ගැහැනියක් පිරිමියෙක් හා එකට ජීවත්වීම මානුෂිය අයිතියකි. එහෙත් එම අයිතිය කාලීනව තහවරු වනුයේ විවාහයක් ලෙස ලියාපදිංචි වීමෙනි. එම නිත්යානුකුල අයිතිය ලබා ගත යුත්තේ තම ආත්මාර්ථය සදහා නොව තවෙකෙකුට මානුශියව සාපේක්ෂ වීමෙනි. එක පාර්ශවයක් පිඩාවට පත් කරමින් ස්වර්තයට කටයුතු කිරීම මානුෂිය අයිතීන් උල්ලංගනය කිරීමක් බව තව දුරටත් නොසිතන්නේ මන්ද?
නිලානි වයස අවරුදු 32 ක් පමණ වන ගොළු තරුණියකි. පියා රජයේ වැදගත් රැකියාවක් කරන දැනට විශ්රාමිකව සිටින්නෙකි. මද්‍යම පන්තික පවුල් පසුබිමක් සහිත ඇය , කුඩා කල සිට අන්ධ , ගොළු , බිහිරි පාසලක සාර්ථකව අධ්යාපනය ලබා රැකියාවක්ද කල තැනැත්තියකි.
තරුණ වියට එළඹී ඇය හට මව්පියෝ විවාහයක් කර දුන්හ. ඔහුද ගොළු තරුණයෙක් වූ අතර ඇය මෙන් අධ්යාපනය ලැබුවෙකි. එහෙත් එම විවාහය ගැටළු සහිත විය. ස්වාමි පුරුෂයා බිරිදට නොසලකන්නටත් මග හරින්නටත් උත්සහ ගත් නිසා අසාර්ථක වූ විවාහය තුල ඇය විසින් නඩත්තු ඉල්ලා නඩුවක් ගොනු කරන ලදී. එහිදී නඩත්තු මුදල් ගෙවන ලෙසට ඔහුට නියම උනි.
නඩත්තු නොගෙවා අධිකරණ නියෝගය මග හරින්නට සිතු ඔහුට ඒ සදහා සුදුසු අවස්ථාවක් ලැබුනි. අබාධිතයන්ගේ ඔලිම්පික් ක්රීඩා එනම් , පැරා ඔලිම්පික් සදහා තරග කිරීමට විදේශයකට යාමට අවස්ථාව ලැබීමෙනි . එම තරග සදහා සභාගි වූ ඔහු තම කණ්ඩායම මගහැර එම රටෙහිම නතර වීමට හොර රහසේම සැලසුම් කරන ලදී. ඔහු නැවත මව්බිමට අවේ නැත. බිරිදට නඩත්තු ගෙවීමේ නඩුවෙන් ඔහුට නිදහස ලැබුණි.
ගොළු තරුණිය නැවත අසරණ විය. ස්වාමියා හැරයාම නඩත්තු මුදල් නොගෙවීම ආදී මානසික ගැටළු රාශියකට ඇය ගොදුරු විය. මව්පියෝ ඇයව සනසා නැවත සිය ගෙදර , ඔවුන්ගේ ගමට රැගෙන යන ලදී. කලක් එලෙස ගත විය. මව්පියන් නැවත ඇය විවාහ කර දෙන්නට සිතුහ. ගමේම තරුණයකු ඇයව විවාහ කර ගන්නට කැමැත්ත පළකර සිටියේය. ඔහු 24 හැවිරිදි හමුදා සේවය අතහැර ගිය අයෙකි. ඇයගෙ සියලු තතු දැන ඇයව විවාහ කර ගන්නා ලදී. ඇයගෙම නිවසේම පදිංචිව සිටි ඔහු පව්ද්ගලික වැඩ බිමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාව කරන ලදී. ඔහුගේ රැකියාව වුයේ රාත්‍රී කාලයේ වැඩ බිම ආරක්ෂා කිරීමය්. උදය වරුවේ ගෙදර පැමිණ , කා බි නිදාගෙන නැවත සවස් කාලයේ රැකියාවට යන ලදී.
එම විවාහයෙන්ද ඇයට වුයේ කබලෙන් ලිපට වැටීමකි. ටික කලකින් ඔහුද ඇයට වෙනස්කම් කරමින් විවාහයේ වගකීම් හා යුතුකම් පැහර හරින්නට විය. ඒ අතර තුර ඇයගෙ දරු ගැබද ගබ්සා විය. ඇය වෙන තරුණියක හා ඇසුරකට වැටි ඇති බව ඇයගේ දෙමව්පියන් චෝදනා කරයි . අසාර්ථක වූ විවාහය සදහා ඇයගෙ දෙමව්පියන් නැවත වරක් අධිකරණයේ පිහිට පතන්නට විය.
එම විවාහය ගැන තරුණයාගේ මතය වුයේ බිරිදගේ ගෙදරින් තමාට මොනවා හරි දී හිත අල්ලා ගත් බවත් , කාලයක් ගතවන විට අහම්බෙන් උරු මස් කැවුණු විට හොද සිහිය විත් විවාහය එපා වූ බවයි . තමාට වඩා වයසැති රුපශ්‍රීයද අඩු , පළමු ස්වාමියද අතර ගිය , ගොළු කාන්තාවක හා විවාහ වීම කිසි දිනක තමා අපේක්ෂා නොකළ බවත්ය .
පසු වදන
ගැහැනියක් පිරිමියෙක් හා එකට ජීවත්වීම මානුෂිය අයිතියකි. එහෙත් එම අයිතිය කාලීනව තහවරු වනුයේ විවාහයක් ලෙස ලියාපදිංචි වීමෙනි. එම නිත්යානුකුල අයිතිය ලබා ගත යුත්තේ තම ආත්මාර්ථය සදහා නොව තවෙකෙකුට මානුශියව සාපේක්ෂ වීමෙනි. එක පාර්ශවයක් පිඩාවට පත් කරමින් ස්වර්තයට කටයුතු කිරීම මානුෂිය අයිතීන් උල්ලංගනය කිරීමක් බව තව දුරටත් මොවුන් නොසිතන්නේ මන්ද?
විවාහයක් සදහා ද්විපාර්ශවිය ගැලපීම බාහිරව සපුරාලීම අත්‍යවශ්‍ය වන්නේ විවාහයක් බිද වැටීම අවම කරන්නට මිස , මානුෂිය හැගීම් පාලනය කරන්නට නොවේ. දෙමව්පියන් තම විශේෂ තත්වයේ වූ මෙවැනි දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. තම වගකීමෙන් නිදහස්වීම සදහා කවරෙකුගේ හෝ භාරකාරත්වයට තම දරුවා පත් කිරීම මගින් වඩාත් අසරණ වන්නේ තම දරුවම බව සිහි තබා ගත යුතුය.
මේ අනුව බැලීමේදී , අදෘශ්යමාන බලවේග විවාහයක් සදහා යොමු කිරීම හා බිද වැටීම අතර සහ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ කෙළෙසින්ද සිතාගත නොහැක.
21 වන සියවසේ ජිවත් වන්නන් ලෙස තම තීරණ ගැනීමේ වගකීම තමාට මිස වෙනත් බලවේග මත පැටවීම හාස්යජනකය. තම ආත්මාර්ථකාමී අරමුණු ඉටු නොවුණු කල සියලු දේ සදහා දෙවියන් හා භූතයින් චුදිතයන් කිරීමෙන්, අසාර්ථක විවාහයකදී අද වන විට . දීලා අල්ල ගැනීමේ කලාව . බවට පත්ව ඇතත්, තම හර්ද සාක්ෂියෙන් ගැලවිමද සිතා ගත නොහැක.
නීතියේ ආධිපත්ය තහවුරු කිරීම සදහා අදෘශ්යමාන බලවේග හෝ වෙනත් සංවේදීතාවයන් අදාල වන්නේ නැත . අවශ්‍ය වන්නේ යමක් සිදුවීම පිළිබද මුල මැද අග සම්බන්ධතාවය පමණි. ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිතිය සියල්ල විසදනු ඇත. එහෙත් ඇයගේ අසරනභාවය සමාජ ප්‍රශ්නයක් ලෙස තව දුරටත් ඉතිරි විය. මේ වන විටත් , ඇය දැඩි මානසික අර්බුදයකට ලක්ව ඇති සැටියක් පෙන්නුම් කරන්නේ කිසිවක් පලකල නොහැකි මුවින් බලාගත් අත බල සිටීම පුරුද්දක් කරගෙන සිටින නිසාය.