Sunday, July 26, 2015

උක්කුං පුතේ......


උඹ වැල්ලේ වැටි වැටි.... දුවන කොට ..... 
මං උම ගැන කෝම හින දැක්කද ......
උම ගෙදර වීරයා...... දඟයා ...... හුරතලා......
මං උඹට ...... මොනවට ආදරය කලාද ...... මයෙ  පුතේ....

ඔය ඔක්කොටම කලින් මං උඹේ ලෝකය දැක්කා.....
උඹ ....නාහෙට අහන්නෙ නැති වෙනකොට .....
මං උඹට කිව්වා .... ඔය ටික වෙන බව......

උඹ  මං දාල යන බව ...... එක හීනෙක නෙමෙයි.....
දස දහස් වර මං දැක්කා......
අම්ම කෙනෙකුට මේවා දකින්න බෑ...... ඒත් ..... මං දැක්ක ....

මේවා උඹට මං කියල දීපුවා නෙමෙයි......
උඹම ඉගෙන ගත්තුවා .......

වෛරයෙන් වෛරයෙන් ...... නිවෙන්නේ නෑ......
අධර්මයෙන් ධර්මය දිනන්න බෑ......
මේවා මං උඹට කිව්වා .......

උඹ වීරයා උනේ මට නෙමෙයි පුතේ......
උඹේ ..... නරුම ලෝකයට ...... විතරයි...... උඹ වීරයා......

උඹ අර ..... මහ උළු ගෙදර ඉන්දෙද්දී විතරයි ..... 
මං ටිකක් සැනසීමෙන් හිටියේ .....

මං දන්නවා පුතේ..... මට වඩා උඹත් දන්නවා ....
උඹට .... මේ ලෝකේ  පය ගහල ජිවත් වෙන්න බැරි බව .....
මං උඹ හොදයි කියල කියන්නේ කොහොමද .....? 

අන්තිමට උඹව අරන් ගියෙත් උන්මයි.....
වෙඩි වරුසාවකින් උඹට ආශීර්වාද කලෙත් උන්මයි....

උඹ හරියි ..... කියල මං කියන්නේ නෑ පුතේ......
උඹ වීරයෙක් වෙන්න ඕන නෑ මට.....
දන්නවද ....? පුතේ ...... උඹ වැදු මට ...... 
මිනිස්සු ශාප කල බව .... උඹ ඒවා දන්නවා.....
ලෝකෙම මට බනිනවා .....

මේවට උත්තර දීපන් පුතේ .......
ඇයි...... උඹ මේ මුරුග රැලක් මැද අතරමං වුනේ ......?

ඇස් පියන් ඉන්න එපා පුතේ ...... නැගිටලා ඇවිත් 
මේවට උත්තර දීපන් මයෙ  පුතේ ......

උඹ මැරුණා කිව්වම  මං පුදුම උනේ  නෑ.......
ඒත් ...උඹ බලන්න ආව සෙනග කන්දරාව ......
මං උඹට බැන්නට...... උන් උඹට බනින්නේ නෑ....
උන්ට උඹ නැති පාඩුව දැනිලා.....

උඹේ හයියෙන් ජිවත් උනේ අපි නෙමේ ......
පිට උන් ...... නේද මයෙ පුතේ .....
උන් විතරයි....... උඹට තනි රකින්නේ ගෞරව කරන්නේ ......

උක්කුං පුතේ උඹ මට අර ඉස්සෙල්ල හිටපු ...... 
චුටි කොළුවා .... විතරයි පුතේ ...... 
උඹ මගේ ලෝකේ  හැමදාම විරයාමයි පුතේ .......









Thursday, July 23, 2015

රෝස මල


රෝස මලක් පෙන්වා .... ලබා ගත් ආදරය 
පිණි ඇතුරූ .... පලසක සැතපු ..... සුපසන් ප්‍රේමය .....
මන්දාකිණියක් වගේ  ...... විචිත්‍ර නුඹේ මුවනතට  .....
අනේ ..... මං ආදරය කරපු තරම් .... 

පිහි තුඩඟ ...... පැටළුණු ... නුඹේ වදන් ....
ඇනෙන විට මගේ හදවත් කුහරයේ .....
නහරයක් ...... නහරයක් පාසා ...... 
ලේ බිඳු ..... කැළති  .... කැළති ......
කදුලක්ව ...... රුටනා විට .....

අනේ එදා මට ..... නුඹ දුන්න රෝස මල 
බය භිරාන්තව ..... කනප්පුව උඩ 
එහෙට මෙහෙට වැනෙන  කොට .....
ඉවසුම් දෙන්නෙ නෑ..... 
දුක දෝරේ ගලන විට ......



Thursday, July 16, 2015

දේශ - පාලන දෙවියනි......


රට පාලනය කරන දෙවියන් වහන්සේගෙන් මං අහන්න කැමතියි..... දේශයක් පාලනය කරන එකටද ...... දේශපාලනය කියන්නේ කියල.... දේශයක් පාලනය කරන්නේ ඇයි.....? අපිට ඔහේ ජිවත් වෙන්න පුළුවන්නේ. 
මං හිතන්නේ අපිව ඒකීය රටාවක් තුල ගොනු කරන්නයි, දේශයක් පාලනය කරන නායකයෙක් බිහි වෙන්නේ ...? අපි ඒ විදියට ඒකීය රටාවක් තුල හැඩ ගැහීම ඇත්තටම සාර්ථකද ...? 
ඒකීය රටාවක් තුල ගොනු වෙන්න නම් ...... අපේ නායකයා කවුරුන් වෙන්න ඕනද ...? කුමන  විදියේ .... බලයක් ඔහුට තියෙන්නේ ඕනද ...?
බලය කියන්නේ මොකද්ද ...? දේශයක් පාලනය කරන නායකයට බලයක් අවශ්‍ය ඇයි ....? ඔය විදියට එකම දේශයක් තුල නායකයන් කිහිප දෙනෙකු බිහි උනොත්, අර ......  පළමුවෙන් බිහි වෙච්ච නායකයට මොකද්ද වෙන්නේ ....? දේශය තුල වූ ඒකීය භාවයට මොකද වෙන්නේ ...? දෙවියන් වහන්සේ ඒකට දෙන උත්තරේ මොකක් වෙයිද .....?
අතීතයේ මිනිස්සු අහිංසකයි..... ලැබුන දෙයක් බාර ගත්ත උතුම් වූ කොටසක්..... සරල සමාජය තුල ගැටුමක් හෝ අන් අය අභිබවා යමක් දක්නට ලැබුනේ නෑ. දෙවියන් තමයි මේ උත්තරීතර දේශය සාමකාමිව පාලනය කලේ. මේක වෙන්න ඇති දෙවියන්ගේ යහ පාලනය 
මෙකි දෙවියන්ගේ අඩවිය තුල එක් රැයකින් බිහි වූ ප්‍රාදේශීය දෙවිවරු..... ගංභාර  දෙවිවරු කිහිප දෙනෙක් ,මහ බ්‍රහ්මයාගේ අණ නොතකා ක්‍රියා කරද්දී .... අපා ගත උණු හැටි ......  ආයෙත් නම් මේ දෙවිවරු දේව මණ්ඩලයට ගන්නේ නැතිළු. 
දෙවිවරු යයි කියා ගත්ත උන්ගේ  බලය ක්ෂය වෙද්දී , ප්‍රවිෂ්ඨ වන යක්ෂාවේශය ..... නැවතත් මේ පුජනිය වූ භුමිය තුල කරක් ගහද්දි, අනේ ආයෙත් ගද ගහන්න පටන් අරන්. ගැත්තන්ට නම් දෙවියන්ගේම පිට තමා . 
දෙවියන්, යක්ෂයින්  කවුරුන්දැයි ...... මේ වන විට හදුනා ගත නොහැකි තත්වයට පත්ව ඇත්තේ. සියළු දෙනාම  සුදු වතින්  සැරසී සැරිසරන නිසාවෙනි. 
මෙවැනි වෙස් ගෙන සසරේ සැරිසරන දනන් .... පිං රැස් කිරීමට යයි සිතා මේ දිනවල කරන මහා පුණ්‍ය කර්මය මොකද්ද කියල මං අහන්න කැමතියි දෙවියන්ගෙන්..... 
පෙරදා ඇති වෙන්න මතක බන කියල  .... මේ වන විට පාංශුකුලයත් දීල අවසන් කරපු ,  ඒ කුණු වෙච්ච මලකුනට ආයෙත් කවුද මේ පන දෙන්න හදන්නේ ? නැතිනම් කුම්භාන්ඩයෙක් වෙලා තාමත් මේ සසර දනව්වේ සැරි සරනවද ඒ භූත ආත්මය ......  මගේ දෙවියනේ .....? 
දේශයක් පාලනය කරන්න ....... එකම අනක්  යට දෙවියෙක් එනකන් අපි බලන් ඉන්නවා, දෙවියනේ. 
මිට පස්සේ ..... අපි පිහිට පතන්නේ ...... දුක් ගැනවිලි කියන්නේ ..... ඒවා ඉටු කර ගන්න පුජා වට්ටි තියන්නේ මොන දෙවියටද .....? දෙවියනේ ...... 





Saturday, July 11, 2015

සඳ ..... නුඹ මට හිමි නෑ.....


නුඹ සඳක් ...... බැස යන......
සීතල හෝරාවට මගේ හිත කිති කවන.....

ගං දෑලේ.... නුරාවට රටා මවමින්.....
බට පඳුරු අස්සෙන් විනිවිදව  .....
සීරුවට එතෙන  ..... කෝල නුඹේ  රැස් .....

මං හිතුව  ......  නුඹ .... අයිති මට .... තමයි .......

සුමුදු ලතාවක ..... පිපුන මන්දස්මිතය ....
පුබුදු කල ...... නුඹ මුදු තොළඟ ......
හාදු දුන් ..... උවනතට ..... සිත කැළඹු ..... නුරාවේන් 
සත්තමයි ...... නුඹ මට දුන්නු පැතුම් පොදී ......

නුඹ සඳක්....... 
මට කෝම අයිති වෙන්නද ....?
මතක නැති උනා......
රැදෙන්න බැරි බව .....

සඳ .... නුඹ මට අයිති නෑ.......
නුඹ අයිති අහසට .....




Wednesday, July 1, 2015

අනන්තය .....


මගේ ඇස් දෙස බලාන , ඔබ මට බොහෝ දේ කිව්වා. ඒ තුල වූ විස්වාශය අපිරිමිතයි කියල මා දුටුවා. මේක තමා සත්‍ය ප්‍රේමයේ නියම ඇත්ත .......

දින , සති , මාස ගණන් ගෙවෙන කොට ,........ ඔබ කියූ ....... බොහෝ දේ ...... හොයන්න ..... මට අනන්තයට යන්න උනා...... යන්න මං පාර දන්නෙත් නෑ. ......

කවුරුත් එන් නැති....... 
කවුරුත් යන් නැති.....
මල් පෙති විසුරුණු මල්පාරේ.....
දිනයක හමුවෙමු ........ 
හමු වී හිනැහෙමු ..... 
හිනැහී ......වැලපෙමු .......
අපි ආයේ ....

මට මතක් උනේ ගුණදාස කපුගේ කියපු මේ සින්දුව ..... මතක විදියට ලියවුනා...... හරිද මන්දා....... 

අනන්තයට යන්න පාර හොයා ගන්න බැරි උනු  මට  ..... ආපහු යන්න පාර කියන්නේ කවුද  ...? 

ඔබ දන්නවද ...... අනන්තයට යන පාර ......?