ගිනියාවේ සිට සියෝරා ලියෝන් දක්වා, වයිරසය අසාදනය වූ රෝගීන්ගේ සාම්පල ජානමය විශ්ලේෂණයකට ලක් කිරීමෙන් පසුව ඔවුන් මෙම අදහස ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මේ සියලු මරණ සදහා එක් මරණයක් පමණක් හේතු වී ඇතැයිද , ඔවුන් සොයා ගෙන ඇත.
එහිදී ජානමය හේතු 300 කට අසන්න ප්‍රමාණයක් හදුනා ගෙන ඇති බව , මෙම අද්‍යනය සිදු කල හාර්වඩ් විශ්වවිද්‍යාලයේ විද්වතුන් පවසති.
ගෙවුණු දශකය පුරාම මෙම වයිරසය මද්යම අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්ත වුයේ, පලතුරු වවුලා හෝ ප්‍රයිමාටවන් හෙවත් වානරයන් හේතුවෙනි. ගිනියාවේ සිට සියොරා ලියෝන් දක්වා මිනිසාගෙන් මිනිසාට වයිරසය පැතිරුනේ එක්තරා රෝග සුව කරන්නකුගේ මරණයක් අවස්ථාවෙන් පසුව බව, ඔවුන් මෙහිදී සොයා ගෙන ඇත.
මේ තත්වයන් යටතේ වයිරසය වෙනස් වන බවත්, එය නිරන්තරයෙන්ම එසේ සිදුවන බවත්, ඇමරිකානු හා අප්‍රිකානු පර්යේෂකයින් අනතුරු අගවා ඇත. එහෙත්, මේ ඉබෝලා වයිරසය තම හැසිරීම් වෙනස් නොකරන බවද හදුනා ගෙන ඇත.
බටහිර අප්‍රිකාවේ ඉබෝලා වයිරසය අසාදනය වුනා යයි සැලකෙන රෝගීන් 3000 ක් පමණ හදුනා ගෙන ඇත. එහෙත් මෙය පාලනය නොකළහොත් ඉදිරියේදී එය , 20,000 ක් දක්වා වර්ධනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
මිට එරෙහිව ඇමරිකාව නිපද වූ සිමැප් ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරමින් පවතින බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒඩ්ස් තරමට භයානක වූ රෝගයක් බව, අපට හැගී යන බැවින්, හා තොරතුරු වලට අනුව වාර්තා වී ඇති බැවින් , සියලු වාසීන්..... මේ සදහා අවදානයෙන් හා දැනුවත්භාවයෙන් සිටීම වටි.....

.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
