Monday, July 17, 2017

සමාජ ගැටළු




Introduction to social problems

What is a social problem ?
සමාජයේ පවතින කිසියම් තත්වයක් හේතුවෙන් සමාජයේ සිටින බොහෝ දෙනකුගේ යහපැවැත්ම ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වීම හේතු කොට ගෙන එම තත්වය සමාජ ප්‍රශ්නයක් බවට පත්වේ .
මෙම සමාජ ගැටළු නිරන්තරයෙන් සමාජ ප්‍රතිචාර දක්වමින් සිදු වේ.

Definition of social problems
·        සමාජ ප්‍රශ්න යනු, සමාජයේ පවතින තත්වයන් සමුහයක් සහ ගැටළුකාරී චර්යාවන් මගින්  සමාජයේ ඇතිවන විසංවිධාන තත්වය නිසා ඇතිවන ප්‍රකාශිත තත්වයකි. එම නිසා මෙම තත්වය වෙනස් කිරීමට සමාජය විසින් නිරන්තරයෙන්ම මෙම ගැටළුව පිළිබද ප්‍රතිචාර දක්වයි.
·        මුලික වශයෙන් සමාජ ගැටළු වල අන්තර්ගත වන්නේ සමාජයට අහිතකර සමාජ තත්වයන් වේ. එම තත්වයන් සමාජ ගැටළු තුලින් නිරුපනය වේ.
·        සමාජ ගැටළු සහ සමාජ ප්‍රශ්නයක් සෘජුව හෝ වක්‍රව සමාජයට බලපෑ හැක. සමාජයේ සියලු දෙනාටම හෝ බහුතරයකට බලපෑ හැක. එතුලින් ජීවත්වීමේ නිදහස නැතිව ගොස් ඇත.
·        සමාජ ගැටළු හදුනා ගැනීමේ ආකාර දෙකක් ඇත. ( සමාජ ගැටළුවක් වීම / පෞද්ගලික ගැටළුවක් වීම. ) මේවා , ගැටළුව බලපාන ලද සංඛ්‍යාවට අනුව තීරණය කල හැක.
·        මෙම සමාජ ගැටළු සදහා හේතු මනෝ විද්‍යාත්මක නම් එය පෞද්ගලික ගැටළුවකි. සමාජයේ බලපෑම මත ඇති වූ ගැටළුවක් නම් එය සමාජ විද්‍යාත්මක ගැටළුවකි.
·        සමාජීය විද්‍යාඥයින්ට අනුව බොහෝ පෞද්ගලික ගැටළුත් සමාජ ගැටළු ලෙස මතුව ඇති බව හදුනා ගෙන ඇත.
·        C. Wright Mills නැමති සමාජ විද්‍යාඥයා Sociologicle Imagination  ( සමාජ විද්‍යා පරිකල්පනය ) නමැති සංකල්පය මගින් සමාජ බලවේග පුද්ගලයාට බලපෑම් කරන්නේ කෙසේද යන්න පෙන්වා දී ඇත .

Sociologicle Imagination
·        සමාජ ගැටළුවක් තෝරා ගැනීමේදී සමාජ ගැටළුව තුලට ගොස් හා ඉන් පිටතට ගොස් බලන ආකාරය ( සිතුවිලි , අභිප්‍රේරණ , පෞරුෂ ලක්ෂණ පරික්ෂා කිරීම .)
·        සමාජ විද්‍යාඥයින් විසින් මෙම එළඹුම පරික්ෂා කිරීමේදී දිගු කාලයක් ගතවුවත් , අත්දැකීම් කෙතරම් පුද්ගලික උවත් ගැටළු වලට හේතුව පුද්ගලික හැසිරීම් සදහා සමාජීය හේතු රාශියක් බලපා ඇති ආකාරය හදුනා ගැනීම .
·        සමාජ ගැටළු පවතින්නේ පුද්ගලයාට පරිබාහිරවය. මෙම බලවේග සමාජ සම්බන්ධතා ලෙස පෙන්නුම් කෙරේ .
සමාජීය කරුණු, සමාජ ගැටළු වීම සදහා බලපෑමට  Sociologicle Imagination නමැති සංකල්පය උදව් වේ.
·        Emil Durkime 19 වන සියවසේ යුරෝපයේ ඇති වූ සියදිවි නසා ගැනීම  පිළිබද සිදු කරන ලද සමාජ විද්‍යාත්මක අධ්‍යනයේදී හෙළි වු හේතු ලෙස, විවිධ රටවල සියදිවි නසා ගත් අය විවිධ අනුපාතයන් වලට අනුව සියදිවි නසා ගත්  බවත්, විවිධ හේතු මේ සදහා ඉවහල් වූ බවත් පෙන්වා දෙන ලදී.  සමාජ අනුකලන න්‍යාය මේ අනුව ගොඩ නගා ඇත.

 Nature of social problems
ඒ කාල වල සිටි මිනිසුන් සමාජ ගැටළු විවිධ ලෙස නිර්වචනය කර ඇත. සමාජයට අහිතකර තත්වයන් ඉවත් කිරීම සමාජ ගැටළුවක් තුලින් නිරුපනය වේ. සමාජ ගැටළු තුල  විෂයගත පදනමක් ඇත. සමාජයට අයත් මිනිසුන්ගේ තීරණ මත සමාජ ගැටළු නිර්මාණය වේ.

Claims Making
·        ගැටළුවකට ලක්වන පුද්ගලයන් ඒ තුල සිට ප්‍රතිචාර දැක්වීම සිදු වේ. එයට අදාල රජයේ නිලධාරීන්ට දැන්වීම මෙමගින් සිදු වේ.
·        මෙහි පළමු  පියවර නම් කිසියම් ආකාරයක සිද්ධියක්, මතයක් ලෙස ගොඩ නගා සමාජ ප්‍රශ්නයක් ලෙස ඇගවීම. පවතින තත්වය පිළිගත නොහැකි තත්වයක් බව ඒත්තු ගැන්වීම. සාමාන්‍ය පුද්ගලයින් හට  මෙම  ප්‍රතිචාර මගින් ඵලදායි බලපෑමක් සාමුහික එකතුවීම තුලින් සිදු කල හැක .

Social problems  - Eight Assertions
සමාජ ගැටළු පිළිබද පොදු ලක්ෂණ 8 ක් හදුනාගෙන ඇත.
1.     සමාජ ප්‍රශ්න ඇති වන්නේ  සමාජය ක්‍රියාත්මක වන ආකාරය අනුව වේ.
සමාජ ප්‍රශ්න පුද්ගලික අඩුපාඩු තුලින් සිදුවීම අඩු අතර , වැඩි වශයෙන් සිදු වන්නේ සමාජ සංසිද්ධියක් ලෙස ක්‍රියාත්මක වීමය .
2.     සමාජයේ සිටින නරක මිනිසුන් නිසා සමාජ ගැටළු ඇතිවීම සිදු වේ. බරපතල අපරාධ අන් අයට හිරිහැරයක් වේ.
3.     සමාජ ගැටළු සමාජීය වශයෙන් නිර්මාණය වේ. කිසියම් ගැටළුවක් සමාජ ගැටළුවක් බවට තීරණය කරන්නේ මිනිසුන් විසිනි  
4.     සමාජ ප්‍රශ්න පුද්ගලයින් විවිධ ආකාරයට තේරුම් ගනී. සමාජයේ සිටින විවිධ කොටස් සමාජ ප්‍රශ්න විවිධ ආකාරයට නිර්වචනය කිරීම සිදු වේ.
5.     සමාජ ගැටළු නිර්මාණය වීම කාලයෙන් කාලයට වෙනස් ස්වරුපයක් ගනී.
6.     සමාජ ගැටළු වලට බලපෑ හේතු ලෙස ඇගයුම් වගේම පොදු වූ විෂය මුලික සාධකද බලපා  ඇත.
7.     බොහෝ සමාජ ගැටළු වලට විසදුම් ලබා දිය හැකි වුවත් සියලු ප්‍රශ්න විසදිය නොහැක.
8.     බොහෝ සමාජ ප්‍රශ්න එකිනෙකට සම්බන්ධ වේ. ඒ තුල අන්තර් සම්බන්ධතා ඇත.

Analyzing social problems
1.     කෘත්‍යවාදී විග්‍රහය - Structural functional approach
2.     ගැටුම් ප්‍රවේශය - Social conflict approach
3.     සංකේතාත්මක අන්තර්වාදී ප්‍රවේශය - Symbolic interaction approach

Structural functional approach
සමාජ ව්‍යුහය  තුල ඇති ආයතන වල ක්‍රියාකාරිත්වයේ ස්වභාවය අනුව සමාජ ගැටළු නිර්මාණය වේ.

Social conflict approach
·        සමාජ ප්‍රශ්න වලින් තොර සමාජ පද්ධතිය පවත්වා  ගැනීමෙන් සමාජය පවත්වා ගත හැක. ඒ අනුව ඉහත න්‍යායෙන් සමාජ ක්‍රමය නිර්වචනය වේ. සමාජය තුල ඇති අසමාන පද්ධති නිසා සමාජ ගැටළු ඇති වේ.
·        සමාජය කොටස් දෙකකට ඇති / නැති ආකාරයෙන් බෙදේ . මෙමගින් සමාජ ගැටළු ඇති  වේ.
·        ගැටුම්වාදීන්ට අනුව දුප්පත්කම අපරාධ ඇති කරයි.
·        විසදුම් ලෙස විප්ලව කිරීමෙන් සමාජ ගැටළු අවම කරගත හැක.
·        සමාජවාදී අර්ථ ක්‍රමයක් ඇති කිරීමෙන් ඇති /නැති පරතරය පමණක් නොව සුදු / කළු භේදය, පුමිතිරි බව හා වෙනත් සංස්කෘතික සාධක වල බලපෑමද අවම කරගත හැකි බැව් , ගැටුම්වාදී සමාජ විද්‍යාඥයින් පෙන්වා දී ඇත .

 Symbolic interaction approach
·        මිනිසුන් පුද්ගලයින් වශයෙන් හැසිරෙන ආකාරය මෙම න්‍යායෙන් අවබෝධ වේ.
·        සමාජය විග්‍රහ කරනුයේ පුද්ගලයන් අතර සිදුවන අන්තර් ක්‍රියාවෙනි .
·        සමාජ ගැටළු අධ්‍යනයදී  ක්‍රම දෙකක් යොදා ගැනේ.
                               I.            කුමන ආකාරයට සමාජ ගැටළු පැතිරී ඇත්ද යන්න සෙවීම.
                            II.            කොහොමද සමාජ ගැටළු සමාජ ප්‍රශ්නයක් ලෙස නිර්වචනය කරන්නේ
·        ඉගෙනුම් න්‍යාය - සමාජ ගැටළු වලට හේතු සමාජ ඉගෙනුම් ක්‍රියාව මගින් උගෙන ගනී.
·        ලේබල්වාදී න්‍යාය - සමාජ ප්‍රශ්නයකට  මැදිවූ අයකු හංවඩු ගැසීම තුල නැවත වැරදි කිරීමේ හැකියාව ඇතිවීම මගින් වෙනත් වැරදි කිරීමටද මෙම න්‍යාය බලපා  ඇත.

No comments:

Post a Comment