Thursday, December 17, 2015

කෝ මගේ සාලිය කුමරාණෝ ....


කප්පරක් ... පැතුම් පිරුවේ බුදු සාදු ළග ..
මං ..... නුඹ දුන්නු මල් පුදලා .....
දිගුහසක් .... බලං හිටියෙ දිය පාමුල ....
නුඹ .... එනකන් ..... සසර සැරිතරණට ..

බව ... සිය ගණන් සැරිසරා ... මං ... නුඹ ....
ජාති ජාතිත් මුණ ගැසුනා .... සංසාරේ පුරුද්දට 
මනෝමය පුරාවත .. දිනෙන් දින ලියවුනේ ....
ප්‍රේමනීය ... මතක සටහන් සුවහසක් ලියලමින්....

සුදු ඇතුරු සයනයක ... උඩ බැලිව ... හිස්ම හිස් සුසුමක 
පා කර හැරියේ .... මගේ සිනිදු උවමන් .... නුඹ සනසන්න 
පාවෙන  ... සුසුමින් දින ගණන් බලන් හිටියේ ....  
දෑස් ඉමට නුඹ වත දකින තුරු ..... පෙර පුරුදු විලස ....

කවුරුත් නෑ මං ලග .... රිසි සේ වදනක්  දොඩන්න ....
දිගු සිලින්ජර් .... පාට පාට පෙති .... මගේ සුව විමසන විට 
කෝ ... දැන් ...පෙර සේ ... බවෙන් බවේ .... මා  ළග උන්නු 
සුපෙම්වත් ... මාගේ පෙම්බර .... සාලිය කුමරාණෝ ........ ? 





Thursday, December 10, 2015

මං ..... සහ මගේ ලෝකය ...


උඩට ... යටට .... දෝලනය වේවි .... 
වෙලාවකට හරහටත් ...... පැද්දි පැද්දී මං ......
ඔන්චිල්ලාවක් වගේ .... පාවෙනවා ....
සක බඹරයක් වගේ  කැරකෙනවා ....

කෝච්චියක් වගේ හුම් බාමින් .....
ඇස් ගෙඩි දෙක එලියට පනිනකම් ... දික්කරන් .......
විජ්ජුලතාවක් වගේ පත්තු වෙමින් .....
මහ බබා වගේ පාර දිගේ ... විසි වෙනවා ....

ලෝකයක් හදා ගෙන ලෝකයක් මවා ගෙන .....
සිහින සාරා සංකල්පයක් දකිමින් ....
හිස්ම හිස් ලෝකයක ..... අරුනළු විදිමින් ....
මං  බවේ සැරිසරනවා ..... 




Thursday, December 3, 2015

ඉකි ගසන හැන්දව ....


තෙත බරිත, හරිත නිම්නයේ .....
ගහ කොළ හෙලවෙන වියරු සුළං මැද 
අනෝරා වැහි පොද එකිනෙක ගැටෙමින් 
හඬා වැටෙන මුසල හෝරාවේ .....

ජනෙල් පියන් අතරින් එබී බලන කල 
පෙනී නොපෙනී යන නුඹේ චායාව ....

මලපුඩු පැහැයෙන් ..... ඇතින් ඇතට ....
ශෝක බරිත ම, දෑස් මත උමතුව 
අගි,සන කදුළු බිඳු අස්සෙන්  .....
බොදව යන මළ හිරු කුමරුනේ .... 

ඉකි ගසන හැන්දෑවේ .....
දෙදන මත හිස හොවා ..... හඬා වැටුනේ ....
සමුගෙන නොගිය ....ම,කුමරු ....
ආයෙත් ....නො, ඒ දැයි ....සිතමින්ද ....?