Tuesday, September 9, 2014

අනියම් සබදතා හා එහි කෙලවර

             


            මේ දිනවල ලෝකයේ කථා බහට ලක්වූ අලුත්ම මාතෘකාව වන්නේ අනියම් සබදතායි. මෙයට හේතුව ලෝක ප්‍රකට නායකයන් කීප දෙනෙකුගේ විවාහය දෙදරා යන්නේ යයි, මාද්‍ය වර්තාකරණ නිසාවෙනි. ඒ අනුව  පැපරාසීන් අනුන්ගේ කුණු අවුස්සමින්, පවුල් දෙකඩ කිරීමේ සමාජ සත්කාරයේ යෙදී සිටි. 
        ලෝකයට අළුත් පුවත් මැව්වට, මේ මාද්‍යවෙදින් සිදුකර ගන්නා පාපය අතිමහත්ය. සැම පවුලක් අතරම ගැටුම් තිබෙන්නට පුළුවන. එය ස්වභාවික සිද්දියකි.පවුල් අඩදබර, විසදා ගත යුත්තේ පවුල තුළදීමය. තුන්වන පාර්ශවයක් එයට මැදිහත් වීමෙන් පලක් වන්නේ නැත. ඔවුන් මැදිහත් වන්නේ උදවු කිරීමට නොව, ප්‍රශ්න තව තවත් අවුල් කිරීමටය. මේවා ලෝකයට අවුස්සා පෙන්වීමෙන් සිදුවූ හානිය පිළිබදවද විමසා බලමු.




                   ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ විවාහයේ ගැටළුද  මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමෙන්, දැන්  සිදුවන්නට යන්නේ දරු දෙදෙනෙකුගේ මවක්‌ වූ මිෂේල්ගේ මානසික අවපීඩන තත්වය තුල දික්කසාදයට මග පැදිමකි. මේ වන විට ඔවුන් වෙන්ව වාසය කරයි.ඔබාමාගේ ළග හිතවතියක වූ ගායිකා බියෙන්සේ සමග අනියම් සබදතාවයක් ඇති බව මාද්‍යවෙදියකු පුන පුනා ප්‍රකාශ කරයි. ඔවුන්ගේ චායරුපද ප්‍රසිද්ධ කර ඇත. 
          මෙය පවසා ඇති පැපරාසියා ප්‍රංශ ජනාධිපතිටද මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ඔහුගේ පවුලද මේ වන විට දෙකඩ වී ඇත. ජනපති බ්රිද අසනීපව රෝහල්ගත වීමෙන් නොවැලකි , මන්දිරයද හැරදමා ගොස් ඔවුන්ගේ විවාහ ජිවිතයද අවසන් කර ඇත. ප්‍රංශ ජනපති ප්‍රන්ශුවා හොලන්ඩේ , නිලියක්  වන ජුලි ගයේට් සමග විවාහ වන්නට යන්නේ යයි , මෙම ප්‍රංශ ජාතික පැපරාසියා මේ වන විට වාර්තා කර ඇත. 
                මේ ආකාරයෙන් ඇමරිකානු හිටපු ජනපති , බිල් ක්ලින්ටන්ටද මෙවැනි තත්වයක් පැපරාසීන් විසින් වරෙක උදා කර, බ්‍රිතාන්‍ය ජාතික මෝස්‌තර නිරුපන ශිල්පී එලිසබත් ගර්ලි සම්බන්ධ කර අනියම් සබදතාවයක් ඇති බව වාර්තා කල පුද්ගලයාම, දැන් පවසන්නේ එවැනි සම්බන්ධතාවයක් නොතිබූ බව පිළිගන්නා බවය. 
       මෙවැනි සිද්ධීන් දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රබල මාද්‍ය වාර්තාකරණය නිසා,පවුල් සංස්ථාවේ ගැටළු වැඩිවී ඇති බවය.ජිවිත වල අඩුපාඩු මිනිසුන් ප්‍රසිද්ධ කරන්නේ නැත. එයින් දෙපාර්ශවයම අපහසුතාවයට පත්වීමත්, චරිත වල මඩගැවීමත් පමණි අවසානයට සිදු වන්නේ. 
        අනියම් සබදතා යනු වැරදි හැසිරීමක් යයි කොතනකවත් දක්වා නැත. එයටම සුවිශේෂී වූ හේතු පුද්ගල සන්තානය තුල පැවතීම හේතුවෙන්,  ඒවා වළක්වාලිය නොහැක. එබැවින්, ඒවා ප්‍රශ්න නොකළ යුතුය. 
         මේ සටහන  ..... අනියම් සබදතා සාධාරණිය කිරීමට ලියන ලද්දක් නොව , ස්වභාව ධර්මය වෙනස් කල නොහැකි බව කියා පාන්නකි.  ජිවිත උපේක්ෂාවක් ඇති බිරියන් මේ තත්වය තේරුම් ගනියි. එහෙත්, සියළු බිරින්දෑවරුන් එසේ නොවේ, 
          එම නිසා, විවාහ වෙන්වීම්, සියදිවි නසාගැනීම්, වැනි අතිරේක හේතු සාධක වල පිහිට පැතීමෙන් ජිවිත අවුල් කරගන්නේ අනෙකුත්  පාර්ශවයන්ද නොසලකාය. එනිසා, දෙස් විදෙස්, නියම් අනියම්, වර්තාකරුවනි, තමාගේ සමාජ කාර්ය පිළිබදවද  මදක් නැවතී, සිතන්න. 

29 comments:

  1. ඇත්ත කථා ලියලා තියෙන ඒවට වඩා වෙනස් නේද?

    ReplyDelete
  2. ඔව්........ මාතලන් අයියේ.....අපි සාමාන්‍ය පවුල් දිහා බැලුවොත්..... තත්වය දුක්ඛිතයි....... අපි දකින දේ ඇත්ත නෙමෙයි....... එහෙම වැරද්දක් කරන්න සමහර අයට සාධාරණ හේතු තිබුන.......
    ඒ වගේම ඒවා අනිත් ඇය අතරේ ආරංචි උනාම....... දෙපාර්ශවයේ සියලු දෙනාටම අහිතකර ලෙස බලපෑවා...... වෙන්න ඕන දේ මං හිතන විදියට නිහඩව සිටීම....... ඒ අනුබල දෙන්න නෙමේ..... අනිත් අය විනාශ වෙන එක වලක්වන්න. මේවට විරුද්ධ වීමෙන් අපේ සංස්කෘතිය තුල සමාජ පාලනයක් සිදු උනාට....... අහිතකර පැත්ත වැඩියි......

    ReplyDelete
  3. http://maathalan.blogspot.com/2014/09/presidents-angels.html

    ReplyDelete
    Replies
    1. මහේෂ්....... මාතලන් අයියගේ ඒ post එක මං ඊයේ බැලුවා...... මිට මාස කීපයකට කලින් ලියපු මගේ post එක දාන්න හිතුන.....

      Delete
    2. මෙහෙමයි.මාධ්‍ය ජනප්‍රිය පුද්ගයින් ඇතුල් පැත්ත හොයන එක හොදයි.එතකොට කරන වැඩ වල යම් පාලනයක් වෙනවා.අනියම් සබදතා ලොකෙන් නැති කරන්න බෑ.මිනිසා මිහිමත ඉන්නතාක් කල් හැම සමාජයකම ඒක තියෙවි.මම කියන්නේ අනියම් සබදතා තියෙන්න ඔීන හැබැයි ලිංගිකත්වයෙන් තොර වෙන්න ඔීන.එතකොට මේ මම ඔයා වගේ.සෙකස් කියන්නේ සබදතා වල අවසානය.සෙක්ස් වලින් ඔක්කොම ඉවර වෙනවා.මොකද සුරාන්තයෙන් පස්සේ ලබාගන්න දෙයක් නැති නිසා.එතනට නොගිහින් යමෙක් ඇසුරුකරන්න පුළුවන් නම් අපි දෙගොල්ලන්ටම රහසකින් තොරව විරුද්ධ ලිංගිකයින් ඇසුරු කළ හැකියි.කිහිප දෙනෙකුගේ ලිංගික ඇසුර අවශ්‍ය නම් බොරුවට සුචරිත වාදි නොවී දෙදෙනාගේම සම්මුතියකින් දෙදෙනාටම එම අවස්ථාව ලැබිය යුතුයි

      Delete
    3. ඔව්..... චන්දන මිනිස්සු අනියම් සබදතා අර්ථකථනය කරන්නේ ලිංගිකත්වයෙන් ඔබ්බට ගිය දෙයක් විදියට ........ සැම සබදතාවයකටම ලිංගිකත්වය බලෙන්ම සමාජය ආරෝපණය කරනවා..... බොහොමයක් සබදතා වල දිග පළල අපිවත් දන්නේ නැ..... කියන්නන් වාලේ කියනවා.
      අනියම් සබදතා නියමාකාරයෙන් පවත්වනවා කියන්නේ ඔයාට අනුව ...... කාටවත්ම හානියක් නොවන අහිංසක සබදතාවයක් විතරයි කියලයි මගේ අදහස.

      Delete
    4. // මම කියන්නේ අනියම් සබදතා තියෙන්න ඔීන හැබැයි ලිංගිකත්වයෙන් තොර වෙන්න ඔීන. //
      Its called "platonic love"

      Delete
    5. බොහෝමයක්...... මේ ක්‍රමයට කැමති වෙද....? සාරස......

      Delete
  4. ස්වාභාවධර්මය පාලනය කල නොහැක ... ඒක ඇත්ත , ඉතින් කුමක් කරමුද?
    එකනේ කියන්නේ
    හිත හීලා නෑ , හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා
    හිතෙන හිතෙන තැන නවතිනවා

    ReplyDelete
    Replies
    1. ස්වභාවධර්මය වෙනස් කරන්න බැරි උනාට ඉවාන්.....හැමෝම දැන ගන්නත් ඕන, අනිත් පාර්ශවයට අසාධාරණයක් නොවෙන්න, වැඩ කරන්න. හිත හිලෑ නැ.... කියල දුවන්න හදන්නත් එපා......හරිද.......?

      Delete
  5. මටත් හිතුනා එකක් ඇතිකරගන්න...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මේවා දැක්කම ඔයාට හිතෙන ඒවා.......නේද සි.ජේ.?

      Delete
  6. අපේ රජානෝ හිටියනම පැපරාසි ආචාරධර්ම ටිකක් හඳුන්වා දීල ගානට වැඩේ සැටල් කරනවා ..

    මෝල් ගහට කිරි ගහෙන් අන්න වගේ ෂුවර්..

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියෝ...... මේ ගැත්තිට .... ඒ ආචාර ධර්ම තේරුනේ නැනේ......

      Delete
  7. අනියම් සබඳතා කියන ඒවා බුද්ධ කාලයේත් තිබුනා. අදත් තියනවා. අනාගතයේත් අනිවාර්යයෙන් තියනවා. ඒ මිනිස් චිත්ත සන්තානයේ ස්වභාවය.

    ප්‍රවෘත්ති කියන්නේ වෙළඳ භාණ්ඩයක්. කුණු කතා කියන්නේ ඉතා වේගයෙන් විකිනෙන භාණ්ඩයක්. එතැනදී බොහොමයක් මාධ්‍ය ආයතන, සදාචාරය කියන හෙළුවැල්ල අමු අමුවේ පෙන්වමින්, තම කුණුකතා විකුණා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව්....... විචාරකතුමනි....... මිනිස් චිත්ත සන්තානය අපට වෙනස් කරන්න බැ. මාද්‍ය ප්‍රචාරණය නිසා තමයි .... කුණු කතාවෙන් ජිවිත වල දුර්වල තැන් විකුනන්නේ.....

      Delete
  8. ලෝක නායකයන්ට නම් මේවා සමාන්‍ය දේවල් වෙන්න ඇති.. ඒකනේ ඉතින් පොත් ගහලා ඒ ගැන කිවුවත් ඒ හැටි ගානක් නැතුව ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්.... මහමෙරු පර්වත වගේ හිටියට මේ ප්‍රසිද්ධ චරිත .... ගානක් නැ කියල හිතන්න බැ..... ඒත් ඒ සෙලවීම කාටවත් දැනෙන්න අරින්නේ නැ..... හේතුව ... ප්‍රබුද්ධ චරිත වීම....

      Delete
  9. මිනිස්සු වශයෙන් කෙනෙකුට ඕනෑම දෙයක් කිරීමේ නිදහසක් තියෙනවා, ඒ දේ හරි හෝ වැරදි හෝ සදාචාරාත්මක බුද්ධියකින් තොරව මිනිස්සු ක්‍රියා කරනවා , පස්සේ අපරාදයක් වීම හරි ඊට දඩුවම ලැබෙන එක හරි වෙනම කතාවක්, නමුත් එතකන් මිනිස්සුන්ට ඒ කරන කටයුත්තට කිසිම බාදාවක් නැහැ, අනියම් සම්බන්දතා හයිලයිට් වෙන්නේ මාධ්‍යය හරහා මිසක් ඒ මිනිසුන් හරහා නොවෙයි, නියම සබඳතාවයෙන් එහාට ගිය සබඳතාව අනියම් විදියට හැදුන්වුවත් ඔය සබඳතාව පවත්වන දෙපාර්ශවයම ඊට කැමැත්තෙන් දායක වෙන්නේ නැතිද, නමුත් මේක මාධ්‍ය හරහා ඉස්මතු වෙන්නේ හරියට ස්ත්‍රී දුෂණයක් කළා වගේ, මට නම් පෙන්නනම බැරි වැඩක් අනුන්ගේ කුණු හොයන එක, ඒ අතින් මාධ්‍ය සදාචාරය කොතනද තියෙන්නේ කියලා හිතෙනේවා, සුචරිත වාදී මාධ්‍ය ක්‍රමයක් කොහෙද අද තියෙන්නේ? සමහර විට ඔය වාර්තාවල් ගෙනෙන එවුන්ට අනියම් සබඳතා නැතිද? රටකින් රටකට ඒ රටේ සම්ප්‍රදාය වෙනස් වෙනවා, සමහර රටවල අවබෝධාත්මකව බිරිඳ හුවමාරු වෙනවා, ඒ ඒ රට වල ලොක්කෝ උන්ගේ හැටියට අතල් ගනිද්දී අපේ රටේ ලොක්කොත් ආතල් ගන්නේ නැද්ද?, අපිට ආතල් දෙන්නේ නැද්ද? මොකා මොනදේ කලත් එක මිනිස්සුන්ට පුවතක් වෙන්නේ මාධ්‍යය හරහා මිසක් මිනිස්සු අරයා මොකක්ද කරන්නේ මෙයා මොකක්ද කරන්නේ කියලා හොයනවා අඩුයි, නැත්තේම නා කියලා කියන්නත් බෑ, මොකද ඉතින් ඕවා අලෙවිත් වෙනවානේ, ඉතින් මාධ්‍යය කරන්නේ ඔය දෙපාර්ශවය අතර හිඩැස පුරවමින් අදායම් ලැබීමයි. ඒ තරම් ජඩ වැඩක් මමනම් තවත් දැකලා නෑ, අනුන්ගේ කුණු විකනමින් ආදායම් ලැබීම.

    ReplyDelete
    Replies
    1. ඔයා.... දන්නවා ඇතිනේ සොමි..... ගම්පෙරළියේ මාතර හාමිනේ ....මුහන්දිරම්ගේ අනියම් සබදතාව ගැන කටයුතු කල ආකාරය...... ඔන්න පවුල් වලට අවුල් නොවී ඉන්න ආදර්ශ....

      Delete
  10. අනියම් සම්බඳතා නැවාතීමේ එකම ක්‍රමය නම් කිසිම සම්බඳතාවක් "නියම" සම්බඳතාවක් ලෙස නීති ගත නොකිරීමයි.... එවිට ඇත් වන සියලු සම්බඳතා එකම ගනයට අයත් වේ...

    සම්බඳතා වලට නීතිමය තත්වයක් ලබාදීම අහෝසි කරනු! විවාහය තහනම් කරනු!

    ReplyDelete
    Replies
    1. සාරස ..... මේක නම් සදාචාරාත්මක ප්‍රශ්නයක්.... ඔයාගේ යෝජනාව නම් හොදයි..... ඒත් එතෙන්ට එන්න ,..... අපි දැන් ගියා දුර වැඩිනේ...... නීති හදන්න කලිනුයි...... මේක කරන්න තිබුනේ...... දැන් පරක්කු වැඩයි.....
      ඇත්තටම සබදතා වලට නීතිමය මුහුණුවරක් දුන්නේ ඇයි.....?

      Delete
    2. මෙහෙමයි.අපි අවුරුදු 3000 කට විතර එහායින් හිටියේ ඔතන.ඒක අප්සට් නිසා තමයි නීතීය එන්නේ.ගැහැණියගේ නිරැවත බලන්න ආසකර කර ඒකට ප්‍රසිද්ධියේ විරුද්ධ වීම කුහක කමක්.වාරණය වැඩි නිසයි මේවට වෙළදපෙළ වටිනාකමත් වැඩි.බටහිර රටවල ස්ත්‍රින් අඩනිරුවතින් පිර්මින්ගේ පුරුෂ ලිංග ප්‍රණවත් වෙන් නෑ.මෙහෙ දනියෙන් උඩ අගලක් දැක්කොත් උන්හිටිතැන් අමතක වෙනවා.ගැණු හෙළුවෙන් යන්නත් කැමතියි අපි බලන්නත් කැමතියි.එතකොට කවුද මේකට අකමැති?

      Delete
    3. // ඇත්තටම සබදතා වලට නීතිමය මුහුණුවරක් දුන්නේ ඇයි.....? //

      ලෝකෙ පලමුව ස්ත්‍රී පුරුශ සබඳතා වලට නීතිමය තත්වයක් එක් කලේ පුරාන ඊජිප්තුවේ වැසියන් වරුන් අතර වූ දේපල පිලිබඳ අයිතිය සුරැකීමේ ක්‍රමවේදයක් ලෙස කියලා කියනවා නේද?

      Delete
    4. සාරස .... පුරාණ ඉජිප්තුවරුන්.......ස්ත්‍රී පුරුෂ සබදතා වලට නීතිමය මුහුණුවරක් දුන්නේ නැ.... එයාල කරේ රාජ්‍ය පාලනය පහසු කරන්න පොදු නිතිමාලාවක් හදපු ඒකනේ. නීති පටන් ගත්තේ ලිඛිතව එතනින්....
      චන්දන ....අපට දැන් ආපස්සට යන්න බැරි හේතුව..... අපේ ඔලු ගෙඩි දැන් නීතියට අනුගත වෙලා. ... ඒත් දැන් බටහිර living together සංකල්පය නිසා...... ආයෙත් යන්න වෙන්නේ මුලටම තමයි.

      Delete
  11. නියම ලිිපියක්. ප්‍රශ්නය දිහා වෙනස්ම කෝනයකින් බලලා.

    ReplyDelete
    Replies
    1. ඔව්..... සංජිව..... මට හිතුනේ චෝදනා එල්ල කරන්න පෙර ..... ඇයි එහෙම උනේ කියල ප්‍රශ්න කරන්නයි. මගේ කෝණය හැමදාම එතන......

      Delete
  12. පැපරාසියෝ කියන ඒවානම් විශ්වාශ කරන්න පුලුවන්ද කියලා හිතෙනවා වෙලාවකට...මොකක් උනත් ඔය අනියම් හත්තිලවුව නම් වටින්නේ නෑ මට හිතෙන්නේ,......

    ReplyDelete