ශී‍්‍ර ලංකා ජන සමාජය ගොඩනැගි ඇති ප්‍රධාන ඵ්කක සමාජ සංස්ථා ලෙස හැදින්විය හැක. ජන සමාජයක් වෙනස් වීම කෙරෙහි වන බලපෑම මෙම සමාජ සංස්ථා තූලින් සිදුවන බව තේරුමම් ගත යුත්තකි සමාජීය පුනරාගමනයට හා ප්‍රතිනිර්මාණයට බලපෑ මේ සාධක මොනවාද යන්න හදුනා ගනිමු.
1. කූලය
අප ජන සමාජය තූල කූලය නැමැති සාධකය නිලීනව කි‍්‍රයා කරන අයුරු දැකගත හැක. ප‍්‍රජාතන්ති‍්‍රය රාජ්‍යන් තූල කූලයට ඉඩක් නොමැත. ඇත්තේ සමානත්වය පමනයි . නමුත් ඵසේ සිතා ගත්තද කූලයද අත්‍යවශ්‍ය සමාජ කරුණක් බව පෙන්වා දෙමින් දේශපාලන සංවිධාන තූල, ආගමික ආයතන තූල, රාජ්‍ය ආයතන තූලට පවා දැඩි බලපෑමක් ඵල්ල වන බව විමර්ශණයන් තූලදී දැකගත හැකිවිය.
2. පන්තිය
ශී‍්‍ර ලාංකීය ජන සමාජයේ පංති තූනක් ප්‍රධාන වශයෙන් කි‍්‍රයාත්මක වෙ. මෙහිදී ධනපති පංතිය හා මධ්‍යම පංතිය සමාජය තූල වැඩි කි‍්‍රයාකාරිත්වයක් දක්වයි . නමුත් බහුතරයක් අයිති නිර්ධන පංතිය සතූව කිසිදු බලයක් නොපැවතියත් අදවන විට පවතින පන්ති පීඩනය තූල සමාජීය වෙනස්කම් සිදුකිරීමට දැඩි ප්රයත්නයක් දැරීම තූල විප්ලවීය කි‍්‍රයා මාර්ග ගන්නා තැනට පත්වීම කැපී පෙනේ. මේ තත්වය ශී‍්‍ර ලාංකීය ජන සමාජයට හිතකර නොවෙ.
3. ආගම
සමාජයක සංස්කෘතිය ගොඩ නැගී ඇත්තේ ආගම තූලින්ය. නමුත් අප ජන සංස්කෘතිය තූල මෙි වන විට බොහෝ ආගමික දර්ශනයන් බිහිව ඇත්තේ ව්‍යාපාර බිහිවන්නා සේය. සමහර පුද්ගලයන් මෙම ආගම්වාදී දර්ශන පසුපස ඇදි ගියේ අධ්‍යාත්මික දියුණුව සදහා නොවන බවත් ආර්ථික වාසි සලසා ගැනීමට බවත් හැගී ගිය කරුණකි . මෙි තත්වය තූල ආගම අධ්‍යාත්මික සංකල්පයකට වඩා ආර්ථික සංකල්පයක් දක්වා පරිණාමය වු බව අදාල ආගමික සංස්ථා අධ්‍යනයෙදි වටහාගත හැක. මේ අනුව, ශ්‍රීලංකා සංස්කෘතියේ අහිතකර වෙනස්වීම් අප බලාපොරොත්තු විය යුතුය.
4. දේශපාලනය
අද වන විට ශී‍්‍රලංකා ජන සමාජයේ අති කි‍්‍රයාකාරිත්වයක් ඇති සංස්ථාව, දේශපාලනය බවට පත්ව ඇත. ඉහතින් සාකචිචා කල කාරණා තූනම මෙම සංස්ථාව වෙත අතික්‍රමණය වී ඇතිබව විග්රහ කිරීමි තූලින් පිළිඹිඹු විය. අප ජන සමාජය මෙහෙයවන ගාමක බලවෙිගය බවට පත්වීම තුලින් අහිතකරම සමාජ සංස්ථාව දේශපාලන සංස්ථාව බවට පත් වී ඇත. ප‍්‍රජාතාන්ති‍්‍රක රටක් තූල කි‍්‍රයාත්මක වන සමානාත්මතාව පුද්ගල නිදහස හා අයිතිවාසිකමි මෙම සංස්ථාව තූලින් අහිමි වීමට පටන් ගෙන ඇති බව යමි යමි දේශපාලන සංවිධාන තූලින් දැකගත හැක.
ඉහත සියළු කාරණා අප සමාජ පර්යාය වෙනස් වීම කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බව මෙි අනුව සිතා ගත හැක. සමාජ විෂමතා පවතින රටක් සංවර්ධනය සදහා යා නොහැක. මුලික අවහිරතා ඉවත්කර නොගන්නා තෙක් ශී්රලංකාව තව දුරටත් තූන්වන ලෝකයේ රටක් ලෙස වැජඹෙනු ඇත
ලංකාව සංවර්ධිත රටක් වෙන්න තව සෑහෙන කල් යාවි
ReplyDeleteමෙවැනි බෙදීම් අපේ සමාජයේ තියන කම්, රට සංවර්ධනය කරන්න අමාරුයි..... රෙහානි.....
Deleteඔක්කොටම වඩා මගේ හිතට වැදුනු කාරණාව උනේ කුලය කියන 1.අපේ පැත්තෙ ඔය කතාව දරුණුවටම තියනවා.අඩු කුලේ කියන මිනිහෙකුගෙ ගෙදරින් වතුරවත් බොන්නෙ නෑ.වැඩිහිටියො විතරක් නෙමේ සමහර තරුණයොත් හිතන්නෙ ඔහොමයි.ඇගේ තියන ලේ වෙනස් වෙන්නේ ජාතිය, ආගම,කුලය කියන සාධක එක්ක නෙමෙයි කියලයි මම නම් හිතන්නේ
ReplyDeleteසමානතාවය නැති අපේ සමාජයේ, කුලය නිලින් සාධකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මල්ලියෝ..... මේ සංකල්පය මිනිස්සු එලියට නොදැම්මට හිත් යට හංගගෙන ජිවත් වෙන්නේ....
Deleteසිදුහත් කුමාරයා ඉපදෙන්න කලින් පස් මහ බැලුම් බැලුවෙ ඇයි එහෙනම්
Deleteපස්මහ බැලුම් බැලිල්ලෙත් යම් වැදගත් කමක් තියනවා, තමයි..... ඒත් ඒ බැලුම් බලනකොට වෙන්න ඕන දේවල් වෙලත් ඉවරයිනේ..... මං ඉන්නේ ඔතනදි මැදුම් පිළිවෙතක .....
Deleteඅතීතය , ඒ කියන්නේ සිදුහත් යුගයේ සමහර දේවල් මතවාද වලට ලක් වෙනවා, මිතුර..... ඒවා, සියයට සීයක්ම නිවැරදියි කියන්න බැ.....
කතා කරලා වැඩක් නෑ.
ReplyDeleteඑහෙනම් මොකද කරන්නේ මදාරා......
Deleteවෙනස් කරන්න පුළුවන්. කවදා හෝ මේ බෙදී වෙන්වී ඇති අධ්‍යාපන ක්‍රමය එකම ක්‍රමයක් බවට පත්කලොත් එක දශකයක් ගෙවෙන විට සෑහෙන වෙනස්කම් දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි මූලාරම්භය.
ReplyDeleteසැහෙන්න වෙනස්කම් කාලයත් එක්ක අපි දකිනවා, විචාරකතුමනි, ඒත් වේගය මදි. තාම එකතැන වගේ මට දැනෙන්නේ. මේවා වෙනස් වෙනකොට අපි ඉදිද....?
Deleteමිනිස්සු තුල අධ්‍යාත්මික ගුණ වගාව ඇති කරන්න ඕනෙ. හැම මිනිසෙක්ම එහෙම කරන්න පුළුවන්ද? මට හිකතන විදියට නම් ඒක කරන්න බෑ. ඒ නිසා ඔය කියන වෙනස් වීම් කරන්න පුළුවන්කමක් නෑ.මොන දේ කරත් මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් උනොත් මිනිසුන්ට සොබාව ධර්මයා ජයගන්නත් පුළුවන් වේවි
Deleteඔව්..... සොයුර මේ ක්‍රමය වෙනස් කරන්න ටිකක් අමාරු තමා..... ආකල්ප වෙනස් කරන්න අප කොතෙක් උත්සහ ගත්තත්...... තාමත් එතනමයි..... එකට උත්තරයක් මම යෝජනා කලත්, ප්‍රයෝගික නැ.
Deleteඅනික් කාරනා කෝම වුනත් දේශපාලනයනම් දැන් සෑහෙන්න වැදගත් කාරණාවක් වෙලා..
ReplyDeleteඔව්..... සමාජයේ තීරණාත්මක සාධකය අද වන විට දේශපාලනය වෙලා ඉවරයි...... දැන් මේක කලාවක්.....
Deleteඒ ගැන නම් කතා කරල වැඩක් නෑ....
Deleteබුද්ධ කාලයට පෙර භාරතය මීට හපන් නේ බං.. දැන් ඒ අතින් ඉන්දියාව හිටියාට වඩා හැදිලා..ඒත් සම්පුර්ණවම නැහැ...
ReplyDeleteඅපේ එවුන් කුල ක්‍රමයට කැමති බවක් තමා මට හිතෙන්නේ !
බුද්ධ කාලයේ කුලය තදින් ක්‍රියාත්මක උනා, ඒත් එදා ලංකාවේ තිබුනේ නැ, බටහිර සංක්‍රමණය තමයි , ලංකාව තුල මෙය ක්‍රියාත්මක කලේ.
Deleteමහේෂ්.... කුල ක්‍රමයට තාම අපේ අය කැමතියි. තරුණ පරම්පරාව තමයි දැනට අකමැති, ඒත් එයාලත් වැඩිහිටියො උනාම මේකට කැමති වෙනවා...
නිහිංසා, කවුරු මොනව කිව්වත් කුල ක්‍රමය අතාරින්න කවුරුවත් සුධානම් නෑ. නමුත් කුලය කියන එක වර්තමාන සමාජෙත් එක්ක වෙනස් වෙනවනම් හොදයි. ඒ කියන්නෙ ඔය අඩු කුලේ උසස් කුලේ තියන දේ නැතුව.විවාහයක් ආවාහයක් වෙද්දි බලන්න ඕනෙ ඒ ඒ පුද්ගලයා සමාජෙ කොයි වගේ මිනිහෙක්ද ගෑණියක්ද කියන එක විතරයි.
Deleteමෙන්න මෙතැනදී තමයි..... අපේ අය අර පස්මහ බැලිල්ල ආයෙත් ඇදලා ගන්නේ. එතැනදී, කුලය ඉස්සරහට එනවා, හේතුව,විවාහයකදී ගලපන සමාජීය කාරනා මත,
Deleteඅපේ වහරට අනුව, යම් විවාහයකදී පසුව ගැටළුවක් මතු උනොත්, ඒක උනේ මෙහෙමයි, කියල , කුල පදනම ඇදල ගන්නවා.....මේ වරිගේ හැටි තමා .... කියලයි ඒ වෙලාවට මිනිස්සු කියන්නේ....
ඒත් මේ මතයේ හොද, නරක දෙකම තියනවා....මිතුර.....
ඒක ඇත්ත
Deleteසුද්දෝ අපේ රටට නිදහස දුන්නේ මේවගේ පිළිල ගොන්නක් සමාජයේ ඉතිරි කරමින්. මේ පිළිල තියනකම් අපි සුද්දගේ රූකඩ ලෙස තමයි ඉන්නේ. මේ වන විට වන්නෙත් ඒ දේම තමයි කියලා ඉතාමත්ම පැහැදිලියි නේද දැන් වන සිද්ධිවලින්.
ReplyDeleteඔව්.... නලින් යටත්විජිත මානසිකත්වය තුල, අපි තමා හිරවෙලා තමයි. ඒවායේ නෂ්ඨාවශේෂ අපි පසුපස එනවා. මේකෙන් ගැලවෙන්න තව කාලයක් යනවා.
Deleteඕකට හොද කතාවක් පහුගිය දවසක ලියල තිබ්බ...
ReplyDeleteලිංක් කරන්න මතක නෑනෙ කව්දස ලීවෙ කියල
කුලයට වඩා අද ඉස්මතු වෙන්නේ පංතිය .. පාසල ...වගේ වෙනත් දර්ශක
ReplyDeleteඔව්..... පංතිය අද වන විට වැදගත් සාධකයක්, කුලින යයි සැලකෙන අය ..... පංතිය , උගත්කම මත අද සමාජයේ ඉහලතල වල ඉන්නවා, එක හොදයි, සමාජ විෂමතාවය ටිකක් මේ මත මග හැරෙනවා.
Deleteමදි මදි.. ලොකු විස්තරයක් ඕන..
ReplyDeleteලොකු විස්තර මං සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ නැ. මොකද අපේ සඟයන්ට ..... එක පොයින්ට් එකෙන් මේ දේවල් තේරුන් ගන්න පුළුවන්. දේශකතුමනි.
Deleteඅනෙක් කාරණා මං අපේ සඟයන්ගෙන් ඉල්ලා ගන්නවා. එතකොට වඩා සාර්ථකයි කියල මට හිතෙනවා.
මොකද්ද මේ සඟ කතාව වැරැදියි කියල හිතෙනවා "සගයා " යනුවෙන් වෙනස් විය යුතුයි නේද
Deleteමටත් මේක මතක නැ.... මිතුර ..... අපි මේක විචාරකතුමට, යොමු කරලා බලමු..... මට හිතෙන්නේ මං හරි කියල...... බලමු.....
Deleteනැහැ නැහැ මං කියන්නෙ මේ "සඟ" කියන්නෙ සංඝ රත්නයට නේද
Deleteඑහෙමත් අදහසක් දැනුන.... ඒත් හරි පිළිතුර තාම ආවේ නැ..... මිතුර....මං අදහස් කලේ 'යාළුවා' කියන අර්ථයෙන්නේ.....බලමු....
Deleteඅපි මැරෙන්න කලින් නම් අපේ රට සංවර්ධනය වෙන එකක් නෑ.
ReplyDeleteඑක කවදා වේද දන්නේ නැ. ප්‍රියා....
Deleteරට සංවරධනය කරා යන්නේ නැහැ අහස උසට ගොඩනැගිලි හැදුවා කියලා,පාරවල් කාපට් කෙරුවා කියලා.සාමාජ සංවර්ධනය තමයි වැදගත්ම දේ.මේ විදියට කුල,ආගම්,ජාති විදියට බෙදීලා කිසිම දාක සංවර්ධනය කරා යන්න නම් බැහැ නිහංසා.
ReplyDeleteමේ බෙදීම නැති කරන්න තමයි.... මනෝජ් මේ විදියට හරි , අපි පොඩියට මතවාද ඉදිරිපත් කරන්නේ. ඉහත කාරණා ඔස්සේ අපි බෙදිලා ඉදල හරි යන්නේ නැ. රට භෞතික වශයෙන් දියුණු උනාට .... යථාර්තය එය නොවේ.
Delete// සමාජ විෂමතා පවතින රටක් සංවර්ධනය සදහා යා නොහැක.//
ReplyDeleteසමාජ විෂමතා නැති එක රටක් වත් මා නම් දන්නේ නැත!
ඔව්...... එක රටක්වත් නැ. ඒත්..... දියුණු වන වේගය අඩු වැඩි වෙන්නේ මේ විෂමතාවයේ ප්‍රමාණය මත නේද....?
Deleteඔය කියන එක විෂමතාවයක්වත් වෙනස් කරන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නෑ. බලන්න අපි කොච්චර හොදට පාරෙ වාහනේ එලවන් ගියත් කොහෙන් හරි එකෙක් ඇවිත් හප්පන් යනවා.ඔක තමා මේ සමාජෙ හැටි.
ReplyDeleteඔන්න ඔතන තමයි.... අපි හොයා ගන්න ඕන තැන...... කොහොමද මේක කරන්නේ.....? මේකට විසදුමක් තියේද කියන එක.....මටත් විසදුම පේන්නේ නැ.... මිතුර.... මං බලන් ඉන්නවා..... වෙනසක් ඇති වෙනවට කැමති නිසා......
Delete