Sunday, December 28, 2014

ලියන වග නම්....

           
        මේ අවුරුද්ද අවසන් වෙනකොට කවදාවත් නැති තරමට මට වැඩ වැඩි උනා. මන්ද...... ඒ මොකද කියල..... මාස දෙකක් විතර මං race එකක් දිව්වා, මටම හති. blog එකට එන්නත්, blog කියවන්නත් කාලය මදි උනා...... දැන් ටිකක් ඉස්පාසුවේ ඉන්නවා, ඒ වැඩ ඉවර වෙලා නෙමේ, මට ඇතියි කියල හිතුන හන්ද.....
         ආපහු හැරිලා බැලුව මා ආ ගමන් මග, ගොඩක් වැඩ එක්ක මං සාර්ථක වැඩ දෙක තුනකුත් කරලා කියල හිතට දැනෙනවා . රැකියාවට අනුව  මට යන්න තියෙන්නේ  හරිම අමාරු ගමන් මගක , විෂම චර්යා ඇත්තවුන්ට කතා කරලා මටම මහන්සියි. ඒත් සේවයක් වගේම පිනක් සිදු කර ගත්ත. 
       මිනිස් සන්තානය වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඒක අභියෝගයක්. සිතක් එක  විචල්‍යක පවත්වා  ගන්න බැ. හොද දේ දුන්නත්, හොයන්නේ නරක දෙයක්. නිවනට පාර පෙන්නුවත්, යන්න හදන්නේ අපායේ දොරටුව වෙත. මේ කර්තව්‍ය  මගේ හිතට ව්‍යායාමයක් , 
         මේ ගමන යන්න එලි කර ගන්න තියන පාර ඊට වඩා හපන්. ලැබෙන දායකත්වය අවමයේ තියෙන්නේ, සම්පත් මදිකම, අරමුණ අපැහැදිලිවිම, නියෝග තුල වූ  ප්‍රාදේශීය නොගැලපීම්, මේ හැම එකකම අවසානයේ දැනෙන පිඩාව ..... පහුගිය මාස දෙකදිම මට දැනෙන්න ගත්තා. 
          මේ දේවල් එක්ක මට තරහ යන්නේ නැ. හිනාවෙලා ආපු හැම ගැටළුවකටම විසදුම් හෙව්වා, විකල්ප හෙව්වා. සමහරක් වෙලාවට පාඩු සිදුවෙන තරමේ ප්‍රශ්න  වලට මුහුණ දුන්නා. ඒත් මං මගේ ගමන ගියා. තාමත් යනවා. 
        වෙලාවකට නින්ද ආවේත්  නැ, පෞද්ගලික ගැටළු නිසා නෙමෙයි, ඒකට පැහැදිලි හේතුවක් ඔළුවේ තිබුනේ නැ. ඒ තුල කලකිරීමක් දැනුනෙත්  නැ. මටම ඒ තත්වය තේරුම් ගන්න බැ. දවසින් දවස අළුත් උනා මිසක්.
          අළුත් අවුරුද්දට මුහුණ දෙන්න ඕන, අළුත් විදියකට, මං දැන් ලේස්ති වෙන්නේ ඒකට. වසරින් වසර  ....... විෂම චර්යා ඇත්තවුන්  පිළිබද වූ මගේ , පර්යේෂණ වෙනස් කරමින්, සැලසුම් සකස් කරන්න පටන් ගන්න ඕන. මට දැනෙන දේ හා කලයුතු දේ,  ස්වභාවික නීතියට අනුගතව , පරිපාලන නිතිය ඉස්මතු කරමින්, නියමිත රාමුව ඔස්සේ, යායුතු දිශානතිය තීරණය කරාවි. 
ලබන වසරේත්, මං ඔබ හමුවට එනවා. blog එක යාවත්කාලින කරන්න ඕන. මොනවගේ දේවල් ලියවේද දන්නේ නැ. ඒක, වෙනස්ම සංකල්පයක්, මට හිතිච්ච දේ ඔහේ ලියාවි . වෙනදා වගේම. ඉතින් මේ වසර අග මට නැවත ඔබ හමුවන්නට එන්න බැරි උනොත්, මේ සටහන ..... මේ වසරට අනුගත වෙමින්, ඔබට සුභ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා. බ්ලොග්කරණය තුල පෙරළි දකින්න වෙනදා වගේම කැමතියි. 

Friday, December 26, 2014

චීනයේ ඉතිරි වූ ගැහැණු.....


           චීනයේ සංඝණන වාර්තා වලට අනුව වාර්තා වන්නේ අවුරුදු 25 ත් 29 ත් අතර සිටින කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයකු අවිවාහකව සිටින බවයි. 
           මේ වයසේ පසුවන පිරිමින් සැම විටම උත්සහ දරන්නේ , වයසින් අඩු හා තමන්ට වඩා උගත්කමින් අඩු කතුන් හා විවාහ වීමටය. චීනයේ පවතින මේ විවාහය පිළිබද අසමමිතික තත්වය හා කාන්තාවන්ගේ අවිවාහකව සිටීමේ ගැටළුව නිසා, රජය විසින් විශේෂ පියවර ගැනීමට සිදුව ඇත.
          මෙම උගත් කාන්තාවන්ට සහකරුවන් මුණ ගැස්වීමට , විශේෂ අවස්ථා සංවිධානය කර ඇත.බොහෝ විට පිරිමි සහකරුවන් කලහකාරී කිරීමත්, කලබල කිරීමත් මගින් ඔවුන් ඉක්මනින් විවාහ දිවියට ඇතුල් කිරීමට රජය උත්සහ දරා ඇත.
           මෙම ඉතිරි වූ ගැහැණු ප්‍රිය මනාප, හොද රැකියා වල නියුක්ත හා උපාධිධාරී  උවද ගැලපෙන සහකරුවන් මුණ නොගැසිමෙන්, ඔවුන්ට තනිව සිටීමට සිදුව තිබෙනවා. 
           මේ හේතුවෙන් පළමුව පවුල තුල කොන්විමද , මාද්‍ය මගින් මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල වීමෙන්ද මේ කාන්තාවන් දැඩි පීඩනයකට ලක්ව ඇත. 
           අවිවාහක වයස්ගත කාන්තාවන් පවුල තුල සිටීමෙන් , පවුලේ පිරිමි , මෙය ලැජ්ජාවට කාරණාවක් සේ සිතා, නෑදෑයන් එකතු වන ස්ථාන වලට තම අවිවාහක සොයුරියන් රැගෙන යාමට මැලි කමක් දක්වයි.
             මේ අනුව බලන කල ලංකාවේ තත්වයද මෙබදු යයි මට සිතේ, නමුත් විවාහ කල්පමාව ගැටළුව සදහා නම්, රජය පියවර ගෙන නොමැත. මේ තත්වයට  කාන්තාවන් ලක් වීමෙන්, සමාජ අපචාර නම් වැඩිව ඇතැයි, මෙරට සංඛ්‍යා ලේඛන වලට අනුව වටහාගත හැක. 
      ලංකාවේද චීන රජය මෙන් මේ උපක්‍රමය යෙදුවොත්..... සාර්ථක වෙයිද මන්දා..... දන්නා අය කියන්නකෝ..... විවාහ කල්පමාව , පිරිමි සහකරුවන් කලහකාරී කිරීමෙන් විසදා ගත හැකිද කියා......

Wednesday, December 24, 2014

අසුබ දවසක්


හෙළන බැල්මක මන්මත්.... 
වියරු සිනාව දෙතොල රැදී.....
හිස් අහස දෙසට දෑත් ඔසවා.....
නළල බිම ඇන දන නමා.....
නුඹ දණ්ඩ නමස්කාර කරමින්......
සිප වැළද  මව් තොමෝ.....
යදින්නේ කුමක්ද......?

කම්පිතව කුරිරුව හඩයි වරු ගනන්.....
කදුළු සලමින්.....මව් තොමෝ.....

ගිනියම් දෑස් ......සොයයි හෙට දින 
තව බිල්ලක් ...... ගොදුරු කර ගන්න....
නුමට හෙට අසුබ දවසක්.......?

Friday, December 12, 2014

නිහිංසා නිහඩයි......

     
      නිහිංසට මේ දින වල අධික වැඩ ....... ඒ හින්දා blog අවකාශයේ සැරිසරන්න බැරි උනා.....මං ඒක කියල යන්නයි අද ආවේ...... මං ආපහු එනවා...... යාළුවනේ...... ඔයාල හැම දෙනාටම සුභම සුභ දවසක්.....

ගියාට මං එනවා.....
ආපහු එනවා......
සත්තයි එනවා.....