කවුරුන් හෝ මවන ලද මිනිස් සිරුර ආශ්චර්යක් බව අපි හැමෝම දනිමු. අපි ඒ ගැන සිතා කොතෙකුත් ආඩම්බරවීමු .බොහෝ නිර්මාණයන් සදහාද , අපි අපේ සිරුර යොදා ගනිමු . අතීතයේ සිටම අද දක්වාම , අපි අපට දීපු අගය , ඉහලය . විශේෂයෙන් පිරිමි සිරුරට වඩා කාන්තා සිරුර ලාලිත්‍ය සපිරූ , කලා කෙතක් විය . ඉන්දියාවේ පඩිවරු ඔවුන්ගේ බොහෝ කලා කෘති සදහාද ,කාන්තා සිරුර යොදාගත් ආකාරය පුදුම උපදවන සුළුවිය .ඔවුන්ගේ එම කලා කෘති සදහා යොදාගත් නග්න සිරුරු ,ජීවමාන පිළිබිඹුවක හෝ සිතුවිල්ලක් හෝ මුල්කරගත් එකකි . නිරුපනය තාත්වික විය .එහි වරදක් ඇති,නැති බව කවදාවත් විචාරයට ලක් නොවුනි .
එදාට වඩා අද තත්වය හාත්පසින්ම වෙනස් වුයේ ඇයිද යන්න සිතිය යුතුය .එදා වගේ අදත් මිනිස් සිරුරු මුල් කරගත් නිර්මාණ බිහිවේ . බෙහෙවින් මතවාදයට පවා තුඩු දුනි .ඉන්දියාවේ එදා කමසුත්‍ර නමින් නිර්මාණ බිහිවිය .ඒවා පුජනනිය තත්වයෙන් සැලකුණි . කැටයම් කලාව , මුල් කර ගත්තේ බොහෝවිට ස්ත්‍රී නාරිදේහයයි . මේවා ජීවමානව නිරුපනය වූ සැබැවයි .එම කලාකරුවන් එදා උසස් ඝනයේ සැලකු අය විය .අද නිර්මාණය කලාත්මක වුවද ,නිර්මාණයක් බිහි කිරීමේදී ඒ ගැන දෙවරක් සිතිය යුතු තැනට පත්ව ඇත .නිර්මාණයේ නිදහස අහිමිව ගොස් ඇත .ඒත් යායුතු සිමාව නම් පැහැදිලි නැත .
මෙවැනි නිර්මාණ වල සිමාව සංස්කෘතිය දයි වෙලාවකට සිතේ , නැතිනම් , දේශපාලන සිමාවන් මේ තුල ඇත්දැයි තවත් වරෙක සිතේ .
එහෙත් , අප ඉන්දියානු අභාශයේ සංස්කෘතියක් ඇති ,අසියාතිකයින් බැවින්, පැරණි ඉන්දියානුවන්ට වරදින්නටද විදියක් නැත .එසේනම් වැරදුනේ මෙය තෙරුන්ගත නොහැකි අපටද?
මෙවැනි නිර්මාණ වල සිමාව සංස්කෘතිය දයි වෙලාවකට සිතේ , නැතිනම් , දේශපාලන සිමාවන් මේ තුල ඇත්දැයි තවත් වරෙක සිතේ .
එහෙත් , අප ඉන්දියානු අභාශයේ සංස්කෘතියක් ඇති ,අසියාතිකයින් බැවින්, පැරණි ඉන්දියානුවන්ට වරදින්නටද විදියක් නැත .එසේනම් වැරදුනේ මෙය තෙරුන්ගත නොහැකි අපටද?
අපේ කාලයේ නිර්මාණකරුවන් වල්මත්වී ඇත්දැයි , ඇසිය යුතුය නැතිනම් , ප්‍රේක්ෂකයින් වල්මත්වී ඇත්දැයි සෙවිය යුතුය .
පිළිතුර නම් වාරණයයි. හුදෙක් නිර්මාණ තැනීම හා නිදහස් සිතුවිලි ,වලින් පිරිපුන් නිර්මාණ මින් ඉදිරියට බිහිවේදැයි සැක සහිතය .වාරණය සම්බන්ධයෙන් පොත් ලිවිය යුතුය .අද්‍යනය කල යුතුය . එතැනදී , වාරණය කොහේදී හෝ අපට හමුවේවි .එවිට නිර්මාණකරුවාට නිර්මාණයෙන් පලා යන්නට සිදුවේවී .
ඒත්..... නැවතත් , ලෝලිටලා , වදරින් හයිට්ස්ලා , බිහි නොවී තියේවිද? සිගිරි අප්සරාවියන් මැකිලා යයිද? ඉසුරුමුණි පෙම්යුවල අතුරුදහන් වේවිද? ලංකාවේ ටයිටැනික් යුගයක් නම් ඉතුරුව ඇත. එය විවෘත වපසරියකි . ඒ තුල වාරණ කිසිත් නැත. මේ සියල්ලන්ටම පිළිතුරු දීමට , කාන්තාව, නිරුවත හා කලාව තේරුම් ගත යුතුය .
පිළිතුර නම් වාරණයයි. හුදෙක් නිර්මාණ තැනීම හා නිදහස් සිතුවිලි ,වලින් පිරිපුන් නිර්මාණ මින් ඉදිරියට බිහිවේදැයි සැක සහිතය .වාරණය සම්බන්ධයෙන් පොත් ලිවිය යුතුය .අද්‍යනය කල යුතුය . එතැනදී , වාරණය කොහේදී හෝ අපට හමුවේවි .එවිට නිර්මාණකරුවාට නිර්මාණයෙන් පලා යන්නට සිදුවේවී .
ඒත්..... නැවතත් , ලෝලිටලා , වදරින් හයිට්ස්ලා , බිහි නොවී තියේවිද? සිගිරි අප්සරාවියන් මැකිලා යයිද? ඉසුරුමුණි පෙම්යුවල අතුරුදහන් වේවිද? ලංකාවේ ටයිටැනික් යුගයක් නම් ඉතුරුව ඇත. එය විවෘත වපසරියකි . ඒ තුල වාරණ කිසිත් නැත. මේ සියල්ලන්ටම පිළිතුරු දීමට , කාන්තාව, නිරුවත හා කලාව තේරුම් ගත යුතුය .
පුද්ගලයා යමක් දෙස බලන්නේ කුමන කෝණයකින්ද ඒ මත සියල්ලම රදා පවතිනු ඇත..
ReplyDeleteඑනිසාම කාන්තාව, නිරුවත හා කලාව තේරුම් ගැනීමට පෙර පුද්ගල සන්තානය තේරුම් ගැනීම කල යුතු බවයි මගේ හැගීම...
ඔව්..... සුසී...... පුද්ගල සන්තානය , නිදහස්, නිවහල් වෙනකන් ..... කෝණ...... එකේක අතට හැරවෙනවා.
Delete//කාන්තාව, නිරුවත හා කලාව තේරුම් ගත යුතුය //
ReplyDeleteතේරුම් ගන්න අමාරුම ටික නොවැ.
ප්‍රියා....... කාන්තාව, කලාව නම් වෙනස් වන සුළු විචල්‍යන් .... ඒත්..... නිරුවත .
Deleteකලාව කියන්නේ මොකක්ද? අන්න ඒ ප්‍රශ්නෙට නිර්වචනය කරන පිළිතුර තුල ඔය කියන මිනිස් සිරුර හා සන්නිවේදනය කියන දේ කලාවත් එක්ක තියෙන සබඳ තාවය මොකක්ද යන්න වටහා ගත හැකියි. එත් කලාව දෙස ඕනෑම කෙනෙකුට ඕනෑම අයුරකින් බැලිය හැකි අතර කලාව යනු හුදෙක් පාවිච්චි කරන බාන්ඩයක්ම පමණි, එය රස විදින්නත්, රසය බෙදන්නත්, තම මතය ගෙන හැර දක්වන්නත්, ආදී ඕනෑම විදියකට පාවිච්චි කරන්න පුළුවන් රථ්වූ යකඩයක් වැනිය. කිනිහිරක් හා මිටියක් ඇත ඇත්නම් තමන්ට ඕනා පරිදි එය තලා හැඩ ගන්වා ඕනෑම දෙයක් නිර්මාණය කල හැකිය, තමන්නට ඕනෑම අයුරින් රස විදිය හැකිය. නමුත් අද තවත් ලේබලයකි, එනම් කලාකාරයා යන්නයි. එවුන් විකිනෙන ප්‍රමාණය අනුව අඩු වැදී වශයෙන් රස බෙදන උන් බවට පත්වී නොමැතිද? කලාවේ රසය බෙදන එකා එය විදිනවාද යන්න ගැටලුවකි, අද සියල්ල බද මුඋලික වී හමාරය, එහෙව් බඩට යමක් වැටෙන්නට නම් ඇත හෙක්කිය යුතුමය. ඒ හොල්ලන හෙල්ලිල්ලට කලාව හෙල්ලෙන අයුරු අරුමයක් නොවේය. නමුත් කලාව නිදහස් විය යුතුය, එයට සීමා මායිම් නොතිබිය යුතුය. එය ලින්ගිකත්වයද, කාන්තා සරීරයද, හෙළුවද, අරකද මේකද යන්නට වඩා ඒ හරහා මතුවන ප්රකාශනය තේරුම ගත හැකි නම් උපරිම රස්සස්වාදයක් ලැබිය හැකිය. නමුත් බලන්නන් වාලේ දෙයක් දෙස බැලුව හොත් එය හෙලුවමය, කාන්තා සරීරයමය, ලින්ගිකත්වයමය. එතනින් එහාට දෙයක් නොමැත. එන්දියාවටත් එහාට ගියපු මහා කළා සම්ප්රදායක් අපට තිබුණි. ඉන්දියාවේ මතුරා, ගාන්දාර, අමරාවතී, කැටයම් කළා සම්ප්‍රදායන් තුලින් බිහිවූ නිර්මාණයන්ට වඩා අපේ සමාදි බුදු පිළිමය, ඉසුරුමුණි පෙම් යුවල, අවුකන පිළිමය, තිවංක පිළිමය ආදී එකී මෙකී නොකී සියල්ල තුල ලාංකේය අනන්‍ය තාවයක් තිබුණි. එය අර බලන්නන් වාලේ බලන දෙයක් නම් කපල කොටලා දාපු කළු ගල්ම විතරයි, එත් ඒ කළු ගල් වලින් වැහෙන සමාදිය ඉන්දියානු පිළිම තුල නම් නොමැත. ඉන්දියානු පිළිම කලාව තුල ඇති ලස්සනම පිළිමය සාරානාත් බුදු පිළිමයය. එය බෙහෙවින් ශාන්තය. ඉන්දියාව තුල තවත් කළා සම්ප්‍රදායන් තිබුණි, ඒ අතර කාමසුත්රය හා සබදුනු දේවාල පිළිම කලාව අග්‍රය. කලින් කී බුදු පිළිම වලින් මතුවන පහන් රසය නොව ඒ අරමුණට අදාළ වන රසයන් ඒ තුලින් ඉස්මතු විය. නමුත් අද කලාව තුල එවැනි අරමුණක් හෝ රසයක් හෝ තිබේද යන්න ගැටලුවකි. එයට වාරණය නොව කලාව මාකර් කරණය තුල හටගත්තා වූ පහත් රස වින්දනය හා බඩ ගොස්තරවාදය නිසා කලාව පහත් අඩවියකට වැටී හමාරය. කළා නිර්මාණයකට සංස්කෘතික, ආගමික, රාජ්‍යමය මතවාදයන්හී මැදිහත් වීම නිසාම එහි රස බාල වීමක් විනාම අන් කිසිවක් සිදු නොවේ, සංස්කෘතියේ හර පද්ධතීන් ඒ අයුරින්ම තිබියදී කළා නිර්මාණයන් තුලින් ප්‍රකාශ කිරීමට හදන අරමුණ උසස් තලයක ඇත් නම් ඒ කළා නිර්මාණය ලින්ගිකද, කාන්තා සරීරයක්ද, හෙලුවක්ද, අරකක්ද මීකක්ද නොව එයද තවත් උසස් රසයකින් හෙබි කළා නිර්මාණයක්ම පමණි. කාන්තා සරීරය හෝ ඔය ප්‍රස්ත කාරනා කළා නිර්මාණයට දායක වන නිරුඋපිකාව හෝ නිළිය හෝ කවුරුන් හෝ ඇයට ගැටලුවක් නොමැති නම් අර පුහු මතවල ඉන්න එවුන්ට ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද? සමාජයට ඕනා තරම් විපත් වද්දී අරයගෙ හෙලුවෙන්මද ඔය හේනේ සිද්ද වෙන්නේ? මීට හොඳම උදා හරණය රිහානාය, එයා අපුඋරුම කළා නිර්මාණයක් ඇඟලාගෙන ඇවිත් සම්මානයක්ද ගත්තාය, නමුත් සම්මානයට වඩා කතා උනේ ඇඳුමය, අරුමය ඒ තුලින් ඇගේ හෙළුව පෙනීමය, හෙලුවක් නැති උන්ට හෙලුවක් දැක්කම හරි මැජික්ය. අනේ රිහානට කිසිම ප්‍රශ්ණයක් නැත, එයාට එයාගේ හෙළුව පෙන්න ගන්න ආසනම් එක දැක්ක තොපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ? හරි කළා නිර්මාණ වලට වන ආගමික වාරණ නිසා ජීසස්ගේ බ්ලොඩ් ලයින් එකක් ගැන නිපැයුණු සිනමා කෘතියක් අහිමි විය, ඊලගට තව එවැනි බොහෝදේ අපට අහිමි විය, ඒ අතර මී හරකුන්ට නොව හිතන මිනිසුන්ට ප්රකාශනයක් දෙන අශෝක හඳගමගේ නිර්මාණයන් කිහිපයක්ම අහිමි විය. ගැහැනියක් කාමරයක් තුලට කැඳවා නිරුවත් කර හෙළුව රස විඳීමට හැකි වාරණ කාරයන්ට , තවත් ගැහැනියක් කලා ප්රකාශනයක් සඳහා නිරිවත් වූ විට ඇයට ඇත්තේ අමුතු එකකි, ඒ දෙ වෙන එවුන් නොදැකිය යුතුය, එහෙව් වාරණ මැද බඩගෝස්තරවාදී කලාවකම මිසක උසස් කලාවක් ගැන කවර කතාද? මිනිස් සිරුර කලාව සඳහා බාවිතය තුල සීමා බන්දන තිබිය යුතුද? ගැටලුවක් නේද?
ReplyDeleteකලාව, කාන්තාව, නිරුවත, යන මාතෘකාව පාදක උනේ..... ඇයිද දන්නවද සොමි..... මේ මා අතින් කලකට ඉහතින් සටහන් වුවක් , ප්රස්තුතය ටිකක් පරණයි..... ඒත් දැන් ඒක කතා කරලත් ඉවරයි........
Delete'ඉගිල්ලෙන්න මාළුවෝ ' තුල වූ අර්බුදය හරහා, කතිකාවතක් ගොඩ නැගුන...... මං ඒ තුල අතරමං වුනා...... මේ සටහන මගේ අතින් ලියවුනා....
ඒ තුල සොමි...... ඔයාගේ තර්ක හා විග්රහ සාධාරණව කැටිව තිබෙනවා. උත්තරය මට ඔයාගෙන් ලැබුන......
බොලා දැක්ක කල් ඈ
ReplyDeleteවනගත උනානේ..
ReplyDeleteමේක නිකං අර එජඩ්වඩ්මල්ලවාරච්චි නවකතා ලියල තියෙනව වගේවෙ ලියලතියෙන්නෙ... හැක්..
ReplyDeleteවදරින් හයිට්ස්ලා//// මේක ඒ තරං දේවල් තියෙන පොතක් නෙවී නෙ... ලොලීට නං හා කියමුකො ඒත් වදරිං හයිට්ස් ඒක නිකංම නිකං පේම කතාවක් විතරනෙ...
ඔව්..... වදරින් හයිට්ස් කියන්නේ ප්‍රේම කතාවක් විතරයි...... ඒ වගේම ටයිටැනික් කියන්නෙත් ප්‍රේම කතාවක්, ලෝලිට එකෙන් වෙනස් වෙන්නේ..... දැරියක්.... සම්බන්ධ සංවේදී විවරණයක් නිසා, මේ කෘති තුන තුන් ආකාරයි...... කලාව, කාන්තාව හා නිරුවත නිරුපනය වෙන. මහේෂ්......සිමාව ඇති සහ නැති .... තීරණය වන ....
Deleteලංකාවේ නිරුවත තහනම්. ඒත් ඔක්කෝම ඉන්නේ නිරුවතින්.
ReplyDeleteහි හි
Deleteසිරා කතාව!
Deleteඒක දන්නේ බලන් ඉන්න අය විතරයි....
Deleteමේ සියල්ලට පෙර මිනිස්සුන්ගේ රස වින්දනය මට්ටම් ඉහළට ගේන්න ඕනේ..... සරළ උදාහරනයක් කියන්නම් 3 D ෆිල්ම් එකක් ඒ ආකාරයෙන් රස විදින්න ඒක බලන කන්නාඩියක් පළදින්න ඕනේ... නිකන් ඇස් වලින් බැලුවට වැඩක් නැහැ...අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල රසාස්වාදය කියලා මොනාද උගන්නන පල් හෑලි ... ඉතිහාසයේ තිබ්බ නිර්මාණ රසාස්වාදය තුල ඉගැන්නුවට ප්‍රැක්ටිකලි අපිට ඒවා රස විදින්න සිද්ධ වෙන්නේ නැහැ.. ඉතින් මොකක්ද මේ අධ්‍යාපන ක්‍රමය... මහා ලොකුවට තාක්ෂණය එක්ක ඉස්සරහට යනවා කීවට මොකක්ද ඒ ගමන... ඒක බෝල් ගමනක්,,,,
ReplyDeleteසැබෑ රසවින්දනයක් තියෙන්න ස්වභාවධර්මය අඳුනන්නත් ඕනේ. අද පරම්පරාවේ ගොඩදෙනෙක් ස්වභාවධර්මයේ යහගුණයන් අත්විඳින්නවත් දන්නේ නෑ.
Deleteබෝල් ගමනක් කියන එක බොල් ගමනක් විදියට නිවැරදි වෙන්න ඕනේ
Deleteඅපුර්වී පැරණි හෝ නවීන හෝ වේවා..... ඉගෙන ගත්තත් , නැතත් ..... මිනිස්සු රස වින්දනයට පුරුදු වී තිබෙනවා, . ඒක උපතින් එන දෙයක්..... මං හිතන්නේ මේක සමහර අයට පිහිටන්නේ නැ. එක්කෝ ,රස වින්දනය කියන්නේ ඒක පෙන්නන්නේ නැති අයට නිලින ලක්ෂණයක්.
Deleteස්වභාවධර්මයා තමයි මේකේ බලගතු කෙනා, රසවිදින කෙනා සංයමයෙන් රස විදින්නේ ඒ නිසා. මේක අද්යාපන ක්රමයේ වැරද්දක් කියල මං හිතන්නේ නැ. අතීතයේ නුගතුන් කලාව රස වින්ද වගේම, කලාව පෝෂණය කලා.
\\විශේෂයෙන් පිරිමි සිරුරට වඩා කාන්තා සිරුර ලාලිත්‍ය සපිරූ , කලා කෙතක් විය \\
ReplyDeleteලාලිත්‍ය කියන්නේ කොහොමත් ස්ත්‍රී සිරුරට ආවේනික දෙයක්. ඒකට පදනම වෙන්නේ පිලිමින්ගේ ලිංගික හැඟීම් වල ස්වභාවය මත. පිරිමි ශරීරයේ විශේෂත්වයන් ස්ත්‍රී ලිංගික හැඟීම් ස්වභාවයන් මත තමයි කතාබහට ලක්වෙන්නේ ගොඩක් දුරට. ඒක තමයි ස්වභාවය. ලිංගිකත්වයේ විශේෂණ හා ලිංගික ආකර්ෂණය තමයි මේ වටිනාකම් ඇතිකරන පරධාන සාධකය. ලිංගික ආකර්ෂණය මතම පදනම් නොවන දේ තිබිය නොහැකිද කියා කෙනෙකුට අසන්නට හැකි උනත් එවැනි දේට ඒ තරම් ලොකු වැදගත්කමක් ලැබෙන්නේ නෑ.
අන්න ඒ නිසයි....කලාව, කාන්තාව, නිරුවත කියන වචන තුනම ලගින් යන්නේ.
Deleteඇඳි දා සිට වත අලෙවි විය නිර්වත කියනවනේ..
ReplyDeleteඒ කියන්නේ ෂගියෝ ....වත ඇදි නිසාද.....මේ සියළු විබ්භන ......විලම්භීත.....ආලප්පන ....
Deleteහැබෑද.......
ReplyDeleteඉපදුන වෙලෙහි නුඹ hiටිය නිරුවත
ReplyDeleteදෙද්දි කිරි බිදු නුබේ මව හිටිය නිරුවත
නිතර සිතුවමෙහි නුඹ දුටුව නිරුවත
අසබ්යයි අසබ්යයි වැඩුනු පසු නුඹේ මනස
මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/
ඔබේ කතාව හරි..... අකිෆා .....ඉපදුනෙත් නිරුවතින්..... මාව කිරි දුන්නෙත් මද නිරුවතින්..... ලොකු උනාම තමයි නිරුවත අසභ්‍ය වුනේ...... අළුත් අදහසක්.....
Deleteනුඹේ blog අඩවියට ගොඩ වෙන්නම් මිතුරිය ..... ආවට ස්තුතියි......