැවැත්ම උදෙසා නම්, ඒ සදහා භාවිතා කල යුතු ක්‍රමවේද අනුගමනය කල යුතුය. බලය, නීතියේ ආධිපත්‍ය හරහා ජන සංහාරය නොකළ යුතුය. බලය සැමදා අප හට ආකර්ෂණය නොවේ. බලය පතා. මනුෂ්‍ය වර්ගයා බලහත්කාරයෙන් එකරාශි නොකළ යුතුය. 
          චින්තන විප්ලවය ...... ජන විප්ලවයක් කරා ගෙන යාමේ අදුරදර්ශී ක්‍රියාදාමයන් හෙලා  දැකිය යුතු වේ.   
          මගෙන් පටන් අරන් මං මේ සටහන අවසන් කරන්න යන්නේ..... ජන විප්ලවයන් ඇති වන්නේ මන්ද කියන්නයි ..... එකිනෙක ගැටෙන මනස්  අභිබවා යන්න දරන ප්‍රයත්නය  නිසා තමයි. මේ ගැටුම උත්සන්න වෙලා තියෙන්නේ. 
එබැවින්....... චින්තන විප්ලවයකට මෙන්න ආරාධනා.......

Wednesday, November 19, 2014

මගේ මල......



නොපෙනෙන දුරක පිපුණු .....
පිපී..... සුවද දෙන......
මට අහිමි ...... මගේ මල.....

අතපොවනු නොහැක මට 
නුඹ වෙතට......
අපි දුර ඈතයි......තවත් ....

වියලි බිමක පීදුණු....
ලතෙත්..... නුඹේ වත.....
සුන්දරව...... පෙනෙන විට.....      

මගේ මල ... මට අහිමි.....
බව දනිමි.......
අත්හැරලන්නට .....ලෝබ .....

නාදුනන සමනල්ලු  .....
නුඹ  වටා ..... සැරිසරන කල....
මගේ හිත රිදුම් දේ..... 

මට අහිමි ..... නුඹ  සුවද.....
දැනෙන විට .... මගේ හිතට 
මට අහිමි නුඹේ අත.....
එක වරක්වත්........
සිපගන්න ඇත්නම්........