Tuesday, September 9, 2014

අනියම් සබදතා හා එහි කෙලවර

             


            මේ දිනවල ලෝකයේ කථා බහට ලක්වූ අලුත්ම මාතෘකාව වන්නේ අනියම් සබදතායි. මෙයට හේතුව ලෝක ප්‍රකට නායකයන් කීප දෙනෙකුගේ විවාහය දෙදරා යන්නේ යයි, මාද්‍ය වර්තාකරණ නිසාවෙනි. ඒ අනුව  පැපරාසීන් අනුන්ගේ කුණු අවුස්සමින්, පවුල් දෙකඩ කිරීමේ සමාජ සත්කාරයේ යෙදී සිටි. 
        ලෝකයට අළුත් පුවත් මැව්වට, මේ මාද්‍යවෙදින් සිදුකර ගන්නා පාපය අතිමහත්ය. සැම පවුලක් අතරම ගැටුම් තිබෙන්නට පුළුවන. එය ස්වභාවික සිද්දියකි.පවුල් අඩදබර, විසදා ගත යුත්තේ පවුල තුළදීමය. තුන්වන පාර්ශවයක් එයට මැදිහත් වීමෙන් පලක් වන්නේ නැත. ඔවුන් මැදිහත් වන්නේ උදවු කිරීමට නොව, ප්‍රශ්න තව තවත් අවුල් කිරීමටය. මේවා ලෝකයට අවුස්සා පෙන්වීමෙන් සිදුවූ හානිය පිළිබදවද විමසා බලමු.




                   ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ විවාහයේ ගැටළුද  මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමෙන්, දැන්  සිදුවන්නට යන්නේ දරු දෙදෙනෙකුගේ මවක්‌ වූ මිෂේල්ගේ මානසික අවපීඩන තත්වය තුල දික්කසාදයට මග පැදිමකි. මේ වන විට ඔවුන් වෙන්ව වාසය කරයි.ඔබාමාගේ ළග හිතවතියක වූ ගායිකා බියෙන්සේ සමග අනියම් සබදතාවයක් ඇති බව මාද්‍යවෙදියකු පුන පුනා ප්‍රකාශ කරයි. ඔවුන්ගේ චායරුපද ප්‍රසිද්ධ කර ඇත. 
          මෙය පවසා ඇති පැපරාසියා ප්‍රංශ ජනාධිපතිටද මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ඔහුගේ පවුලද මේ වන විට දෙකඩ වී ඇත. ජනපති බ්රිද අසනීපව රෝහල්ගත වීමෙන් නොවැලකි , මන්දිරයද හැරදමා ගොස් ඔවුන්ගේ විවාහ ජිවිතයද අවසන් කර ඇත. ප්‍රංශ ජනපති ප්‍රන්ශුවා හොලන්ඩේ , නිලියක්  වන ජුලි ගයේට් සමග විවාහ වන්නට යන්නේ යයි , මෙම ප්‍රංශ ජාතික පැපරාසියා මේ වන විට වාර්තා කර ඇත. 
                මේ ආකාරයෙන් ඇමරිකානු හිටපු ජනපති , බිල් ක්ලින්ටන්ටද මෙවැනි තත්වයක් පැපරාසීන් විසින් වරෙක උදා කර, බ්‍රිතාන්‍ය ජාතික මෝස්‌තර නිරුපන ශිල්පී එලිසබත් ගර්ලි සම්බන්ධ කර අනියම් සබදතාවයක් ඇති බව වාර්තා කල පුද්ගලයාම, දැන් පවසන්නේ එවැනි සම්බන්ධතාවයක් නොතිබූ බව පිළිගන්නා බවය. 
       මෙවැනි සිද්ධීන් දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රබල මාද්‍ය වාර්තාකරණය නිසා,පවුල් සංස්ථාවේ ගැටළු වැඩිවී ඇති බවය.ජිවිත වල අඩුපාඩු මිනිසුන් ප්‍රසිද්ධ කරන්නේ නැත. එයින් දෙපාර්ශවයම අපහසුතාවයට පත්වීමත්, චරිත වල මඩගැවීමත් පමණි අවසානයට සිදු වන්නේ. 
        අනියම් සබදතා යනු වැරදි හැසිරීමක් යයි කොතනකවත් දක්වා නැත. එයටම සුවිශේෂී වූ හේතු පුද්ගල සන්තානය තුල පැවතීම හේතුවෙන්,  ඒවා වළක්වාලිය නොහැක. එබැවින්, ඒවා ප්‍රශ්න නොකළ යුතුය. 
         මේ සටහන  ..... අනියම් සබදතා සාධාරණිය කිරීමට ලියන ලද්දක් නොව , ස්වභාව ධර්මය වෙනස් කල නොහැකි බව කියා පාන්නකි.  ජිවිත උපේක්ෂාවක් ඇති බිරියන් මේ තත්වය තේරුම් ගනියි. එහෙත්, සියළු බිරින්දෑවරුන් එසේ නොවේ, 
          එම නිසා, විවාහ වෙන්වීම්, සියදිවි නසාගැනීම්, වැනි අතිරේක හේතු සාධක වල පිහිට පැතීමෙන් ජිවිත අවුල් කරගන්නේ අනෙකුත්  පාර්ශවයන්ද නොසලකාය. එනිසා, දෙස් විදෙස්, නියම් අනියම්, වර්තාකරුවනි, තමාගේ සමාජ කාර්ය පිළිබදවද  මදක් නැවතී, සිතන්න. 

Friday, September 5, 2014

ඉබෝලා වයිරසය

       

           ලෝකයේ දැන් ....  උවදුරක්ව පැතිර යතැයි බියෙන් සිටින වයිරසයකි ඉබෝලා .  මේ නිසා සමහර අප්‍රිකානු රට වලට ඇතුළුවීම මේ වන විට විදේශයන්  විසින් වලක්වා  ඇත. මේ වයිරසයේ ව්‍යාප්තිය සදහා ජානමය ලක්ෂනත් ඉවහල් වී ඇති බව පරීක්ෂණ පවත්වන විද්වතුන් විසින් සොයා ගෙන ඇත. 
     ගිනියාවේ සිට සියෝරා ලියෝන්  දක්වා, වයිරසය අසාදනය වූ රෝගීන්ගේ සාම්පල ජානමය විශ්ලේෂණයකට ලක් කිරීමෙන් පසුව ඔවුන් මෙම අදහස ඉදිරිපත් කර ඇත. 




  ඒ අනුව මේ සියලු මරණ සදහා එක් මරණයක් පමණක් හේතු වී ඇතැයිද , ඔවුන් සොයා ගෙන ඇත. 
    එහිදී ජානමය හේතු 300 කට අසන්න ප්‍රමාණයක් හදුනා ගෙන ඇති බව , මෙම අද්‍යනය සිදු කල හාර්වඩ් විශ්වවිද්‍යාලයේ විද්වතුන් පවසති. 
        ගෙවුණු දශකය පුරාම මෙම වයිරසය මද්යම අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්ත වුයේ, පලතුරු වවුලා හෝ ප්‍රයිමාටවන් හෙවත් වානරයන් හේතුවෙනි. ගිනියාවේ සිට සියොරා ලියෝන් දක්වා මිනිසාගෙන් මිනිසාට වයිරසය පැතිරුනේ එක්තරා රෝග සුව කරන්නකුගේ මරණයක් අවස්ථාවෙන් පසුව බව, ඔවුන් මෙහිදී සොයා ගෙන ඇත. 


    මේ තත්වයන් යටතේ වයිරසය වෙනස් වන බවත්, එය නිරන්තරයෙන්ම එසේ සිදුවන බවත්, ඇමරිකානු හා අප්‍රිකානු පර්යේෂකයින් අනතුරු අගවා ඇත. එහෙත්, මේ ඉබෝලා වයිරසය තම හැසිරීම් වෙනස් නොකරන බවද හදුනා ගෙන ඇත. 


   බටහිර අප්‍රිකාවේ ඉබෝලා වයිරසය අසාදනය වුනා යයි සැලකෙන රෝගීන් 3000 ක් පමණ හදුනා ගෙන ඇත. එහෙත් මෙය පාලනය නොකළහොත් ඉදිරියේදී එය , 20,000 ක් දක්වා වර්ධනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. 



   මිට එරෙහිව ඇමරිකාව නිපද වූ සිමැප් ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරමින් පවතින බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
    ඒඩ්ස් තරමට භයානක වූ රෝගයක් බව, අපට හැගී යන බැවින්, හා තොරතුරු වලට අනුව වාර්තා වී ඇති බැවින් , සියලු වාසීන්..... මේ සදහා අවදානයෙන් හා දැනුවත්භාවයෙන් සිටීම වටි.....

Saturday, August 23, 2014

ප්‍රජා පාදක විශෝධනය අවශ්‍ය ඇයි....?



ශ්‍රීලංකා නීති කොමිසම සහ ඕස්ට්‍රේලියානු රජය මැදිහත්වීම තුලින් 1988 වර්ෂයේදී ප්‍රජා පාදක විශෝධන ක්‍රමය මෙරට හදුන්වා දෙන ලදී  එහි ප්‍රථිපලයක් ලෙස 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සම්මත කරන ලදී මෙම පනතට අනුව අවුරුදු දෙකක් නොඉක්මන බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇති සිරකරුවන්ට හෝ රුපියල් 5000 ට අඩු මුදලක් නියම කොට අදාල දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වන පුද්ගලයකු දඩ මුදල නොගෙවීම වෙනුවෙන් සිරගත කිරීම වෙනුවට ප්‍රජා විශෝධන නියෝගයකට යටත් කිරීම සිදුකල හැකි බැව් පෙන්වා දෙන ලදී  '

 බන්ධනාගාරය මගින් නිකුත් කරනු ලබන වාර්ෂික වාර්තා වලට අනුව බන්ධනාගාර ගත වන්නන් වැඩි බහුතරයක් සුළු වැරදි සදහා කෙටි කාලයක් වෙනුවෙන් බන්ධනාගාර ගත වුවන් සහ සුළු දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වුවන් වේ

එක්රැදවියකු නඩත්තු කිරීම සදහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති අතර එම වැය කිරීමට සිදුවන මුදල ඔහු විසින් රජයට ගෙවිය යුතු දඩ මුදලට වඩා කිහිප ගුණයකින් වැඩිවීම දැකිය හැක 




පුද්ගලයකු බන්ධනාගාර ගත වීම තුලින් ඔහුගේ පවුල් ඒකකයට සිදුවන ආර්ථික හා සමාජීය බලපෑම අතිමහත් වන අතර එය මුල්‍යමය වශයෙන් ගණනය කිරීමේ හැකියාවක් නැත

 ශ්‍රිලංකාවේ බන්ධනාගාර ගතවී සිටින අපරාධකරුවන් ගෙන් බහුතරයක් පහල අද්‍යාපන මට්ටමකින් යුක්ත වුවන් වෙති බන්ධනාගාර ගත වන්නන්ගෙන් බොහොමයක් ඔවුන්ගේ පවුලේ ප්‍රධාන හෝ එකම අදායම් උපයන්නා වීම සහ බොහෝ දෙනෙකු දිනක  වැටුප් මත යැපෙන පුද්ගලයන් වන නිසා එතුලින් ඇතිවන සමාජ ආර්ථික බලපෑම සමාජ විද්වතුන්ගේ අවදානයට යොමු නොවීම ඉමහත් අවාසනාවන්ත තත්වයකි 

එවැනි තත්වයන් යටතේ යම් පුද්ගලයකු බන්ධනාගාර ගතව සිටින කාලය තුලදී ඔහුගේ යැපෙන්නන් තම ජීවිතය පවත්වා ගෙන යාමට විවිධාකාර නීති විරෝධී ජිවනොපයන්ට යොමුවීමේ ප්‍රවනතාවයක්ද ඇති බැව් විද්‍යමාන වේ සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වන මෙවැනි පුද්ගලයන් බන්ධනාගාරයේ සිටින බරපතල අපරාධකරුවන්ගේ වහළුන් ලෙස සිරගත වූ කාලය තුලදී සේවය කරන බැව්ද  නිරීක්ෂණය කල හැක 

තවද රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන බරපතල ගනයේ අපරාධකරුවන් සමග බන්ධනාගාරය තුලදී ඇතිවන සමීප සම්බන්ධතාවයන් හේතු කොට ගෙන මේ පුද්ගලයින් බරපතල ගනයේ අපරාධ සිදු කරන්නන් හට අවශ්‍ය කරනු ලබන තොරතුරු සපයන පුද්ගලයින් සහ ඔවුන්ගේ ගෝලයන් ලෙස ක්‍රියා කරන අවස්ථාද නිරීක්ෂණය වේ 

  මේ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් හට තම ජාලය පුළුල් කර ගැනීමේ අවස්ථාවන්ද බන්ධනාගාරය තුලදී  සකස් වී අත එමෙන්ම සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වුවන් බරපතල ගනයේ අපරාධකරුවන් සමග තම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් ඔවුන්ද බරපතල අපරාධ කිරීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා ගනිති මෙම තත්වය හේතු කොට ගෙන බොහෝ සමාජ විද්වතුන් බන්ධනාගාරය අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලය ලෙස හදුන්වයි

 සුළු දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව යම් පුද්ගලයෙක් බන්ධනාගාර ගත වුවද ඔහු නැවත සමාජගත වීමේදී ඔහුට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද විශාල සමාජමය ගැටළු රාශියකට නිතැනින්ම මුහුණ දීමට සිදුවේ 

බන්ධනාගාර ගත වූවකු ලෙස සමාජය විසින් ලේබල් කිරීමට භාජනය වන පුද්ගලයකු හට සමාජය ඉදිරියේ නිවැරදි පුද්ගලයකු ලෙස තව දුරටත් ක්‍රියා කිරීමේ අවකාශය ඇහිරී යාමෙන් සමාජය තුලින් ප්‍රතික්ෂේප වීම හේතු කොට ගෙන ඒ මගින්  ඔහු නැවත අපරාධ වලට පෙළඹීමේ අවකාශය වැඩිවීය  

  මෙවැනි හේතුන් මත ශ්‍රී ලංකාවේ නීති කොමිසම විසින් ගැටළුකාරී තත්වයන් මගහැර සුළු වැරදි කරන පුද්ගලයන් සමාජයේ සිටියදීම නැවත එම වැරදි කිරීම අවම කිරීම සහ වැරදි සිදු කිරීමෙන් වැලැක්වීම තුලින් පුද්ගලයා යහපත් පුරවැසියෙකු ලෙස සමාජ ගත කිරීමේ පරමාර්ථයෙන් ප්‍රජා විශෝධන ක්‍රමය ආරම්භ කරන ලදී 

  මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය විසින් පහසුකම් සලසා   පුනුරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව ආරම්භ කොට දිවයිනේ සැම මහේස්ත්‍රාත් අධිකරනයකම ප්‍රජා විශෝධන  කාර්යාලයක් පිහිටුවා ඇත