Monday, March 31, 2014

මකරන්ද තවරාලු ......


හිරිපොද වැස්ස දිගේ නුඹ එනවද තෙමි තෙමි .....
මකරන්ද තවරාලු පිනිබිදු ඉස සිත සසලව පිපි .....
සද තරු නිහඩ ඝන අදු දුරුකරන් තනිව
පැයු තරුව නුඹ මගේ ලෝකෙට එලිය දී ....
හිත හිරි වට්ටමින් නිබදව සෙනේ පුදන්
කීරි ගැහුණු මල් මුවරද විසිර ගිහින්
නිලඹර තරුණ මුත් , ප්‍රේමය සැසදෙද්දී ....
මල් වරුසා වැස හිරු පුබුදියි සිතල දුරැර
අදත් වහින්නේ නුඹ එන බව කියන්නද
සිතල හිරිගඩු නැංවූ හෝරාවන් අවසන් වගයි .....

Saturday, March 29, 2014

මින් ඉදිරියට පිරිමි රුපරාජිනියන් .....?




ලෝකයේ තාක්ෂනය දියුණු වීමත් සමග නොයෙක් තරග බිහිවේ , එහෙත් මෙම තරගයේ වෙනස , පවතින තරගයකට වෙනස් මුහුණුවරක් ලැබීමය . රුපරාජිනියන් තරගයට පිරිමි තරගකරුවන් ඉදිරිපත්වීම මෙහි විශේෂත්වයයි . වයිද්ය විද්‍යාවේ මෑතකදී සිදුකරනු ලබන ලිංග විපර්යාසය නිසා පිරිමි ගැහැණු බවට පත්වීම මේ වන විට සාමාන්‍ය ක්‍රියාවකි . මේ සදහා නීතිමය බාධාවන් නොමැත . ගැහැණු තරමටම ස්ත්‍රී ලාලිත්‍ය මතුකරලීම නිසා , වෙනසක් දකින්නන්ට නොපෙනේ . එම නිසා , රුප සුන්දරී තරග සදහා ඉදිරිපත් වීමට මෙම ගැහැණු බවට පත්වූ පිරිමිද ආශාවක් දක්වයි .


එහෙත් සින්ගපුරුවාසීන් එකිනෙකට වෙනස් මත දරයි . ඔවුන්ගේ මතයට අනුව කෘතීම ලිංග විපර්යාසය නිසා , තරගය අර්ථවත් වී ඇති බව පවසයි . තවත් සමහරක්ගේ මතය වුයේ , මෙම අය ඉදිරිපත්වීම තුලින් තරගයට කිසිසේත් නොගැලපෙන අත්දැකීමක් එක්වන බවයි . එහෙත් මින් ඉදියට ජයග්‍රහණය කරන්නේ පිරිමියෙක් නම් , එය අපට නැවැත්විය නොහැක . ලිංග විපර්යාසය ලෝකය පිළිගෙන ඇති නිසා , ජයග්‍රාහිකව අපටද පිළිගන්නට සිදු වේ . ප්‍රේක්ෂකයෝ මෙයට අකමැති නම් ,මෙම තරග නීති වෙනස් කල යුතුය . එහෙත් අන්තර්ජාතික වශයෙන් බලවත් විරෝධතා මතුව ඇත්තේ , පසුගිය මාසයේ කැනේඩියානු ජාතික තරුණයකු එහි පැවැත්වූ රු රැජින තරගයකට නොසුදුස්සකු කිරීමත් සමගය . 23 හැවිරිදි ජිනා වලක්කෝවා , විසින් සංවිධායකයන්ට විරුද්ධව නඩු මගට බසින්නට සුදානම් වීමත් සමග , නැවත ඉදිරිපත් වීමේ අවස්ථාව සංවිධායකයෝ ඔහුට ලබාදුනි . කෙසේ නමුත් මෙම සිද්ධිය හරහා ලෝකයටම කතා කිරීමට දැන් නව මාතෘකාවක් ලැබී ඇත .

Thursday, March 27, 2014

'' 90 දශකයේ ප්‍රේමයක් ''



            මම O/L වලට  පන්ති ගියේ ඉගෙන ගන්නමද මන්ද , කියල මට නම් දැන් හිතෙනවා . එකක් ගෙදරින් නිදහස නැතිකම , අනික යන්නම් වාලේ යාම . ඉතින් , අපේ පන්තියේ ගොඩක් දෙනකුට ප්‍රේමවන්තයනුත් හිටිය . ඒ ගොල්ලන් ලියුම් ලියනවා , ලියුම් කියවනවා , අපි එක්ක විස්තර කතා කරනවා . අනේ ඉතින් අපිත් කටවල් ඇරන් , උඩ බලන් සුරංගනා කතා අහන්න වගේ අහගෙන ඉන්නවා . දැන් වගේ නෙමේනේ , ආදර කතාවක් අහන්න එක්කෝ නවකතා පොතක් කියවන්න ඕන . නැත්නම් චිත්‍රපටියක් බලන්න ගෙදරින් එක්ක යනකම් ඉන්න ඕන . 

         ඔහොම ඉන්නකොට කොල්ලෙක් නැති අඩුව මට දැනුනේ වයසේ වැරද්දටද , නැත්නම් යාලුවෝ ඔක්කොටම ප්‍රේමවන්තයින් හිටිය නිසාද කියල මට තේරුනේ නැ . ඒත් , දැන්නම් දන්නවා , මේ ඔක්කොටම වඩා පරිසර සාධකය බලපාපු බව , මන් ඉතින් ලස්සනම නැ , ඒත් ටිකක් පෙනුමයි . ඊට වඩා පාසල්වියේ කැපී පෙනන දස්සකම් තිබුන නිසා , පිරිමි ළමයිනුත් මන් දිහා බැලුව . ඔන්න ... කොල්ලෙක් මං දිහා බලනවා , මං ගැන ටිකක් උනන්දුයි වගේ . මාත් බැලුව , හොරෙන් ...හොරෙන් මෙන්න එයා මට ලියුමක් එවල යාලුවෙකුගේ අතේ . 

        බයෙන් ... බයෙන් ලියුම අතට අරන් එකසයිස් පොතක කවරේ අස්සේ දාගෙන ගැහි ගැහි ගෙදර අරන් ගියා . ලියුම එලියට ගන්නත් බයයි , කවුරු හරි දකී කියල . පැය ගානක් පොත අස්සේ තිබිල , ගෙදර කට්ටිය අඩුවෙනකම් ඉදල , ටොයිලට් එකට අරගෙන ගිහින් ලියුම දහ සැරයක් විතර කියෙව්වා . හිතට මොකද්දෝ වෙනවා වගේ , ඒ වුනාට මේකට හා කියන්න බයයි මට , ඔහොම දව ගානක් ගිහින් , මෙන්න දන්නෙම නැතුව මාත් ලියුමක් ලියනවා , මාත් ඔයාට ආදරේ කියල , උත්තර ඇරිය , එදා ඉදන් කොල්ල බය නැතුව මං දිහා බැලුව , 

         දැන් අපි ආදරය කරනවනේ , දිගටම පොත් ගණන් ලියුම් ලිව්වා . එයාගේ පන්තියේ සටහන් , මගේ මුතු අකුරින් පිළිවෙලට ලියනවා . වරද්දන්නෙ නැතුව පන්ති ගියා . එයාව දකින්න පුළුවන් මට පන්තියේදී විතරයි . පන්ති ගියාට කිසිම දෙයක් ඉගෙන ගත්තේ නම් නැ . ඔලුවේ තිබුනේ එයා විතරමයි , වාසනාවට මොනවා හරි දන්න නිසා , විභාග අසමත් උනෙත් නැ . ලාවට ගොඩ දාගත්ත . මේ සම්බන්ධෙ ගෙදරට ආරංචි වෙලා , අපේ ගෙදරින් යුද්ධ ප්‍රකාශ කලා . අපට ඒගොල්ලන් ගැලපෙන්නේ නෑලු . හරියට ගම පෙරළියේ නන්දට උනදේ මටත් උනේ . 

            ඒත් අපි හොරෙන් ආදරේ කරා , ප්‍රශ්න ආව , අපට , ලියුම ලිවුවා ඇති වෙන්න , හම්බ උනේ නැ , දවස් ගණන් . ඔහොම ඉන්නකොට අපි ටික ටික ඇත් වෙනවා වගේ දැනුන , එයාට දැන් මාව අමතකයි වගේ ,  ලියුනුත් එවන්නේ නැ . මටනම් ගොඩක් දුක හිතුන , ඒ මගේ ප්‍රථම ප්‍රේමය නිසා . මම හිතෙන විදියට ගෙවල් වල අකමැත්ත නිසා , එයා මගෙන් ඇත් වෙන්න හිතන්න ඇති , අදටත් මං හරි හේතුව දන්නේ නැ . මගේ ලියුම් එයා අපහු ගෙනත් දුන්න . එයාගේ ඒවත් මන් අපහු දුන්න . අපේ ප්‍රේමය අවසන් කියල මං දැනගත්ත .

Wednesday, March 26, 2014

ලොව බලවත්ම කාන්තාවන් අතරට





                                              ලොව බලවත්මකාන්තාවන් අතරට යාහු සමාගමේප්රධාන විධායක නිලධාරිනි 37හැවිරිදි මරිස්සා ඇන් මේයර්ඇතුලත්ව ඇත . ඇමෙරිකාවේබලවත්ම කාන්තාවන් ලයිස්තුවේදාහතර වන තැන රැදී සිටින ඇයලෝක ආර්ථිකයට දැඩි බලපෑමක්කලාවූ  ලාබාලම තැනැත්තියයි .ඇය එක් දරු මවකි . යාහු සමාගමේසේවකයන්ගේ සුබසාධන කටයුතුවලට මැදිහත්වී , තුලින් සමාගමටවැඩි ලාභ උපයා දී , සේවකයන්ගේගැටළු විසදීම තුලින් ඇය ආර්ථිකඅරමුණු වලට ලගාවී ඇත . මෙමප්රගතිශීලි මැදිහත්වීම අනෙක්සමාගම් වලටද අභියෝගයක් සහආදර්ශයක් වී ඇත . මරිස්සා වැනි කාන්තාවන්  ලෝකයටමආඩම්බරයක් වනු ඇත . 


Tuesday, March 25, 2014

බිදුණු පවුල් තුලින් සාර්ථක දරුවන් බිහි වන්නේ නැත

විවාහ යොජනාවකින් ඔවුහු විවාහ විය. විවාහයෙන් පසුව ඔවුන් ඔවුන්ටම කියා සාදා ගත් නිවසේ පදිංචි විය. ඔහු උපාධිධාරි ගුරුවරයෙකි. ඔහුගේ පෙරත්තය මත ඇය රුකියාවක් කලද රුකියාවෙන් ඉවත් විය. ටික කලකින් ඔවුන්ට පිරිමි දරුවකු ලැබින.

ජීවිතය සමිපුර්ණ වුවා යයි ඇය සිතන්නට විය. එහෙත් සිදුවුයේ වෙනත් දෙයකි. ඔහුගේ හැසිරීම එන්න එන්නම වෙනස් වන්නට විය. ගෙදර වියදම සදහා දෙන මුදල් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කරන්නට විය. දෙන මුදල දරුවාට සහ කෑම වියදමටත් මදි වන්නට විය. වැඩිපුර මුදල් ඉල්ලු විට බැනුමි අහන්නට ඇයට සිදු උනි. එහෙත් ඇය ඉවසුවාය. ඔවුන් අතර අඩ දබර ඇති වන්නට විය. ඔහුත් ඇයත් නිවස තුලම තනි තනිව ජීවත් වන්නට පුරුදු වුහ. ඔවුන් අතර කථා බහ නොවුනි.

ඔහු තවත් වෙනස් වන්නට විය. හැසිරීමි රටාව අමුතු විය. වරෙක දරුණු විය. කෝප විය. එහෙත් දරුවාට ආදරය විය. අවුල් වු පවුල් ජීවිතයෙන් මිදෙන්න ඇයට උවමනා විය. ආදරයක් නැති සලකන්නෙත් නැති මනුස්සයෙක් සමග කෙලෙස ජීවත් වන්නට දැයි ඇය සිතන්නට විය. ඇය ඔහුගෙන් වෙන්වී දරුවාත් රුගෙන ඇය ඇයගේ නිවසට යන ලදි.

දෙමාපියන් හටද ඇය හා දරුවා නඩත්තු කිරීමට අපහසු විය. මෙ වන විට දරුවා පාසලේ තුන වසරෙ ඉගෙනුම ලබයි. දරුවා හා ඇය නඩත්තු වීමට අධිකරණයේ පිහිට පතමින් ඇය නඩත්තු මුදල් ඉල්ලන ලදි. ඔහුට නඩත්තු ගෙවීමට සිදු විය. එහෙත් ඒ තරහට ඔහු විසින් දික්කසාදය ඉල්ලමින් නඩුවක් ගොනු කරණ ලදි.

නඩු දෙකක් මැද දරුවා වඩාත් අසරන වන්නට විය. පාසල් ගුරුවරුන්ගෙන් පැමිනිලි මව වෙත එන්නට විය. දරුවා පාසැල් වැඩ නොකර බලා ගත් අත බලා ඉන්නට විය. අමිමා තාත්තාගේ ආදරය නොලැබුන විට දරුවාගේ පෞරුෂයට මෙවා බලපාන්නට විය. ඔහු පාසල තුලදීත් වඩා හුදකලා විය. ගුරුවරු මවටත් පියාටත් පාසලට පැමිනෙන ලෙස දන්වන ලදි. එහෙත් පියා පැමිනියේ නැත. ඇය තවත් ප‍්‍රශ්න මැද අතරමන් වන්නට විය.

මෙ වන විටත් ඔහුගේ හැසිරීම අමුතු වුයෙන් ඔහු උගන්වන පාසලේ ගුරුවරුන්ගේ මතය වුයේ ඔහුගේ මානසික තත්වයද කලක් තිස්සේ වෙනස් වමින් පවතින බවයි. එහෙත් ප‍්‍රථිකාර ගැනීමටද ඒ බව පිළිගැනීමටද ඔහු අකමැති විය. ඇයට මෙ සියල්ල කලක් තිස්සේ දැනෙන්නට විය. එහෙත් කල හැක්කක් නොවුනි.

ඔහු බාහිරව සාමාන්‍යය පුද්ගලයෙකි. එහෙත් මානසික රෝගියෙකි. තම පවුල වෙනුවෙන් යුතුකමි ඉටු නොකරන්නෙකි. අන් මත නොඉවසන්නෙකි. තම දරුවාගේ අනාගතය අදුරු වන තෙක් බලා සිටින ඔහු උගන්වන පාසලේ දරුවන් වෙනුවෙන් යමක් කරාවිදැයි සැක සහිතය. කවදා හෝ වරදක් වන්නට ඉඩකඩ නිර්මාණය වී ඇත.

රටක අනාගතය බාර ගැනීමට සිටින දරුවන් මෙලෙස අසරනභාවයට ලක් වන්නේ දෙමාපියන්ගේ වරදිනි. බිදුණු පවුල් තුලින් සාර්ථක දරුවන් බිහි වන්නේ නැත. එවැනි දරුවන් සමාජයට තවත් බරකි. දෙමාපියන් තීරන ගත යුත්තේ තම දරුවන් ගැන සිතා බලාය. නඩු දෙකක් පැවරීම තුලින් දරුවන්ගේ ප‍්‍රශ්න විසදෙන්නේ නැත. නීතිය සියල්ල නොවිසදවයි ඒ බව සියල්ලෝම මතක තබා ගත යුතුය.

Wednesday, March 5, 2014

නුඹ ලගින් උන්නු මං .....



නෙතට නෙත හමු නොවුනද .....
සිතට සිත බැදුනා ස්නේහයෙන්
මං නුඹට වඩා .... නුඹ මටද වඩා .....
ප්‍රේමය පිරුවා .....හදවතින්
මුහුණට මුහුණ ලං නොවී අප ....
සුසුම් .... කදුළු හෙලුවා .....
අපට අප ලගනැති මුත් .....
සිත් මල් පිපුනා දිනෙන් දින
මලකින් මලකට  ..... තරුවෙන් තරුවට
මං නුඹ රුව හෙව්වා ....
නුඹ ලගට එතැයි බලන් හිටිය ....
ඒ මල් අතරේ ... මං නුඹව දුටුවා .....
තරු කවක් කියන්න මට සිතුනා .....