Sunday, July 9, 2017

නොරදමි තරහක්



කිසිදා නොදැක නිම්තෙර ම,දිවියේ 
නොනිදා පිසලන කදුළක අවසානයේ 
රිසි ලෙස විඳිනට   ... උවනත පුරවා 
කීම නුඹ නාවේ ... තාමත් ම,තෙරට 

සිඹ සනහා වදනක මෘදුව සිහිලෙන් 
නහවා ගත නලවමින්  ... හද තෙරපා
තෙපලා නන්  රිසින් වදනින් දිරිමත්ව 
හිදිනා ... මා .. කීම නොදැක නුඹ තවම 

දෙදරා සලිත හද උවමන් නොමැති විට 
පිසදා නෙතු කදුළු රත් වුන කැළුමකට 
විසදා  පෙම කීම කෙලෙස නොරැදී සිතකට 
දුරැරා  .. මෙපුර නුඹ නාමුත් ම,විමනට 

නොරදමි තරහක් .........

No comments:

Post a Comment