Thursday, February 2, 2017

පර්යේෂණ සැලැස්ම



Research Design
Introduction
·        සමාජ විද්‍යාවේ  අරමුණු අසීමිතයි. විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කිරිම සදහා ඕනෑම පසුතලයක් මේ  සදහා යොදාගත හැක.
වෙළදපොල /මැතිවරණයක් /ආපදාවක්
·        සමාජ විද්‍යාත්මක පර්යේෂණය සදහා දත්ත රැස් කිරීම, තොරතුරු රැස්  කිරීම සදහා විද්‍යාත්මක ක්‍රම භාවිතා කල යුතු වේ. මේ සදහා වඩාත්ම උචිත ක්‍රමවේදය සොයා ගත යුතුයි.
·         මෙම සැලැස්ම හදුන්වන්නේ පර්යේෂණ සැලැස්ම ලෙසයි. මෙය පර්යේෂණ යෝජනාවලියක් නොවේ.

Objectives Of The Lecture
මේ සදහා මානයන් දෙකක් ඇත.
·        බහුල වශයෙන් පවත්වාගෙන යන පර්යේෂණ සැලසුම්
·        පර්යේෂණ සැලසුම් අතර ඇති වෙනස සංසන්දනය කිරීම. සැලසුම් වල ඇති වාසි, අවාසි , සිමාවන් සැලකිය යුතුයි. 

Nature Of Research
·        මෙම පර්යේෂණ වල පොදු ගැටලුව නම් සමාජයේ ඇති විවිධ පැතිකඩවල් අධ්‍යනය කිරීමට ඒකීය සැලැස්මක් නැත.
·        එක් එක් පර්යේෂණ සැලසුම් වර්ග වලින් ඉඩදී ඇත්තේ , පර්යේෂකයා සදහා සමාජයේ තිබෙන ගැටළු අධ්‍යනය කරන්න විවිධ මට්ටම් වලින් හා විවිධ පැතිකඩ වලින් සිදු කල හැකි වීමයි .
·        වඩාත් උචිත පර්යේෂණ සැලැස්ම තෝරා ගත යුතුයි. පර්යේෂණ ගැටලුවට අනුව කුමන පර්යේෂණ සැලැස්ම තෝරා ගත යුතු දැයි පර්යේෂකයා  බලාපොරොත්තු වේ.
·        බොහෝ විට පර්යේෂණ සැලසුම් කීපයක් එකම පර්යේෂණය ගැටලුව  සදහා යොදා ගත හැක. 

Functions Of Research Designs
·        සමාජ පර්යේෂකයන් විසින් තෝරා ගන්නා ලද පර්යේෂණ වල ප්‍රයෝජන  මොනවද
·        පහතින් දැක්වෙන අරමුණු දෙකක් හෝ කීපයක් නිසා ඔහුට මෙමගින් වාසි ලැබේ.
                               I.            කිසියම් ආකාරයේ මග පෙන්වීමක් , සැලැස්මක් මගින් තොරතුරු එක් රැස් කිරීමට යොදා ගත හැක.
                             II.            පර්යේෂණ සැලස්මේ සිමාවන්, පර්යේෂණයේ ක්‍රියාකාරකම් හදුනාගත් ක්‍රම මත තීරණය වේ.
                          III.            පර්යේෂණයක් සිදු කරගෙන යන විට පර්යේශකයට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න පිළිබද මේවායින් අවබෝධයක් ලැබේ. 

Research Methodology Paradigms
පර්යේෂණයක න්‍යායාත්මක පසුතලය
       I.            ප්‍රමාණාත්මක පර්යේෂණය
     II.            ගුණාත්මක පර්යේෂණය
  III.            මිශ්‍ර පර්යේෂණය 

Mixed Research
·        මිශ්‍ර පර්යේෂණ ආකාර තුනක් ඇත.
                               I.            ප්‍රමාණාත්මක හා ගුණාත්මක සැලැස්ම වල දත්ත දෙකම එකට භාවිතා කිරීම.
                             II.            සමගාමිව ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු එකට ඇතුලත් කිරීම.
                          III.            පර්යේෂකයා ගුණාත්මක තොරතුරු එකතු කර පසුව ප්‍රමාණාත්මක තොරතුරු එකතු කරයි. 

Research Design Objectives
පර්යේෂණ සැලැස්මකින් අරමුණු තුනක් බලාපොරොත්තු වේ.
1.     ගවේෂණාත්මක අරමුණු
2.     විස්තරාත්මක අරමුණු
3.     අත්හදා බැලීම් 

Conventional Research Design
1.     Survey Design - විස්තරාත්මක අරමුණු
2.     Case Design  - සිද්ධි අධ්‍යන (ගවේෂණාත්මක )
3.     Experiment Design - අත්හදා බැලීම් සැලැස්ම
Survey Design (සමීක්ෂණ සැලැස්ම )

·        සමීක්ෂණ සැලැස්ම භාවිතා කරනුයේ තොරතුරු එක්රැස් කිරීමටය.
·        ඔවුන්ගේ කීපදෙනකු සම්මුඛ පරීක්ෂණයට ලක් කර තොරතුරු එකතු කර ගන්නා ක්‍රමයකි.
·        මෙම සැලැස්ම ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ විස්තරාත්මක අරමුණු විස්තර කර ගැනීමටයි.
·        නමුත් ගවේෂණාත්මක හා අත්හදා බැලීම් පරීක්ෂණ වලටත් මෙම ක්‍රමය යොදා ගනී.
·        සමීක්ෂණයේ තොරතුරු එක්රැස් කරන ක්‍රමය වන්නේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමයයි.
·        පරීක්ෂණයට ලක්වන ප්‍රතිග්‍රාහකයන් සමීක්ෂණයේදී ප්‍රශ්න රාශියක් හා ප්‍රශ්න මාලාවකට පෙනී සිටීමට සිදු වේ.
·        මේ ක්‍රම අරුණු විට වෙනත් දත්ත රැස් කිරීමේ උපක්‍රම පර්යේශකයට පෙනීමට පුළුවන.
(සම්මුඛ සාකච්චා පැවැත්වීම් /පුද්ගල නිරීක්ෂණ / ද්විතියික තොරතුරු )
·        සමීක්ෂණ ක්‍රමය වඩාත් පුළුල්ව හා බහුලව තොරතුරු රැස් කිරීමේ ක්‍රමයක් ලෙස භාවිතා කල හැක.
·        සමීක්ෂණයක අරමුණු හැටියට දකින්නේ මිනිසුන්ගේ ආකල්ප පිළිබද දැන  ගැනීමයි.
·        මෙම ක්‍රමය වැදගත් වන්නේ විශාල ප්‍රදේශයක තොරතුරු එක්රැස් කිරීමටයි.
·        කිසියම් හේතුවක් මත සමස්ත ජනගහනයේම තොරතුරු රැස් කිරීමට අපහසු අවස්ථා වලදී එය නිර්වචනය කර නියැදියක් තෝරා ගැනීමටද මෙම සමීක්ෂණ ක්‍රමයෙන් ඉඩ ඇත.
·        මිනිස්සුන්ගේ ආකල්පයන්හි සිදුවන යම් යම් ආකල්ප පිළිබද වෙනස්කම් මැන බැලීමක්ද මෙමගින් සිදු කල හැක. 
·        ඊට අමතරව සමහර සිදුවීම් වල හෙතුපලවාදී විග්‍රහයන්ට එළඹීමටත් මෙම සමීක්ෂණ  ක්‍රමය යොදාගනී. 

 Stage Of Survay Design 
1.     හදුනාගත් පර්යේෂණ ගැටළුව 
2.     අදාල ගැටලුවට අදාල ජනගහනය
3.     නියෝජනාත්මක නියැදින් තෝරා ගැනීම.
4.     ප්‍රශ්න මාලාවක් සැකසීම.
5.     තොරතුරු රැස් කිරීම.
6.     දත්ත විමර්ශනය
7.     වාර්තාව ලිවිම.

Succes Of  Survay Design 
සමීක්ෂණ සැලැස්ම සාර්ථක වීමට නම් අවශ්‍ය සාධක තුනකි.
1.     සමීක්ෂණයක් සදහා  කොතරම් පුද්ගලයන් සංඛ්‍යාවක් ලබා ගන්න පුලුවන්ද යන වග
2.     සමීක්ෂණයේදී තෝරා ගත් පුද්ගලයන් කොතෙක් දුරට පර්යේෂණ ගැටළුවට අදාලද යන වග
3.     රැස් කරගත් දත්ත වල ඇති විශ්වසනීයත්වය ගැන සලකා බැලීම. 

Survay Design 
·        පළමු විචල්‍ය දෙක අතර නියැදිය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ගැටලුව සමීක්ෂණ සැලැස්මට  අදාල බව
·        ප්‍රතිග්‍රහකයගෙන් ලබා ගන්නා සහයෝගිතාවය ගැන ඇති විශ්වශනියත්වය

Major Advantages  Of Survey Design
·        පර්යේශකයට අඩු වියදමකින් තොරතුරු එක්රැස්  කිරීමට ඇති හැකියාව
(තැපැල් /විද්යුත් තැපෑලින් )
·        මක් නිසාද යත් , සමීක්ෂණයකදී විශාල ජනගහණයකින් තොරතුරු ලබා ගැනීම නිසා විශ්වසනීයත්වය වැඩිය.
·        සමීක්ෂණයේදී සුඛ නම්‍ය දත්ත රැස් කිරීම සදහා යොදා ගත හැකිය ( විකල්ප මාර්ග දීම.)
·        සමීක්ෂණය පර්යේශකයාට මුලින් සිතා ගත හැක. ඉදිරියේදී මුහුණ දෙන ගැටළු සම්බන්ධව කලින් නොදත් අලුත් දේවල් පර්යේශකයට දැනගන්නට ලැබීම
·        සමීක්ෂණය සදහා දැනට පවතින න්‍යායන් වල අඩුපාඩු හදුනා ගැනීමට මෙය උපකාරී වේ.
·        පරික්ෂකයට ලගා විය නොහැකි දත්ත ලබා දෙන ප්‍රතිග්‍රාහකයන්ගෙන් පවා මෙම ක්‍රමය යටතේ දත්ත ලබා ගත හැක.

Major Disadvantages  Of Survey Design
·        පර්යේෂකයා එක්රැස් කර ගන්නේ  සමාජය මතුපිට තිබෙන කරුණු වන්නට පුළුවන.
·        සමීක්ෂණ වලින් ලැබෙන තොරතුරු ආකල්ප මත කලින් කලට වෙනස් විය හැකිය
·        දත්ත රැස කිරීමට වෙනත් අයකු හමු වූ විට ප්‍රතිග්‍රාහකයා සමග ඇති සම්බන්ධතාවය අඩු කිරීම පර්යේෂකයා  නොකළ යුතුය.
·        ජනගහන තත්වය මත ලබා ගන්න කරුණු කලින් කලට වෙනස් විය හැක.
·        ජනගහනයෙන් නියෝජනය වන නියැදිය ලබා ගැනීමට මුළු ජනගහනයම නියෝජනය වන ආකාරය විය යුතු නොවේ. 

Case Study Design Introduction (ප්‍රත්‍යෙක අධ්‍යන / කේවල අධ්‍යන )
·        එක් පුද්ගලයකු සදහා කරනු ලබන අධ්‍යනයක්
·        චර්යාමය අධ්‍යනය හැදෑරීමට මෙම ක්‍රමය යොදා ගනී.
·        කිසියම් කණ්ඩායමක ඇති සුවිශේෂී හැසිරීම පිළිබද විග්‍රහ කිරීම (ගැඹුරු අධ්‍යනයකි )
·        කිසියම් පුද්ගලයකු ඉදිරියේදී කොයි විදියට හැසිරෙන්න හැකිවේද යන්න ඔහුගේ ඉතිහාසය , වර්තමානය සහ අනාගතය ගැන අධ්‍යනය කිරීම.
·        මෙම ක්‍රමය ඓතිහාසික විධික්‍රම වලත් මෙවැනි සිද්ධි අධ්‍යනයන් පිළිබද තොරතුරු එක්රැස් කරයි.
·        ඉතාමත් ගැඹුරින් කරනු ලබන අධ්‍යනයන් තනි ඒකකයක් ලෙස (පුද්ගලයෙක් /පවුලක් /නිවසක් විශේෂ සිද්ධියක් ) මේ සදහා ගැඹුරු ලෙස අධ්‍යනය කිරීමට යොදාගත හැක. 

Case Study Design
1.     එක් පුද්ගලයෙක් පිලිබදව / සංවිධානයක් පිළිබද අධ්‍යනය කිරීම.
2.     කණ්ඩායමක් / පවුලක් / සමුහයක්
3.     කිසියම් පංතියක් මහාචාර්යවරු / ශිෂ්‍යන්
4.     පරිසර ඒකකය  පිළිබද අධ්‍යනයේදී අසල්වැසියන් හෝ ප්‍රජාව අධ්‍යනය කිරීම.
5.     සංස්කෘතික රටා ඇදහීම  පිළිබද අධ්‍යනය 

Case Study Design
සිද්ධි අධ්‍යනයක්  සදහා දත්ත එක්රැස් කිරීමේදී සැලැස්මක අඩංගු වියයුතු දේ
·        පුද්ගලයට අදාල පුද්ගලික ලේඛන
(දින පොත් / වෙනත් සටහන් තැබූ දේවල් / ලිපිගොනු /මුද්‍රිත වාර්තා )
·        සහබාගි නිරීක්ෂණ වාර්තා
(ස්වභාවික පරිසරය තුල ඔහු විසින්ම එක්රැස් කරන තොරතුරු / තොරතුරු එක්රැස් කරන්න කණ්ඩායමකට එකතු වීම )
·        වෙනත් පුද්ගලයින් සතු වූ ඔහු පිළිබද දන්නා දේවල් ලියන ලද වෙනත් ලේඛන
(වෙනත් පාර්ශවයන් විසින් ලියන ලද නීති වාර්තා සංචාරකයන් විසින් ලියන ලද වාර්තා )

Scientific Steps In The Case Study Design
·        වර්තමානයේ එම සිද්ධිය සම්බන්ධයෙන් ඇති තොරතුරු පරික්ෂා කිරීම.
·        පසුබිම් තොරතුරු සිද්ධිය සම්බන්ධව සෙවිය යුතුය
·        කිසියම් ආකාරයක උපකල්පන මෙම සිද්ධිය පිලිබදව නිවැරදිභාවය පිළිබද ලැබී ඇති සාක්ෂි අනුව පරික්ෂා  කිරීම.
·        මෙම සිද්ධිය සම්බන්ධව පර්යේෂකයා ඉදිරිපත් කරන යෝජනා මොනවද යන්නත් බැලිය යුතුය .
·        වැඩසටහන ක්‍රියාත්මක වීමට පෙර තත්වය හා පසු තත්වය මෙමගින් හෙළිකර ගත හැක.

Advantages Of Case Study Design
1.     පර්යේශකයට දත්ත රැස් කිරීමේ ක්‍රම වල සුඛනම්‍ය භාවය තිබීම.
(සම්මුඛ පරීක්ෂණ / නිරීක්ෂණ / ප්‍රශ්න මාලා හා අනෙක් ද්විතියික තොරතුරු මුලාශ්‍රිතව ලබා ගත හැක. )
2.     තමන් අධ්‍යනය කරන ගැටලුවේ ඕනෑම පැතිකඩක් පර්යේශකයට ගැඹුරින් විග්‍රහ කල හැක.
3.     ඕනෑම සමාජ පරිසරයක මෙම අධ්‍යනය සිදු කල හැක. පර්යේශකයට ලැබෙන තොරතුරු මත මෙම අධ්‍යනය පදනම් වේ.
4.     සමහර සිද්ධීන් පිළිබද උපන්‍යාස පරික්ෂා කිරීම සදහාත් හොද පසුතලයක් මෙමගින් ලැබේ.
5.     මෙම අධ්‍යනය සදහා වියදම් අඩු විය හැකියි. 

Disadvantages Of Case Study Design
1.     කිසියම් දෙයක් පිළිබද සාමාන්‍යකරණය කිරීම අපහසුය.
2.     සමික්ෂනත්  එක්ක සංසන්දනය කිරීමේදී වැඩි කාලයක් මේ සදහා ගත කිරීමට සිදු වේ. 

Experimental Design
·        මෙම ප්‍රධාන සැලැස්ම සකස් කර ඇත්තේ යම් යම් විචල්‍යන් මගින් ජනතාවට ඇති කරන බලපෑම් තක්සේරු කිරීමට මෙම අධ්‍යන ක්‍රමය යොදා ගනී.
·        මෙම අත්හදා බැලීම් කරනුයේ බාහිර තත්වයන් පාලනය කරමිනි.
·        මෙම පර්යේෂණය උපන්‍යාස පරික්ෂා කිරීමක් මගින් සිදු කරයි. විචල්‍යන් අතර ඇති සම්බන්ධතාවය  මෙමගින් සොයා බලයි.
·        අත්හදා බැලීම් පර්යේෂණ ක්‍රමය මගින් යම්කිසි චර්යාවක් සදහා බලපාන හේතුඵල සම්බන්ධතාවය මෙමගින් සොයා බලයි. ( පාලිත තත්වයන් යටතේ මෙම අධ්‍යනය සිදු කරයි )
·        අත්හදා බැලීමේ පර්යේෂණය සදහා කණ්ඩායම් දෙකක් අවශ්‍ය වේ.
                               I.            අත්හදා බැලීමේ සමුහය - අත්හදා බැලීමේ විචල්‍ය හදුන්වා දෙන්නේ අත්හදා බැලීමේ කණ්ඩායම පමණකි.
                             II.            පාලිත තත්වය
·        අත්හදා බැලීමට ප්‍රථම එම කණ්ඩායම් දෙකම එක සමාන බව සහතික කල යුතුය.
·        පාලිත කණ්ඩායමට අත්හදා බැලීමේ විචල්‍ය ලබා දෙන කණ්ඩායම පිළිබද කිසිදු අවබෝධයක් නොලැබෙන විදියට කටයුතු කල යුතුය.
·        පාලිත කණ්ඩායම අත්හදා බැලීමේ කණ්ඩායම සමග සංසන්දනය කිරීම පසුව සිදු කරයි.

The For Stage Of Experimental Research
1.     ස්ව්‍යක්ත  විචල්‍යක් / පරයක්ත විචල්‍යන් මොනවද යන්න හදුනාගත යුතුය.
2.     අත්හදා බැලීමේ කණ්ඩායම හා පාලිත කණ්ඩායම තෝරාගත යුතුයි.
3.     ස්ව්‍යක්ත විචල්‍ය , අත්හදා බැලීමේ කණ්ඩායම වෙත ලබාදීම.
4.     ස්ව්‍යක්ත විචල්‍ය , අත්හදා බලෙමේ කණ්ඩායම් චර්යාවේ ඇතිවූ වෙනස පරික්ෂා කල යුතුය . කණ්ඩායම්  සංසන්දනය කල යුතුය. 

Experiment Design
·        මෙම පරීක්ෂණ සැලැස්ම ඉතාම නිවැරදියි. ප්‍රධාන ගැටළුව එක හා සමාන කණ්ඩායම් දෙකක් තෝරා ගැනීමේ ඇති පහසුව
·        මේ අඩුපාඩුව අවම කර ගැනීමට එක විචල්‍යක් හෝ දෙකම එකම ආකාරයෙන් තේරුම් කල යුතු වේ.
·        පර්යේෂණය ආරම්භ කිරීමට පර්යේෂකයා උත්සහ කල යුතුයි. මෙම කණ්ඩායම් දෙකම එකම මට්ටමකට තෝරා ගැනීමසිදු කල යුතුයි.
·        සමාන කණ්ඩායම් දෙකක් තෝරා ගෙන අත්හදා බැලීමේ විචල්‍ය හදුන්වා දුන් පසුඅත්හදා බැලීමේ කණ්ඩායමේ යම් වෙනසක් ඇතිවේ නම් , පර්යේෂකයා නිගමනය කරන්නේ මෙම විචල්‍ය හදුන්වා දීමෙන් හැසිරීමේ වෙනසක් ඇති බව පාලිත කාණ්ඩය සමග සංසන්දනය කිරීමෙන් සිදුවන බවයි.  

2 comments:

  1. Replies
    1. මේ දවස් වල ලියන්නේ ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට .... අවශ්‍ය දේවල් , අටම්....
      notes හදන නිසා අවශ්‍ය කෙකෙක්ට ගන්න පුළුවන් නේ ... ටික දවසකට මම ලියන රටාව වෙනස් කරා
      කමක් නෑනේ ....

      Delete