විවාහය යනු කිළිටි නොකළ යුතු පුජා භූමියක් ලෙසයි , මා දකින්නේ..... එය එතරම් වැදගත් සංධිස්ථානයක්. දෙදෙනකු අතර හුවමාරු වන හැගීම් සහ දැනීම්.... විවාහය අර්ථ ගන්වන්න වැදගත් වනවා කියලයි මට නම් හිතෙන්නේ.
මෙය සංස්ථාවක්, සංකීර්ණ ගනුදෙනුවක්. එකාත්මිය විය යුතු කලාවක්..... ඒත් විවාහය එසේ පවතියිද.....? සමාජ වෙනස්වීම් හා ගෝලීයකරණයේ බලපෑම් විවාහය වෙත එල්ල වෙද්දී, මේ පුජනිය බව කෙලෙසීමට .... විවාහ සංස්ථාව දෙදරීමට බලපාන්නේද යන්න සොයා බැලිය යුතුය.
මා වෙත බලපාන්නා වූ සමාජ සංස්කෘතික තත්වයන් මත මා මේ සටහන විග්රහ කිරීමට පමණක් බලාපොරොත්තු වේ. නුතන මතවාදයන් හා වෙනත් වෙනස්කම් ඇත්නම් පැවසීම..... ඔබට බාරයි.
විවාහය දෙදෙනකු අතර සිදුවන ගනුදෙනුවක් කියල මා වරෙක පැවසුවා. යම් විදියකින්, මෙය බල අරගලයක් ලෙස අර්ථ දැක්වීම සුදුසුද ..... මන්දා.....
මා වර්තමානයේ දකින සමාජ තත්වය මත මෙය බලය බෙදීමේ විෂමතා මත අරගලයන් කරා යන තත්වයක් විවාහය තුල ඉස්මතු වෙලා කියල දැනෙනවා. වරෙක සල්පිලක තබා වෙන්දේසි වන භාණ්ඩයක් ලෙස විවාහය ලංසු තබන ආකාරයත්, කඹ ඇදිල්ලේ ක්‍රීඩාව සදහා වෙනත් මුහුණුවරක් ගන්නා ආකාරයත්, තවත් වරෙක විවාහය මාර්කට් වන සංකල්පයත්..... ඔබ මා හිදින මේ සමාජ තලය තුල විද්‍යමාන වේ.
මේවා විවාහය තුල නිලින ලක්ෂණ ලෙස පෙර සමාජ තත්වයන් තුල පැවතියත්.... අද වන විට, විවාහයේ අඩු පාඩු ප්‍රසිද්ධ කර මඩ ගැසීමේ කලාව දක්වා වර්ධනය වූ පහත් මට්ටමේ ඇගයීම්..... සමාජයට මුදා හැර ඇත. එම අදහස් සංසරනයත් සමග විවාහය යනු කුමක්ද....? සැබෑ අරමුණු මොනවාද යන්න අප ඇත්තෙන්ම සෙවිය යුතුද.......?
එයද පෞද්ගලික කාරණාවකි. තම විවාහය තිබිය යුතු ආකාරය මනෝ චින්තනය වන්නේ තමාටම බැවිනි. මෙම චින්තනය දෙදරා යාමේදී..... විවාහ ගැටළු ඉස්මතු වනවාද යන්නත් වරෙක සිතේ.හැමෝම දන්නා පරිදි , අපේ ප්‍රසිද්ධ චරිත දික්කසාද කරා යාමට සිදු උනේ ..... මේ මනෝ රාජික විවාහයේ ප්‍රතිපලයන් භුක්ති නොවිදිම හේතුවෙන් වන්නට පුළුවන.
උදාහරණ ලංකා සමාජයෙන් ගත් කල ප්‍රසිද්ධ වූ කරනා කීපයක් මත පදනම්ව මා මෙසේ ලියමි.
ජනාදරී අද මෙසේ කියයි....... 'මාව මගේ ස්වාමිපුරුෂයා වෙළද භාණ්ඩයක් ලෙස යොදවා , මා හට සාධාරණය ඉෂ්ඨ කලේ නැ'....... ඔවුන් අද වෙන්ව වසයි..... හදගම නිහඩය. ඇය පමණක් කතා කරයි. දෙදෙනාම දක්ෂයින්ය. විවාහයේ අරමුණු වලට වඩා දෙදෙනාම ප්‍රබල වුයේ, වෙළද අරමුණු තකාය. විවාහයේ ප්‍රථිපල දරු දෙදෙනාය.ඔවුන් මේ ගැටුමේ ප්‍රථිපලයන් ..... භුක්ති විදින්නෝය. විවාහයේ යුධ ගිනි ඔවුන් වටා ඇවිලේ.
මට මතකයි..... සුදත්...... සත්‍යංගනීට මෙලෙස කිවා.... ' අපි දෙන්නා ගස් දෙකක් ..... ගහකට එතෙන්න ඕන වැලක්...' ඒ හන්ද වෙන්ව යමු..... ඒ ගෞරවාන්චිත වෙන්විමකි. ශක්තිමත් දෙදෙනකු එකතු වූ කල විවාහය අර්ථ නොගැන්වෙන බව ඔවුන් නිහඩව වටහා ගන්න ඇති. ඔවුන් අද වෙන් වෙන්ව නව විවාහයන් භුක්ති විදිමින් සිටිති.
උදාහරණ දෙස බැලීමේදී, මේ විවාහයද.....කියල සිතන තරමට ගැටළු සංකීර්ණ බව පෙනේ. බල අරගලයන් කරා සටන් වැද ...... අවසානයේ ලැබෙන්නේ මොනවාද.....? කලකිරීම් පමණි. විවාහයේ නායකත්වය සැම විටම හිමි වන්නේ බිරිදටද, ස්වාමිපුරුෂයාටද.....? ස්ත්‍රී පුරුෂභාවය විවාහය තුල වැදගත්ද......? බලය බෙදීම විවාහයට වැදගත්ද....? මේ සියළු කාරණා එකතු වූ කල විවාහයද දේශපාලනීකරණය වී ඇති බව සිතා ගත හැක.
විවාහය තුල ක්‍රියාත්මක වන මේ නිලින දේශපාලනය, බල ලෝභය, ආර්ථික අරමුණු .... ඇති තාක් විවාහයේ උත්තරීතර පරමාර්ථ ඉටු වන්නේ නැත. ශුද්ධ වූ විවාහය අපායක් වන්නේ, මේ දේශපාලනය විවාහ සංස්ථාව තුලට වැද්දා ගැනීම නිසා බව මට සිතේ.
පළවෙනි වාක්කියෙන්ම මට මේක කියවන එක එපා උනා..
ReplyDeleteහිතා ගන්නවත් බැනේ..... විවාහය තුල දේශපාලනය තියෙන්නේ කොහොමද කියන එක.දේශකතුමනි.....
Deleteවිවාහයක් සත්‍ය වශයෙන්ම වෙනම දේශපාලන කුටුම්භයක්. ඒ තුල ප්‍රකට වන නොයෙකුත් අරගලයන්, ඉල්ලීම්, විසඳීම්, ලබාදීම්, පිළිගැනීම්, ප්රතික්ෂේපකිරීම්, අනුමතවීම් ආදී නොයෙකුත් ජාති තියෙනවා. දැන් පෙනෙන්නට තිබෙන easy going තත්වය මේ සියලු කාරනා ඉටුකරන්නේ නැති උනහම ගොඩක් සංකීර්ණ ප්‍රශ්න ඇතිවෙන්නේ.
ReplyDeleteඇත්තටම ප්‍රේමය කියන දේ බිහිවෙන්නේ විවාහයේදී ( එහෙම යමක් ඒ බැඳීමේ තිබේ නම්..)
උපේක්ෂා...... මගේ අඩවියට ඔබව පිලිගන්නවා.... මුලින්ම... විවාහ බල අරගලයෙන් පරාද වෙච්ච කෙනාද..... easy going සංකල්පය තුල ක්‍රියාත්මක වෙන්නේ....ඇත්තෙන්ම මෙය නිසාම තමයි living together දක්වා ...වර්ධනය වෙලා තියෙන්නේ.....
Deleteබැදීම තුල ප්‍රේමය උපදිනවා....... මේ තත්වය විවාහය තුල දේශපාලනය බිහිවීමේ හැකියාව අඩුයි....
නැහැ මම අදහස් කලේ විවාහය තුල තිබෙන මම කියපු 'දේශපාලනික' ලක්ෂණ වලට ඉඩ නොදෙන ගතිය.
Deleteඒ කියන්නේ උදාහරණයක් විදියට 'ප්‍රතික්ෂේප කිරීම' හිතන්න. යම් යෝජනාවක් /පුද්ගලයෙක් විවාහය ඇතුලෙදි ප්‍රතික්ෂේප උනහම/එහෙම වෙන්න යනකොට කෙනෙක්ට ගණන් නොගෙන ඉන්නත් පුළුවන් ( මම නෑ ඔය ජරා දේශපාලනේට වගේ පණ්ඩිත වාක්‍යක් කියල) නැත්තම් ප්‍රතික්ෂේප කිරිල්ල ගැන අරගල/ඉල්ලීම්/බැගෑපත්වීම් මගින් ප්‍රතිචාර දක්වන්නත් පුළුවන් ( එන්න අපි දේශපාලනය කරමු!)
තත්වයේදී වෙන්නේ.... බැඳීම පවත්වාගැනීමට ඒ වගේ අරගල/ඉල්ලීම්/බැගෑපත්වීම් ආදිය නැතුව නිකන්ම දේශපාලනිකව අසංවේදී වෙනවා. එතකොට විවාහය ගොඩක් වෙලාවට පුරවන්නේ නීතියෙන් පුරවන කොටස පමණයි. ( මම කියන්නේ සජීවී සංවාද, මතවාද ආදිය තිබිය යුතුයි විවාහ ජිවිතේ තුල... නැත්තම් පාලු ගෙදර වලන් බිඳිනවා වගේ) living together කියන්නේ experiment එකක්! හා එහෙම නොවෙයිද?
බැඳීම් ඇතුලෙත් දේශපාලනය තියෙනවා. එහෙම බැඳීම් හින්ද තමයි තව කෙනෙක් ගැන හිතලා තමුන්ගේ බලය, ධනය කැපකරන්නේ.
//
DeleteEasy going තත්වයේදී වෙන්නේ.... බැඳීම පවත්වාගැනීමට ඒ වගේ අරගල/ඉල්ලීම්/බැගෑපත්වීම් ආදිය නැතුව නිකන්ම දේශපාලනිකව අසංවේදී වෙනවා.//
උපේක්ෂා ඔබ උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කරා. ඇත්තෙන්ම අළුත් අදහසක් මා ඒකෙන් ගත්තා.....මට අවශ්‍ය වෙනස් සංකල්ප ..... ඔබ වගේම ස්තුතියි...... ඔබට නැවතත්.......
Deleteවිවාහක දෙපොළ එකිනෙකාට වෙනස් දේශපාලන මත දැරීම ලොකු ප්‍රශ්නයක් කරගන්නේ පෙරදිග (ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, අපේ 'සිලි' ලංකාව) රටවල පමණයි. දේශපාලන අදහස් සමග විවාහ ජීවිතය පටලවා ගන්නේ නැතුව ඉන්න අපේ රටේ හරි අමාරුයි. අපිව පොඩි කාලේ ඉඳලම හදලා තියෙන්නේ දේශපාලනය කියන්නේ කාකොටා ගැනීමක් කියන සංකල්පයෙන්. නමුත් අවබෝධයෙන් යුක්තව විරුද්ධ මතධාරී දේශපාලන අදහස් දරන විවාහකයන් අපේ රටෙත් සෑහෙන්න ඉන්නවා.
ReplyDeleteවිචාරකතුමනි..... දෙපොළක් .....දේශපාලන මාත දෙවිදියකට දැරීම සාමාන්‍ය දෙයක්. .... විවාහය පවත්වා ගෙන යාමට එක මතයක් යටපත් උනොත්..... විවාහය ගැටළුවක් නැ. මත දෙකකට පවතින්න නම්..... පෙරමුණු ආණ්ඩුවකට අත්සන් කරන්න ඕන...... දෙදෙනාගේත්..... තුන්වන පාර්ශවයන්ගේත්...... මත වලට ඉඩ දෙනවා කියල......
Deleteපවතියිද.....? මේ පෙරමුණු ආණ්ඩු..... විවාහය තුල....
හිකිස්.. පක්ශ මාරු කරන්නත් පුළුවන්ද?
ReplyDeleteවිහිළු නෙවේ.. එකට ඉඳල වෙන්වුණු අය කියන කතායි, වෙන්වෙන්න ඕනි උනාම හොයා ගන්න හේතුයි බැලුවම නම් විවාහයත් දේශපාලනයක්ම තමයි.. අනික එකට ඉන්නකම් මොන ගිනි ඇතුලෙ තිබ්බත් පිටට දෙන්නෙත් නෑනෙ..
කලණ මිතුතොමෝ..... විවාහ වෙන්වීම් වලට හේතු හොයන ඇය සහ වෙන්වුන අය වැඩිපුරම කියන්නේ බොරු.....
Deleteඉස්සර ගෙයි ගිනි පිටට දුන්නේ නැ...... දැන් දෙනවනේ...... ඒකනේ ඒ දුම් අපි දකින්නේ.
මම පොඩි එකානේ... සෝ මට ඔය දෙකම දැන්මම වැඩක් නැතෝ...........
ReplyDeleteඋමා....... ලොකු වෙන්න කලින් යන්න ඕන පාර දැන ගන්න ඕන.....
Deleteවිකාරයි වගේ
ReplyDeleteඒත් මට හිතෙන්නෙ
දෙන්න දෙන්න ගැන තේරුං ගන්න ඕන කියල විතරයි රටේ ලෝකෙ මොකා කෝම හිටියත් අනික් උං දිහ බල බල සංසංදනය කර කර මගුල් කන්න ගියොත් ඒ ලයිප් එකම ඩලේඩල්
ඔව්.... මහේෂ්...... සංසන්දනයේදී ලැබෙන්නේ වැරදි පුර්වාදර්ශ විතරයි...... තමන්ට අවේනික ජිවන රටාවක් හදා ගැනීම තමයි වටින්නේ.....
Deleteදෙන්නට දෙන්න තෙරුන් ගන්නවා කියන්නේ එතැන...... ගැටුමට ඉඩ අඩුයි....
අද කාලයේ විවාහය ආදරය මතම පදනම් වෙන්නෙ නැත.ඒක තීරනය වෙන්නෙ සම්පූර්ණයෙන්ම භාහිර සාධක මත.තමන්ගේ මගුල්ගෙය (වෙඩිම )ගැනීමේ සිටම බලන්නේ අනිකාට වඩා දෙවනි නොවීම ,අනිත් අය මොනවා කියාවිද යන තෙවනි පන්තියේ සාධක තමන්ගේ විවාහ දිවියට පදනම් කරගනී.එතුලින් සෙතක් වන්නේනම් නැත.ඔබ පැවසු ආකාරයටම,සන්සන්දනය යනු විවාහයට මාරකයකි.
ReplyDeleteපෞද්ගලිකව විශ්වාස කරන ආකාරයට දෙදෙනාම එකම මතධාරීන් වූ විටද මෙලෝ රහක් නැත.හරියට ඔයා පාන් වලට කැමති.මමත් කැමති.ඒ නිසා අපි පාන් කමු යැයි කී විට 365 දවසෙම පාන්ය. වෙනස් වූ විට දිවිය ජොලිය.ගහකට ගසක්වත්,වැලකට වැලක්වත් ගැලපෙන්නේ නැත.සුන්දර වන්නේ ගසක් සහ වැලක් එකට සහයෝගීව එක්වී එකට වැඩෙනා විටය.
මිතුර...... විවාහය ආදරය මත පදනම් වනවා අද අඩුයි තමා. විවාහය ආර්ථික සාධක මත තීරණය වී, ඇරඹෙන විට දෙදෙනාගෙන් එක් අයෙක් රැඩිකල්වාදී වීමට පටන් ගනී.....
Deleteහොදම ගැලපීම එකිනෙකට අවනත වීමයි. ඒ කියන්නේ විවාහය ප්‍රජාතාන්ත්‍රික වීම තමා වටින්නේ.....නේද.....?
අවනත වීම නොව එකිනෙකාට ගරු කිරීමයි.ගරුකිරීම,අවනතවීම ලෙස අරුත්ගැන්වූ කල ,දිනක ඇතිවන හීනමානය මගින් සිදුවන්නේ ඝට්ටනය වෙත පා එසවීමම පමණි.
Deleteඔබ හරි..... අවනත වීම නොව ...ගරු කිරීම තමයි, වෙන්න ඕන.....අවනත වීම තුල හීනමානය උපදිනවා.....
Deleteතේරුම් ගැනීම..ඉවසීම..කැපවීම තමයි සාර්ථක විවාහයක අඩිතාලම..
ReplyDeleteඔව්.... දෙයියෝ...... මේ කාරණා තුන ...... විවාහයට ඕනෑමයි.....එතන ගැටීම අඩුයි....
Deleteවිවාහය නේද. හරි බර සාර මාතෘකාවක් අප්පා..
ReplyDelete