Tuesday, October 6, 2015

ළමා අපචාර

    


        එන්න , එන්නම රටේ ළමා අපචාර සිදුවන ප්‍රවනතාව වැඩිවෙලා තියෙන්නේ කියල අපි හැමෝම දන්නවා . දවසින් දවස මෙහෙම වෙන්නේ කොහොමද කියල හිතා ගන්න බැරි වෙන්නේ තර්කයකින් තොරවමයි.
 අතීතයේත් මේ විදියට අපචාර වෙලා තියනවද කියල ලොකුවට දැන ගන්න නෑ. ඇත්තටම හේතුව , ඒවා ගැන ,  දැන ගෙනත් කව්රුවත් නොකිමද ...? නැත්නම් .... ලොකු හානියක් නොවීමද ...? එහෙමත් නැත්නම් මාද්‍යයේ නොදියුණු කමද ...? 


මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ , අපි ළමයි කියල හදුන්වන යුගේදී, අපේ වයසේ සමහර ළමයි, ආදරේ කරලා , පැනල ගියා , කොල්ලන් එක්ක. එතකොට අඩු වයස වෙද්දීත් , අපි දෑනන් හිටියේ නෑ, මේකත් ළමා අපචාරේම තමයි කියල . සමහර ළමයි හිටි ගමන් ගෙදර නතර උනා. ආරංචි උනේ, කගේ හරි අතින් කරදර වෙලා මුණ දෙන්න බැරිව නතර වෙලා කියල .  පස්සේ බලන කොට අඩු වයසින්ම කාට හරි බන්දල  දීලා. සමහර ළමයි ටිකක් විසේට හිටිය .... පිරිමි ළමුන් එක්ක ඇවිදලා ඔවුන් අතින් දුෂණය වෙලා . එහෙමත් නැත්නම් , කුඩා කල අතවර සිදුව,  විවාහ කල්පමාව හෝ සදාචාර විරෝධී චර්යාවන් ගත කරන ගැහැණු බවට අද වන විට පත් වෙලා .  එදා ළමුන්ව සිටි ඔවුන් අදටත් ඉදහිට හමුවෙනවා. ප්‍රගතිය මැන ගත්තේ එතනින්, සමහර විවාහ ජිවිත .... අතීත අතවර හේතුවෙන් අවුල් වෙලා .  දැන් තමයි මේ සිදුවෙන ළමා අපචාරත් එක්ක , ඒ කතා මතක් වෙන්නේ , එහෙත් බාල වයස් පිරිමි ලමුන් ගැන නම් කුමන කතාවක් වත්  ඔය විදියට ආරංචි වෙලා නෑ. 



එතකොට ලැබිච්ච දඩුවම් ... ඒ චුදිතයන්ට ... කිසිවක් නෑ.  බල පුළුවන්කාරකම් තියන පවුල් වල ඔවැනි සිදුවීමක් උනොත්, ශේප් එකේ සල්ලි දීල අයින්  කරනවා, පැනල ගියොත් බොහෝ විට වැඩි වයස දාලා හරි කසාද බැදලා. නැතිනම් අහිංසක පාර්ශවය බොහෝ විට අලාභය දරා ගෙනම නිහඩව විදවනවා. නැතිනම් අද වනවිට තවත් අපචාර වලට උදව් දෙනවා.  

මේ සිද්දිය අතීතයේ සිටම දිගින් දිගටම සිදු උනා කියල මට නම් හිතෙනවා. එතකොට ළමා අපචාර කියන්නේ නිලීනව බල පවත්නා සමාජ ක්‍රියාවක්ද කියල වරෙක හිතෙනවා, ඔබ .....  මේ වන විට වැඩි වයසක් පහුකර ඇත්නම් , මේ සංසිද්ධිය මතක් කර බලන්න . ඔබට අහන්න ලැබුනේ එදා මොනවාද කියල . 


ළමා අපචාර සදහා ඇති නවතම ප්‍රවනතාව නම් අතවරයෙන් පසු  මරා දැමීමයි. එයට හේතුව , අතීතයේ නීති ක්‍රියාත්මක නොවුවත්, අද වන විට නීති බලපවත්නා නිසා, දුෂකයෙක් යන සමාජ නාමයට ඇති බිය නිසා,  ප්‍රබල මාද්‍ය ඔස්සේ සිය දහස් වරක් , ඔහුවද දුෂණය වන නිසාවෙන් ළමුන් මරා දැමීම සිදුව තිබෙනවා. 

ළමා කාමය සදහා මේතරම් පිරිමි උනන්දු ඇයි....? මේ තත්වය මානසික ව්‍යකුලත්වයක ප්‍රතිපලයක්ද ....? එසේත් නැත්නම් .....හෝමෝන සාන්ද්‍රණයේ හදිසි අඩු වැඩි වීමක්ද ...? මෙය කොන්ඩයගේ සහෝදරයා ගැන නොව ( ඔහු සුළු මානසික රෝගියකු බැව්  ප්‍රදේශයේ ප්‍රකටව ඇත |) මට මතක් උනේ අර මාතර පැත්තේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී , ඒ වගේම තංගල්ලේ ව්‍යාපාරිකයන්ගෙන්  සිදු වූ පාසල් ළමයකු සමුහ දුෂණය යන සිද්දීන්. ඔවුන් නම් සාමාන්‍ය මානසික මට්ටමේ උදවිය. 


එදා සිට අද වන තෙක් ළමුන් දුෂණය වැඩි වෙලා මිස අඩු වෙලා නම් නෑ. මේ දුෂක උත්තේජනය මිනිසුන්ට ලැබෙන්නේ කොහොමද ....? ඔබ දන්නවද ...? සොයාගත යුතු කරුණ එයයි, මට හිතෙන විදියට එතනින් තමයි මේ සමාජ පිළිලය ඉවත් කරන්න උත්සහ ගන්න ඕන.ගෙවල් වල ඉන්න දරුවන් අමු අමුවේ දුෂණය වෙද්දී, අර විදි දරුවන්ට සිදුවන අතවර ගැන කවුරුත් නොදන්නේද .....? අප ඔවුන්ට සිදුවන දේ ගැනත් අවදානයෙන් සිටින්න ඕනේ. මොකද බාල අපරාධකරුවන් බිහි  වෙන්නෙත් එතනින්. රැදවුම් නිවාස ගතව සිටින , බොහෝ ළමුන්ගේ කතා මං අසා තිබෙනවා. එලෙස විනාශ වුනේ අපේ රටේ අනාගතය කියල කවුරුත් හිතන්නේ නෑ. 

සේයා ඝාතනයත් සමග ගම් මට්ටමින් දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක උනා. ළමුන් ආරක්ෂා කර ගන්නේ කොහොමද ....? ගෘහනියගේ කාර්ය භාරය කුමක්ද ....? මේවා තමා මාතෘකා උනේ . දැනුවත් වෙලා දවස් දෙකයි ගියේ , මගේ දුරකථනයට සිද්දීන් දෙකක් වාර්තා උනා. 

පළමු වැන්න ආච්චි අම්මා කෙනෙක්ගෙන් තම හය හැවිරිදි , මිනිබිරිය (මව මන්ද මානසික තැනැත්තියක් ) නාවද්දී , රහසග ඉදිමි ඇති නිසා දැරියගෙන් ප්‍රශ්න කර ඇත . පිළිතුර වුයේ ,  ඇයගේ පියා  හවසට බිමත්ව පැමිණ ඒ ප්‍රදේශය පිරිමදින බවයි. 


දෙවැන්න ... ඒ ගමේම , අම්මා, තත්තා, රස්සාවට යන නිවසක ගැහැණු දරුවකු තනිව නිවසේ සිටින විට , අල්ලපු ගෙදර ගෘහමුලිකයා විසින් ඔහුගේ ගෙදරට ඇය ගෙන්න ගෙන අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමයි. සේයාගේ කතාව අහපු මේ දැරිය , දෙමාපියන්ට මේ බව පවසා ඇත. පසු දිනයේ දැරියගේ පියා  පාරේ රැක සිට පොරෝ පාරවල් ගැසීමෙන්, චුදිතයා නොමැරී ... රෝහල් ගතවීමත්, පියා බන්ධනාගාරගත වීමත් සිදුවන ලදී. 

ඉතින්..... ඔබට පෙනෙනවද .... ළමා දුෂණය කියන්නේ අපරාධ වැලක ආරම්භයක් බව. මේ ආකාරයට  ආරවුල් ඇතිවූ පවුල් කියක් අප අතීතයේ සිට දැක ඇත්ද ...? මේ හේතු මත සාමාන්‍ය මිනිස්සුත් නිතිය අතට ගන්නා යුගයක් නේද තිබුනේ. අදත් මේවා සිදු වනවා ඇති. 

ඉහල පවුල් වල දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් තම දියණිවරු , මෙහෙකරුවන්ගෙන් පවා දුෂණය වෙලා තියනවා. ඒ වගේම , සහෝදරයන් අතින් දුෂණය වෙලා තියනවා, එම ළමුන්ගේ නීති විරෝධී ගබ්සාත් ඒ වගේමයි. පවුල් වල නම්බුව රකින්න මේ ගබ්සා සිදු කර තිබෙනවා. 


ඉතින් මේ බාල අපචාර කියන සංසිද්දිය අපි ලේසියෙන් බැහැර කලයුතු..... අමතක කලයුතු කාරණාවක් නොව , දිගින් දිගටම සිදු වන්නක් .  අද සේයා වගේම. හෙට කවුරුන් ගොදුරු විය හැකිද ...? මේ ගැන හිතන්න. මාද්‍ය ප්‍රචාර වලට සවන් දුන්න වගේම , ළමා දුෂණය ඔබට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක්  නොව, තමාගේම ඛේදවාචකයක් බව සිතන්න. 




  









Sunday, October 4, 2015

විශෝධනය හා දඩුවම

  


          මරණ  දඩුවම නැවත ක්‍රියාත්මක කරන්න යයි..... සමාජ මතයක් මේ දිනවල පවතී..... වරදක් සිදු වීමට ,  හේතුව හෙළි කරන්න යයි කිසිවකුත් නොඉල්ලති වරදට හේතුව මේ සමාජයමද  ...? වරදකරුවන් බිහි කරන්නේ කවුරුන්ද ...? 

අපරාධකරුවන් බිහිවීම සම්බන්ධයෙන් , මේ වන විට ජෛව විද්‍යාත්මක සාධක හා උපන් අපරාධකරු යන න්‍යායන් බිද වැටි ඇත ..... 
එසේ නම් පරිසර සාධක අපරාධකරුවකු බිහිවීම කෙරේ බලපා ඇති බව පිළිගන්න වනවා නේද ....? 

වරද ---- දඩුවම 


මේක උත්තරයක් කියල අපි හිතන්නේ කොහොමද ....? මොකද අපරාධකරු දඩුවම් විද නැවත පැමිණෙන්නේ මේ සිවිල් සමාජයටමයි . එසේ නම් ඔහු එල්ලිය යුතුද .....?  නැතහොත්, ඔහු පොරක් නම් , මල් මාලා දා සාදරයෙන් පිළිගත යුතුද ....?

නැත ...... වරදකරු සමාජ ගත වීමේදී ...... ඔහුව පිළිගත යුතු මැද මාවතක අවශ්‍යතාවයක් ඇති බව දැන් නම් අප පිළිගත යුතුය. 

මරණ දඩුවම ක්‍රියාත්මක වන රට වල  වැරදි අඩු වී ඇතයි සිතීම ..... වැරදීමකි. එවන් රටක් ඇති බව මා අසා නැත.  යම් රටක මරණ දඩුවම ක්‍රියාත්මක වීම,  මා දකින්නේ , එරටේ ... සමාජ සංස්කෘතියේ පිළිබිඹුවක් බවයි. 

අතීතයේ පටන් අප රටේ මරණ දඩුවම ක්‍රියාත්මක විය. පෞද්ගලික පලිගැනීම් වලට පවා , සාක්ෂි නොමැතිව මරණ දඩුවම ක්‍රියාත්මක විය. එතෙක් .... මෙතෙක් අප ලැබුවා වූ ප්‍රගතියක් ඇත්ද ....? 

එකල, [ අප දන්නා තරමින්, ඇහැලේපොල, දස්කොන් ආදී මරණයන්] අහිංසකයින් පවා මරණ දණ්ඩනයට ලක් විය. දැනුත් ඒ දේම නොවෙන්නේ යයි සිතිය නොහැකිද ....? වර්තමාන නිතිය  මගින් සියල්ලම වැරදි ආවරණය නොවන කල සාධාරණ විනිශ්චයන් සැම විටම දක්නට නොලැබේ. විනිසුරුවන් පවා ඒ සිද්ධාන්තය පිළිගෙන ඇත. නිවැරදිකරු වැරදිකරුවී..... වැරදිකරු නිවැරදිකරු වී, ....... විසදුනු නඩු තීන්දු කොතෙකුත් අප දැක ඇත. 

එසේ නම් දඩුවම් ක්‍රමය සාධාරණව ක්‍රියාත්මක වේදැයි, අපට කිව නොහැක. එබැවින් වරදට පිළිතුර දඩුවම නොව ..... වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක අවශ්‍යතාවය මේ වන විට පැන නගමින් පවතී. 

ඇමරිකන් හා ඕස්ට්‍රේලියානු වැනි දියුණු රාජ්‍ය වල දඩුවම් ක්‍රමය වෙනුවට විශෝධනය සුදුසු යයි. විකල්ප ක්‍රමවේදයන් අත්හදා බලමින් පවතී. ඔබ මේ බව දන්නවාද.......?

community corrections ..... වරදකරු  විශෝධනය කිරීම සදහා මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් සැකසීම මේ ක්‍රමයේ ලක්ෂණය වේ. සමාජීය පිළිකුල්භාවය වෙනුවට , අනුකම්පාසහගත මේ වැඩ  පිළිවෙල ක්‍රමානුකුලව සිදු කිරීමෙන් වරදකරු වැරදි චර්යාවෙන් මුදවා ගැනීමට පිටිවහලක් වේ. 

මේ සදහා දැඩි ඉවසීමකින් හා සංයමයකින් යුක්ත ..... පුහුණු හා සුදුසුකම් ලත් නිලධාරීන් අවශ්‍ය වේ. 

වරදකරුවන් සැකකරුවන් විදියට හෝ වරදකරුවන් විදියට , බන්ධනාගාර ගත වීමේදී, රජය බන්ධනාගාර නිලධාරීන්ගෙන් , බලාපොරොත්තු වන  කාරනා  කීපයක් ඇත. 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහා නිලධාරී බදවා ගැනීමේදී  මුඛ්‍ය පාඨය වුයේ වරදකරුවන් සදහා  ආරක්ෂාව ,රැකවරණය හා පුනුරුත්ථාපනය ලබා දිය යුතු බවයි.  මෙයින් මුල් කාරණා  දෙක යම් වශයෙන් ඉටු වුවත්,  විශෝධනය නම් නිසි ලෙස ඉටු නොවේ. 

හේතුව මා දකින  විදියට අදාල තනතුරු වලට බදවා ගැනීමේ ක්‍රම වේදය තුල නිසි පුහුණු නිලධාරීන් බදවා ගැනීම සදහා , බදවා ගැනීමේ පටිපාටිය සකස් නොකිරීමයි. උපාධිධාරීන් බදවා ගැනීම අවම මට්ටමකත්, මෙතෙක්, බදවා ගැනීමේ විභාග පැවැත් වුවද , දේශපාලන හිතවතුන් වැඩිමනක් බදවා ගැනීමක් වැඩි වශයෙන් සිදු විය. අදාල අමාත්‍යවරයා නියෝජනය වන ප්‍රදේශයෙන් පත්වීම් ලත් ආකාරය අනුව බදවා ගැනිම් තර්කයකින් තොරවම , පිළිගත හැක. 

මෙය ..... වඩාත් හොදින් පෙනෙන්නේ , මේ දිනවල බන්ධනාගාර ආරංචි මාර්ග පිරික්සීමේදී, නිලධාරීන් සතු  වූ සුදුසුකම් හා දක්ෂකම් එලියට ආරංචි වීමෙනි .  මේ හේතුවෙන් , විශෝධනය වෙනුවට වැරදි ආදර්ශ පමණක් රැදවියන්ට ලැබෙන කාල පරිච්චේදයක් පැමිණ ඇත. 

විශෝධනය යනු කුමක්ද ....? වරදකරු නිසි කායික හා මානසික සෞඛ්‍යකින් පිරිපුන්ව තැබීමයි. මෙය කෙසේ සිදු කරන්නේද ....? ඒ සදහා ගැලපෙන ක්‍රියාවලියක් සැකසීමයි. කවුරුන්ද මෙය සිදු කරන්නේ ....? ඒ සදහා සුදුසුකම් ලත් නිලධාරීන්. වගකීම.....? සියළුම පුරවැසියන්ගේ වගකීමයි  ...... 

වරදකරු බන්ධනාගාරය තුලදී හෝ, සමාජයේදී විශෝධනය වීමේදී නිසි අධීක්ෂණයකින් යුතු වැඩපිළිවෙලක් තිබිය යුතුය. වරදකරු වැරදිත් සමග සමාජ ගත වීමේදී , සිදු වන්නේ නැවතත් ඒ ආකාරයේම වැරදි සිදු කිරීමයි. එසේ නම් එම ක්‍රමවේදය සැකසීම වහා ඉක්මනින් ක්‍රියාත්මක වනවා දැකීම, අප සියළු පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි. 

නැවතත් සාක්ෂි නැති මරණ හා අපරාධ තව දුරටත් සිදු නොවේ යයි අප බලාපොරොත්තු වෙමු. මන්ද මානසිකත්වයෙන් යුක්ත වුවන් හට කරක් ගැසීමට සමාජය ඉඩ නොදිය යුතුය...... 

මානසික ඒකග්‍රතාවයක් නොමැති ජනතාව වසන රටක ජීවත්වීම, පාපයක් ලෙස සිතීම සාධාරණය නොකරන්නට , සියලුමදෙනා වග බලා ගත යුතිය. 



ගමක ජිවත් වන පුද්ගලයන්ගේ තරාතිරම ..... ගම වැසියන් යම් තරමක් දනී. ගමේ ග්‍රාම නිලධාරියා, සමෘද්ධි නිලධාරියා, ආර්ථික සංවර්ධන නිලධාරියා ඇතුළු ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ පත් කරන ලද තවත් විෂයානුකුල නිලධාරීන් රැසක් ඇත. මොවුන් සිටින්නේ ඇයි.....? ගමේ ප්‍රශ්න  යම් තරමකට විසදීමට මැදිහත් වීමටයි. මේතාක් නිලධාරීන් සිටිද්දී, කෙසේද සමාජ අපචාරයන් සිද්ධ වෙන්නේ ...? 

වලක්වන්න පුළුවන් , යම් මැදිහත් වීමක් වෙන්න , මේ අයට නිත්‍යානුකුල අවසරයක් ඇත. එසේ නම් .... පොලිසියට යාමට පෙර , ගම් වැසියන් දන්නා තොරතුරු මෙම නිලධාරීන් වෙත වාර්තා කිරීමට හැකියාව ඇත. සුළු වැරදි හා විෂම චර්යා පාලනය කිරීමේ හැකියාව මෙමගින් ලැබෙන බව ඔබ දන්නවද ....? දැන්වත් දායක වන්න ගමේ ඇති මේ කර්තව්‍යට . ගම් මට්ටමින් විෂම චර්යා ඇත්තවුන් විශෝධනය කිරීමේ හැකියාව ඔබට ඇත්තේ මෙලෙසිනි. 

වැරැද්දට එරෙහි වීමේ අයිතිය ඔබට ඇත. එහෙත්, එම වැරැද්දට දඩුවම් පැමිණවීමේ අයිතිය ඔබට නැත. ඔබ නීති ගරුක පුද්ගලයෙකි. නිවැරදි පුරවැසියන් බිහිවනු දැකීම හා යහපත් රාජ්‍යක් බිහිවීම සියළු දෙනාගේම බලාපොරොත්තුවයි. 

ලෝකයේ දියුණු රට වල අපරාධ අවම කිරීම සදහා වරදකරුවන් සම්බන්ධයෙන් තෝරාගෙන ඇති ක්‍රමවේදය ප්‍රජා විශෝධනයයි. ලංකාවට සාපේක්ෂව ඒවා ක්‍රියාත්මක වන ආකාරය ඔබට දන ගැනීම පිණිස , එම මද්‍යස්ථාන කීපයක චායාරුප පහතින් දක්වමි .  එම රටවල් විසින් විශෝධන මද්‍යස්ථාන පිහිටුවමින්, උපදේශනය සිදු කරමින් , අපරාධ අඩු කර ගැනීම සදහා සදාචාරාත්මක ක්‍රමවේදයකට යොමුව ඇති ආකාරය අප බලමු  .