Monday, June 30, 2014

නුඹ ගියදා ........



ම,හිසට සෙවන දුන් විසල් රුක විය නුඹ
ම,හිතට සිසිල දුන් සරා සද විය ඔබ
ම,නෙතට අමා වූ සොදුරු දසුන ඔබ
කියන් මට නොවලහා හිමි සදුනි මගේද ඔබ .....
                                                                                                     
ගිනි ගත්ත රාත්‍රියේ  සද කදුළු බොද උනිද
පුදසුනට ගිනි ඇවිලී නෙත කදුළු විසිරුනිද
අග්නි ජාලාවක්ව ම,හද දොර ඇවිලුනිද.....
පතිකුලය දෙපා මුල බිඳ වැටි විසිරුනිද ......?

නුඹ  යන්න හදන මුත් අ,තර  මගේ විමානෙන්
හැර ලන්න හැකිවේද කිරි සිනහ ප,පුතුරෙන්
පෙන්වන්න හැකි නම් පුතු හඩන විට සොවින්
යන්නේ නෑ නුඹ  .... කිසි විටෙක අපේ ලොවින් .....

Saturday, June 28, 2014

කිඹුල් කෙල්ල




        ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ උපන් ඇෂ්ලි ලෝරන්ස් නිර්භීත කෙල්ලක් බව බය නැතුව කිඹුල්ලු අල්ලපු නිසා අද වන විට ලෝක ප්‍රසිද්ධ වෙලා . ඇය ෆ්ලොරිඩවේම අද්‍යාපනය ලත් අතර , කුඩා කල සිටම සතුන් හා සෙල්ලම් කිරීමට ඇල්මක් දැක්විය . ඇෂ්ලි මේ වන විට හැකියාව වගේම සිය රැකියාවද කිඹුල්ලු ඇල්ලීම කරගති . දැනට ඇය වසර පහක සිට ෆ්ලොරීඩාවේ  ජාතික උද්‍යානයේ කිඹුල්ලු ඇල්ලීම සිදු කරනු ලබයි . පිරිමින් හා එම රැකියාව කරන එකම කාන්තාවද ඇයයි . මේ වන විට ඇයට අවුරුදු 25 ක් විතර ඇති .

       ඇය මෙම  කටයුත්තේදී කිම්බුල්ලුන්ගේ කට ගැන සැලකිලිමත් වේ . දැනට ෆ්ලොරීඩාවේ තැන් තැන් වල අස්ථාන ගත වෙලා ඉන්න කිඹුල්ලු අල්ලලා වතුරට මුදා හැරීම කරයි ප්‍රදේශවාසීන් කියන්නේ මේ රස්සාව මෙයාගේ ඇගේම තියන එකක් බවයි ඇෂ්ලි පවසන්නේ සත්තුන්ගේ භාෂාව තමන්ට තේරෙන බවයි .ඒ හන්ද අනතුරක් නොවන බව ඇය පවසයි .

       ඇෂ්ලි මේ රස්සාවට ගොඩක් කැමතියි . සතාව මෙල්ල කර ගත්තම සතා එක්ක ගොඩක් දගලන්න ඕන නැතිලු . සත්තුන්ගේ හැසිරීම් රටාව ඇයට මේ වන විට හොදටම පුරුදුයි . වෙන රැකියාවක් ගැන නම් හිතන්නෙත් නැතිලු . ෆ්ලොරීඩාවේ කිඹුල්ලු මිලියන ගානක් වැවු ගංගා වල ජිවත් වන අතර , සත්තු ගොඩට ඒම නිසා මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජිවිත වලටද තර්ජනයක් වෙන නිසා , ඇෂ්ලි මේ කටයුත්තට වඩාම කැමති වෙලා .

     මෙවන් නිර්භීත කෙල්ලන් හා සත්තුන්ට ආදරය දක්වන පරිසරහිතකාමියන් සිටීම ලෝකෙට යහපතක්ය .ඇය සතු සුවිශේෂී හැකියාවට හා ඒ සදහා ඇති ඇල්ම අගය කල යුත්තකි ..

Friday, June 27, 2014

සොයමි මම ජිවිතේ .....



             මා ඔබට සාපේක්ෂයි කියල මං හිතුවට ඒක එහෙම වෙන්නේ නැ කියල, මට දැන් තේරෙනවා..... මං කොයි තරම් හිරවිමකද ඉන්නේ කියල හිතෙන කොට සාපේක්ෂ වීම කෙසේ වෙතත් ..... මේ මමද කියන යථාර්තයටත් බිය වෙන්න වෙනවා කියල, මට නම් හිතෙනවා. මං ලෝකේ දැක්කා  කියල කොහොම කියන්නද? අනුන්ගේ සයිස් එකට හදපු මිරිවැඩි සගලක් පලදිනකොට, මට මේ පාරේ යන්න පුළුවන් උනාට අද....... හෙට වෙනකොට මංමුලා වෙනවා කියල, හීනියට පපුවට දැනෙනවා. කවුරු හරි අල්ලලා මාව මේ උගුලේ හිරකරලද මන්දා..... මේක මං යන්න ඕන පාර නෙමෙයි..... මට උරුම වෙච්ච පාර ..... අපේ අය මට උරුම කරපු, කරුමක්කාර පාර..... තව පොඩ්ඩෙන් මං අනන්තයට යනවා....... මගේ පොතේ ලියවිලා තිබුනේ නැ..... මේක තමයි, මා යායුතු මග කියල..... මතක පොතට විරාමයක් තියල , මං ආයෙත් ජිවිත පොත සංස්කරණය කරන්න පටන් ගත්තා......මට තවත් මේ මායාවේ හිර වෙන්න බැරි හින්ද.....

           මං දන්නෙත් නැති කලෙක ඉදල මගේ අතපය ගෙට ගහල කියල, දැන ගන්න කොට, මං පරක්කුද මන්ද...... ඒත්.....ගස් ගල් වන්දනා කරන්න මට තවත් බැ.....දෙවියෝ මං එක්ක තරහ වෙයි කියල මං දන්නව. පඩුරු පාක්කුඩ නොලැබෙන කොට, සුවද දුම් අල්ලන්නේ නැති වෙනකොට, ප්‍රශස්ති ගී, නොගැයෙන කොට, මං මිත්‍යදෘෂ්ඨිකයෙක් වෙනවා තමයි, මට දිව්‍යලොකෙත් යන්න බැරි වෙනවා තමයි..... මේ මිහිපිට අපායක් කියල, දෙවියන්ට තේරෙන්නේ නැත්නම්, මේ ගැත්තා කුමක් කරන්නද...? යක්ෂ ප්‍රේත, කුම්භාණ්ඩයින් රජ කරන මේ ලෝකේ, දෙවියෙක් ඉදිද කියලත් දැන් නම් සැකයි..... ඒ තරමට , මේ අපේ පුජා භුමිය කිලි කුණු වලින් පිරිලා, පෙරදා තිබු ශ්‍රීලංකා ද්වීපයෙ හැඩය වෙනස් වෙලා, සුනාමියට අහුවෙලා වගේ කියල හිතෙනවා. 
         
             මාව හිර උනාට, මගේ හිත හිර කරන්න බැනේ..... මං මගේ පොත ලියනව්..... නව ලෝකයකට හෙට හිරු පායන කම්, මං ලියනවා. මට ආලෝකය දකින්න ඕනෙ...... හෙට වෙද්දී ....... මං ලෝකය දකීවි..... මං දන්නව ඔබ මට හිනා වෙයි කියල .......දැන් ඉන්නේ ලෝකෙක නෙමෙයිද කියලත් අසාවි......ඔව්...... හරියි කියල කියන්න පුළුවන් තැනක නෙමේ, අපි දැන් ඉන්නේ........ ඔබටත් ..... මටත් ලෝකය එරෙහිව නැගී සිටින දවස වැඩි ඇතක නොවේ.......එදාට ලෝක යුද්ධය පටන් ගනීවි.......සියල්ල නැති වී ..... ආයෙත් ලෝකය අලුතින් බිහිවේවි....... ඊවා, ආදම් ආයෙත් ඉපදී .... මනුෂ්‍ය පරපුර අලුතින් නිර්මාණය වේවි. මං ආසයි ඒකට ... මට මැරිලා උපදින්න ඕනෙ. ජිවින්ගේ අඛණ්ඩ පැවැත්ම කියන්නේ මේකට , උපරිමයට ගිහින් දසමයට එන්න වෙන්නේ ඔරොත්තු නොදෙන තරමට බර දරා ගන්න බැරි උනාමයි..... කියලත් මං පොතේ ලිව්වා. 

          මට දැන් සැහැල්ලුවක් දැනෙනවා. මං ටික ටික .... නිදහස් වෙනවා කියල දැනෙනවා. පොත ලියල ඉවර වෙන්න ලගයි, ඒත් හෙට වෙද්දී, මේක බලන්නවත් කවුරුවත් ඉතිරි වෙයිද කියල නම් සැකයි.ලෝක විනාශයට අහු වෙද්දී මේ පොතත් මං එක්කම විනාශ වෙලා යාවි......


Wednesday, June 25, 2014

වලාකුළ



වරෙක පාවෙනා .....සෙවන දිදී මට .....
සිසිලසක්ව හද මත වැතිර බැතිපෙම් පාන .....
නිරතුරු අනින ම'සිතට අල්පෙනිති තුඩු අග රැදුනේ .....
කදුළු බින්දුවක්දෝ ලේ සුවද පිරි .....

සිතලාම රිදුම් දුන් මගේ හිත පිරිමැද ....
ආදරය වක්කරන් ගිනියම් නොවි  දාහය නැති  කරන් 
වලාකුළ නුඹ යන්න එපා චණ්ඩ මරුතයක්ව ....
ලෙන්ගතු හිතට හොරෙන් පෙම් පෙත් පාන්න ......

දෝතට වන් කුසුමක්ව සිප සනසන්නට 
පිනිබිදු අතුරා හද සිසිලක්ව ....නිබදව ....
පාවෙවී ඇතට යත්ම ලංවෙලා මුමුනන්න ......
හද දොර මටත් නොකියාම හැරගෙන විත් ....

ආදරෙයි ... මං  නුඹට .....නුඹමයි මගේ ලෝකය ......
කියා ගෙනවිත් ....සෙවන සදන ....මගේ ලෝකයට 
ලං වෙන්න බැරි අහේතුක සිහිනය මා නොදන්න ....
වලාකුළ .....නුඹ අයිති මට නොවෙයි .....අහසටයි ......


Saturday, June 21, 2014

ඔබ යන්න ගියා ඉගිලී.......




                      ඔබ මා හමුව ගෙවීගිය කාලය සිහිවන විට .... අනේ.... මට මගේ ආදරය ආපහු මා ගාවට ආවදෝයි සිතෙනවා. මට තාමත් ඔබව දැනෙනනවා. හීනෙන් වගේ මං ලගින් ඇවිද යන බවක් දැනෙනවා.

ඒ අතීතය සුන්දරයි.... මට මගේ වර්තමානයට වඩා, දරුවා අඩනකොට , හිත දුරක ගියත්, මගේ හිත තාමත් ඔබ එතැයි ... මග බලා සිටිනවා. අපි දෙන්නා අත් අල්ලාගෙන පියමන් කරපු හැටි.... ඇස් වලට කදුළු එනකන් හිනාවුණු හැටි....... නෝනා .... කියාගෙන මගේ පස්සෙන් වැටි මට ආදරය දීපු හැටි.... ඒ හැමදේම මට තාම මතකයි.....


              ඔබට පුළුවන් නම් මගේ කතාව අසාගෙන ඉන්න ..... මේ වගේ දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවායි ..... මං ප්‍රාර්ථනා කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉදන් අපි දෙන්නා ආදරෙන් බැදුනා,

සුදු .....

           මට එයාගේ පනටත් වඩා ආදරේ කලා. අපි දෙන්නට දෙන්නා දවසක්වත් නොදක ඉන්න බැරි තරමට අපි.... අපට ආදරය කලා. අපේ ගෙදරින් සුදුට කැමති උනේ ඔහු ගුණ යහපත් වගේම, මට හුගක් ආදරය කල නිසා. අපි දෙන්නට පුදුම තරම් නිදහසක් තිබුනේ ඒකයි


      ....... ඒත්.... දවසක් අපි අපේ කේන්දර බැලුව, බදින්න ඉන්න නිසා නිකමට වගේ බැලුව.....දෙවියනේ අහස කඩා වැටුන වගේ...... අහන්න ලැබුනේ,  සුදුට ආයුෂ අඩු බව. පොරොන්දම් බලපු මනුස්සයා කිව්වේ නම්, ඉක්මනට බබෙක් හදන්න, එතකොට ඔය අපලය ඇරිල යයි කියල. 

        
            අනේ මගේ සුදු මේ කතාව පිළිගත්තේ නෑ. ඔහු කේන්දරේ එච්චර ගණන් ගත්තෙ නෑ. මං කිව්වා අපි ඉක්මනට බබෙක් හදමු කියල. ඒත් අපිට තව වයස තියෙන නිසා ඔහු ඉක්මන් තීරණයක් ගත්තේ නෑ. කසාද බදින්න . ඔහොම සතුටින් කාලය ගතවුනා .... මට ඒ කතාවත් ටික ටික අමතක වෙලා ගියා...... 

               දවසින් දවස ගෙවුනා ..... අපි අපේ ලොවේ දුවපැන ඇවිද්දා. ආදරය කොතරම් සොදුරුද කියල හිතන තරමටම ....... 

අපිට කිසිත් බාධාවක් තිබුනේ නැ. සුදු මගේ පන වගේ මට දැනුනේ.

               දවසක් එයා , දේශපාලන රැස්වීමකට අකුරැස්සේ ගියා. මහින්ද මහත්තයාගේ රැස්වීමක් එදා තිබුනේ

         නෝනා .... , මම  හෙට උදෙන්ම අකුරැස්සේ රැස්වීමට යනවා. මං ඒක ඉවර වෙච්ච ගමන්ම ඔයාව බලන්න එන්නම්  කියල ... මට  , හාදු වැස්සක් දීල එදා හවස මගෙන් සමුගත්තේ , සදාකාලික වෙන්විමකටද කියල ඇයි ..... මට එදා හිතුනේ නැත්තේ..... දන්නවනම් මං ඔයාට එදා යන්න දෙනවද.....?

            ඔයා යන්න ගියා..... යන්නම ගියා .....ඊට පස්සෙන්ද ... මං බලන් හිටිය, ඔයා ඒවි කියල.
             එකපාරටම බයික් එකක් ගේ ළග නතර කරා. මං හිතුවේ සුදු ආව කියල. දුවල ගියේ ඒ මුණ දකින්න.

         ඒ ආවේ  ...... සුදුගේ යාලුවෙක්  ....

           අපේ අම්ම එක්ක කතාවක, අම්ම මගේ මුණ බැලුව. ඒ ඇස් වල කදුළු. මං බයවුණා.

           අම්ම කිව්වා , පුතේ ......... සුදු මහත්තය තුවාල වෙලා මාතර ඉස්පිරිතාලෙට ගෙනෙහින් කියල.

          මගේ ඇස් , නිලංකාර උනා . ඇදන්  හිටි ඇදුමෙන්ම , මං දිව්වේ මගේ සුදු බලන්න ඉස්පිරිතාලෙට.

 අකුරැස්සේ රැස්වීමට බෝම්බ ගහල හුගක් අයට තුවාලවෙලා.

 ඉස්පිරිතාලේ ඇදන් අස්සේ මං දිව්වේ පිස්සුවෙන් වගේ..... අනේ මගේ සුදු එතනත් නැ..... සමහරු මැරිලලු. එක එක්කෙනා ,කියනවා ඇහෙනවා.


             මගේ සුදු මැරිලා නැ..... මං දැක්ක ..... එයා ඔපරේෂන් කරලා, දැඩි සත්කාර ඒකකයෙ , විදුරු පෙට්ටියක් ඇතුලේ ඉන්නවා.

             අනේ .... මට එයා ලගට යන්න බැ. ඔලුව සුදුපටි වලින් ඔතලා, කකුලුත් ඔතලා. මට ලගට යන්න දුන්නෙ නැ. මං කැ ගහල ඇඩුව. මගේ අසරණයා මෙහෙම ඉන්නවා බලන්න මට බැ. දවස  ගානේ ගෙවිල සතියක්ම ගෙවුන. ඒත් එයාට සිහියක් නැ. තාමත් විදුරු පෙට්ටියේ.


          කෑමක්, බිමක් නැතිව මාත් ඔහේ හිටියා. මගේ සුදු ඇස් අරිනකම් බලන් හිටිය. 

      ආදරේ උනුවෙලා.... ලේ කදුළු වෙලා .... ගලා යනවා..... මටත් නොදනිම. මං මේ තරම් ආදරේ කරපු, මගේ සුදු වේදනාවෙන් ඉන්නවා දකිනකොට, මගේ හිත මං කොහොමද හදා ගන්නේ...... 


[එක් සත්‍ය කතාවක් ]


මතු සම්බන්ධයි........

Friday, June 20, 2014

දෑත අහිමි ජෙසිකා




        දෑත නැතුව ජීවිතය ජයගත් තරුණියක් අපට හමුවිය . සිය දයිවයට දොස් තබනවා වෙනුවට තමන්ට කල හැකිදේ මොනවද හදුනාගෙන ඇය ජිවිත යාත්‍රාව තනියම පදවන්නේ දෑත තිබෙන සියලු දෙනාටම ආදර්ශයක් වෙමිනි , ලංකාවේ කෙනෙකු වුණා නම් මේ වනවිට එක්කෝ පාරේ හිගමන් යදියි , නැත්නම් නිවාසෙක අනුන් මත යැපේ . මේ ජෙසිකා කොක්ස්ගේ කතාවයි . ඇය ජිවත් වන්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයේයි .


ඇය මේ වනවිට ගිනස් වාර්තා කීපයකටම හිමිකම් කියන්නීය . දෑත අහිමි ලොව පළමු ගුවන් නියමුවරිය ඇයයි , ටයිකොන්ඩෝ කළුපටි ශුරිය , දිය යට කිමිදෙන්නිය ඇයයි . මේ වනවිට ඇය මනෝවිද්‍යා උපාධිධාරිනියකි ,  වර්තමානයේ පෞරුෂ  සංවර්ධන වැඩමුළු වල ප්‍රධාන දේශිකාව ලෙස වැඩසටහන් මෙහෙයවයි, මේ වනවිට රටවල් 18ක් පුරා ඇය දේශන පවත්වා ඇත  .





            වසර තුනක් ගුවන්යානා පදවන්නියක් ලෙස පුහුණුවෙන් පසු ලියාපදිංචිය ලැබුවාය . ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ කළුපටි දෙකකට හිමිකම්ද ලැබුවාය . ඇයට වාහන පැදවීමේ බලපත්‍රයද ඇත . ඇයට මිනිත්තුවක් තුල වචන 25 ක්  පරිඝනක ගත කිරීමේ හැකියාව ඇත . 2012 වසරේදී ඇය ' මෝස්ට් ඇස්පිරෙෂනල් වුමන් ඉන් ද වර්ල්ඩ් ' යන සම්මානයෙන් පිදුම් ලැබිය .

Monday, June 16, 2014

අපහරණය හා අඩහැරය .......


          සෝමාලියාව ගැන ඇසු පමණින් අපට මතකයට නැගෙන්නේ මන්දපෝෂණයෙන් පෙලෙන බඩවල් එල්ලා වැටෙන කෙසග සිරුරු ඇති , පිඩනයට ලක්වූ තවත් මනුෂ්‍ය කොට්ඨාශයකි. ඔවුන්ගේ දුක කවුරුත් දනිති. එහෙත් එලෙස පිඩනයට පත්වූ මේ මිනිසුන්ටම, ස්වභාවධර්මයා එරෙහි වුවා සේම, එරටේ නීතියද පිටුපාන බව මේ සිද්ධිය නිසා අපට ඒත්තු ගැන්වේ.

                පුද්ගලයන් දෙදෙනකු අතින් දුෂණයට ලක්වූ 19 හැවිරිදි තරුණියකට තමාට සිදුවූ  අසාධාරණයට සධාරණය සොයන්න අධිකරණයට ගොස් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න සංකල්පයට යටත් වන්නට සිදුවූ බව මේ පුවතින් අපට වාර්තා විය. ඇගේ අසාධාරණය සදහා ඇයට ලැබුන තෑග්ග අත් හිටවූ සිර දඩුවම්ය. චුදිතයන් දෙදෙනාට අපහාස කලාට හා බොරු කීවාට මෙලෙස දඩුවම් ලැබුණි. එම පුවත වාර්තා කල වර්තාකරුටද එම දඩුවම තීරණය විය. එහෙත් වරදකරුවන් දෙදෙනා කිසිදු විටක අධිකරණයට නොපැමිණි බවද වාර්තා වේ. මෙය කැකිල්ලේ නඩු තීන්දුවකි.සෝමාලියාවේ ස්ත්‍රී දුෂණය තදින්ම පවතින රටක් බව, මේ අනුව වාර්තා වේ. 

                   කන්න බොන්න නැතිවනවා වගේම, නිදහසේ ඔවුන්ට ජීවත්වීමේ අයිතියද උදුරාගත් ආකාරයක් , මේ අනුව පෙනේ. ඔවුන්ගේ මානව හිමිකම් ගැන ලෝකයට තවමත් නොපෙනේද.....?

Sunday, June 15, 2014

යා දෙක නොරත රත .....



ජීවිතය විදින්න හැකිනම් සුන්දරව ....
එත් ... විදිනව කියා
විදවන්න නම් බැ මට ....
ඔබ .... මේ දෙකෙන්
කෝකද ..... තෝර ගන්න 
කියන්න මට .....
කෝක තෝර ගත්තත් ....

ඔබ හෝ මම ....

පරාද වනබව නම් ඇත්තයි .....

ඔබ ජීවිතය විදිනකොට .....
මට විදවන්න වෙනවා ....
මම ජීවිතය විදිනකොට .....
ඔබට විදවන්න වෙනවා ..

Wednesday, June 11, 2014

ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ තවත් එක් සමාජ සත්කාරයක්.......


           ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ තවත් එක් සමාජ සත්කාරයක්, ලෙස පොසොන් පෝය නිමිති කරගෙන  වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රජා විශෝධන නියෝග ලැබූ, සුළු වරදකරුවන් සදහා, පොසොන් පෝදා පිංකම , වලස්මුල්ල , නතුවල , ගල්ටම්ගොඩ පුරාණ විහාරයදී ජුනි මස 11 වෙනි දින දවස මුළුල්ලේ සීල ව්‍යාපාරයක් ලෙස  පවත්වන ලදී . 

          අධිකරණයෙන් කිසියම් සුළු වරදකට , වරදකරුවකු වන විට , දඩුවම යන සංකල්පයට , විකල්ප ක්‍රමවේදයක් ලෙස, විශෝධනය යන අරමුණ මුල්කොට ගෙන. ප්‍රජා විශෝධන දෙපාර්තුමේන්තුව විසින්, ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව අතරේ , ආගමික වැඩසටහනක් ලෙස, මෙම පුණ්‍ය කටයුත්ත , වලස්මුල්ල ප්‍රජා විශෝධන ප්‍රාදේශීය කාර්යාලයේ ,  ප්‍රජා විශෝධන නිලධාරී , රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. 

         පොසොන් පිංකම  සදහා, වලස්මුල්ල දිසා විනිසුරුතුමා,  වලස්මුල්ල නීතිඥ සංගමයේ නීතිඥ මහතුන් , ප්‍රජා විශෝධන නියෝජ්‍ය කොමසාරිස්තුමිය , වලස්මුල්ල ප්‍රාදේශීය ලේඛම්තුමිය සාභාගී වන ලදී.
ගල්ටම්ගොඩ පුරාණ විහාරයේ , විහාරාධිපති  පුජ්‍ය බෝවල පඤ කිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් වැඩසටහන මෙහෙයවන ලදී.

           තංගල්ල ප්‍රජා විශෝධන නිලධාරී වී.ජි.වයි.වබ්. නිරුප මහතා විසින් බෞද්ධ උපදේශන වැඩසටහනද, කාව්‍ය ශ්‍රී පුජ්‍ය අවිස්සාවේල්ලේ යටිරතන ස්ථිවරයන්  විසින් කවි බණ දේශනා කරමින් ශිල ව්‍යාපාරය අර්ථවත් කළහ. දානමය කටයුතු සදහා වලස්මුල්ල නීතිඥ සංගමය අනුග්‍රාහකත්වය දැරූ  අතර  උපස්ථාන කටයුතු , වීරකැටිය, වලස්මුල්ල ඔකෙවෙල ,කටුවන සංවර්ධන නිලධාරී මහත්මියන් විසින් සිදු කරන ලදී  . 

        කිසිදිනක සිල්සමාදන් නොවූ පුද්ගලයින්ද  , මේ අවස්ථාවේ සිල් සමාදන් වූ අතර , වරදින් මිදුණු පුරවැසියන් වන්නට වෙර දරන සමාජයේ අඩු සැලකිලි ලබන මෙම පුද්ගල කොට්ඨාශය සමාජගත කිරීම සදහා ,ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව තෙවෙනි වරටත් මෙම සීල ව්‍යාපාරය පවත්වන ලදී. වලස්මුල්ල ප්‍රජා විශෝධන නිලධාරී රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ , මෙම පුන්යෝත්සවය සංවිධානයකරන ලදී.

          වලස්මුල්ල ප්‍රාදේශීය ලේඛම් කර්යාලය මගින් ක්‍රියාත්මක වන වැඩිහිටි සමිතියේ උපාසක භවතුන්ද මෙම අවස්ථාවේ සීල් සමාදන් වෙමින් ,  ප්‍රජා විශෝධන නියෝග ලැබූ මෙම , සුළු වැරදිකරුවන් දිරිමත් කරමින් වැඩසටහනට දායකත්වය දෙන ලදී.