උඩු සුළඟ මුසුව ගිය සුනරුත් පැතුම් පොදි
හද දවා නෙතු පුපුර ගලා ගිය කදුළු බිඳු
ජීවිතය යදින්නක් කර මංමුලාව
හිරු සඳුද නොමැති කල දුකදුරුය හැම විලස
හමා ගිය සැඩ පාර ජීවිතය උදුර ගෙන
හිමිව තිබු වසන්තයේ විසිර ගිය සුසුම් වැල්
මාරුතය දරුණු මුත් ශේෂ වූ ගිම්හානේ
කෙබඳු ලෙස වැලපේද ගගනතම කළඹමින්
මලේ මකරන්ද පාව ගිය බොල් සුළගේ
වියලි බව නොම දැනුනි කටුක වූ දිවි දියඹේ
ඉරි තැලී බිද වැටි වල් වැදුණු හද දෙරණේ
කවර දින රැදෙවිද ලතෙත් වූ දිය බිදක්
වචන පෙළ නම අති විශිෂ්ඨයි දරුවා...
ReplyDeleteස්තුතියි..... ඔබතුමාට ...... සාදරයෙන් මගේ අඩවියට පිලිගන්නවා....
ReplyDeleteලස්සන පෙළගැස්මක්
ReplyDeleteස්තුතියි,,,,, ජිවන.....
Deleteජීවන යථාර්තය.. නේද නිහිංසා
ReplyDeleteජිවන යථාර්තය මට මතක් උනේ සුනාමි ව්‍යවසනයත් එක්ක ..... තනුජා.....
Deleteලස්සනයි..
ReplyDeleteස්තුතියි දිනේෂ්....
Deleteලස්සනයි... අපූරුයි ඇත්තටම
ReplyDeleteස්තුතියි...... මහේෂ්.....
Deleteකුණාටු හැමදාම තියෙන්නේ නැහනේ නිහංසා.
ReplyDeleteකුණාටු නිසල වෙන දවසක් ලඟදීම එවී.
ඔව්.... මනෝජ්....... ජීවිතය , වෙලාවකට , මේ වගෙයි..... හරියට සුනාමියක් වගේ..... ඒ ස්වභාවික අත්දැකීමයි.... මේ විදියට අකුරු කෙරුවේ....
Deleteඅලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය..
ReplyDeleteekathuwa.org
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..
ඔබ ... එය මතක් කලාට ස්තුතියි.....ඉක්මනටම ලියාපදිංචි වෙන්නම්.....
Deleteලස්සනයි හරිම රසයි...
ReplyDeleteස්තුතියි....... ඔබට.....
Delete