Wednesday, April 30, 2014

වහල්භාවය




              "The Narrative of the Life of Frederick Douglas," Fredrick Douglass විසින් රචිත ඉංග‍්‍රීසි භාෂිත චරිතාපදනය නීතිඥ හර්ෂි පෙරේරා විසින් පාඨකයින් හට කියවීම සදහා සිංහළ භාෂාවෙන් රචනා කරන ලදි. මෙය ශ‍්‍රී ලාංකීය පාඨකයින් හට අළුත් අත්දැකීමක් වන්නේ වහල්බාවය ශ‍්‍රී ලංකාව තුළ නොතිබුනු සංකල්පයක් බැවිනි. ඇමරිකා ඵක්සත් ජනපදය පදනමි කරගත් මෙම සංසිද්දීන් අද වන විට වියැකී ගොස් ඇත්තේ හිටපු ඇමරිකානු ජනාධිපති ඵබ‍්‍රහමි ලින්කන් මහතාගේ මැදිහත් වී තූලිනි. මේ වන විට ශ‍්‍රීලංකාව තුළ පැවතියේ වැඩවසමි යුගයයි. වහල් යුගය බටහිර සංකල්පයක් බව සිතාගත හැක්කේ සියළුම පෙරදිග රටවල් තුළ වැඩවසමි ක‍්‍රමය ක‍්‍රියාත්මක වීම නිසාය.

          ලෝකය විකාශනය විය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් ආරමිභ වු සමාජ විකාශණයේ දෙවන අදියර වහල් යුගයයි. වහලා හා වහල් හිමියා ඵම යුගයේ වැදගත් සංකල්පයන් විය. බලය හිමි පංතිය වහල් හිමියා වු අතර බලය අහිමි පංතිය වහලා බවට පත්විය. මෙම ගැටුම බටහිර සමාජය තූල ඵවකට නිරන්තරයෙන් සිදුවිය. මෙම ගැටුමි තීවිර වීමට තවත් හේතූවක් වුයේ සුදු කළු බේදයයි. සුද්දන් හා කල්ලන් වහල් සමාජයේ ප‍්‍රබල සාධක විය. බොහෝ වහළුන් කල්ලන් විය. ඵවකට පැවැති සමාජ තත්වය මනාව නිරූපණය කරමින් වහල්බාවය Federick Douglass මෙම කෘතිය රචනා කරන ලදි. මෙය හර්ෂි පෙරේරා අපුරුවට සිංහළ භාෂාවෙන් අප පාඨකයන් වෙත ගෙනෙන්නේ සිංහල සාහිත්‍ය වංශයේ ඵක් සංදිස්්ථානයක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි. මෙය අපේ කථාව නොවුනු නමුදු අප සමාජ අභ්‍යන්තරය ඵවකට වැඩවසමි යුගයේ සිද්ධාන්ත වහල් යුගය තුළින් පිළිබිඹු වන ආකාරය වටහා ගත හැක වහල්බාවය චරිතාපදනයකි. මෙය ඹහුගේම ආත්ම කථනයයි.

         Fedrick Douglass ගේ අධිෂ්ඨානය වහල් බවෙන් මිදීමයි. ඹහු උපතින්ම වහලෙකි. මව කල්ලෙක්. පියා සුද්දෙකි. ඹහු තවත් සමාජ අසාධාරනයක ප‍්‍රථිපලයෙකි. වහළුන් බෝ කිරීමෙි ඵක් ක‍්‍රියාවක සංකේතයකි. වහල් සමාජයේ සාමාජික සංඛ්‍යාව වැඩි වුයේ කල්ලන්ගෙන් හා මේ ආකාරයට බෝ කරගත් නව සාමාජිකයන්ගෙනි. ශ‍්‍රමය පමනක් මුල් කරගත් මෙම යුගය ඉහල වටිනාකමක් ලබා ගන්නේ ශ‍්‍රමය සදහා පමනි. ඹවුන්ට වටිනුයේ මනුෂ්‍යයා නොව ශ‍්‍රම වටිනාකමයි. ඵ් සදහා ඹවුහු වහළුන් වදහිංසාවට ලක් කිරීමට තරමි පෙළඹුනේ ඹවුන්ගේ සමාජ දේශපාලනය ඵම ක‍්‍රියාවන් සාධාරණිය කල නිසාවෙනි. Fedrick Douglass ඹහු විදි අනේක දුක්ඛ දෝමනස්සයින් පෙල ගැස්සුවකි. හර්ෂි පෙරේරා ඵම සංවේදනාවන් ඵකින් ඵක ඇමිනුවේ තව දුරටත් මනුෂ්‍යත්වයේ නාමයෙනි.

           මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ සමානාත්මතාවය රජයන සමාජයක වීම ස්වාභාවික නීතියේ මුලිකාංගයකි. නමුත් ඵදා වහල් සමාජය ඵ් සියල්ල ඹවුන්ට අහිමි කරන ලදි. Fedrick Douglass ඵ් බව මනාව පැහැදිලි කලෙය. වදහිංසා වලින් ගහණ සමාජයක උපත ලැබු Fedrick Douglass වහල්භාවයෙන් මිදීමට හා කැමැති ලෙස නිදහසේ ජීවත් වීමට ලැබු පන්නරය සියළුම වහළුන්ගේ විමුක්තිදායකයා වීම මුළු මහත් පීඩිතයන්ටම සැපයු ආදර්ශයක් විය.

               හර්ෂි පෙරේරා මෙවැනි චරිතාපදනයක් පරිවර්තනය කිරීම සදහා තෝරා ගැනීම කාලීන මෙහෙවරක් බව මාගේ හැගීමයි. මන්දයත් වහල් යුගයේ නෂ්ඨාවශේෂ යමි අවස්ථාවන්හිදී අප සමාජයේද දක්නට ඇති නිසාය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පටන් ගත් සමාජ විකාශණය මේ වන විට පන්ති ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. සමාජය යුගයෙන් යුගය පියවර තබයි. ඵහෙත් මනුෂ්‍යයින් ගෞරවාන්චිතව ජීවත් විය යුතූය. වදහිංසාව තුරන් විය යුතූය. Fedrick Douglass මේ බව අපට මතක් කර දී ඇත. ඵබැවින් මෙවැනි කෘතින් පරීවර්ථනය කිරීම සමාජ මෙහෙවරක් බව කිවයුතු මනාය.

Monday, April 28, 2014

දෙවොන්දරා ......



ආදරය අනියත බව නුඹ මට කිව්වා ....
එත් මට ආදරය කිව්වනේ ....
කබුකි බලන්න මන් ආසයි ....නුඹ මාව කැටුව ගියා
සිතල හිමේ පිපුණු සකුරා මලක් වගේ
මගේ හිත ගැහුනා ....
දෙවොන්දරා ...ඇයි ..... නොරිකො අමතක
මන් හැමදාම නුඹ ලගින් හිටියා ....
එත් .... දෙවොන්දරා සන් .....නුඹ ......
මගේ හිත පිරිමද්දට .... තෙරුන් ගත්තේ නැ ....
ආදරේ මල් ඇතිරුවට සුවද බැලුවේ නැ
මේ නොරිකෝ ... තාම නුඹට ආදරෙයි ....
කප්පරයක් තරම් මට ආදරේ දීල ....
නුඹ යන්නම ගියා ....
මේ පාළු සොහොන් බිමේ නුඹ තනියම ....
මන් කෝම ... මගේ ආදරය දාල යන්නද ....
දෙවොන්දරා .... මගේ දෙවොන්දරා ....
මේ සිත මට දරා ගන්න බැ .....
නුඹ නැතුව මට පාළුයි .......

Friday, April 25, 2014

රණශුර කුමාරියගේ වෙස් පෙරලීම (Warrior Princess )



            ක්‍රිස් යනු ඇමෙරිකානු රණශුර නේවි  සීල් භටයෙකි . නේවි සීල් යන වචනය ලොව ප්‍රසිද්ධියට පත්වුයේ , දරුණුතම ත්‍රස්තවාදියෙකු වූ බිල් ලාඩන් තුරන් කිරීමට සම්මාදම් වූ ඇමෙරිකානු නාවික හමුදා ඛණ්ඩයක් වූ නිසාය . මුහුදේ ,ගුවනේ ,ගොඩබිමේ එකසේ දස්කම්පාන , සුවිශාල පිළිගැනීමක් මෙම හමුදා භටයින්ට ලැබී ඇත . 
ඔවුන්ගේ දස්කම් ගැන මෙලෙස කතා වුවද , විසි වසරක් මෙම අනු ඛණ්ඩයේ සේවය කොට විශ්‍රාම ගිය යකාටවත් බයනැති පිරිමියකු , ලිංග විපර්යාසයකට බදුන්වී ඇති බව හෙළිදරවු වීමෙන් නේවි සීල් ඇතුළු භටපිරිස් පමණක් නොව , පෙන්ටගනය ඇතුළු ඇමෙරිකානු බලධාරීන් පුදුමයට පත්ව සිටි . 

             ඔහු දැක්වූ දස්කම් සදහා ලෝකඩ තරුවක් (Bronze Star), දම්පැහ හදවතක් (Purple Heart) ඇතුළු සම්මාන දිනාගත් අභීත රණවිරුවාගේ සිරුර තුල ගැහැනියක සැගවී සිටියාදැයි , කෙලෙස සිතන්නද, ක්‍රිස් බෙක් නමින් සිටි නේවි සීල් භටයා , දැන් ක්‍රිස්ටීන් බෙක් බව කියා සිටින්නීය . එදා ඇගලු පිරිමි ඇදුම් වෙනුවට කාන්තා ඇදුම් ඇද වරලස දිගට වවා , දෙකම්පුල් රෝස පැහැයෙන් ප්‍රමුදිතව සිටින්නීය . ක්‍රිස් නේවි සීල් මෙහෙයුම් සදහා දායක වෙද්දීත් , ලිංග විපර්යාසයට බදුන් වෙමින් සිටි බව ප්‍රකාශ කලේ , රණශුර කුමාරිය නමින් ලියවූ තම  චරිත කතාව ප්‍රකාශයට පත් කිරීමෙනි . නේවි සීල් භාටයකුව සිට ලිංග විපර්යාස වෙද්දී , විදි අභ්‍යන්තර ගැටුම් හා මුහුණ දුන් වේදනාවන් , සවිස්තරව රණශුර කුමාරිය කෘතිය සම කතුවරිය වන ඇන් ස්පෙක්හර්ඩ් හට කියා ඇත .

           ක්‍රිස් පවසන්නේ ළමා කාලයේ සිටම ගැහැණු ලක්ෂණ ඔහුට තිබු බවය . ඒත් එදා පසුබිම තුල එය ලොවට හෙළිකරන්නට නොහැක . එය රහසක් ලෙස තබාගෙන යුද්ධ අභ්‍යාස වල කරට කර යෙදී ඇත . ලිංගික අවශ්‍යතා ගැන සිතන්නටද කාර්යබහුල වූ නිසා වෙලාවක් නොවිය . ඔහු දැන් විශ්‍රාම ලබා , මේවන විට සම්පුර්ණයෙන්ම කාන්තාවක් වීමට හෝමෝන ප්‍රතිකාර වලට ලක්ව සිටින්නීය , ඉදිරියේදී ශල්‍යකර්මයකටද මුහුණ දීමට ඇත . ඇය අද සතුටින් දවස ගෙවයි .

Thursday, April 24, 2014

මට මගේ නොවන ආදරයක් තිබුණා.......

       ජීවිතය පුරා සුවද හමන ආදරයක් මට තිබුණාද......නැත්නම් කවදාක හරි තියේවිදැයි හොයාගෙන යනවිට .......දැන් තියෙන්නෙත් එයමැයි කියල වරෙක සිතන විට ..... හිත නතරවුණේ කොතනදැයි සිතිය යුතු කාලය දැන් එළඹ ඇත. මේ කොතැනක හෝ ඔබ සහ මං නතර වෙලා ඇති. එය මගේම යයි අයිතිකරගන්න හදන විටම අල්ල ගන්න බැරි දුරකට පාව යන්නේ ඇයිදැයි නොදනිමි.මේ තරමට හිත අතරමං වන ආදරය දෙවියෝ දුන්නේ ඇයිදැයි වරෙක සිතේ. ආදරය කරන්න ගොස් මේ හැම ජීවිතයක්ම අවුල් උනේ මන්දැයි කවුරුත් නොදනී.දුරස් වෙන්න වෙන්න ලංවෙන ....ඈත් වෙන්න වෙන්න .... ඕන වෙන මේ ආදරය කොතරම් බලගතුදැයි ඔබ දන්නවා ඇති .
               සමනල පිහාටුවක් වගේ පාවෙන..... සමනල සංධ්වනියක් වගේ හිත තුල නින්නාද වන ...... මේ ආදරය සුවද හමන පොහොට්ටුවක් වගේ සියුමැලියි. මනෝ මුලික ලෝකයක සැරිසරන මේ ආදරය ජිවිතයේ ලොකු වෙනසක් කරා ගෙනියපු විදිය ඔබ දන්නව ඇති. හොදට  හෝ නරකට හිටියෙත් එයම යයි ඔබට හිතෙන්නත් ඇති. අයිතිකර ගන්න බැරිව විනාශ කලෙත්, ජිවිත කාලයම දුක් විදින්නෙත් මේ මහා බලගතු ආදරය හින්දයි. සියළු දේ අහිමි කර ගනිමින්, ජිවත් වීමේ අයිතියද නැති කර ගනිමින්, විදවන්නෙත් විදින්නෙත් මේ සොදුරු ආදරයමයි, කියල කිව්වොත් ඒක සහතික ඇත්ත. 
                    සාලිය ,අශෝකමාලා ලබා ගන්න රජකමත් අත හැරලා, චිත්‍රා එක්ටැම් ගෙයක හිරවෙලා, සකුන්තලා දිග යන්නත් පෙර බඩදරු උනෙත් , මේ අනගි ආදරය හින්දමයි. ඒ අතිතයේය, වර්තමානයේ , මෙය අත්දුටුවේ වෙනස් මුහුනුවරෙකිනි. සෙව්වන්දි මාලබන්ධන අතින් මරුනෙත් , ඔහු ඒ හන්ද ජීවිතාන්තය දක්වා හිරබත් කන්නෙත් , රෝයල්පාර්ක් සුන්දරිය මියගියෙත් ඔහුට මරණිය දණ්ඩනය නියම වුනෙත් මේ සොදුරු ආදරය හින්දා නේද.......? දස්කොන් ප්‍රමිලා වගේ ආදර බන්ධනත් අද කොතෙකුත් ඇති, ඒත්..... අවසානය ...... මට මගේම ආදරයක් තිබුණා කියල විතරයි කියන්න වෙන්නේ. 
                  සියළු හිරවීම් වල හිරවෙන මේ උතුම් ආදරය සැම පරම්පරාවකටම ඒක සේ බලපාන නිරතුරු විදින..... උගුලක්දෝයි සමහරුන්ට සිතුන බව කියවේ. ආත්මාර්ථකාමී බවක් දැනෙන නිසාදෝ මටම පමණක් විදින්න පුළුවන්  , මේ සියළු දුක් ගැහැට ...... සුන්දර අතීතයක් අයිති ආදර අන්දරයක් කොතැනක හෝ එදා තියෙන්න ඇති....... කුස ..... පබා රැවට්ටුවෙත් , අයිති කර ගන්න තරම් ආදරය බලවත් වුනු හින්ද. මෙලෙස නියම් අනියම් වූ මේ පෙම් කතන්දර ....සමාජයේ කොතනත් ඇති, ඉතින් මට මගේම කියල ආදරයක් තිබුනේ..... මේ තරම් හැලහැප්පිලි තිබුන නිසා නේද.....?  

Tuesday, April 22, 2014

විරූප උන සුරූපී



 



          ලස්සන වෙන්න තරුණියන් ආසයි , ඒත් ලස්සන වෙන්න ගිහින් එක එක ක්‍රම භාවිතා කරන්න හොද නැ කියල මේ ගොල්ලන් හිතන්නේ නැත්තේ ඇයි ? මෙහෙම ලස්සන වෙන්න ගියපු කොරියානු මෝස්‌තර නිරුපිකාවක් වන මීයකු හට වෙච්ච දේ , අනිත් අයටත් හොද පාඩමක් .

          ඇය රූමත් තරුණියක් ඒත් , සම මෘදු කරගන්න ,ය අමුතු ප්‍රතිකර්මයක් අත්හදා බලා තිබුණා . ඇය විසින් සිලිකන් හා පොල්තෙල් මිශ්‍ර කොටගෙන මුහුණට එන්නත් කරන්න පටන් අරන් තියෙන්නේ වයස 28දී , එම හේතුවෙන් සම සියුමැලි වෙද්දී , ඇය මේක දිගටම කරගෙන ගිහින් , නමුත් මුහුණ ක්‍රමයෙන් එල්ලා වැටෙන්න පටන් ගත් නිසා ,ඇය වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙලා තිබුණා .

වයිද්යවරුන් විසින් මුහුණෙන් සිලිකන් ග්‍රෑම් 60ක පමණ ප්‍රමාණයක් පොල්තෙල් සමග ඉවත් කර තිබුණා . ඇගේ බෙල්ල ප්‍රදේශයෙනුත් 200ග්‍රෑම් පමණ ඉවත්කර තිබුණා . මේ අතර ඇය සැත්කම් 10කට පමණ යොමු කර තිබුණා . ඒත් තිබුන ලස්සන පෙනුම නම් ආපහු ගන්න බැරි උනා . මෙම අවාසනාවන්ත  තත්වය ගැන හැමෝම දුක් උනා , එරට වැසියෝ මේ වියදම් සදහා මුදලින් පවා ආධාර කලා . 

වයිද්යවරුන්ගේ මතය වුයේ තව දුරටත් මුහුණ සැත්කම් කිරීම සදහා යෝග්‍ය නොවන බවයි . ඉහලම තාක්ෂනය යෙදුවද නැවත මුහුණ යථා තත්වයට ගන්න බැරිඋනා . වයිද්යවරුන් ඇයව ප්‍රශ්න කරනු ලැබුවා . පසුව ඔවුන්ගේ නිගමනය මත ,ඇයව මානසික වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරනු ලැබුවා . මින් ඉදිරියට වයිද්‍ය උපදේශයකින් තොරව කිසිම , රුප ලාවන්‍ය කටයුත්තක් නොකල යුතු බව සියලුම කාන්තාවන් දැනුවත් විය යුතුය .

Saturday, April 19, 2014

විරාගික වූ අරවින්ද




        සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .

'අරවින්ද උප්පත්තියෙන් ලත් උපාසකකම නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය ' 

         තනිව ජිවත් වූ ඔහු අවසන තනිකමෙන්ම පෙළෙන්නට විය , කැමති කිසි දෙයකට එළිපිට කැමැත්ත ප්‍රකාශ නොකළේය . ඇතින් හිද සියලු දේ , දකින්නට පුරුදු විය , මෙය ඔහුගේ චිත්ත අභ්‍යන්තරයයි .

'...........මගේ මේ ආත්ම චරිතයෙහි අවසානය කියවන ඔබ , මා , ව්‍යවහාරය නොසලකා නුවනින් තොරව ජිවත්විමෙහි ප්‍රතිපලයක් වශයෙන් අවසානයෙහි දුක් අනුභව කල එකෙකියි සිතනු නිසැකය . මම කිසි විටෙක එසේ නොසිතුවෙමි............... '. 

       අරවින්ද දුක වින්දේය . ජීවිතය විදිනවා කියා , විදෙව්වේය . එය ඔහු දනී , එහෙත් සියල්ල ඉවසුවේ , කුමන සැනසිල්ලකටද කියා ඔහුවත් දැන සිටියේ නැත . ඔහුගේ හැගීම් වල යථාර්තවදී බවක් තුබුණේ යයි , නොසිතෙන්නේ , අවසානයේ ඔහු මියගියද , ජීවිතය අර්ථ ශුන්‍ය වීමෙනි .

' ...........මා  මේ ජීවිතය ප්‍රිය කරන්නට වුයේ , ඇ නොලැබුන නිසා නොව , ඇ නිසා මා තුල හට ගත්තේ , රාගයක්, ආලයක් නොව ආසාවට එක්වුණු අද්භූත හැගීමකි . විරාග රාගයකි........... '. 

      අරවින්ද ආදරය දැන සිටියේය . එහෙත් කිසිවක් ලංකර ගැනීමේ ආශාවක් ඔහු තුල නොවිය . රාගය , දැනිණි , එහෙත් වියුක්තව සිටීමට ඔහුගේ හැගීම් ඔහුට වඩා ප්‍රබලවිය . එනිසා සදාකල් තනිකඩව සිටින්නට සිදුවුනි .

'.............ලෝකය ගැන නොසිතා අවංකව ජිවත් වන්නට වෑයම් කරන්නා ඔවුන්ගේ නින්දා  පරිභව ඉවසිය යුතුය . නොඑසේ නම් ගතානුගතිකව ජිවත් විය යුතුය ...........'.  

     අවට ලෝකය ගැන අරවින්දට කිසිදු හැගිමක්ද නොවිය . අරවින්ද අවංක අයෙකි , එහෙත් , බෙහෙවින් ශිලාචාර ගති ඇත්තෙකු වන්නට පරිසරය බලපාන්නට ඇති බව , කතාව තුලින් විද්‍යමාන නොවිය . අරවින්ද පරාජිතයෙකු යයි , අපට පොදුවේ නිගමනය කල හැක්කේ , ඔහු ලද ජයග්‍රහණ කිසිවක් නොවූ බැවිනි . ඔහු වෙනුවෙන් ඉතිරි වූ කිසිවෙකුත් නොවුයෙනි , මේ තුල ජීව විද්‍යාත්මක සමාජ පරිණාමයක් දැකගත නොහැක . අරවින්ද සදාකල් නිහඩය ගුප්තය.....

Thursday, April 17, 2014

හර්ස් එකට සල්ලි නැතුව දියණියගේ මළසිරුර බස් රියෙන් ගෙදර ගෙනියන්න ගිහින්




                        චීනයේ  රෝහලකදී මියගිය සිය බිළිදු දියණියගේ සිරුර ගමට ගෙනියන්න මේ අම්මටයි , තාත්තටයි සල්ලි තිබිල නැහැ . ඒ තරමටම ඔවුන් දුප්පත් , ඒත් සිය දියණියට දැක්වූ ආදරය හේතුවෙන් , මළසිරුර දාල යන්න බැරිකමට ගමේ ගිහින් අවසන් කටයුතු කරන්නට මොවුන්ට උවමනා විය .නමුත් හර්ස් එකට දෙන්න සල්ලි නැති නිසා ,සිය දියණියගේ මල සිරුර කාටවත්ම නොකියම විශාල ගමන් මල්ලක බහා ,බස් රියෙන් ගමට ගෙනියන්නයි මොවුන් හැදුවේ .ඒත් බස් රියේදී සිදුවන ස්කෑන් පරීක්ෂණය නිසා මේ ගමන් මල්ලේ තිබු බිළිදු මළසිරුර සේකයන්ට අහුවෙලා පොලිසියට දැනුම්දීලා .

                           පොලිස් නිලධාරීන් පැමිණ කරුණු සොයා බැලීමෙන් පසුව ,සිදුව ඇති සානුකම්පිත තත්වය මත බිලිදු සිරුර දඩයක් නොගසාම  වෙනත් රථයකින් ගමට ගෙනිහින් දීල . 

මෙම දැරියගේ පියා , පොලිසියට කියා සිටියේ , බස් රථයේ සේවකයන් මේ ගැන කලබල වුනේ නැත්නම් , මගීන්ට නොදැනෙන්න  , අපි සිරුර ගෙනියනවා . ඔවුන් කලබල කළනිසා ,අපහසුතාවයට පත්වුණා . එත් , පොලිස් නිලධාරීන්ට අනුව පවසන්නේ  මළසිරුරක් පොදු ප්‍රවාහන සේවයක ගෙනයාම නීති විරෝධී බවත් , එය මැරුණු කෙනාට කරන අගව්රවයක් බවත්ය . 

                      මැරුණත් අමරණීයත්වයට පත්වූවන් විල්ලුද පෙට්ටි වල අවසන් ගමන් ගියද ,දිළින්දකු මියගියපසු ,කාත් කවුරුවත් නොමැතිව පැදුරු කඩමල්ලක අවසන් ගමන් යති මනුෂත්වයේ වෙනස මෙයදැයි අප කෙසේ සොයම්ද?

Tuesday, April 15, 2014

දකුණේ සක්විත්තෝ

           මුදල් පිරමිඩ  ක්‍රමය මේ වන විට නැවතත් රටම ගිලගෙන ඇති බව වාර්තා වන සිද්ධීන් වලට අනුව සිතිය හැක. වරක් සමාජ ව්‍යසනයක් වූ මෙම ක්‍රියාවලිය නැවත වෙනස් මුහුණුවරකින් හිස ඔසවන්නේ ඇයිදැයි සෙවිය යුතුය. රජය ජනතාව දැනුවත් කළේය. අධිකරණ ක්‍රියාදාමයන් තවමත් මේ සම්බන්ධව විමර්ශනය කරයි. දඩුවම්ද නියම කර ඇත. එහෙත්, තවමත් ජනතාව ඔවුන්ගේ මුදල් සෙවීමේ සිහිනයේම සැරිසරති. 
              පසුගිය යුගයේ මෙම මුදල් සෙල්ලම නිසා, සමහර මිනිසුන් දිවි හානි කරගත්තේ ණයවී, ගත් මුදල්ද ඉඩම්, වටිනා භාණ්ඩ උගස් කරගත් මුදල් පිරමිඩ ක්‍රමයට ආයෝජනය කරන්න ගොසිනි. සමහරුන් සදාකාලික රෝගී තත්වයට වැටුණි. තවත් සමහරෙක් ඇතිවූ ආර්ථික සමුර්ධිය දරාගත නොහැකිව, නොයෙකුත් අපචාර සදහා යොමුවුණි. මේ සිදුවූ අහිතකර බලපෑම්ය.අන්තිමට සිදුවුයේ, තමන් හුන් තැනිනුත් පහලට වැටීමය. 
             මේ සියල්ල දත් ශ්‍රීලංකාවාසීන් නැවතත් මේ සෙල්ලමේ කොටස් කාරයන් වී ඇති බව දකුණේ සංචාරය කළහොත් අසන්නට ලැබේවි. මේ ජාවාරම දැන් කොටුකරගත නොහැකි තත්වයටම තාක්ෂනය හා දැනුම යොදා ආයෝජනය පටන්ගෙන ඇත. මිනිසා දියුණු වන්නේ උගත්කමෙන් හා ලබන අද්‍යාපනය හේතුවෙනි, එහෙත් එම මතය බොරු කරමින් මේ සියල්ල මෙහෙයවන මහා මොළකරුවන් බිහි වන්නේ, සමාජ පීඩනය හා දරිද්‍රතාව මුල්කරගෙනය. ඔවුන්ට මහ උගත්කමක් හෝ සමාජ තත්වයක් අවශ්‍ය නැත . පරමාර්ථය මුදල් සෙවීම පමණය. 
                 මේ නුල් සුත්තරයේ පැටෙලිමින්, තාමත් උගත් මිනිසුනුත් මේ ජාලයේ  සැරිසරති. නුගතුන් යයි කොටසක් සමාජයේ  සිටිනවා යයි, මා නම් අදහන්නේ නැත. දෑල එලන්නේ සමාජය විසින් නුගතුන් යයි නම්කර ඇති කොටසයි.දැලේ පැටලෙන්නේ, උගතුන් යයි කියාගත් කොටසයි. මේ උඩු යටිකුරු වූ වෙනස සිදුවුයේ මුදල් නිසාදැයි සෙවිය යුතුය.ජිවත් වන්න මුදල් මදිකම හේතුවෙන්, මේ සෙල්ලමේ කොටස්කාරයන් වුයේ උගතුන් ඉහල සමාජයක අනුගත වීමටය.
                ජනතාව  වෙත ආර්ථික සමුර්දිය උදාවුයේ  සතියකට සැරයක් බඩු මල්ලක්, පව්ද්ගලික ගිණුමට මසකට දැනෙන ගානක්, මේ සියල්ල නිකන් ලැබුණු නිසාය. අවශ්‍ය නම් අන්තර්ජාලය හරහාද මුදල් සෙවිය හැක. වෙළද දැන්වීම් පමණක් බැලුවම ඇති. එහෙත් , මේ සියල්ලටම කණකොකා හඩමින් ජාලය එකවරම අක්‍රිය විය.මහ මොළකරුවන් යයි හදුනා ගත් කීප දෙනකු මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත. දකුණ අවදියෙන් .රජයේ සේවකයන් බහුතරයක් මේ උගුලේ හිරව ඇති බව පෙනේ. එහෙත් නුල් සුත්තරයේ නුල් දැන් පැටලෙමින් ඇති බව වටින් ගොඩින් ආරංචි වේ අලාභ වුවාට සාධාරණය පැතිය නොහැක. නීතිමය කිසිදු සාක්ෂියක් නැත. සියල්ල තම තමන් නිහඩවම දරාගත යුතුය

Sunday, April 13, 2014

මනෝමය ප්‍රේමය







           ආදරය අපට මානසික අවශ්‍යතාවයකි . එහෙත් , ඒ මුලික අවශ්‍යතාවය ඉටු කරගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවූ සහ ජිවිතයම විදවන්නන් අද සමාජයේ බහුලව දකින්නට හැකිවී ඇත . හේතුව කුමක්ද යන්න තවම හරිහැටි සොයා ගෙනද නැත . සිතෙහි ඇතිවන බලවත් තෘෂ්ණාව , අයිතිකර ගැනීමට ඇතිවන අධික ආශාව මෙම සිද්ධිය සදහා හුදෙක්ම බලපා ඇතැයි සිතිය හැක . සැකය හා අවිශ්වාශය නිසා සියදිවි හානිකර ගැනීමද , අනෙක් තැනැත්තාගේ ජීවිතය විනාශ කිරීමද මේ සංසිද්ධිය හරහා සිදුව ඇත . 

       අප සිතන්නේ මේ තත්වය ලාංකීය සමාජයට පමණක් උරුමව ඇත කියායි , ඒත් එය එසේ නොව , ලෝකයටම පොදු ධර්මතාවක් වී සාමාන්‍යකරණය වී ඇත . අප කෙනෙකුට ප්‍රේම කරයිද , ඇය හෝ ඔහු , කෙලෙසද අපේ සිතගියාවන්ට , ගැලපෙන සේ හසුරුවන්නේ ? ඔහුට හෝ ඇයට , වෙනමම ජිවිතයක් ඇත . අවශ්‍යතා පොදු ස්වභාවයක් නොගනී , පාරිසරික සාධක වෙනමම බලපායි , ඉතින් කෙලෙසද අප ජිවන රටාවට වෙනයම් චරිතයක් අනුගත වෙන්නේ , ආදරයේ කැපකිරීම් කැමැත්තෙන් කල යුතුය . යම්තාක් දුරට , එමගින් අදාල තැනැත්තා අනුගත කලහැක . එහෙත් , එය සදාකාලික කැපකිරීමක් නොවනු ඇත . ආත්මය පුපුරා යන්නේ එවිටයි . මෙයට උගත්කම හෝ වයස බලපාන්නේ නැත . මනස මුලිකව ක්‍රියා කරයි .

          අපේ , මගේ කියා කිසිම දෙයක් නැත . අයිතිකර ගැනීමට වඩා රදවා ගැනීමටයි අප උත්සහ කල යුත්තේ . ලෝකය වෙනස් වන සුළු වගේම සියලු දේ කලකින් වෙනස් වේ . සත්‍ය හා ප්‍රයෝගිකත්වය අවබෝධ කරගත යුතුයි . ජිවිත විනාශ කර ගන්නවට වඩා , කල යුතු බොහෝ දේ ඇත . දරාගත නොහැකි සිතුවිලි සමුදායක අවසානය මරණය නොවේ . දරාගත නොහැකි ආශාවන් අප කාටත් ඇත . අප සමාජයට මතක හිටින යමක් කල යුත්තේ , භයානක සිද්ධියකට මැදිහත්ව නොව ,සුන්දරවූ නිර්මාණයකට දායක වීමෙනි  . ස්වභාව ධර්මයා යහපත් සියලුදේට ආශීර්වාද කරයි . විශ්ව ශක්තින් අප සමග ඇති නිසා , නිමාවක් නැති සිතුවිලි ධාරා ලෝකයේ පැවැත්ම පිණිසම යොදා ගත යුතුය . මට තනියම ගොඩ නැගිය හැක යන සංකල්පයේ පිහිටන්න පුළුවන් නම් , අප මිට වඩා ඉස්සරහින් හිදිවී .  

Saturday, April 12, 2014

චාරිකා

         
 මා ඉදහිට සිත්ගත් තැන් වල චාරිකා කරමි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ , සුරියවැව ප්‍රදේශයේ හුදෙකලාවේ පිහිටි මනරම් භුමි භාගයක අසිරියයි  මේ දිස්වන්නේ. දැකුම්කලු පරිසරය හා මුසුවූ අපුරු තාක්ෂණයත් ගත සිත නිවන පින්බිමක් වන් වූ අශ්‍රමයත් මේ ආකාරයට මගේ ඇසෙහි සටහන් විය.

       
         මේ ඒ පිලිබදව වූ මා අසා ගත් කතාවයි. තිලවක ධජ චයිත්‍ය වට මළුවේ පියස්සට වැටෙන වැසි ජලය නල මගින් මේ ගල් පොකුණට එකතු කර ජල පිරිපහදුවකට ලක් කර ඇත.මේ පොකුණ නම්කර ඇත්තේ මිල්ලෝධක පොකුණ නමිනි. වනයේ සැරිසරන සතා සිව්පාවුන්ට වෙනමම කුඩා පොකුනකුත් මිනිසුන්ගේ ප්‍රොයෝජනයට වෙනමම පොකුනකුත් ඉදිකර ඇත. 

               
             මෙම ජල පිරිපහදුව සදහා පොකුණට ඉහලින් පොකුණ වටකර මේ ආකාරයට නිර්මාණය කරගත් වෙනම , ළිදක් වැනි , නමුත් නොගැඹුරු කොටසේ කොන්ක්‍රීට් යෙදු වැලි පිල්ටරයකින් වතුර පෙරී යන ආකාරයට සකස් කර ඇත.

            
             මේ ජලය පෙරී යන ඉහත වූ ලිද ඇතුලේ වූ  ටැංකියයි . මෙමගින් නැවත මෝටරයක් මගින් ජල ටැංකි කරා ගෙන යාමට සැලසුම් සකස් කර ඇත. මෙහි අවසාන අදියර අවසන් කිරීමට මෙම යෝගාශ්‍රමයේ නායක හිමිපාණන් බලාපොරොත්තුවෙන් හිදී. 
          
        මේ සියළු තාක්ෂණයේ හිමිකරු නවදගල අනගාරික ධම්මික යෝගාචාර හිමියන්ය. එතුමා වසර පහලවක තරම් කැපකිරීම් කර මේ කටුක ශුෂ්ක භුමිය පින්කෙතක් කර ඇත. එතුමාගේම සැලසුමකට අනුව මේ ජල පිරිපහදුව නිර්මාණය කිරීම නම් අනර්ඝ කටයුත්තකි.ජල පොදක් සොයා යන්නට මනුස්සයාට මෙන්ම සිව්පාවන්ටද දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන මේ ප්‍රදේශයේ දියුණුව මෑත කාලීනව මහවැලි ව්‍යාපාරය හරහා සිදු වුවද , ඉහල පිහිටීමක වූ මේ ස්ථානයට  ජල සැපයුම සිදුකර ගැනීමට 
ධම්මික හිමියන් සිය දැනුම හා කැපවීම භාවිතයෙන් දේශීය තාක්ෂනය උපයෝගී කර ගත්තේ යන්ත්‍ර සුත්‍ර වල පිහිට නොපතමිනි. 

     
            ස්වභාවික පිහිටීමක වූ ගල්තලාව මුල් කරගෙන ගල් පොකුණ මිනිස් ශ්‍රමයෙන්ම සාදා , ජලය පිරවීමට ගත් උත්සාහය ප්‍රසන්ශනියයි . විශේෂත්වය නම් මේ සියල්ල ගම වැසියන් විසින්ම ස්වෙචාවෙන්ම සිදු කිරීමයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොනක හුදකලාව පිහිටි මේ පින්බර ඉසව්ව මේ වන විට උද්‍යානයක හැඩතල දරමින් රමනියව දිස් වේ. 

     
       රමණිය ගල්තලාව , ගල්වැටි, කුඩා පොකුණු , අරලිය වදුල මේ සියල්ල දකින විට  මට සිහි වෙන්නේ ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමයයි . මා සිතින් අරලිය මල් ආරාමයට ගියෙමි. එහි සුවද විදිමි. ඇස අරුණු විට මා සිටින්නේ පොකුනුගල යෝගාශ්‍රමයේ බැව් අමතක විය. මේ සියල්ල ස්වභාවික පිහිටීම් නොව, මිනිස් ශ්‍රමයේ දැඩි උත්සාහයයි. වන ලැහැබක සැගව ගිය මේ භුමිය , නවදගල අනගාරික ධම්මික යෝගාචාර හිමියන්ගේ දෑතින් මිනිස් සිත් නිවනට , සැදු යෝගාශ්‍රමයයි . 

            මේ එතුමන්ගේ කවි සංකල්පනාවකි.

   සා පිපාසා දුකින් මුදවා උපන් සැමටම සෙත                       ලැබේවා 
  උපන් නුපන් සියළු සත හට පිරිසිදුම ජලයම                        ලැබේවා 
  අමා පැන් රස මිනිස් සිතකට මෙපින් බලයෙන් ගුණ            ලැබේවා 
  පැන් පොදක් බොන සියළු සැමටම කෙලෙස් ගිනි නිවා සැප ලැබේවා  

       ඔබට පුළුවන් වූ අවස්ථාවක මේ භූමියට ගොස් නරඹන්න . අසිරිය විදින්න. දැනුම ලබා ගන්න . චිත්ත ශක්තිය බලවත්ව සැදු මේ ආශ්‍රමය සදහා යම් දායකත්වයක් හෝ ඔබේ ශ්‍රම දායකත්වය ලබා දිය හැක. මිනිසුන් විසින් මිනිසුන් වෙනුවෙන් සැදු මේ භුමිය නොමිල දායාදයකි. ලිපිනය පහත සදහන් කරමි.

පොකුනුගල යෝගාශ්‍රමය 
පරණ හත්පෝරුව 
91 /2 හන්දිය 
සුරියවැව 

 712193721 

Thursday, April 10, 2014

බලාපොරොත්තුව .....



නුඹ ..... ජීවිතය මට කියාදුන්නා ......
ප්‍රේමය මට කියාදුන්නා ......
ජීවත්විය යුතු බව ……
අවදාරණය කරා ......

නුඹ එදා මාව ඇඩෙව්වේ නැ .....
හිනා වෙන්න ඉගැන්නුවා .....
මම හිනාවෙනකොට .....
නුඹ ඇතට ගිහින් ..

Tuesday, April 8, 2014

අනියත නියත වූ රාජ්‍ය නොවන සංවිධාන



   
                                 ලංකාවේ විවිධ ප්රශ්න වලට මැදිහත් වී උදව්  උපකාරකරමින් අපි අතර ,අපේම උදව්වෙන් රැදී සිටින සංවිධාන විශේෂයකි රාජ්නොවන සංවිධාන . යම් ව්යපෘත්යක් හරහා , අපේ උගත් පිරිසක් හට සංවිධානයේ තනතුරු හා වගකීම් පිරිනමමින් විශාල ලෙස මුල්ය ප්රතිපාදන ලබා දෙමින් ගැටළුවක් සදහා මැදිහත්වීම මේවයේ ලක්ෂණයන්ය . එහෙත් කල්ගතවත්ම , රටේ ජාතික ආරක්ෂාවටද ,ආර්ථිකයටද , සංස්කෘතියටද දැඩි හානියක් සිදු කෙරෙමින් පවතින බව දනගැනීමට කල්ගත වේ 

                           සිවිල් ජනයාගේ සුබසාධනය සදහා පෙනී සිටිමින් , රාජ්ය නොවන සංවිධාන වල න්යාය ත්‍ර  වලට අනුගතව ජාත්යන්තර බලවේගවල උවමනා එපාකම් පිරීමැහිමට ඔවුන් අපේ අයත් එක්ක එකතු වී බලාසිටි . කෝටි ගණන් මුදල් මෙම සංවිධාන මගින් ලබා දුන්නද මේවයේ වාර්ෂික සැලසුම් ,ප්‍ර ගති වාර්තා , රාජ් ආරක්ෂක අමාත්යංශය යටතේ ඇති රාජ් නොවන සංවිධාන පිළිබද ජාතික ලේඛම් කාර්යාලයට එවා නොමැති බවද රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත . අදාලඅමාත්යංශයේ කිසිදු අවසරයකින් තොරව සංචාරක විසා මත මෙම කණ්ඩායම් වරින්වර පැමිණේ . තවද ලංකාව පිළිබද අසත් තොරතුරුද ඔවුන්ගේ වෙබ් අඩවි වල පළකර ඇත 
                         වරෙක අනුන්ගේ ක්රෙඩිට් පත් වල දත්ත හොරාගෙන විශාල මුල් වංචාවක් සිදුකිරීම හේතුවෙන් අපේ රාජ් බැංකුවක් මේ වනවිට මුල්යමය දැඩි අපහසුතාවයකට ලක්වීම හේතුවෙන් තවමත් පරීක්ෂණ පැවැත්වේ . ගොවීන්ගේ තොරතුරු සොයන මුවාවෙන් උතුරු නැගෙනහිරපලාතේ තොරතුරු රැස් කරමින් එහි තිබු හමුදා කදවුරු සම්බන්ධ තොරතුරු එක්රැස් කොට ඇත . සංරක්ෂිත වනාන්තර වල පරීක්ෂණ පවත්වමින් අපට අවේනික ශාක හා සත්ව ජාන මංකොල්ලයක් සිදුකරඇත . මේ  සියලු අකටයුතුකම් වලට වග කිව යුත්තේ  රාජ් නොවන සංවිධානයි .   
මෙවන් ආකර්ශනීය වැඩ පිළිවෙලක් ඇති මෙම රාජ් නොවන සංවිධානවල යථාර්තය මෙයයි . ඉහල වැටුප් දෙමින් විදේශ සංචාර පිරිනමමින්යාන වාහන  සපයමින් අලංකාර කාර්යාල හා අදාල පහසුකම් ලබාදීම හේතුවෙන් අපේ උදවිය මේවයේ රැකියා කරමින් නොදැනුවත්වම මෙම වංචාවේ කොටස්කරුවන් වී ඇත . අදාල ජාත්යන්තරයේ අරමුණ ඉටුවූ පසු ඔවුන් ආපසු යයි , එහෙත් පසුවිපාක විදින්නේ අපි සහ අනාගත පරපුරයි .යම් අවස්ථා වලදී මෙහි රැකියා වල නියළුවන් නීතිමය ගැටළු වලටද මුහුණපා ඇත්තේද  ඇතුලාන්තය නොදත් කමිනි දැන්වත් මෙම රාජ් නොවන සංවිධාන ගැන අවදානයෙන් සිටිය යුතුබව අවදාරණය කරගත යුතුය.