Friday, May 16, 2014

ඇය ගණිකාවක්ද .......?

              ගණිකාව  .... යන වචනය මා දන්නා විදියට පොදු  නාමයක් ලෙස හැදින්විය හැක.මක් නිසාද යත් පිරිමි ගණිකාවෝ ගැනද අද කතා කරන බැවිනි. එහෙත් වචනයේ අර්ථයෙන්ම මෙය හදුන්වන්නේ කාන්තාවන් ගැන පමණක් වන  අර්ථයෙන් එන වචනයක් ලෙසය. මන්ද...... සැමදා විවේචනයට ලක් වන්නේ කාන්තා ගණිකාවෝ පමණක්ම බැවිනි. ගණිකාව ගැන කතා කරද්දී එක්වරම මනසට එන්නේ කාන්තා රූපයකි. ඒ කියන්නේ අපේ චින්තනයේ රැදී තියෙන්නේ, ගණිකාව කාන්තාවකි යන මතයයි. ඒ වගේම, පිළිකුල් සහගත සිතිවිල්ලකි. කවුරු හරි කිව්වොත් අර යන්නේ ගණිකාවක් කියල, අපි බලන්නේ ඇස් ලොකු කරගෙන. ඒ තරමට වෙනස් හැගීමක් , නොරුස්සනා ගතියක් එක්වරම මොලයට එන්නේ වචනයේ වරදින්ද මන්දා , 
          සමහර අය කියනවා මේක සමාජ සේවයක් කියල, මොකද දුෂණ, අතවර,සමහර  මානසික රෝග සදහා යම් පාලනයක් මෙමගින් සිදුවනව කියල. තවත් අය කියනවා, මෙමගින් භයානක රෝග හැදෙනවා කියල. මේ දෙකම ඇත්ත. ඒත් ගණිකාව කියන්නේ කවුද කියල අපි කොහොමද හදුන ගන්නේ , ඒ සදහා නිර්වචන තියනවද.....? අපි ගණිකාවෝ කියල හිතාගෙන ඉන්න අය  පාරෙත් ඉන්නවා , ගෙදරත් ඉන්නවා, ඒ කියන්නේ එක් පිරිමියෙකුට වඩා ආශ්‍රය කරන අය, ඒ අයගෙන් සල්ලි ගන්න අය, තමයි, මේ විදියට හදුනාගෙන තියෙන්නේ. ලංකාව තුල ගණිකාව හදුන්වන අවිධිමත් ක්‍රමය තමයි,මේක. මේ තර්කය  හැමෝටම මේ විදියට සාධාරණය වනවාද කියන එක දැන්නම් ගැටළුවක්, මේ විදියට බැලුවම ලංකාවෙන් සියයට අනුවක්ම, මේ ඝනයට වැටෙන්නේ ඉබේම. තමන්ගේ අම්මා, සහෝදරිය, දියණිය, මිණිපිරිය මේ සියළු චරිත මේ තර්කනයට ඇතුලත් වෙලා දන්නෙම නැතුව. මේ තුල තිබුනාවූ මානුෂික හැගීම් ඉවත් වෙලා, ගැහැණිය රොබෝවරු මෙන්   පිරිමින්ගේ අතකොලු බවට පත්වීමේ වැඩි ප්‍රවනතාවයක්, මේ රාමුව තුල ගැබ්වෙලා තියෙනවා කියල නම් හිතෙනවා. 
                බටහිර කාන්තාව හා පෙරදිග කාන්තාව වෙනස් වන්නේ, මේ විදියට තියෙන්නාවූ පුරුෂාර්ථ නිසාවෙනි. මිනිසුන් තුල ස්වභාවයෙන්ම තියෙන්නාවූ, ලිංගික කැමැත්ත සදහා පනවන ලද මෙවැනි සීමාකම් නිසා, කාන්තාව, ලංකා සමාජයේ  ගණිකාවක් කර ඇත. ඔවුන්ට අනුව යම් සුවිශේෂී වූ හේතුවක් මත කාන්තාව බැබළේ නම්, ඇය ගණිකාවක් වන්නේමය. බටහිර කාන්තාවට මේ ගැටලුව නැත. පවුද්ගලික කාරනා වෙනුවට, ඇයගෙන් රටට ගතහැකි ප්‍රයෝජනය නිසැකවම, තර්කයකින් තොරව ලබා ගැනීමට දියුණු සමාජ පියවර ගෙන ඇත. ලෝක ප්‍රසිද්ධ කාන්තාවෝ ගැන හැදෑරීමේදී, ඔවුන්ගේ චරිතපදනයන් තුල වූ අඩුපාඩු, සැලකිල්ලට ගත් ආකාරයක් මේවායින් දෘශ්‍ය නොවේ. ඒවා විවේචනයටද බදුන් නොවේ. මක් නිසාද යත්, තමන්ටම වෙන්වූ ජිවන රටාවක් කාටත් උරුමවීම හා ඒවායින් අන් අයගේ නිදහසද සිමා නොවීම නිසාවෙනි. සදාචාරය යනු මෙයයි, කැ ගසා හොයන නැතිවෙනවා යයි කියන සදාචාරය ආරක්ෂා කරන්නේ ගණිකාවන් නිර්මාණය කිරීමට නොවේ. ලේබල්වාදී සමාජය මේවා තේරුම් ගත යුතුය. කාටද මෙලෙස ඇගිල්ල දිගු කරන්නේ...? තමන් දෙසටම වක්‍රව, තම පවුල තුලටම බව, සියල්ලෝම මතක තියා ගත යුතුය. 
           මෙම සටහන පාදක වුයේ...... පසුගිය වකවානුවේ දේශපාලන වේදිකාවේ රටටම කැ ගසා ඇතැමුන් කරන ලද ප්‍රකාශයන් නිසාය. 

39 comments:

  1. //දේශපාලන වේදිකාවේ රටටම කැ ගසා ඇතැමුන් කරන ලද ප්‍රකාශයන්// මේ ගැන නම් ඉතිං කියන්න තියෙන්නෙ
    "අඳුරේ පව් කරන දනා…
    එළියෙ ‍රවන ළඳුනේ……" කියලා තමා.

    ඇයි ඇත්තට ගණිකාව කියන චරිතෙ මේ තරම්ම පිළිකුල්.?

    //තමන්ගේ අම්මා, සහෝදරිය, දියණිය, මිණිපිරිය මේ සියළු චරිත මේ තර්කනයට ඇතුලත් වෙලා දන්නෙම නැතුව// මට මේ ටික තේරුන්නෑනෙ නිහංසා.

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩිපුර ඉදිරියෙන් ඉන්න ගැනු කෙනෙක් දැක්කම සමහර අය .... සැකෙන් බලනවා , මෙයා කොහොමද මෙහෙම උනේ කියල....
      එහෙම බලලා මොනවා හරි හිතල...... ඔන්න කතාවක් යවනවා...... මෙය මෙහෙමයි...... කියල.......
      ඔහොම යනකොට ...... දවසක් මෙයාගේ නෝනා.....guest house එකක ඉදල කාත් එක්කදෝ පොලිසියට අහුවෙලා, ගෙදරට පණිවිඩයක් එවලා.
      ඉතින් මෙයාට යන්න උනා ගෙදර එක්කන් එන්න , තමන්ගේ නොනව.

      අනුන්ට ඇගිල්ල දික් කරනකොට අනිත් ඇගිලි හතරම දික් උනේ තමන්ටමනේ.......
      එතකොට අපි කාටද කියන්න පුළුවන් අර ගණිකාවක් කියල.....
      මේක සත්‍ය කතාවක්.......... මේ වගේ අය කොච්චර නම් ඉන්නවද......?

      චතු ඇයි මං එහෙම කිව්වේ කියල තෙරුනනේ......මිට වඩා වෙනස් කතාත් තිබුණා......මං ඒවත් අහල තියනවා. මේ එකක් විතරයි......

      Delete
  2. ඔබ සඳහන් කල ලේබෙල් වධී සමාජයේ තවත් එක ලේබලයක් තමයි ගණිකාව, ඒ ලේබලය ප්‍රකාශ වෙන කොට මොන වගේ හන්ගීම් මවා ගත යුතුද යන්නත් ඒ ලේබල් වාදී සමාජයම උගන්න අවසානයි, හෙලා දැකීම, පිළිකුල් කිරීම, නින්දා කිරීම, ඒ හගීමුයි, නමුත් ඒ සියල්ල කරන ලේබල් වැදී සමාජයම ඇගෙන් ලද පහස තවකෙකු හමුවේ තාලු මරමින් විග්‍රහ කරන අයුරු මම අනන්ත අසා ඇත, එවිට ඇයව බඩුව, ගොනා, වේසි යන නම පදයන්ගෙන් අලංකාරවත් වේ. ඇයට ගරහන ඔවුන් ඇගේ පහසට නොගරහයි, අරුමයකි. ගණිකාව යන වචනය සමග ස්ත්‍රීය වෙලා අවසානය, පිරිමියා සමාජය විසින් නිධෝස් කර ඇත, ලොකු ලොකු අමාත් බිරින්දෑවරු, කාන්තා විමුක්ති කාමීන් යයි පවසා ගන්න කාන්තා චරිත පිරිමි ගණිකා පහස ලබා ගන්නේ කාන්තා ගණිකාව හෙලා දකිමින්ය, දෙපලම කාන්තාවන්ය, අරුමයකි. තවද සමලිංගික සේවාවන් සපයන්නන් ගැන ලේබල් වධී සමාජයේ කතාවක් නැත, ඔවුන්ගේ ලිංගිකත්වය ගැහැණිය හා පිරිමියා අතර පමණි. පය ලේබල්වාදී සමාජය සංඊ ලියෝන්ලාට මල් තබා වන්දනා කරන අතර ලයිට් කණු යට, ත්‍රීවිල් වල නැගී යන ඇයට ගරහයි, නමුත් ඔය හරක්ට කවදාවත් සංඊ ලියෝන්ගේ පහසැ ලබා ගත නොහැක, නමුත් නොලැබෙන පහස ඇති සංඊ ලියොන් අගයන උන් ලැබෙන පහස ඇති ඇයට ගරහයි. නෙදකින් මෙහෙමත් සමයන්.

    ReplyDelete
  3. හිමිට ටෝක්කකුත් ඇනල නෙහ්..

    ReplyDelete
    Replies
    1. කාටද අනේ......ආචාර්ය තුමෝ......

      Delete
  4. ලේබල්වාදී සමාජ න්‍යාය ...... ගණිකාව තුලින් අයින් කරන කම් ඒ මනුස්සයා මැරී මැරී උපදිනවා.....අතීතයේ කල වැරදි මත නිවැරදි වෙන්න බැරුව.... මේ හේතුව නිසා, සමහරු තමන්ගේ උපන් ගමට, මරනෙකට, මගුලකට වත් එන්න බැරුව ඉන්නවා.

    ReplyDelete
  5. අ සර්බියන් ෆිල්ම් කියල චිත්‍රපටයක් .ියෙනව... ඒක ඇත්තටම සර්බියානු ප්‍රඩක්ෂන් එකක්... මේ වගේ අයගෙ ලයිෆ් එකේ අදුරු පැති කඩක් ගැනයි තියෙන්නෙ... බයිස්කෝප් එල්කේ එකට දාල තිබ්බ දැක්ක
    මේ වගේ දේවල් ගැන නං කතා කරල වැඩක් නෑ අනෙ...
    කොච්චර කතා කලත් හැමදාම එකම තැන...
    පල්වෙලා පල්වෙලා ගදගහනව

    ReplyDelete
  6. බොහෝ දෙනක් මේ වෘත්තියට එන්නේ කැමත්තකින් නොවේ.. සමාජයේ වරදින්.. අසරණ වූ සහ නොමගගිය අය..
    ඔවුන් පිළිබදව සමාජය බලන විදිය වෙනස් කරන්න අමාරුයි නමුත් එ් තත්වයට පත් නොවන්න හැකි පමන දැනුවත් කිරිීම් කල යුතුයි

    ReplyDelete
  7. ගණිකා වෘත්තිය නීතීගත කරන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. ඒක අතීතයේ ඉඳලා අපේ සංස්කෘතියේ තියෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මං ඒ අදහසට විරුද්ධ නැ....... හේතුව සමාජ අපචාර අඩුවෙන නිසා. අතීතයේ ගණිකා වෘත්තිය අපේ සංස්කෘතියේ තිබුනට මාතලන්......

      දැන් තියන සංස්කෘතිය ගණිකා වෘත්තියට විරුද්ධයිනේ..... එකට හේතුව...... එදා පිලිගන්නත් අද එපා කියන්නත්.......ඇයි මේකේ අර්ථය අඩු උනේ.....?

      Delete
    2. කුහක කම හා බොරුව රජ වීම.

      Delete
  8. ඔව්..... සිජේ.... එවැනි අය මේ තත්වයට පත් නොවෙන්න හා පත් නොකරන්නයි අප දැනුවත්වීම් කරන්නේ.

    මහේෂ් .... මං හිතන්නේ මේකෙන් වැඩි අසාධාරණයක් වෙන්නේ දැනුවත් කලේ නැතිනම් ..... ගණිකාවන් නොවන අය ගණිකාවන් යයි හංවඩු ගැසීමෙන් වලක්වන්න. මොකද මේදේ කරන්නේ අප අතර ඉන්න අයම නිසා, මේ ඉරණමට ලක්වන්නේ , සමහර විට අපේම කෙනෙක් වෙන නිසා.

    ReplyDelete
  9. ගණිකාවන්ගේ හැසිරීම සදාචාර විරෝධී යැයි එක්වර කෙනෙකුට කියන්න පුලුවන්. නමුත් ගණෛකාවන්ට මේ කාර්‍ය කරගෙන යන්න අවශ්‍ය පරිසරයත් සමාජ පසුබිමත් නිර්මාණය වෙන්නේ සංකීර්ණ හේතු මත. ඒ කිසිවක් සරල නෑ. විශේෂයෙන් අපේ රටේ අක්‍රමවත් නාගරීකරණය හා කෘෂිකාර්මික ජීවනරටාව දියාරු වී නගර ආශ්‍රිතව රැකියා බිහිවීම හරහා ගණිකාවන්ට යම්කිසි ඉල්ලුමක් ඇතිවෙනවා. අනෙක අපේ රටේ බැලුවොත් පිරිමි ජනගහනය තුල ලිංගිකත්වය සම්බන්ධයෙන් පැහැදිලි මානසික පීඩනයක් තියෙනවා. පහුගිය කාලේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් ගණිකා වුර්තිය නීතියෙන් පිළිගන්න කියලා කරපු යෝජනාවක් බොහෝසෙයින් කතාබහට ලක්වුනා. ඒ මන්ත්‍රීවරයා ඊට ඉදිරිපත් කරපු කරුණු අසාධාරන ඒවත් නෙවෙයි. අපේ රටේ සමහර විවාහක කාන්තාවන් පවා සිය ස්වාමි පුරුෂයන්ගේ ලිංගික උවමනා එපාකම් ගැන ඒ තරම් හොයා නොබලමින් නරක ආකාරයට සලකන බවකුත් ඒ මන්ත්‍රීවරයා කියා තිබුණා. මම හිතන්නේ මේ වා බොරු නෙවෙයි. කොච්චර සදාචාරය ගැන කෑගැහුවත් මේ වගේ අමිහිරි උනත් ඇත්ත කාරනා තමයි ගණිකා වුර්තියට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉතාම වටිනා කරුණු ටිකක් මැනවින් ගොණු කර දක්වා තිබෙනවා. ඒගැන ඔබට ස්තූතියි.

      Delete
    2. පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරාලීම කාන්තාවගේ අනිවාර්ය කාර්‍යභාරයක් නෙවෙයි.පිරිමින්ට තිබෙන මානසික පීඩනයට කාන්තාවන් වගකිවයුතු නෑ.

      Delete
    3. හරියටම හරි අජිත්. ඔබ පෙන්වාදෙන කරුණු වලින් පිරිමින්ට තියෙන ලිංගික පීඩාව සමනය කිරීමට ගණිකාවන් ඉවහල් වෙනවා කියන එක තිත්ත ඇත්තක්. ඒ ඔස්සේ ගණිකාවන්ට ඉල්ලුමක් ඇතිවෙනවා කියන එක හරියටම හරි. මේ ප්‍රශ්න නොවිසඳ ගණිකා වුර්තිය නවත්වන්න බෑ.

      Delete
    4. වනිතා ....... කාන්තාව පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරාලීම අනිවාර්ය කාර්යභාරය නොවේ...... ඒක පිළිගන්නා වෙනවා. ඔබට අනුව ඒක හරි...... ඒත්...... අපේ සමහර කාන්තාවෝම මේ තත්වයට අනුබල දෙනවා..විද්‍යාත්මකව අපට මේක නතර කරන්න බැ.

      Delete
  10. ඔබ කියන දේ හරි ..... අජිත්...... මේ දේවල් මාත් අහල තියනවා. අපි ඒක පැත්තක් විතරක් බලලා මදි, මිනිස්සු බොරුවට , මේක එපා කිව්වට, අනෙක් පැත්තෙන් කියන්නේ ඕන කියල. එකට හේතු කාරනා ඕන තරම් ඔබ අතරම ඇති......නමුත් අර ලේබලයට අනුව අහිංසක ගැහැනුන් නාමිකව හදුන්වන්න එපා ගණිකාවන් යයි.....ලංකා සමාජයේ මේ නිර්වචනය දැනට වැරදියි.

    ReplyDelete
    Replies
    1. හැම ගෑණියෙකුටම ගණිකාවන් කියලා අපහාස කරන්නේ තමන්ගේ ලිංගිකත්වයටවත් හරියට ගරු කරන්නේ නැති අයයි.

      Delete
  11. ලංකාවෙ මෙය සේවා සැපයුමක් ලෙසට නිත්‍යානුකුලව කරගෙන යාමට ඉඩ දිය යුතුයි.
    මාස 3 ට වරක් වයිද්‍ය පරීක්ෂණයට භාජනය කරමින් සහතික පතක් ලබාදිය යුතුයි.
    කොහෙද..... ඕව ලංකාවෙ කරන්න ගියාම කෑ ගහන්නෙ සාමනේරලාගේ පුකවල් පලන ...උපාසක අම්මලට ආවාස ගෙයි දාගෙන කෙලින...... අල්ලපු වැටේ හාමිනේලා එක්ක ප්‍රසිද්ධියෙ පවුල් කන ගනින්නාන්සේලා නෙ ...
    බුද්ධාගම විකුණගෙන නොකන බුද්ධාගමට ගරු කරන රටවල ඔය සේවය ලස්සනට තිබෙනව ...

    ReplyDelete
    Replies
    1. දැනටත් ...... ලංකාවේ ගණිකා වෘත්තියේ යෙදෙන අය මසකට වරක් , සිය ආර්ථික ශක්තිය අනුව රජයේ රෝහලේ VD clinic එකෙන් check කරව ගන්නවා, අනිත් අය privat ගිහින් check කරනවා. මොකද ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවන් වල බන්ධනාගාර ගත උනාම ඉස්සෙල්ලම කරන්නේ check කරන එක ඒ තුලින් මේ කරුණ අනාවරණය වුනා.
      තවම නීති නැතත් , ඔවුන් දන්නව දැන්, ඔවුන්ගේ සමාජ වගකීම. කවුරු බැන්නත් ඔලුව පහත් කරන් ඉන්නේ සමාජ ලජ්ජාවට. කෙන්ජි......

      Delete
  12. මේ ගැන කියන්න දෙයක් නෑ ,තෙරුම් ගන්න බොහෝ දේ තියෙනවා අපේ රටට නම්

    ReplyDelete
    Replies
    1. තේරුම් ගත්තත් වගකිව යුත්තන් නිහඩව ඉන්නවා. සහෝ.......

      Delete
  13. ගණිකාවක් බිහිවන්නේ තනිකරම පවතින සමාජ ක්‍රමයේ වරදින්. ඒක නිවැරදිකරගන්නෝනි. ගණිකාවන් බිහිවීමටවත්, එම වෘත්තිය නීතිගත කිරීමටවත් මමනම් කොහෙත්ම කැමති නෑ. කාන්තාවක් කියන්නෙ ඉතාම වටිනා වස්තුවක්. එය මිළ කල හැකි "මස් කන්දක්" වෙනවට මං කැම්ති නෑ.

    ReplyDelete
    Replies
    1. වෘත්තීය නීති ගත කරන්න ඕන කියල තියෙන්නේ ...... ඔවුන්ට සමාජ ආරක්ෂාවක් නැති නිසා. අර ඉහත කරුණු සියල්ලම බලපාන නිසා, අතීතයේ වගේ සුරක්ෂිතභාවය තිබුණා නම් මේක වෙනමම ඉල්ලන්නේ නැ. හැමෝම තමන්ගේ සිමාවේ සිටිනවා නම්, ඔවුන්ට මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නැ. එදා ජනපද කල්යාණිලා කොපමණ නිදහසකින් හා සංයමයකින් ඒ කාර්ය කලාද.....?
      කාන්තාව මේ තත්වයට පත්වනවාට අපි කොහෙත්ම කැමති නැ.ඒත්...... සමහර අයගේ ජාන උත්පේරක හා, ක්‍රියාත්මක වීමේ යම් යම් අඩුපාඩු මත ..... කාන්තාව මේ තත්වය කරා ආවේ නිතැනින්....... පිරිමින්ටත් මෙය මේ ආකාරයි. ඒකට දීපු පිළිතුර තමයි, සමාජය ගණිකාවන් බිහිකිරීම. මේ දෙපැත්තේම උවමනා එපාකම් මත අද වන විට කාන්තාව වෙතම මේ වෘත්තීය පැටවී.....කොන් කිරීමකට ලක් කලා. ස්වභාවික හේතුන් අපට වෙනස් කරන්න බැ, මනෝ......මේකෙන් අසාධාරණයක් වුනේ පෙළඹීමේ ඉඩ ඇති අයට නොවේ බලහත්කාරයෙන් පොලොවබපු කාන්තාවන්ටයි......

      Delete
  14. මේ වෘත්තිය නීති ගත කිරීමෙන් බොහෝ කාන්තාවන් අත් විදින ගැහැට අවම කළ හැකියි. ගනු දෙනු කරුගේ ආරක්ෂාවත් වෘත්තියේ යෙදෙන්නන්ගේ සෞඛ්‍ය සම්පන්න බවත් සුරැකේ
    -නලින්

    ReplyDelete
  15. ඔව් .... නලින් ඒ සියළු කරුණු ඉහත සාකච්චාවට ලක් වුනා.... මොනවා උනත් මේ කාරණයේදී , දැනට පිඩිත වන්නේ මේ කාන්තාවන්මයි ......

    ReplyDelete
  16. ගැනිකාව කියන වචනය හැදිලා තියෙන්නේ ස්ත්‍රී අවයවයට කියන තවත් වචනයක් මුල් කරගේන්. ඒ තමයි "ගණය" කියන එක තමන්ගේ අවයවය මුදල් උත්පාදනය කරන ජීවිකාව කරගැනීම මේ අර්ථනිරූපනයට ගොඩක්ම බලපා ඇති බවකුයි පෙනෙන්න තියෙන්නේ. කෙසේ උනත් මමනම් කියන්නේ ගණිකාවන්ට මේ කාලේ අපහාස කරන්න බෑ කියන එක. මොකද අද තියන සමාජ ගැටලු එක්ක ගණිකාවන් කියලා කොටසක් නැති උනොත් ඇත්තටම පිරිමින්ගෙන් සැලකියයුතු පිරිසකට තම ලිංගික ආශාවල් ඉෂ්ඨ කරගන්න මූලාශ්‍රයන් නැති වෙනවා. මේ කතාව ලැජ්ජාවට නොකිවුවට රටේ ඇත්තටම තියෙන තත්වයක්.

    ReplyDelete
  17. ඔබ කියන විදියට , වචනය අර්ථ ගැන්වීම මේ විදියට වෙනකොට , ....... එතකොට ...පිරිමි ගනිකාවන්ටත් මේ වචනයම යොදන්නේ ඇයි......? තාමත් මේ සම්බන්ධ අර්ථකතනයන්..... නිර්වචන පැහැදිලි මට්ටමක නැත්තේ........
    මං හිතන්නේ....... මේ වචනය අර්ථ ශුන්‍යයි කියල. කව්රු හරි , නිකමට භාවිතා කරපු, විසුළු නමක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  18. මමනම් හිතන්නේ මේ යන විදිහට තව ඉස්සරහට ගණිකා වුර්තිය සේවාවක් විදිහට පිළිගෙන නීතිගත කරන්න වෙයි.

    ReplyDelete
  19. සමහර විට ...... නේද.....?

    ReplyDelete
  20. ගණිකා වෘතිය නීතිගත කරන්න ඕනේ , මත්පැන් නීතිගත්නම් ගණිකා වෘත්තීය නීතිගත් කලාම ඇති වැරැද්ද මොකක්ද ? තමුන්ව පාලනය කරගන්නා කෙනා සියල්ල යහතින් කළමනාකරනය කරගෙන ජීවත්වෙයි

    ReplyDelete
    Replies
    1. වරද කාන්තාව පුරුෂයාගේ කාම වස්තුව බවට පත් වීම.

      Delete
  21. ඔව්....... ඉවාන්...... තමුන්ට තමන් පාලනය කරගන්න පුළුවන් කෙනා ජීවිතය ... කළමනාකරණය කර ගනීවි.....

    ReplyDelete
  22. ගණ්කාවන් කියන්නේ පිරිමියා ගේ කාමුක අවශ්‍යතාවය මත පදනම්ව එයටම ජීවිතය කැප කරන සම්ප්‍රදායික නිවට නීච චරිතයක්. මේ වගේ අයට ඔය වැඩේ කරන්න කිසි විටක ඉඩ නොතැබියයුතුයි. පිරිමියාගේ කාමුක අවශ්‍යතාවය සපුරාලන එක තමන්ගේ ජීවිතේ ප්‍රධාන අංගයක් විදිහට කාන්තාව සැලකියයුතු නෑ. ගණිකා වුර්තිය දැඩිව තහනම් කළයුතුයි. ඒ වගේම ගණිකාවන්ට තදින් දඬුවම් කළයුතුයි අනුකම්පා විරහිතව.

    ReplyDelete
    Replies
    1. පිස්සු හොල්මන ඇවිත් ආයේ.. ගණිකාවෝ හොදයි මෙහෙම විකාර ගැනුන්ට වඩා,

      Delete
    2. ඇයි ඔයා හිතන් ඉන්නේ දැන් දැඩිව දඬුවම් කරන්නේ නෑ කියලද , දඬුවම් කරලා ඔය දැන් නැවතිලාද?

      Delete
    3. කාන්තා විමුක්තිවාදයේ කුහකත්වය එලියට පැන්නා වගේ. මෙතන ඔයා ගණිකා වුර්තියට එරෙහි වෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි ගණිකාවන් පිරිමින්ගේ ලිංගික අවශ්‍යතා සපුරනවයි කියන කාරනේ නිසා. එතන තියෙන්නේ පිරිමි ලිංගිකත්වය කෙරෙහි කාන්තා විමුක්ති වෛරය විතරයි. ඔයගොල්ලන්ට අවශ්‍ය නීති වලින් රට හදන්න නෙවෙයි පිරිමින්ගෙන් පලිගන්න. ඔයා අර සුද්දන්ට පස්ස දෙන පිරිමි ගණිකාවන් ගැන මොකද කියන්නේ. කාන්තා විමුක්තියට ඒකනම් එකඟ ඇති නේද?

      Delete