නුඹ සඳක් ...... බැස යන......
සීතල හෝරාවට මගේ හිත කිති කවන.....
ගං දෑලේ.... නුරාවට රටා මවමින්.....
බට පඳුරු අස්සෙන් විනිවිදව .....
සීරුවට එතෙන ..... කෝල නුඹේ රැස් .....
මං හිතුව ...... නුඹ .... අයිති මට .... තමයි .......
සුමුදු ලතාවක ..... පිපුන මන්දස්මිතය ....
පුබුදු කල ...... නුඹ මුදු තොළඟ ......
හාදු දුන් ..... උවනතට ..... සිත කැළඹු ..... නුරාවේන්
සත්තමයි ...... නුඹ මට දුන්නු පැතුම් පොදී ......
නුඹ සඳක්.......
මට කෝම අයිති වෙන්නද ....?
මතක නැති උනා......
රැදෙන්න බැරි බව .....
සඳ .... නුඹ මට අයිති නෑ.......
නුඹ අයිති අහසට .....
නිහිංසාගේ මේ සිතුවිල්ලත් එක්ක මට එක ගීතයක් මතක් වෙනවා . මේ ඒකදෝ කියලත් හිතෙනවා . අපි හම්බෙමුකෝ පෝස්ට් එකකින් දවසක :)
ReplyDeleteබොහොම අගේ ඇති සිතිවිල්ලක් :)
මේක ලියවෙද්දී මට ගීතයක් මතක් උනේ නෑ. වයලිනෝ..... ඇත්තටම මොකද්ද ඒ ගීතය ...?
Deleteහැමදාම මම ලියන්න පටන් ගත්ත දේ නෙමෙයි, ලියවෙන්නේ. ඒ ඇයිද මන්දා ...?
අගෙයි නිහිංසා...................
ReplyDeleteස්තුතියි .... කුරුටු.....
Deleteසඳ නුඹ අයිති නොවුණත් මට
ReplyDeleteනුඹට ඇති ආදරේ අයිති මට
ඔව් සදහටම අයිති මට
ලස්සනයි කවි පබැඳුම
ජයවේ නිහිංසා!
වර්ණ .... ඔයා පබදුමේ මා නොකී කොටස සම්පුර්ණ කලා......
Deleteලස්සනයි අක්කේ,,, කාලෙකින් ආවේ මේ පැත්තේ,, ඔයාට කොහමද ? ඔයා දැන් කලින්ට වඩා ගොඩක් හොඳට ලියනවා
ReplyDeleteස්තුතියි.... ඕමා....
Deleteවෙනදා වගේම මං හොදින්.....
ගොඩක් ලස්සනයි :). ජය වේවා!!!
ReplyDeleteස්තුතියි....... මනා .....
Deleteසඳකට අදරේ කරන පුංචිම තරුවක් මං....
ReplyDeleteලස්සනයි....
සුභ පැතුම් තවත් අකුරු පදබදින්නට...
ස්තුතියි.... දීප්ති .....
Deleteසඳට ආදරේ කරේ .... මං තරුවක් කියන හැගීම වත් නැතිව.....
හ්ම්ම්ම්ම්....
Deleteසඳ ලග ඉන්න වෙලාවේ මං තරුවක් කියන එකත් මටම අමතක උන එකයි තියෙන ලොකුම අවුල . . .
This comment has been removed by a blog administrator.
ReplyDelete