Sunday, May 3, 2015

කදුළු විතරද මන්දා.....



මං අද ..... කොටු පවුරෙන් වටවුනු  හුදෙකලා කුටියක, දුක් විදින්නේ සුසුම්ලන්නේ ..... කාගේ වරදින්ද කියල  හිතා ගන්න බැ. 
මං වැරදිද.......? ඇත්තටම මං වැරදිද ......? ලෝකෙම මගේ දිහාට ඇගිල්ල දික් කරලා කිව්වේ මොනවද .........
උඹ....... හොර මිනිහ එක්ක එකතු වෙලා මිනිහ මරා ගත්ත ගෑනි කියල නේද..... 
ඔව්....... මං මිනිහ මරා ගත්ත ගෑනි තමයි........ මං හිරේ ගියේ ඒකට..... මේ ලෝකේ විදින්න ඕන අවනම්ඹු  වින්දා ....... කුණු කතා හැම එකක්ම මං ඇහුව....... තව මොනවද....... මට අහන්න ඉතිරි වෙලා තියෙන්නේ. 
ලැජ්ජාව....... බය කියන එක ...... මට දැන් දැනෙන්නේ නෑ.
පාතාල ලෝකේ ...... run කරන කුඩු ගෑනුන්ගෙයි , මගෙයි අතර මොකද්ද දැන් තියන වෙනස...... මං  නිදා ගන්නෙත් උන්ගේ  කබල් පැදුරෙ කොනක. කන්නේ ...... උන්ට දෙන බත් පතමයි. උනුයි...... මායි සමාන  වෙන්නේ ඔන්න ඔතනදි. අපි ඔක්කොම වැරදි කරපු ගෑනු  ....... 

මට දුක මගේ දුව ගැන ...... කෙල්ල කොන්වට් ඒකට වෙලා දැන් මොනවා කරනවා ඇත්ද......?
මමී...... පපාව මැරුවේ ඇයි කියල ..... කෙල්ල මගෙන් ඇහුවේ නෑ. සහන්ගේ අම්ම මට ඔක්කොම ඉස්සරහ කිව්වේ මිනීමරු ගෑනි කියල.....  දුව බයවෙලා බලන් හිටියට , ආච්චි ලගට ගියේ නෑ. 
මමී...... මමී..... කිය කියා ...... මට තුරුල් වුණා. දුට මේව නොතේරෙනවා කියල හිතන්නත් බැ. සහන්  මට ගහද්දි..... දු පැටියා විතරයි...... මං අඩන හැටි දැක්කේ......
පපා .....  මමිට ගහන්න එපා කියල කෑ ගැහුවත්...... සහන් නෙමෙයි කෙල්ල දිහා ඇහැක් ඇරල බැලුවේ. තිරිසනෙක් වගෙයි වෙලාවකට හැසිරුනේ. 
දුට හිටියේ මං විතරයි. ඒකයි මට දුක....

මට මගේ කෙල්ල දකින්න වෙන්නෙත් , මාසෙකට සැරයයි. 

ඒ මුසල දවසේ කෙල්ල මගෙන් ඈත් කරේ, නීතියට යටත්වයි. සහන්ගේ මරණය පිළිබද තිබුන එකම සාක්ෂිය , මගේ දුව. මට දු ගෙන් ඈත් වෙන්න සිද්ධ උනත්, මාසයකට සැරයක් වත් දකින්න , මට උසාවි නියෝගයක්  ගන්න උනා.  සිස්ටර් මාසෙකට සැරයක් කෙල්ලව මං ගාවට එක්ක එනවා. 

සති දෙකෙන් දෙකට මං උසාවි ගියා. හිර ගෙදර බස් එකේ , තල්ලු වේවි, දාඩිය මුගුරු දාගෙන , නම කතා කරනකන් උසාවි කුඩුවට වෙලා හිටිය. අනිත් කුඩුවෙන් රගුනාදන් විත්ති කුඩුවට ගොඩ වෙද්දී,  මාත් ඒ පස්සෙන් හිට ගත්ත. කුඩුවට නගිනවා, බහිනවා........., මාස ගානක් යනකන් ඔය විදියට අපට ඇපවත් ලැබුනේ නෑ. 
රගුනාදන් මං දිහා දැන් බලන්නේ පුදුමාකාර තරහකින්. නාදුනන දෙදෙනෙක් වගෙයි, අපි උසාවියේදී හම්බ උනේ. 
මට ආරංචි උනා, රගුනාදන් පොලිසියට කියල තියෙන්නේ මං සහන්ව රගුනාදන් ලව්ව  මැරෙව්ව කියල. දෙවියන් වහන්සේ විතරයි දන්නේ  මං නිර්දෝෂයි කියල 
මගේ පව් ..... මටමයි ගෙවන්න වෙන්නේ. මට ඉන්නේ අම්මයි, තාත්තයි විතරයි. ඒ ගොල්ලන් අකමැත්තෙන් මං සහන්ව බැන්දේ . ඒ පව තමයි මම  අද ගෙවන්නේ. ඒ ගොල්ලන් උසාවි එන්නෙත් නෑ. මාව බලන්න හිර ගෙදරට එන්නෙත් නෑ............  ලැජ්ජාවට 

මට මතකයි සහන්ව මුලින් හමු වෙච්ච හැටි....... 

good morning sir......
good morning , take a sit.......

'අරලියා' ගාමන්ට් එකේ සෙකට්‍රි පෝස්ට් එකට මං ඔහොමයි ආවේ. සහන් තමයි මගේ බොස් . 'අරලියා' ගාමන්ට් එකේ අයිතිකාරයා, මගේ සැමියා වෙයි කියල , එදා මට නිකමටවත් හිතුනේ නෑ. 
නොගැලපෙන විවාහයකට සියළු බාධක මැද මං එකග වුනේ, හරියට රටක් රාජ්‍යක් ලැබුන රැජිනක් වගේ. 

මොකද්ද ..... මගෙයි, සහන්ගෙයි නොගැලපීම ....... සහන් මට වඩා අවුරුදු විසිදෙකක් වයස වැඩි කෙනෙක්. අපේ වයස් පරතරය නොගැලපීම් ගොඩකට මග පෙන්වන්නක් බව , එදා මට තේරුනේ නෑ.  

මගේ ලස්සනට....., ලාබාල කමට තමයි .... සහන්ගේ හිත ගියේ. ඒත් ඒ දේවල් තාවකාලිකයි කියල , එදා අපි දෙන්නටම හිතුනේ නෑ. 

බැදලා අවුරුදු එකහමාරක් විතර යනකොට මගේ දු පැටියා අපි අතරට ආව. මගේ ලෝකයම උනේ මේ කෙල්ල. 

සහන් මට ඕන තරම් සල්ලි දුන්නා. මට කිසි කරදරයක් ගෙදර තිබුනේ නෑ. ඒත්...... මං ආසයි ලස්සනට ඉන්න. කෙල්ල ලැබිල හිටියත්, මං තවත් ලස්සනට පේන්න පටන් ගත්ත. මගේ මේ පිළිවෙල සහන්ට  රුස්සන්නේ නැතිව ගියා. එයාට මාව සැකයි. හැමදාම දවස පටන් ගත්තේ ප්‍රශ්නයකින්, බහින් බස් වෙලා. 

ඉවසල බැරිම තැන, සහන් මට බනින කොට , මාත් එකට එක කියන්න පටන් ගත්ත. මට සහන්, එන්න එන්නම එපා උනා. එයාටත් , මාව පෙනුනේ වහ කදුරු වගේ. සහන් මට එක එක මිනිස්සු පාවල බනින්න පටන් ගත්ත. 
අම්මලගේ හිත රිදවපු පාපයට වෙන්න ඇති. මට මෙහෙම උනේ. කවුරුත් මේ ප්‍රශ්න වලට මැදිහත් උනේ නැත්තෙත් ඒකයි  . මගේ ලග හිටියේ දුව  විතරයි. මං වෙලාවකට දුව තුරුළු කරන් ඇඩුව. 

මමී....... අඩන්න  එපා මමී....... තාත්තා ,,,,,, නෝටි...... 


මම තාත්තා ගැන දුට කොහොම තේරුම් කරන්නද.....? අපිට පවුලක් විදියට කවදාවත් එකතු වෙලා ඉන්න බෑ ...... මගේ දුව. 

ඔය විදියට මං මගේ කසාදය තුල හුදෙකලා වුනේ නිකන්මයි. කතා බහ කරන්න කෙනෙක් නැහැ. එලියට බහින්න විදියක් නෑ. ඔක්කොම මට තහනම්.
ඔය අතරේ අල්ලපු ගෙදර පදිංචියට , කුලියට ගේ අරන්, රට ඉදල ආපු කෙනෙක් ආව. එයා තමයි රගුනාදන් ..... තලෙළු පැහැයෙන් යුත් ඔහු කඩවසම් තරුණයෙක්. ද්‍රවිඩ ජාතිකයෙක්.
දවසක් , මිදුලේ ඉන්දෙද්දී මාත් එක්ක හිනා උනා. කල්ප කාලෙකින් දැක්ක මනුස්සය වගේ මාත් හිනා උනා. ඔහොම ලාවට පටන් ගත්ත ඇයි හොදැයිය ...... සහන් ගෙදර නැති වෙලාවට අපේ ගෙදර එන්න තරම් දුර ගියා. කොහොමත්, සහන් ගෙදර එන්නේ හැමදාම රෑ වෙලා. 

කාලයත් එක්ක, මං රගුනාදන්ට ගොඩක් ලං වුණා. දුත්  , රගු අන්කල් කියල .... රගුනාදන් එක්ක ඉක්මනටම යාළු උනා.

මං හැමදාම බලන් හිටියේ රගුනාදන්ගේ ආශ්‍රයේ කාලය ගෙවන්න. 

රගු කිව්වා,


 අපි බදිමු...... නැත්නම් පැනල යමු......කියල. 
මං කිව්වා ....... දු , දාල මං කොහොමද යන්නේ . ......

රගු දවසක්, කියපු කතාවට  මගේ ඇස් දෙක උඩ  ඉන්දුන ,  ඒක අහල. 

අපි සහන්ව මරමු..... ඔයාට එයාගෙන් කරදරයිනේ. අනික, සහන්ගෙන් දික්කසාද වෙන්නේ නැතිව මට ඔයාව බදින්නත් බැනේ. .....

සහන්ට මං ද්‍රෝහී උනාට ,  එයාව මරන්න තරම් හිතක් මට තිබුනේ නෑ. 

රගු කියපු ඒ කතාව මං එච්චර ගණන් ගත්තේ නෑ. මං හිතුවේ, මං ගැන අනුකම්පාවෙන් රගු ආදරේට කියපු කතාවක් කියල. 

එදා හොදටම කරුවල දවසක්....... වැස්සත් ටිකක් තදේට තිබුන. දොරවල්, ජනෙල්  එකට එක වදින්න ගත්තා. මං දුවත් තුරුළු කරන්, නිදා ගෙනයි හිටියේ. සහන් ආවද  කියලවත් මං දන්නේ නෑ. වෙනදාටත් මං හොයන්නේ නෑ. අපි නිදා ගන්නෙත් කාමර දෙකක. 

එක පාරටම පල්ලෙහා මර ලතෝනි දෙන සද්දයක් ඇහුනා. මොකක් උනත්, ඒ විලාපෙට මං පල්ලෙහාට දිව්වේ එක පිම්මට, 

සිද්ද වෙච්ච දේ මටම අදහ ගන්න බැරි උනා. පිහියක් අතින් අරන් රගු ඉන්නවා , සාලේ මැද්දේ. මං රගු ලගට දිව්වා...... මොකද උනේ බලන්න. 
සහන්....... සහන්........ ලේ පෙරාගෙන කාපට් එක උඩ වැටිලා හිටියා. ඔහු හිටියේ උඩ බැලි අතට , එහෙම ඉදන් මං දිහා බැලුව. මං පහත්  වෙලා සහන් කියල කතා කරා....... අනේ එයා එක පාරටම ඇස් පියා ගත්තා. දුවත්, මගේ සද්දෙට පහලට දුවල ආව. දුව එනකොට රගු පිහියත් අරන් යන්න ගිහින්. 
පපා...... මොකද උනේ ..... මමී කියන්න මොකද උනේ කියල....... ඇයි පපා...... ලේත් එක්ක ඉන්නේ .......
අනේ පැටියෝ..... මං එනකොට පපා , වැටිලා හිටියේ. 
මට කියන්න පුළුවන් එච්චරයි....... මං කොහොමද කියන්නේ දුට , රගු අන්කල් පපාව මැරුව කියල.  
මං දන්නවා. රගු සහන් මැරුව කියල. දුට විතරක් නෙමෙයි, ඒ වෙලාවේ මං මුළු ලෝකෙන්ම හැංගුව, රගු ..... සහන්ට පිහියෙන් ඇන්න කියල.

අපේ සද්දෙට වටපිටාවේ ගෙවල් වල ඉන්න අයත් ආව. මං දු බදාගෙන ඇඩුව. සහන් මැරිලලු. 

පොලිසියෙනුත් ආව. සහන්ව සුදු රෙද්දකින් වහල අරන් ගියා. පොලිසිය මගෙන් ප්‍රශ්න කරා. සිද්දිය ගැන. මං රගු ගැන කිව්වේ නෑ. මං පහලට එනකොට සහන් වැටිලා ඉන්නවා දැක්ක කියල විතරයි මං කිව්වේ. 
සහන්ගේ මරණය ගැන ගැන දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කරා. පොලිසියට මාව සැකයි. මොකද වටපිටාවේ මිනිස්සු පොලිසියට කියල අපි නිතරම රණ්ඩු  වෙන බව. 

මං හිතුවේ නෑ. රගු ගෙයි  මගෙයි සම්බන්ධෙ අනිත් අය දන්නවා ඇති කියල. ඒත්....... අනිත් අයට ඒ ගැන ඉව වැටිලා . පොලිසිය ඒ ගැනත් මගෙන් ඇහුවා. 
එදා උදේ වෙද්දී , පොලිස් බල්ලෝ ගෙනාව, මරණයේ තව සාක්ෂි හොයා ගන්න. එකෙක් ගිහින් නතර වෙලා තියෙන්නේ , රගු ගේ ගෙදර, රගු ගෙදර ඉදල නෑ. ගේ වහලා. පොලිසියට තවත් මං ගැන සැකයි.

සහන්ගේ මිනිය පෙට්ටියක දාල ගෙදර ගෙනාව. මං සහන් ලගට වෙලා පුටුවක් තියන් දුත් එක්ක වාඩි වෙලා හිටිය. සැරින් සැරේට ඇඩුව. එයාගේ නෑදැයෝ, යාළුවො හැමෝම සහන්ව බලන්න ආව. සහන්ගේ අම්ම, ඊයේ ඉදන්ම අපේ ගෙදර . 
පොලිසිය රගුව හොයාගෙන පොලිසියට අරන් ගිහින් කියල කවුදෝ කියනවා මට ඇහුනා. මං ගැස්සුනා ඒ ආරංචියත් එක්ක. 

මගේ පුතා මරා ගත්ත මිනීමරු ගෑණි...... උඹත් මැරියන්...... පලයන් පුතා ගිය තැනටම. කියා කියා ...... එක පාරටම සහන්ගේ අම්ම කෑ ගහන්න පටන් ගත්ත. මල ගෙදරට ආව හැමෝම පෙට්ටිය ලග පිරෙන්න ගත්ත. මං තවත් හයියෙන් කෑ ගහල ඇඩුව. 

හවස් වෙද්දී පොලිසියෙන් ආයෙත් ආව,.........මං දන්නවා  මාව එක්කන් යන්න තමයි එන්නේ කියල ...... හැමෝගෙම ඇස් බැළුම් මැද , මං ගිහින් ජීප් එකෙන් වාඩි උනා. දු පැටිය කෑ ගහල ඇඩුව. මමී..... යන්න එපා කියල .දු අඩද්දී, මං මගේ ඉරණම් ගමන ගියා. 


රගු ..... පොලිස් කුඩුවේ ඉදන් , මං දිහා රවාගෙන ඉන්නවා මං දැක්ක. එයා හිතන් ඉදල තියෙන්නේ මං තමයි, රගුව අල්ලලා දුන්නේ කියල, ඒකයි, මට විරුද්ධව සාක්ෂි දීල මාවත් පොලිසියට ගෙන්න ගත්තේ. මං කවදාවත්, මේ අපරාධයට අනුබල දුන්නේ නෑ. දෙවියන් වහන්සෙයි..... මමයි විතරයි ඇත්ත දන්නේ. 

රගුගෙයි, මගෙයි අනියම් සම්බන්ධය දිගටම ගෙනියන්න ඕන නිසා, මං රගු ලවා සහන්ව මැරූ බව තමයි මුළු ලෝකයටම ඇත්ත වුනේ. 

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, ඊට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යටතේ , මට නඩු පැවරුණා. 

ඉතින්, මං නොකළ වරදකට හිරේට එන්න සිදු වුනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා වෙන්න ඇති. මං වරදක් කලා.

 ඒ ...... සහන්ට ද්‍රෝහී වීම, ඒකට ලැබුන දඩුවම තමයි මේ.

මං අම්මලගේ හිත් රිද්දුව, නොගැලපෙන කසාදයක් කරගෙන. 
ඇයි මං වැරදි කලේ. දෙවියන් වහන්සේ ඉදිරියේ ...... මං හැම දෙයක්ම පාපොච්ච්ච්රණය කරනවා. 

අම්මයි, තාත්තයි වයසයි...... ඒ දෙන්නම ලෙඩ ගානේ හිටියේ. මං පවුලේ එකම ළමයා. අපිට ගොඩක් සල්ලි තිබුනේ නැ. අපි අමාරුවෙන් ජිවත් වුනේ. ඒකයි මං රස්සාවකට ගියේ. සහන්ට සල්ලි තිබුන නිසා මං සහන්ව බැන්දා. මට හැම සම්පතක්ම ලැබුන. 

ඒත්....... මට ඕන ආදරේ සහන්ගෙන් ලැබුනේ නැ. ...... එයා මාව තේරුම් ගත්තේ නෑ...... දුටයි. මටයි..... හොදින් සැලකුවේ නෑ. 

මං රගු එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්න හේතු උනේ ඒක. මං නරක ගෑනියෙක් නෙමෙයි...... මට ඕන වුනේ ආදරය........ රගු මට ආදරය දුන්නා. 

මං දන්නවා දැන්......ඒකත්....... බොරු ආදරයක්  බව. එයා සහන්ව මැරුවේ, ඇයි කියල මට දැන් තේරෙනවා. සහන්ව මැරුවම මාව බදින්න ලේසියි. ඊට පස්සේ, සහන්ගේ බුදලේ ගන්න ලේසියි. ඒකයි, රගුගේ plan එක. 


මං දන්නේ නැති උනාට අනිත් ඔක්කොම දැනන් ඉදල තියනවා, රගුගෙයි, මගෙයි සම්බන්ධෙ. අපි කරන සමහර දේවල් අපිටම පේන්නේ නෑ. ඒත්.... ලෝකය අන්ධ නෑ. 

එක ප්‍රශ්නෙකට උත්තර හොයන්න , මං තෝරාගෙන තියෙන්නේ, කවදාවත් උත්තර නැති ප්‍රශ්නයක්. ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර හොයන්න බෑ කියල මං දැන් දන්නවා. 

ආදරය, රාගය තාවකාලිකයි. ඒ හැම දේකින්ම සිද්ධ වුනේ මගේ ජීවිතය විනාශ උන එක විතරයි. මං විතරක් නෙමේ මගේ දුගේත්, අපි දෙන්නටම ලෝකෙට මුණ දෙන්න බැරිව ගියා. 

කෙල්ල කොන්වට් එකේ ඉන්න එක මට සැනසීමයි. උසාවියෙන් කැමති උනා. භාරකාරත්වය තාවකාලිකව කොන්වට් එකේ සිස්ටට දෙන්න. 
මට ඇප ඉල්ලන්නවත් කෙනෙක් නැති උනා, මට උදව් කරන්න කැමති උනා. මෙහේ ඉදල එලියට බැස්ස කෙනෙක්, ඇප ගන්න ලෝයර්ස්ලට කතා කරන්න. ඒත් සල්ලි වලට, කමක් නෑ ........ කොහොම හරි මට එලියට යන්න ඕන. මගේ කෙල්ල හින්දා. ඒකිටවත් ජීවිතය දෙන්න ඕන.

නඩුවෙන් මට මොන වගේ තීන්දුවක් ලැබෙයිද කියන්න බෑ, රගු දැන් බොරු සාක්ෂි දෙන්න plan කරලා තියෙන්නේ. මට වටින් ගොඩින් ආරංචියි. කමක් නෑ. එන විදියකට ජීවිතේට මං මුහුණ දෙනව. මට දැන් හැමදේම පුරුදුයි. තව වෙන්න දෙයක් නෑ. 

ජීවිතය කුමක්ද කියා හරි හැටි නොදැන ජීවිතය වරද්දා ගත්..... සියළු දෙනාට මේ කතාව, ආදර්ශයක් වෙන්න කියලයි මං මේ කතාව ලිව්වේ, ඒත්.... නම් ගම මනංකල්පිතයි.සත්‍යට ඉතා ලගයි. 














Monday, April 27, 2015

පාපොච්චාරණය .......


මනෝ......කියන්න බබා......
 මට හරි කම්මැලියි..... සුමි.......
මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ... ඔයාට මේවා තේරෙන්නේ නැ. 
ඔයා  ඔතනින්  අයින් වෙන්න මනෝ....... 
බැහැ...... මට බැහැ.... අයින් වෙන්න. උන් මාව මරාවි....
ඔයා වෙන රටකට හොරෙන් පැනල යන්න මනෝ.....
උන්ගේ කට්ටිය එයාර් පෝර්ට් වලත් ඉන්නවා, සුමි ..... උන්, මං ගැන ඇහැ ගහගෙන ඉන්නේ. මාව පිච්චෙනවා සුමි...... මං මැරෙනවා කියල දැනෙන කොට දරා ගන්න අමාරුයි සුමි.....
ඇයි...... ඔයා  මැරෙන්නේ,....? මනෝ.....
ඔයා දන්නේ නැ. සුමි...... අපේ සංවිධානෙන් තමයි. මට පොඩි කාලේ ඉදල ඉගැන්නුවේ. 
මං international  school එකකට  ගියේ සුමි...... මං ඔයාට මේවා කියල නැ..... මගේ අම්ම, තත්තා..... නැ.... කවුදෝ මාම කෙනෙක් තමයි  මාව හැදුවේ. මාම තමයි , මාව සංවිධානයට බාර දුන්නේ......
තව සති දෙකයි මගේ ඉලක්කෙට තියෙන්නේ සුමි......  ඊට පස්සේ මං මැරෙනවා. 
මනෝගේ හඩ  තාමත් දෝංකාරය  දෙනව වගේ දැනෙනවා. මට මතකයි දවසක්, ඔයා මාතලේ යන්න කතා කරා. ඉස්කෝලේ ළමයින්ට පොත් බෙදන්න කියල ... මං ඇහුව කවුරු එක්කද කියල , මනෝ කිව්වේ අපේ මාමලා එක්ක යනවා කියල.
මට තේරෙනවා, දැන් , ඔයා ....... සංවිධානෙට සම්බන්ධ වතුකරේ ළමයින්ට තමයි පොත් බෙදන්න ගියේ කියල. 
තවත් දවසක ඔයා පිටරට නොම්මරේකින් මට කතා කලා. 
සුමි...... මං මැලේසියාවේ ඉන්නේ training එකක , මාස තුනක් මං මෙහෙ ඉන්නවා. මට ඔයාට කතා කරන්න වෙන්නේ නැ. ලංකාවට ආවම ආයේ කතා කරන්නම්.
මට එදා ඔයා  කිව්වා ,  ඔයා training වෙලා තියෙන්නේ සංවිධානේ  උවමනාවට කියල මට දැන් තේරෙනවා. 
 මං ආසයි පයිලට් කෙනෙක් වෙන්න සුමි..... ඔයා මට නිතර කිව්වා.
අවුරුදු තුනක් යනකම් ඉදහිට මනෝ.....  මට කතා කලා. කවදාවත් දැකල නැති අපි මෙතරම් යාලු උනේ , ඔන්න ඔය විදියට දුරකථනය හරහා විතරයි. 
සුමි...... අද දීපාවලි ...... මට ආසයි ඔයාව අදවත් දකින්න, මං එන්නද ඔයාව බලන්න . 
මං හා කිව්වා එක පාරට 
ඔයා ඉන්න තැන  කියන්න , මං ඇවිත් call කරන්නම්. 
ඔහු ඉන්න තැන  මම් වත්, මම ඉන්න තැන ඔහුවත් මෙතෙක් දැනන් හිටියේ නැ. 
ඔහු call කරලා මං කිව්වා තැනට වෙලාවටම ආව. රිදී පාට කෑම පෙට්ටියකට දමපු කෑම එකක් මනෝ , මට දුන්නා. 
සුමි..... ගන්න ....... ඔයාට ගෙනාවේ, දීපාවලි නිසා. හෙල්මට් එක අතරින් අපැහැදිලි ලෙස මං ඔයාගේ මුණ දැක්ක. තව මීටර් දහයක් විතර ඇතින් .. ට්‍රේල් බයික් දෙකක් නතර කරලා තිබුන. විනාඩි පහක් විතර ඉදල ඔයා යන්න ගියා. 
එක් දිනක් නාදුනන නොම්මරේකින් මට call එකක් ආව. 
hello...... 
hello......
නන්නාදුනන වුවත් මොකද්දෝ හුරුපුරුදු බවක් දැනුනු කටහඩක්...... 
මං ඇහුව .... ඔයා කවුද....?
මං මනෝ..... මට ඔයාගේ number එක හමු උනා. මට කතා කරන්න හිතුන. 
අහල.... අහල..... තමයි දන ගත්තේ නොම්මරේ ලැබුන විදිය. ඒක මිස් call එකක් . ඒ වුනත්...... හොද යාලු කමකට තරම් මිස් call එක  දුර ගියා. ඔහොමයි අපි හම්බ උනේ. 
දවසක් මනෝ මට මෙහෙම කිව්වා.
 සුමි....... මට ඕන තරම් සල්ලි තියනවා.......  මැරෙන්න ඉන්න මට සංවිධානෙන් ඕන තරම් සල්ලි දෙනව, වැඩ විතරයි ඕන. ඒගොල්ලොන්ට , මං දැන් ඉන්නේ හොටෙල් එකක, මේ ඔක්කොම තව මාස තුනකින් ඉවරයි. මාත්  ඉවරයි. 
 මං ඇහුව , ඔයා කොහොමද මේ තරම් භයානක විදියට මැරෙන්න හිත හදා ගත්තේ. ඔයා මරන්න හදන්නේ අහිංසක මිනිසුන් නේද....?ඔයා කොහොමද මරාගෙන මැරෙන්න තරම් හිත හදා ගත්තේ......... 
මට අවුරුදු එකොළහේදී මාව කරුවල කාමරයකට දාල වහල තිබ්බ වරුවක් විතර, ඊට පස්සේ අයිය කෙනෙක් ඇවිත්, ඔයාල ගැන තරහින්  , සිංහළ අය මරන්න ඕන කිව්වා.
 ඊට පස්සේ මං ඉස්කෝලේ නිවාඩුවට ආවේ ........ ඒගොල්ලන් ලගට ..... මාව  වෙනස් කලේ එයාල , ඔය කාලේ මං මන්නාරම් පැත්තේ කැලේක අවි පුහුණුවකුත් ලැබුවා . ඉරණමඩු track එකේ training එකකුත් කරා .  
මනෝ.......ඉදල හිටලා ඔය වගේ පාපොච්චරණයන් කරන්න පටන් ගත්ත. මේ දේවල් ඇත්තද .... බොරුද කියන්න මං දන්නේ නැ. මං අහන්  හිටිය සමහර දේවල් වලට මගේ ඔළුව හිරි වැටෙන්න ගත්ත, මොනවද මේ දොඩවන්නේ කියල. 
සුමි..... ඔයා ගොඩක් හොද කෙනෙක්, ඔයා මං කියන දේවල් හැමදාම අහන හිටිය. මං දන්නවා මං වැරදියි කියල, මට දැන් හැරෙන්න බැ. මගේ ඉලක්කයට මං යනවා. මං ගැන මේ තරම් දේවල් ඔයාට කිව්වේ මේ මගේ  අවසන් කාලය හින්ද වෙන්න ඇති.  
ඊට පස්සේ සති , මාස , අවුරුදු ගණන් පහු උනා . මනෝ ආයේ මට කතා කලේ නැ. ඉදල හිටලවත් , ඒ හඩ   මට ආයෙ ඇහුනේ නැ..... මතකයෙන් ඇතට ගියත්. ...... තාමත් මට මතක් වෙනවා, ඉදහිට ..... කවුද මේ මනෝ...... ඔහු ඉලක්කයට ගියාද.....? සදහටම නිහඩ උනාද....... මනෝ....


අග මුල පැටලවිච්ච සටහන් සහිත , මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකුගේ පාපොච්චාරණයකට සමාන මේ ආත්ම  කථනය තුල වූ  හැගීම් ..... හා වෙර දැරීම , සිද්දීන්, ඇතුළු සියල්ල මනංකල්පිත වේ.     

Friday, April 24, 2015

නිරුවත් කන්තෝරුව



          සේවකයන්ගෙන් වැඩි කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමේ අරමුණෙන් කරන ලද අපුරු පර්යේෂණයක ප්‍රථිපල මේ වන විට  Bold Italic ලබා ඇත. ඇමෙරිකාවේ සිලිකොන් වැලි'හි Bold Italic ආයතනයේ සේවයකයන් නිරුවතින් , යොදා ගෙන මසක පමණ කාලයක් මේ අත්හදා බැලීම කර ඇත. මසක් අවසානයේදී සේවකයන්ගේ චිත්ත ශක්තිය පුදුමාකාර අන්දමින් ඉහල ගිය බවත්, සමාගමේ පලදායිතාවද සිඝ්‍රයෙන් ඉහල ගිය බවත් මේ අනුව වාර්තා වේ. 
සිලිකන් වැලි හි බොහෝ කාර්යාල වල සේවකයින් සෑම දිනකම කාර්යාලයට ඒම වෙනුවට නිවසේ සිට කිරීමට, තමාට  පවරන ලද වැඩ කොටස් ඉතාම නිර්මාණශීලිව හා ඉතාම වේගයෙන් සිදු කරන  බව සාමාන්‍ය මතයක්ව පැවතුනි  . 
bold italic සමාගම විසින් මෙලෙස නිවසේ සිට කරන ලද වැඩ වල කාර්යක්ෂමතාව කෙසේ සිදු වූවා දැයි , සොයා බලාන ලදී. එහිදී සාක්ෂාත් වූ කරුණ නම්, සැම දෙනාම නිවසේ සිටියදී ලිහිල් ඇදුමින් සැරසී කාර්යාල කටයුතු කිරීම, හේතු වූ බැව් සොයා  ගන්න ලදී.   ඒ අනුව එම සමාගම සාකච්චා වට කීපයකින් පසුව , කාර්යාලිය වැඩ කිරීමේ වේගය රදා පැවතියේ ඇදුම් මතද යන්න සොයා බැලීමට මසක පමණ කාලයක් තුල මේ අත්හදා බැලීම කරන ලදී.  
ඉන් අනතුරුව එහි සේවකයින්ට ලැබුන උපදෙස් මත, සැවොම නිරුවතින් කාර්යාලයට පැමිණ , චකිතියෙන් හා කුහුලෙන් සිය වැඩ කටයුතු ආරම්භ කිරීම කොට ඇත. සේවකයින් නිරුවත් වීම පැකිලීමෙන් සිදු කරද , කාර්යාලීය චයරුප ශිල්පියා නිරුවත් වීම ප්‍රතික්ෂේප කර ඇත. 
එහෙත් සේවකයින් පැය කීපයක් යන තෙක් බලවත් නොසන්සුන් භාවයෙන් කටයුතු කොට පසුව යථා තත්වයට පැමිණ ඇත. දින දෙක , තුන පසුවන විට සියල්ල යථා පරිදි ඔවුන්ට දැනෙන්න පටන් ගත් බව පවසා ඇත. පසුව , ඔවුන් සිත් පුරා සතුටින් හා ගැඹුරු හැගීමකින් කටයුතු කල බවත් පවසා ඇත. 
මෙයට හේතුව ලෙස , ශාරීරික ලිහිල්භාවය හේතු කොට ගෙන ඔවුනගේ ලිංගික අවයවයන් සිරවී නොතියබිදී , පලදායිතාව වේගයෙන් ඉහල යෑම   දැනෙන බව පවසා ඇත. 
නිරුවතින් වැඩ කිරීමේදී ලාභ වැඩි වූ අතර කාර්යාලීය උණුසුම මදක් වැඩි කර ගැනීමට තරමක වියදමක් දැරූ බවද වාර්තා වේ. මෙම අත්හදා බැලීමට හේතු වූ නිරුවත  පිළිබද මුල්ම මතය නිකුත් කරන ලද්දේ තම සමාගම විසින් නොව , ව්‍යාපාරික මනෝ විද්වතෙකු වන ඩේවිඩ් ටේලර් විසින් බව ඔවුන් වැඩි දුරටත් පවසා ඇත.  
    
සටහන අවසානයේ මා හට වැටහී ගිය කරුණ නම්, දඩයම් යුගයේ නිරුවත ප්‍රශ්නයක් නොවූ අපේ ආදිවාසීන් මොන තරම් නිර්මාණ බිහි කලාද හා  කෙතරම් කාර්යක්ෂම වුවාද  යන්නයි.