වරෙක පාවෙනා .....සෙවන දිදී මට .....
සිසිලසක්ව හද මත වැතිර බැතිපෙම් පාන .....
නිරතුරු අනින ම'සිතට අල්පෙනිති තුඩු අග රැදුනේ .....
කදුළු බින්දුවක්දෝ ලේ සුවද පිරි .....
සිතලාම රිදුම් දුන් මගේ හිත පිරිමැද ....
ආදරය වක්කරන් ගිනියම් නොවි දාහය නැති කරන්
වලාකුළ නුඹ යන්න එපා චණ්ඩ මරුතයක්ව ....
ලෙන්ගතු හිතට හොරෙන් පෙම් පෙත් පාන්න ......
දෝතට වන් කුසුමක්ව සිප සනසන්නට
පිනිබිදු අතුරා හද සිසිලක්ව ....නිබදව ....
පාවෙවී ඇතට යත්ම ලංවෙලා මුමුනන්න ......
හද දොර මටත් නොකියාම හැරගෙන විත් ....
ආදරෙයි ... මං නුඹට .....නුඹමයි මගේ ලෝකය ......
කියා ගෙනවිත් ....සෙවන සදන ....මගේ ලෝකයට
ලං වෙන්න බැරි අහේතුක සිහිනය මා නොදන්න ....
වලාකුළ .....නුඹ අයිති මට නොවෙයි .....අහසටයි ......
ලස්සන නිර්මාණයක් නිහංසා.
ReplyDeleteවළාකුළ අයිති අහසට පමණද?
ඔව් නේ.... ප්රියා..... වලාකුළ අයිති අහසට විතරයි...... බර වැඩි උනොත් බිමට කඩන් වැටෙනවා.....
Deleteඅපූරුයි නිහංසා... ඒ වචන තදින්ම හිතට දැනෙනවා.
ReplyDeleteස්තුතියි...... බස්සියෝ..... මේ මට දැනෙන ..... මගේ ආදරය.......
Deleteලස්සනයි ,පද ගැලපුම නියමයි
ReplyDeleteස්තුතියි...... සහෝ......
Deleteවළාකුලු සමහාර වෙලාවාල කඳු මුදුන් වලටත් අයිතිවෙනවා නිහිංසෝ.. තව සමහර වෙලාවල අඬාගෙන මහ පොලොවත් බදාගන්නවා.
ReplyDeleteනිර්මාණයනම් උපරිමයි.
ඔව්,,,,,, මනෝ..... කදු මුදුන් වෙලා ගන්නවා.... වගේම...... පොළවටත් කඩන් වැටෙන්නේ..... මුරුග වරුසාවකින්.....
Deleteවළාකුල වැහි බර වෙලා වැටුනම නම් පොළවටත් අයිතියි හැබැයි..
ReplyDeleteඔව් නේද දිනේෂ් මල්ලිය ......
Deleteදරා ගන්න බැරි..... උනාමයි..... කඩන් වැටෙන්නේ පොළොවට, දිනේෂ්..... එකත් දුක හිතෙන විදියට. .... එතකොට තමයි, පොලවට අයිති...... නේද.....?
Deleteකෙන්ජි.......
ම්ම් අපූරු පද ගැලපුමක්....
ReplyDeleteවලාකුලේ සුව නොසොයන්...
තනි අයිතිය හිමි නෑ ඒ...
නුඹ හඩාවි එක දවසක
අහිමි අාදරේ ඉල්ලන්
මහේෂ්...... මං හිතුවේ...... වලාකුළ අයිති අහසට විතරයි කියල...... ඒත් දැන් නම් තේරෙනව.... අහසට විතරක් අයිති උනා නම් තමයි.... දුක හිතෙන්නේ.... අහිමි ආදරේ වෙන්නේ..... දැන් එහෙම නැ කියල දන්නවා......එතකොට අන්න වෙන්නේ නැ.....
Deleteවළාකුල් අයිත් අපේ පොළවට අහසට නෙමෙයි අනේ...
ReplyDeleteඔව්..... අනේ..... කවුරුත් කිව්ව.....පොළොවට අයිති බව.....
Deleteපොලවේ ඉදල අහසට ගිහින්.. අපි පොළවේ හිිටියේ නෑ කියනව වගේ නේද?? හැක්..
Deleteආදරේ........... විට රිදවන විට සනසන ආදරේ....
ReplyDeleteආදරේ උපරිමයෙන් විදින්න නමුත් කිසිම වේලාවක විඳවන්න එපා ! - මම
මදාරා...... අර හිස්තැනට මොකක් ඒවිද......?
Deleteආදරේ උපරිමෙන් විදින කොට තමයි ... දැනුනේ...... ආදරේ පාවෙලා යන වලාකුලක් නම් අයිති....? අහසටද...? පොලොවටද....? යන දෙගෙඩියාව .....
අගෙයි ..
ReplyDeleteස්තුතියි....... මොනරි...... නිර්මාණය රස වින්දට.....
Deleteනිර්මාණය රසයි........
ReplyDeleteඅද තුන්වැනි වරටත් කියවා රස වින්දා........
මොකුත් කියන්න හිතක් නැහැ .... රස වැඩි හින්ද.........
ස්තුතියි...... කෙන්ජි...... තුන්පාරක් කියවල රස වින්දට......
ReplyDeleteමටත් දැනුනු විදියට මේක තමා මගේ අතින් ලියැවුන හොදයි කියල කියන්න පුළුවන් නිර්මාණය....
අත්දැකීම සාර්ථක උනා......