Friday, January 29, 2016

ශුද්ධ භුමි.... බුද්ධ භුමි ....


     මට හිතුනා තව දුරටත් , පොකුනුගල , භුමිය    ගැන ලියන්න , හිතන්න හා පර්යේෂණ කරන්න .

 නැවතත් මා එහි ගියෙමි. හමු වූ බොහෝ අය  සමග කතා කලෙමි. එලෙස මම මගේ  මෙහෙයුම දියත් කරන  විට , JCB මැෂින් ඔපරේටර් තරංග හමු විය . ඔහු දින ගණනක් තමන් සේවය කල  JCB රථය රැගෙන විත් , ලදු කැලෑ මැදින් වැටුණු පාර එලි කර බැතිමතුන්ට,  සිද්ධස්ථානය වෙත ඒමේ අපහසුකම ඔහු විසින් දුරු කර ඇත .  ඇයි  එලෙස දුෂ්කර ක්‍රියාවක් කලේ, රථය , ඔහු වැඩ කල එක වුවද , බැතිමතුන්ද දායක වෙමින්, තෙල් ගසා දී, ඇති බව මා හට දන ගන්නට ලැබුණි. 

එහෙත් පාර එලෙස සෑදුවද .... වැස්සක් වැටුනු විට හෝදා  පාළුවී යාමේ අවදානමක් ඇති බව පෙනෙන්නට තිබේ. මේ පාර වල් රජයෙන් නම් හදා දෙන්නේ නැත. ඒ සදහා මැදිහත් වන්නට කෙනෙකුත්ද නැත. තරංගගේ උත්සාහය විශිෂ්ට උවද ... ප්‍රතිපලදායක වන්නේ පාරට තාර දැමීමෙනි.  
මෙම  චායාරුප සහිත නිර්මාණය,  තරංගගේ නිර්මාණයක් .... ඔහුගේ අරමුණ වෙනුවෙන් තැනුවක් ....
මේ යෝගශ්‍රමයට යන පාර, තාර දමා කාපට් කර ගන්නවාමයි .... කියා ඔහු දැඩිව කියයි. 


නැවතත් මා යෝගශ්‍රමය වෙත හැරුණි ....

"දැහැමි පුද්ගලයන්  වන අප, මුල සිට නිවැරදිව වැදුම් පිදුම්  ඉගෙන ගෙන, තිසරණ ගරුත්වයෙන් ජීවිතය සාර්ථක  කර ගැනීම නිවැරදි වන්දනාවකට පිටුවහලක්" වන බව කියමින් , පොකුනුගල යෝගාශ්‍රමයේ, එහි ආරම්භක හිමි නවදගල අනගාරික ධම්මික හිමියන් විසින් බැතිමතුන් සදහා වැදුම් පිදුම් පුරුදු පුහුණු කරති . 




" ඇති කල්හිත්  නැති කල්හිත් අපේ පරමාර්ථය නිවන් පිණිස පිළිවෙත් පිරීමය" මේ බැතිමතුන්ගේ සිතුවිලිය. 

මට පෙනෙන්නේ ඔවුන් සදහා ඇත්තේ බුදුන් කාලයේ ඇති ප්‍රර්ථනාවන්මය . මේ භුමිය වෙත ගොස් බැලුවොත්.... ඔබට එය වැටහේවි. මේ ..... මා සිතන දේවල් නොව දකින..... අත්විදින දේවල්ය. 

 ස්වාභාවික පරිසරය සහිත පුජා භුමිය ආරක්ෂා කර ගැනීම,  විශේෂ වගකීමක් හැටියට සැලකීමට  සැදැහැවතුන්  කැපවී ඇත. ඔවුන්, එම පරිසරය නිරතුරුව ආරක්ෂා කරයි.

 ලංකාවේ නොයෙක් මානයෙන් බෞද්ධයන් පැමිණෙති. අනුරාධපුර සිට සෑම මසකම පොහෝ දින සිල් සමාදන් වීමට පැමිණෙන, රණසිංහ වේද මහතා ඇතුළු පිරිසද , නුවර සිට එන මාලනි පෙරේරා  මව්තුමිය ඇතුළු පිරිසද, මහියංගනයේ සිට එන පොඩි මැනිකේ ඇතුළු පිරිසද , කොළඹ සිට එන ආතර්  පෙරේරා ඇතුළු පිරිසද , සුරියවැව ගමේ සැදැහැවත් පිරිසද,  මේ කාර්යට එක සිතින් කැපව ඇත.  



යෝගාශ්‍රම විවේකාගාරය වෙත මා ගියෙමි. 

දැනට නිත්‍යානුකුල අයිතියක් නැති, සිද්ධස්ථානයක් ලෙස කොහෙවත් ලියාපදිංචිව නැති , මේ භුමිය , බුද්ධ භුමි පුජා ඔප්පු සන්නස්  පත්‍රය මගින් හිමියන්ගේ භාරකාරත්වය, ප්‍රතිපත්තියක් වශයෙන් රැගෙන යාම සදහා ඔවුන් දැඩිව  අධිෂ්ට්ඨාන කර ඇති අතර මේ පුජා භුමියේ අයිතිය බැතිමතුන් වෙත පවරා ගැනීමට ඔවුන් කටයුතු කරති. 

මා පෙර ලිපියේ සදහන් කර ඇති, මේ පුජා භුමියේ අයිතිය  පිළිබද කරනාවේදී ඔවුන් මට කිවේ , මේ කටයුත්ත පුජා භුමි ඔප්පුවකින් කල හැකි බවයි, ලංකාවේ සමහර සිද්ධස්ථාන වෙතද මෙවැනි පැවරීම් කර ඇති බවයි. නිකායක් හෝ භික්ෂු හැදුනුම්පත් මේ සදහා නිත්‍යානුකුල කිරීමට අවශ්‍ය නොවන බවයි. මේ කාරණාව ,  හරිද කියා මේ කියවන ඔබ මට කියන්න 

ගුරු හාමුදුරුනමක් හෝ , නිකායක් නැතිව  අනගාරිකව පැවිදිවීම බෞද්ධාගමට තහනම්ද ...? එතකොට සිල්වත් නැත්ද ..... ශිලයේ අඩුවක් තියනවද ...? මාගේ පෙර ලිපියේ කමෙන්ටු එක්ක බැලුවම මටත් ගැටළුවක් ....? 
මේ කමෙන්ටු ගැනත්.... මා ඔවුන් සමග තර්ක කලෙමි.... 



මනෝ මන්දිර ...... මේ ගැන කරුණු ඔබ දන්නවද ...? මේ ගැන සොයා බලන්න මේ භුමිය වෙත යන්න හැකියාවක් ඔබට ඇත්ද ...? 

භුමිය, වැදුම් පිදුම්, වත් පිළිවෙත් ... මේ සියල්ල මා වෙත අමුතු හැගීම් දනවයි ....

මේ සියල්ල  මා මිට පෙර අසා ඇත්තේ ... බුද්ධ කාලයේ ඇති පොත් පත් වලිනි ....
මා දුටු .... සියලු දර්ශන පැරණි බෞද්ධ චිත්‍රපට වලට සමාන ....  දර්ශනයන්ය ....



මේ පෙර ලිපියේ ලින්ක් එක  http://nihinsa777.blogspot.com/2016/01/blog-post.html


Tuesday, January 26, 2016

හිමිකමත් අහිමි වන සිද්ධස්ථානයක්



ලෝක උරුමයක් ලෙස සැලකිය හැකි ,  හම්බන්තොට දිස්ත්‍රික්කයේ , සුරියවැව ප්‍රදේශයේ පිහිටි , පොකුනුගල යෝගාශ්‍රමය ජනතාවට ,  අහිමි වන ලකුණු ඇති බව නායක හිමියෝ පවසති . මේ එතුමාගේ කතාවයි ...

01 . අක්කර අටක් පමණ වන මේ භුමිය වන සංරක්ෂිතයට අයිති බව , වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
02 . මෙහි පෞරාණික නටඹුන් ලක්ෂණ ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
03  . මහවැලි අධිකාරියද විටක හිමිකම් කියයි  .

මට තේරෙන්නේ නෑ. මේ ශුද්ධ භුමිය අයිති මින්  කුමන දෙපාර්තමේන්තුවටද? අධිකාරියටද ...? කියල 

වසර 40 ක පමණ පැරණි ඉදිකිරීම් ඇති , මේ භුමිය, නවීකරණය නොවූ පන්සලකි, ආරන්‍යකි. පෝයට සැදැහැවතුන් සිල් ගනිති .... පැරණි මිනිසා විසින් නිර්මාණය කරන ලද සරල ගෘහ නිර්මාණ ශිල්පය පමණක් දක්නට ඇති මේ සිද්ධස්ථානය වෙනස්ම තැනකි. මා මෙම නිර්මාණ , පැරණි මිනිසාගේ   ගෘහ නිර්මාණ ශිල්පය ලෙස දැක්වුවත් , මේ නිර්මාණ සියල්ල නායක හාමුදුරුවන්ගේය . මැටි හා කළු ගල් ගල් මුසු කොට තැනුවකි. ඇවිදින විට පයට පැ ගෙන පොල්  කොළ පැදුරු , අමුතු සුවයක් ගතට දනවයි. 

ස්වභාවික සුළං රැලි වන පෙත දිගේ පාව විත් ගත දැවටෙන කොට ....  පුදුමාකාර සිසිලසක් මනසට දැනේ . විහාර මන්දිරය .... හරහා දිස්වෙන මනහර පරිසරය .... නෙතට රසදුනකි. ජීවිතය විදින්න පුළුවන් කළා කෘතියක් තරම් නිරවුල් හැගීමක් නිරාමිස ප්‍රීතියක් මා අත්වින්දෙමි, ඒ හෝරා කීපය තුල ... විටින් විට නැගෙන මොනර නාදය .... ගරු ගාම්භීර ගන්ටාවක  හඩ මතක් කර දෙමින් වරින් වර නාද දෙයි. 
    පොකුණුගල යෝගාශ්‍රමය .. හිස මත්තෙන් පිහිටි ස්වභාවික පොකුණු නිර්මාණය , රජ කාලේ තැනුණු, අනුරපුර, පොළොන්නරු නිර්මාණ සිහියට නංවයි. ඒ අසබඩ පිහිටි නායක හිමියන්ගේ වතුර පිරිපහදු ටැංකි නිර්මාණය , මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂනය හා සම කල නොහැකි බව දකින්නේනෙකුට සිතේ.  
නායක හිමිපාණෝ  එතුමා ගෙයින් ගෙට දනට වඩින්නෙකි, අල්ප ආහාරයෙන් වැජඹේ. නමුත් දැන් වයස්ගතය .එතුමන් සමග මා කතා කලෙමි. බැතිමතුන් සමගද කතා කලෙමි.  බැතිමතුන් ඉදිරියේ ප්‍රශ්නයක් ඉතිරිව ඇත. එතුමන්ගෙන් පසු මේ ශුද්ධ භූමියට කුමක් සිදුවේද යන්නයි. 
භුමිය පිළිබද නිරවුල් හිමිකමක් නැති, ඔප්පුවක් නැති , අයිති වෙනත් විහාර දෙපොලක්ද නොමැති මේ අරණ්‍ය අඩවිය ඉදිරියේදීත් බෞද්ධ බැතිමතුන් යනෙන තැනක් වේද යන්නයි. 
හිමියන්, මේ පොදු දේපල රැක ගැනීමට මහා විර්යක් දරති. නීතියේ ප්‍රතිපාදන සොයති . එහෙත් එතුමන් වෙත කිසිදු දේශපාලන බල අධිකාරියක් නොමැති බැවින් නිරන්තරයෙන් නිලධාරීන්ගෙන් ප්‍රතික්ෂේප වේ. 
එසේ නම් අප කුමක් කරමුද ...? කුමක් කල යුතුද යන්න සෙවීමට මා ඔබට මේ සටහන පිරිනමමි. 

ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමය මට සිහියට නැගෙන්නේ හා මා ඒ තුල ජිවත් වන්නේ , මේ භුමියෙත්  නායක හිමියන්ගෙත්  සමාගමෙනි. ඔහු මෙහි පැමිණියාදැයි වරෙක සිතේ. 

පොකුනුගල යෝගාශ්‍රමය වෙත , මා කල පෙර චාරිකාවක සම්බන්ධතාවය සටහන් කරමි.

http://nihinsa777.blogspot.com/2014/04/blog-post_8689.html