Friday, January 27, 2017

පර්යේෂණ යෝජනාවලියක් ලියන්නේ කොහොමද ...?




Writing Research Proposal

What Is A Research proposal ?
සමාජ විද්‍යාත්මක පර්යේෂණ යෝජනාවලියක් වන්නේ , සමාජ විද්‍යාඥයකු විසින් ලියන ලද වාර්තාවකි.ඉතාමත් පැහැදිලිව යෝජිත විද්‍යාත්මක ගවේෂණයක් පිළිබද පැහැදිලි කරන ලද පර්යේෂණ යෝජනාවලියක් වේ.
·         කිසියම් සමාජ ගවේෂණයක් ආරම්භ කිරීමට පෙර පර්යේෂකයා බැදී සිටින්නේ විද්‍යාත්මක ආයතනයකට හෝ කමිටුවකට , පර්යේෂණ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටය.
·         මෙම පර්යේෂණය වැදගත් බව පර්යේෂණ කමිටුවට ඒත්තු ගැන්විය යුතුය.
·         පර්යේෂණ යෝජනාවලියක් නොමැතිව විධිමත්ව සමාජ පර්යේෂණයක් සිදු කිරීමට හැකියාව නැත.
·         පර්යේෂණය අනුමත කරන කමිටුව මගින් පර්යේෂණ මාතෘකාව ලබා දේ.

Components Of Research Proposal
·         පර්යේෂණ මාතෘකාව
·         පසුබිම / හැදින්වීම
·         පර්යේෂණ ගැටලුව පිළිබද ප්‍රකාශය
·         අරමුණු සහ අධ්‍යනය පිළිබද ලිවිම.
·         පර්යේෂණය සිදු කිරීමේ වැදගත්කම
·         අධ්‍යනයේ  සිමාව
·         සාහිත්‍ය විමර්ශනය
·         පර්යේෂණ  ක්‍රමවේදය
·         පර්යේෂණ සැලැස්ම / කාල රාමුව
·         ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 

Title Or Research Topic
·         මාතෘකාව කෙටි විය යුතුය
·         ඔබගේ පර්යේෂණය පිළිබද සිත් ඇද ගන්නා සුළු බවක් තිබිය යුතුය.
·         මාතෘකාවේ අපැහැදිලි බව හා හාස්‍යජනක බවක්  නොවිය යුතුය. 

Background / Introduction
·         සැබෑ ලෝකයේ උසස් අධ්‍යාපනය  පිළිබද පර්යේෂණ යෝජනාවලියෙන් විසදෙන්නේ උපාධි අපේක්ෂකයන් සදහා මුල්‍ය ආධාර ලබා ගැනීම හෝ පර්යේෂණ නිබන්ධයට අවශ්‍ය මුල්‍ය ආධාර ලබා ගැනීමයි.
·         මෙම පසුබිමෙන් හැදින්වීමේ පහසුව කියවන්නා,  කියවන්නාටම කිසියම් අදහසක් ඇති වන සේම ඔබට කුමක් කිරීමට අවශ්‍යද යන්න තේරුම් ගැනීම පමණක් නොව , ඒ පිලිබදව හැගීමක් ඇතිවනවා සේම , අශාවක්ද ඇති වේ. පර්යේෂණය සිදු කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිපල පිළිබද ඔහු තුල කැමැත්තක්ද  ඇතිවිය යුතුය.
·         පර්යේෂණ ගැටලුව තෝරා ගැනීමේදී , වටිනාකමක් ඇති කාරණාවක් බව ඒත්තු ගැන්විය යුතුයි
·         පුළුල් ආරම්භයක් සහිත මාතෘකාවක් විය යුතුයි .
·         පහත  කාරනා පසුබ්ම යටතේ පෙන්වා දිය යුතුයි.
                                I.            සංකල්ප
                              II.            ප්‍රයෝගික උවමනාව 

·         පර්යේෂණ ගැටලුව දෙසට ඒමේ , පටු රාමුව තුලට ආ යුතුයි.
                                I.            ගැටලුව නිරුපනය කිරීම.
                              II.            වඩා ගැලපෙන සාහිත්‍ය විමර්ශනයක් ආරම්භ කල යුතුයි
·         මෙම පසුබිම ප්‍රශ්න කිරීමට අවශ්‍ය දෙයක් පමණක් බවත් , ඒ සදහා පිළිතුරක් නොලැබූ ගැටළුවක් බවත් පෙන්විය යුතුයි. 

Statement Of The Problem
·         පැහැදිලි ප්‍රකාශයක් විය යුතු වීම හා ගැටලුව පර්යේෂකයා විමර්ශනය කිරීමට බලාපොරොත්තු වීම.
·         දැනට පවතින දැනුමෙහි අඩුපාඩු විස්තර කල යුතුයි.
·         වර්තමානයට ඇති අවශ්‍යතාවය පෙන්වා දිය යුතුයි.
·         දැනට සොයා නොගත් දැනුම සෙවිය යුතුයි.
·         ප්‍රශ්නකාරී ලෙස හෝ විස්තර කල යුතුයි.

Aims and Objectives Of The Study
·         පැහැදිලි පෙන්වා දීමක් හා ඉලක්ක ගවේෂණය කල යුතු පිළිවෙල මෙහි අඩංගු විය යුතුයි.
·         පොදු අරමුණු / ප්‍රධාන අරමුණ  පෙන්විය යුතුයි.
·         අධ්‍යනය තුලදී හදුනාගත් අරමුණු පෙන්විය යුතුයි.
·         අරමුණු කීපයක් ඇත්නම් එය ක්‍රමානුකුලව පෙළ ගැස්විය යුතුයි. 

Significance Of The Study
·         වර්තමානයට ගැලපෙන කාලින අව්ශ්‍යතාවයක් ඇති පර්යේෂණ කිරීමට වටිනා දෙයක් බව තර්කානුකුලව පැහැදිලි ලෙස පෙන්නුම් කල යුතුය.
·         සමාජය තුල පවතින දැනුම වර්ධනයක් සිදුවීම, දැනුම ඉදිරිපත් කිරීම හෝ වැරදි දැනුම ඉවත් කිරීම හා  ලැබෙන ප්‍රයෝජන පෙන්වා දිය යුතුය.
·         පර්යේෂණ ගැටලුව න්‍යායාත්මක  හා ප්‍රයෝගිකභාවය  යන දෙවර්ගයම නිර්වචනය කල යුතුයි.

Scope And Limitations Of The Study
·         අධ්‍යනයේ රාමුව පැහැදිලි කරන්න (කල යුතු හා නොකළ යුතු )
·         කෙටියෙන් පෙන්නුම් කරන්න අධ්‍යනය කරන්නේ මොනවද යන්න 

Literature Review (ලිඛිත තොරතුරු විමර්ශනය )
·         දැනට කෙරුණු පුර්ව  අධ්‍යන පිළිබද අධ්‍යනයක් කිරීම.
·         පර්යේෂණය තිබෙන තැන පෙන්වා දීමක් මෙම සාහිත්‍ය විමර්ශනයේ අරමුණු වේ.
·         අනෙක් පර්යේෂකයන් කුමන ප්‍රශ්නද පරික්ෂා කර ඇත්තේ යන්න සොයා ගත දැනුම මත සිතිය හැක.
·         දැනටමත් සොයා ගැනීමට අපහසු , හැංගිච්ච කරුණු ගැන අවබෝධයක් ලැබිය හැකියි.
·         සාහිත්‍ය විමර්ශනයේ කොටස් දෙකක් ඇත. 

                                I.            සංකල්ප න්‍යායන් විශ්ලේෂණය කිරීමදී  , පර්යේෂණ ගැටලුව සම්බන්ධව  විමර්ශනයක් කල යුතුය.
                              II.            පර්යේෂණ ගැටලුව සම්බන්ධ මෑත කාලින ලිඛිත තොරතුරු පිළිබද සෙවීම. 

Research Design
·         කුමන පර්යේෂණ ක්‍රම වේදයද තොරතුරු රැස් කිරීම සදහා යොදා ගනු ලබන්නේ
·         තොරතුරු රැස් කිරීමේ ශිල්ප ක්‍රම අතුරින් කුමන ක්‍රම විශ්ලේෂණය කිරීම සදහා  යොදා ගන්නේදැයි , පර්යේෂණ ගැටලුවට අදාලව දත්ත එකතු කිරීමදී  සදහා සෙවීම,
·         තොරතුරු රැස් කිරීමට යොදා ගන්න ක්‍රම වේදය,  භාවිතයට ගැනීමට  හේතු මොනවද යන්න සෙවීම්.
·         පර්යේෂණය සදහා යොදා ගත ක්‍රම වේදය පරික්ෂා කිරීමේදී , එම ක්‍රම වේදය තෝරා ගැනීමට හේතු වූ කරුණු බලපෑ අයුරු  , කියවන්නාට පහසු වේ. 

Research Methodology
·         පර්යේෂණයේ ඇති ප්‍රශ්න දෙකකට තෝරා ගත්  ක්‍රමවේදයෙන් පිළිතුරු සැපයේ.
                                I.            පර්යේෂණ ගැටළුවට අදාල තොරතුරු එකතු කරන්නේ කොහොමද ?
                              II.            පර්යේෂණ ගැටළුවට අදාල අරමුණු , තොරතුරු මගින් විමර්ශනය කරන්නේ කොහොමද ?
·         පර්යේෂණ ගැටලුවට අදාල නියැදියේ කිසියම් අපහසුතාවයක් ඇත්නම් පර්යේෂකය විනිශ්චය කල යුතුයි නියැදියේ අදාල කොටස පමණක් අධ්‍යනය කිරීමට යොදා ගැනීම .
·         දත්ත රැස් කිරීමට යොදා ගන්න උපකරණ මොනවද යන්න , සෙවීම  අතවශ්‍ය වේ.
·         උපන්‍යාසයක් හෝ ප්‍රශ්නාවලියක් මගින් පර්යේෂණ ගැටළුව සදහා දත්ත විමර්ශනය කල යුතු වේ.
·         පර්යේෂණය  සදහා පහත සදහන් ක්‍රම භාවිත කල හැකි වේ.
                                I.            පර්යේෂණ ගැටළුව
                              II.            පර්යේෂණ ප්‍රශ්නාවලිය / උපන්‍යාසය
                            III.            පර්යේෂණ සැලැස්ම (ක්ෂේත්‍ර / සමීක්ෂණ /අත්හදා බැලීම් /සිද්ධි අධ්‍යන )
                            IV.            ජනගහනයෙන් නියැදිය තෝරා ගන්න තාක්ෂණික ක්‍රම.
                              V.            එක් රැස් කරන දත්ත වර්ග (ප්‍රමාණාත්මක / ගුණාත්මක / ප්‍රාථමික / ද්විතිය )
                            VI.            දත්ත එක් රැස් කර ගන්න ක්‍රම
                          VII.            දත්ත විශ්ලේෂණය කිරීමට ඉදිරිපත්  කරන ක්‍රම වේදය 

Time Line (කාල රාමුව )




















































































Reference (ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය )
පර්යේෂණය අවසානයේ ඔබ පර්යේෂණය සදහා ලබාගත් තොරතුරු සදහන් ලේඛන, සහතික කල පෝරමයන්  අඩංගු කල යුතුය. ( අකාරාදී පිලිවෙලින් පළමු අයිතිකරුවන්ගේ අවසන් නම )