Friday, September 11, 2015

බොරුව


      මිනිස්සු බොරු කියන්නේ ඇයි කියල හිතුවොත් , ඔබට මොකද හිතෙන්නේ ? ඔබ එක දවසකවත්, එක බොරුවක්වත් කාටවත්ම කියල නැත්ද ....? 
එහෙම නැත්නම් ඔබ සැම විටම ඇත්ත කතා කරන පුද්ගලයෙක්ද ? 
      පුංචි කාලේ අම්මා අපිව නලවන්න කොච්චර නම් බොරු කියන්න ඇත්ද කියල මට මතක් උනා. අම්මා එහෙම කරේ කුමන චේතනාවෙන්ද කියල අපි දන්නවා . අම්මා බොරු කිව්වේ අහිංසක චේතනාවෙන් හා අප කෙරේ දැඩි ආදරයකින් .
       ඒත් .... මේ බොරුව අපේ ජාන වලට මුලින්ම එකතු වෙන්න ඇත්තේ එතනින් කියලයි මට හිතෙන්නේ .
ජිවත් වෙන නම් බොරුව අවශ්‍යද ...? ඇත්ත ඉස්සරහට  දාගෙන වැඩ කරන්න බැරි උන හැම වෙලාවකදීම බොරුව ඇදිල එන හැටි මං දැකල තියනවා. 
        බොරු කීමෙන් පවක් සිද්ධ වෙනවා කියල අපේ ආගම දහමේ කියල තියනවා . ඒ වගේම , බොරුව නිසා තව කෙනෙකුට හානි වෙන අවස්ථා වගේම එම බොරුවම හේතු කාරණා කොටගෙන තමන්ටම හානි වෙන අවස්ථාත් මං දැකල තියනවා . 
       බොරුව කියන්නේ අපේ පැවැත්මද කියලත් වරෙක හිතෙනවා , මොකද අපි ඇදුම් අදාල ඉන්නෙත් , ඇත්ත හංගගෙන නේ . ඇත්තට වඩා බොරුව ජනප්‍රියයි . 
මට ඇත්ත දකින්න ඕන කියල හිතුවට කෝ ඇත්ත ...? ඇත්ත කොහෙද තියෙන්නේ ...? 
ආදරය කරද්දී දහසක් බොරු පොරොන්දු ලැබෙනවා . ඒවා කොයි තරම් සුන්දරද ...? බොරුව අපිව ආත්ම  ගානක කතාවක කාල පරිච්චේදයක් ඉතාම සුන්දරව ලියල දෙනවා. 
       බලය පතා අපේ වැඩ කාරයෝ කොච්චර නම් බොරු කියල ඇත්ද ...? ඒවා හරිම රැඩිකල් සහ හිත දිනන කතා . ලෝකය ඉස්සරහට යන්නේ මේ ගල් පැලෙන ලෝක බොරු වලින්. 
        බොරුව නිසා ලැබුණු දෙයක් සහ ලබා ගත්  දෙයක් අපට තිබුනද ...? මේ සියල්ල තාවකාලිකයි කියල , බුදු බනේ  කියල තියනවා . ඇත්ත තිත්තයි කියලා දවසක් අම්මා කිව්වා . ඒ කියන්නේ බොරුව කොයි තරම් පැණි රසද ...?  
        මට මේ ඇත්ත බොරුව තේරෙන්නේ නැ . දන්නා කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්න . ඇත්ත බොරුව හදුනා ගන්න අමාරු තරමටම සංකීර්ණ වෙලා. 
ඒත් ..... මට ඇත්ත දකින්න ඕන .....
      බොරුවට වැඩි ආයුෂ නෑ කියලත් සමහරු කියනවා . ඒ කියන්නේ  ඇත්ත කියන අයට  දීර්ඝ ආයුෂ තියනවා කියන එකද ...? 
       ඇත්ත බොරුව හදුනා ගන්න බැරි මං මුලාවක හිරවෙච්ච මට වගේම ඔබටත් මේ දේවල් මේ විදියටම  දැනිල ඇති .



Thursday, September 10, 2015

හිමොග්ලොබින් අඩු වන්නේ ඇයි ....?


        රුධිරයේ හිමොග්ලොබින් අඩු කම, නැමති අසනීප තත්වය සහිත රෝගීන් විශාල වශයෙන් වැඩිව ඇති  බව  හා  මිට අමතරව හිමොග්ලොබින් වැඩි වීම නැමති රෝගයද සුළු වශයෙන් වාර්තා වන බව මා වෙත දැන ගන්නට ලැබුණි. මේ බැව්  රෝහල් ආරංචි මාර්ගද  සදහන් කරයි . 
       වයස් බේදයකින් තොරව , මේ තත්වයට මුහුණ දෙන ශ්‍රීලාංකිකයන් , අඩු ආයුෂ ලබන බව මේ වාර්තා වලට  අනුව හදුනා ගත හැක . තැලිසීමියා නැමති රෝගය හා ඒ හා සම්බන්ධ රෝග ගණනාවක් ඇති බව සදහන් වේ. මේ රෝග සදහා සායන , ප්‍රධාන රෝහල් ගණනාවකම පිහිටුවා ඇති අතර ඒ සදහා ප්‍රතිකාර කරද සාර්ථක භාවයක් දක්නට නැත .
රුධිරයේ හිමොග්ලොබින් අඩු වන්නේ ඇයි ? මේකට හේතුව මොකද්ද ? 

මේ මා  දන්නා තරමිනි.

01 . නිසි පෝෂණයක් නැතිකම 
02 . ආරය
03 . මානසික ආතතිය 
04 . අධික රුධිර වහනය  
05 . වකුගඩු සම්බන්ධ රෝග 
06 . පෙනහළු ආශ්‍රිත රෝග 
07 . ඩෙංගු වැනි මාරාන්තික උන රෝග සැදීමෙන් 
08 . ගර්භනී අවස්ථා වලදී 

මිට අමතරව , වෙනත් කාරණා තිබේද ...? 

හිමොග්ලොබින් අඩුවීම සම්බන්ධයෙන් ම දන්නා ප්‍රතිකාර 

01 . රුධිර පාරවිලයනය 
02 . නිසි පෝෂණය ලබා දීම 
03 . Erythropoiesis    එන්නත් කිරීම .
04 . උපදේශනය 

මෙයට අමතරව වෙනත් ප්‍රතිකර්ම ඇත්ද ...? 

     හිමොග්ලොබින් අඩුකම නිසාදෝ පසුගිය වකවානුවේ , පාසල් නිවාසාන්තර තරග වලදී හා වෙනත් ශාරීරික අභ්‍යාස වලදී ළමුන් හා වැඩිහිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මිය යන ලදී . 

 මේ තත්වයට හේතු ලෙස බලපාන්නේ 
    ලංකාවේ අහාර රටාවේ වෙනස් විමක්ද ...?  නැතහොත් අහිතකර කිරණ විශේෂයක් පරිසරය තුල ක්‍රියාත්මක වීමෙන්ද  ....?

     රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කිරීමට හා එම තත්වය රදවා සිටීමට අප කුමක් කල යුතුද ...? සැම විටම රුධිර පාරවිලයනය යෝග්‍ය නොවේ . ආසාධිත තත්වයන් පවා ඇති විය හැක.

     වයස්ගත වුවන්ගේ රුධිරයේ හිමොග්ලොබින් අඩුවීම කුමන හේතුවක් මත සිදුවේද ...? මෙයද ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනීය අවස්ථාවක් ලෙස හදුනා ගෙන ඇත . 

     Born marrow testing වලින් පසු , මෙම රෝගයෙන් පෙළෙන ,  බහුතරයකගේ අවසානය ලෙස ලියුකේමියා ලෙස හැදින්වීම නිවැරදිද (රුධිර පිලිකා ) 

     මා  වෛද්‍යවරයකු නොවේ, මේ තත්වය අත්දකිමින් සිටින තැනැත්තෙකු ලෙස,  දන්නා අයගෙන් සාමාන්‍ය කරුණු විමසීමක් හා අනෙක් අයට දැන ගැන්වීම පිණිස මෙලෙස සටහන් කරන්නට සිත් උනි.