Sunday, October 4, 2015

විශෝධනය හා දඩුවම

  


          මරණ  දඩුවම නැවත ක්‍රියාත්මක කරන්න යයි..... සමාජ මතයක් මේ දිනවල පවතී..... වරදක් සිදු වීමට ,  හේතුව හෙළි කරන්න යයි කිසිවකුත් නොඉල්ලති වරදට හේතුව මේ සමාජයමද  ...? වරදකරුවන් බිහි කරන්නේ කවුරුන්ද ...? 

අපරාධකරුවන් බිහිවීම සම්බන්ධයෙන් , මේ වන විට ජෛව විද්‍යාත්මක සාධක හා උපන් අපරාධකරු යන න්‍යායන් බිද වැටි ඇත ..... 
එසේ නම් පරිසර සාධක අපරාධකරුවකු බිහිවීම කෙරේ බලපා ඇති බව පිළිගන්න වනවා නේද ....? 

වරද ---- දඩුවම 


මේක උත්තරයක් කියල අපි හිතන්නේ කොහොමද ....? මොකද අපරාධකරු දඩුවම් විද නැවත පැමිණෙන්නේ මේ සිවිල් සමාජයටමයි . එසේ නම් ඔහු එල්ලිය යුතුද .....?  නැතහොත්, ඔහු පොරක් නම් , මල් මාලා දා සාදරයෙන් පිළිගත යුතුද ....?

නැත ...... වරදකරු සමාජ ගත වීමේදී ...... ඔහුව පිළිගත යුතු මැද මාවතක අවශ්‍යතාවයක් ඇති බව දැන් නම් අප පිළිගත යුතුය. 

මරණ දඩුවම ක්‍රියාත්මක වන රට වල  වැරදි අඩු වී ඇතයි සිතීම ..... වැරදීමකි. එවන් රටක් ඇති බව මා අසා නැත.  යම් රටක මරණ දඩුවම ක්‍රියාත්මක වීම,  මා දකින්නේ , එරටේ ... සමාජ සංස්කෘතියේ පිළිබිඹුවක් බවයි. 

අතීතයේ පටන් අප රටේ මරණ දඩුවම ක්‍රියාත්මක විය. පෞද්ගලික පලිගැනීම් වලට පවා , සාක්ෂි නොමැතිව මරණ දඩුවම ක්‍රියාත්මක විය. එතෙක් .... මෙතෙක් අප ලැබුවා වූ ප්‍රගතියක් ඇත්ද ....? 

එකල, [ අප දන්නා තරමින්, ඇහැලේපොල, දස්කොන් ආදී මරණයන්] අහිංසකයින් පවා මරණ දණ්ඩනයට ලක් විය. දැනුත් ඒ දේම නොවෙන්නේ යයි සිතිය නොහැකිද ....? වර්තමාන නිතිය  මගින් සියල්ලම වැරදි ආවරණය නොවන කල සාධාරණ විනිශ්චයන් සැම විටම දක්නට නොලැබේ. විනිසුරුවන් පවා ඒ සිද්ධාන්තය පිළිගෙන ඇත. නිවැරදිකරු වැරදිකරුවී..... වැරදිකරු නිවැරදිකරු වී, ....... විසදුනු නඩු තීන්දු කොතෙකුත් අප දැක ඇත. 

එසේ නම් දඩුවම් ක්‍රමය සාධාරණව ක්‍රියාත්මක වේදැයි, අපට කිව නොහැක. එබැවින් වරදට පිළිතුර දඩුවම නොව ..... වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක අවශ්‍යතාවය මේ වන විට පැන නගමින් පවතී. 

ඇමරිකන් හා ඕස්ට්‍රේලියානු වැනි දියුණු රාජ්‍ය වල දඩුවම් ක්‍රමය වෙනුවට විශෝධනය සුදුසු යයි. විකල්ප ක්‍රමවේදයන් අත්හදා බලමින් පවතී. ඔබ මේ බව දන්නවාද.......?

community corrections ..... වරදකරු  විශෝධනය කිරීම සදහා මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් සැකසීම මේ ක්‍රමයේ ලක්ෂණය වේ. සමාජීය පිළිකුල්භාවය වෙනුවට , අනුකම්පාසහගත මේ වැඩ  පිළිවෙල ක්‍රමානුකුලව සිදු කිරීමෙන් වරදකරු වැරදි චර්යාවෙන් මුදවා ගැනීමට පිටිවහලක් වේ. 

මේ සදහා දැඩි ඉවසීමකින් හා සංයමයකින් යුක්ත ..... පුහුණු හා සුදුසුකම් ලත් නිලධාරීන් අවශ්‍ය වේ. 

වරදකරුවන් සැකකරුවන් විදියට හෝ වරදකරුවන් විදියට , බන්ධනාගාර ගත වීමේදී, රජය බන්ධනාගාර නිලධාරීන්ගෙන් , බලාපොරොත්තු වන  කාරනා  කීපයක් ඇත. 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහා නිලධාරී බදවා ගැනීමේදී  මුඛ්‍ය පාඨය වුයේ වරදකරුවන් සදහා  ආරක්ෂාව ,රැකවරණය හා පුනුරුත්ථාපනය ලබා දිය යුතු බවයි.  මෙයින් මුල් කාරණා  දෙක යම් වශයෙන් ඉටු වුවත්,  විශෝධනය නම් නිසි ලෙස ඉටු නොවේ. 

හේතුව මා දකින  විදියට අදාල තනතුරු වලට බදවා ගැනීමේ ක්‍රම වේදය තුල නිසි පුහුණු නිලධාරීන් බදවා ගැනීම සදහා , බදවා ගැනීමේ පටිපාටිය සකස් නොකිරීමයි. උපාධිධාරීන් බදවා ගැනීම අවම මට්ටමකත්, මෙතෙක්, බදවා ගැනීමේ විභාග පැවැත් වුවද , දේශපාලන හිතවතුන් වැඩිමනක් බදවා ගැනීමක් වැඩි වශයෙන් සිදු විය. අදාල අමාත්‍යවරයා නියෝජනය වන ප්‍රදේශයෙන් පත්වීම් ලත් ආකාරය අනුව බදවා ගැනිම් තර්කයකින් තොරවම , පිළිගත හැක. 

මෙය ..... වඩාත් හොදින් පෙනෙන්නේ , මේ දිනවල බන්ධනාගාර ආරංචි මාර්ග පිරික්සීමේදී, නිලධාරීන් සතු  වූ සුදුසුකම් හා දක්ෂකම් එලියට ආරංචි වීමෙනි .  මේ හේතුවෙන් , විශෝධනය වෙනුවට වැරදි ආදර්ශ පමණක් රැදවියන්ට ලැබෙන කාල පරිච්චේදයක් පැමිණ ඇත. 

විශෝධනය යනු කුමක්ද ....? වරදකරු නිසි කායික හා මානසික සෞඛ්‍යකින් පිරිපුන්ව තැබීමයි. මෙය කෙසේ සිදු කරන්නේද ....? ඒ සදහා ගැලපෙන ක්‍රියාවලියක් සැකසීමයි. කවුරුන්ද මෙය සිදු කරන්නේ ....? ඒ සදහා සුදුසුකම් ලත් නිලධාරීන්. වගකීම.....? සියළුම පුරවැසියන්ගේ වගකීමයි  ...... 

වරදකරු බන්ධනාගාරය තුලදී හෝ, සමාජයේදී විශෝධනය වීමේදී නිසි අධීක්ෂණයකින් යුතු වැඩපිළිවෙලක් තිබිය යුතුය. වරදකරු වැරදිත් සමග සමාජ ගත වීමේදී , සිදු වන්නේ නැවතත් ඒ ආකාරයේම වැරදි සිදු කිරීමයි. එසේ නම් එම ක්‍රමවේදය සැකසීම වහා ඉක්මනින් ක්‍රියාත්මක වනවා දැකීම, අප සියළු පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි. 

නැවතත් සාක්ෂි නැති මරණ හා අපරාධ තව දුරටත් සිදු නොවේ යයි අප බලාපොරොත්තු වෙමු. මන්ද මානසිකත්වයෙන් යුක්ත වුවන් හට කරක් ගැසීමට සමාජය ඉඩ නොදිය යුතුය...... 

මානසික ඒකග්‍රතාවයක් නොමැති ජනතාව වසන රටක ජීවත්වීම, පාපයක් ලෙස සිතීම සාධාරණය නොකරන්නට , සියලුමදෙනා වග බලා ගත යුතිය. 



ගමක ජිවත් වන පුද්ගලයන්ගේ තරාතිරම ..... ගම වැසියන් යම් තරමක් දනී. ගමේ ග්‍රාම නිලධාරියා, සමෘද්ධි නිලධාරියා, ආර්ථික සංවර්ධන නිලධාරියා ඇතුළු ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ පත් කරන ලද තවත් විෂයානුකුල නිලධාරීන් රැසක් ඇත. මොවුන් සිටින්නේ ඇයි.....? ගමේ ප්‍රශ්න  යම් තරමකට විසදීමට මැදිහත් වීමටයි. මේතාක් නිලධාරීන් සිටිද්දී, කෙසේද සමාජ අපචාරයන් සිද්ධ වෙන්නේ ...? 

වලක්වන්න පුළුවන් , යම් මැදිහත් වීමක් වෙන්න , මේ අයට නිත්‍යානුකුල අවසරයක් ඇත. එසේ නම් .... පොලිසියට යාමට පෙර , ගම් වැසියන් දන්නා තොරතුරු මෙම නිලධාරීන් වෙත වාර්තා කිරීමට හැකියාව ඇත. සුළු වැරදි හා විෂම චර්යා පාලනය කිරීමේ හැකියාව මෙමගින් ලැබෙන බව ඔබ දන්නවද ....? දැන්වත් දායක වන්න ගමේ ඇති මේ කර්තව්‍යට . ගම් මට්ටමින් විෂම චර්යා ඇත්තවුන් විශෝධනය කිරීමේ හැකියාව ඔබට ඇත්තේ මෙලෙසිනි. 

වැරැද්දට එරෙහි වීමේ අයිතිය ඔබට ඇත. එහෙත්, එම වැරැද්දට දඩුවම් පැමිණවීමේ අයිතිය ඔබට නැත. ඔබ නීති ගරුක පුද්ගලයෙකි. නිවැරදි පුරවැසියන් බිහිවනු දැකීම හා යහපත් රාජ්‍යක් බිහිවීම සියළු දෙනාගේම බලාපොරොත්තුවයි. 

ලෝකයේ දියුණු රට වල අපරාධ අවම කිරීම සදහා වරදකරුවන් සම්බන්ධයෙන් තෝරාගෙන ඇති ක්‍රමවේදය ප්‍රජා විශෝධනයයි. ලංකාවට සාපේක්ෂව ඒවා ක්‍රියාත්මක වන ආකාරය ඔබට දන ගැනීම පිණිස , එම මද්‍යස්ථාන කීපයක චායාරුප පහතින් දක්වමි .  එම රටවල් විසින් විශෝධන මද්‍යස්ථාන පිහිටුවමින්, උපදේශනය සිදු කරමින් , අපරාධ අඩු කර ගැනීම සදහා සදාචාරාත්මක ක්‍රමවේදයකට යොමුව ඇති ආකාරය අප බලමු  . 














24 comments:

  1. අපි යායුතු තැන.

    ReplyDelete
  2. ඒ කියන්නේ ඔයත් ......?

    ReplyDelete
    Replies
    1. අපේ රට යායුතු මට්ටම යනුවෙන් පැහැදිලි වියයුතුය. :)

      Delete
  3. හුඟක් වැදගත් කරුණූ රැසක් , විශේෂයෙන්ම අපේ රටේ “මරණ දන්ඩන“ පිළිබඳව පමණක්ම කතා කරන මේ දිනවල කතා කළ යුතුම මාතෘකාවක්.
    මෙවන් විශෝධන මධ්‍යස්ථාන වෙත යොමු කරන අපරාධ / ස්වභාවයන් සහ කාළය පිළිබඳවත් කැමැත්තෙක්ට තවත් සොයන්නට පුළුවන් වේවි (එහෙම කීවේ , අපේ සමහර අය කළබල වෙන්න පුළුවන් , පහුගිය කාළේ වගේ අපරාධවලට දායක වුනු අපරාධකරුවන් “කරෙක්ෂන් සෙන්ටර්“ එකට දානවද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන් නිසා )

    මේ මාතෘකාව පිළීබඳව මා ලියූ ලිපිය මරණ දන්ඩණය කෝකටත් තෛලයද ?
    (මේ ලිපියේ ලිංක් එක එකතු කළේ , මෙම මාතෘකාව පිළිබඳ සිංහලෙන් ලියූ ලිපි සොයන්නෙකුට යම් තරමක් පහසුවක් ඇතිවනු පිණිස පමණි) - ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මිතුර ..... කවුරු බැන්නත්, හොද කිව්වත් අපි දකින දේ හා අපට දැනෙන දේ ලියන්න ඕනනේ .... අපි වෙනස් වෙන්න ඕන. තරහ වෛරය හිතේ තිය ගත්තොත් තවත් අපරාධ වැඩි වෙනවා.
      සුදුසු පිළිතුරු, විකල්ප ක්‍රියා මාර්ග , මේ අපරාධ රැල්ල මඩින්න තිබිය යුතුයි. ඒකයි, වෙනස් මත ගෙන එන්නේ . එතැනදී ඔබ හරි ...ඔබේ ,. post ඒක මං කියෙව්වා

      Delete
  4. මම දැනට වසර ගනනාවක ඉදලම බන්ධනාගාර සුභසාධන අංශයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ.ඒ වගේම රැදවියන් වෙනුවෙන් වැඩසටහන් පවත්වලා ඔවුන් සමග සාකචිඡා කරලා තිබෙන නිසා ඔය ගැන බොහෝ අත්දැකීම් මට තිබෙනවා.සුභසාධන අංශය හරහා සිරගතවන පුද්ගලයා ගැන පමනක් නොවයි ඔහුගේ පවුල් පසුබිම වගේම පවුලේ යැපෙන්නන් ගැනත් සොයා බලනවා.අපි හිතමු ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබු පුද්ගලයෙක් ඉන්නවා කියලා.ඔහුගේ බිරිද මිය ගිහින් දරැවෝ හතර දෙනෙක් ඔහුට ඉන්නවා ඒ දරැවෝ හතර දෙනාම පුංචි දරැවෝ නම් ඔවුන් බලන්න වෙන කවුරැවත් නැත්නම් ඇති වන තත්ත්වය ගැන හිතන්න පුලුවන් නේද ?.එවැනි අවස්ථාවන් වලදි ඒ ඔවුන් වෙනුවෙන් මොනවද කරන්න පුලුවන් කියන එක ගැන අවධානය යොමු කරනවා.

    නමුත් මේ නිලධාරීන්ටත් ඒ වෙනුවෙන් කල හැකි විශාල දෙයක් නැ.මොකද රජයෙන් ප්‍රතිපාදන වෙන්වෙන්නෙත් නැත්නම්,වෙනත් විධිමත් ක්‍රියාමාර්ග අරගන්නෙත් නැත්නම් කොහොමද මේ සියල්ලටම පිලිතුරැ හොයන්නේ කියන ගැටලුව ඇතිවෙනවා.ඇත්තෙන්ම ඉහලින් ඇතිවෙලා තියෙන ගැටලුයි එවැනි අවස්ථාවලදි බලපාලා තියෙන්නේ.

    ඒ වගේම සිරකරැවන්ගේ චරිත සෝදනය කරන්න යම් යමි වැඩපිලිවෙල බන්ධනාගාර තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා.මනෝඋපදේශන.ආගමික,වැනි වැඩසටහන් සදහා වෙන්වුන දින තිබෙනවා.ඒ සදහා ඉතා කැමැත්තෙන් සම්බන්ධවන සිරකරැවන් වගේම,කොහොමටවත් සම්බන්ධ නොවන අයත් ඉන්නවා.එහෙම බලනකොට සිරකරැවන්ගේ පැත්තෙන් තිබෙන ගැටලුත් තිබෙනවා.

    ඔබේ ලිපියේ සදහන් වෙලා තිබෙනවා වගේම දේශපාලන පත්වීම් ලැබු නිලදාරින් ඉන්නවා.ගම්පහ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් (දැන ඒ දිනවල ඔහුගේ හෙංචයියන්ට එහෙම පත්වීම් දීලා තිබුන ආකාරය පුවත්පතකින් හෙලිකලා .ඒ පත්වීම් ලැබු බන්ධනාගාර සුභසාධන නිලධාරියෙක් හිතවත් රැදවියන්ට ගංජා ගෙනත් දුන්න අකාරය පවා එම පුවත්පතෙහි සදහන් වෙලා තිබුනා.එවැනි නිලධාරින්ගෙන් සිදුවන හානිය සුලුපටු නොවෙයි.නමුත් ඉතා කැපවීමේන් සේවය කරන නිලධාරීන් ඉන්න බව මම පෞද්ගලිකවම දන්නවා.

    කොහොම උනත් මම දැක්ක දේ තමයි බන්ධනාගාර තුලින් කෙරෙන්නේ ඔවුනට පැවරිලා තබෙන සීමා සහිත රාජකාරීයක් ඉටු කරන එකයි කියන කරැන.ඉන් එහාට ඔවුන්ට කලහැකි දෙයක් නැ.මොකද අපරාධකරැවන් අල්ලන්නේ පොලසිය,බන්ධනාගාරගතවන්නේ උසාවි තීන්දුවකින්,අර නිලධාරීන්ට කරන්න තියෙන්නේ බන්ධනාගාරගතවන සිරකරැවෝ වෙනුවෙන් ඔවුන්ට පවරලා තිබෙන රාජකාරිය කරන්න.සාර්ථත ක්‍රමවේදයක් නැත්තේ බන්ධනාගාරතුල නෙවෙයි ඇත්තෙන්ම රජය හා ඒ සම්බන්ධ අමත්‍යංශ මගින් විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාවට නගන්නේ නැතිකමයි තිබෙන ගැටලුව.ඒ වගේම සිරගතවෙලා සමහර අපරාධකරැවන් මැතිඇමතිවරැන්ගේ ගෝලයෝ සහචරයෝ කියන්න අපි හැමෝම දන්නවනේ.


    ReplyDelete
    Replies
    1. මනෝ..... බන්ධනාගාරය තුල මෙවැනි වැඩ පිළිවෙලක් තියන බව මං දන්නවා. ඒත්.... සෑම බන්ධනාගාරයකම මේ වැඩපිළිවෙල නෑ. වැලිකඩ ,විශේෂයෙන් මේ දේ තියනවා, ඒත්, සෑම වරදකරුවෙකුම මේකෙන් cover වෙන්නේ නෑ. පොදු වැඩසටහන් පමණයි ඇත්තේ. මේ ආකාරයට වැඩසටහන් වලට බන්ධනාගාරයට එන සමහර අය ,එන්නේ වෙනත් පරමාර්ථ හිතේ තියන්, සමහරු සැදෑ කාලය ගෙවන්න පෙන්ෂන් ගියාම කලේ කන්න, තවත් අය එන්. ජි. ඔ. එකක් අටෝගෙන කියක් හරි ගරා ගන්න, තව අය ඉන්නවා, මෝස්තරේට උදව් කරන්න එන අය , මේ ගොල්ලන් මං දැකල තියනවා, හැමෝම මේ ගනේට වැටෙන්නේ නෑ මනෝ..... හොද වැඩසටහනුත් තිබ්බ,
      නිලධාරී ඉන්නේ දැඩි පිඩනයකින්, හේතුව, සියළු දේ ඒ ගොල්ලන්ට කරන්න බෑ. රැකවරණය සපයන අයට , විශෝධනය කියන part ඒක කරන්න බෑ. සුදුසුකමක් නෑ. ඒකයි බදවා ගැනීමේ නුසුදුසු කම ගැන කතා කලේ.
      විශෝධන ක්‍රම වේදය බන්ධනාගාරයේ තිබුනට , ප්‍රතිපාදන නෑ. දෙන්න ඕනත් ඒකයි. මේවා ලියල ඉල්ලන්නෙත් ඒකයි.....
      මනෝ....... මං හරිද මන්ද ......

      Delete
  5. මනෝ ගේ අදහසට 100% ක් එකඟයි. ඇත්තටම අපේ බන්ධනාගාර වල හිරකරුවන් ගොඩ ගන්න වැඩපිළිවෙලවල් බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිපාදන මදි කම හා දුෂිත පුද්ගලයන්. දියුණු රටවල හිරේ යනවා කියන්නේ හොඳ සැපට ඉන්න ලැබෙන තැනකට යනවා කියන එක.

    ReplyDelete
    Replies
    1. බන්ඩෝ...... දියුණු රටවල හිරේ ගියාම ශරීරයට වගේම මොලේටත් සැප ලැබෙනවා. එතන මේ ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නේ ඔය විදියට, අපරාධකරුවන් කියන්නේ මනසේ ක්‍රියාකාරිත්වයේ යම් අඩුවක් ඇති අය. මේ වැඩපිළිවෙලට දායක වන්න අපේ රටට සල්ලි නෑ. නැත්නම් ඒ ගැන ඕන කමක් නෑ.

      Delete
  6. අපිත් අර ස්කොට්ලන්තෙ වගේ වැඩසටහනක් කිරියාත්මක කරන්න ඕන.. හැක්
    හැබැයි වෙයිද දන්නෑ...
    ස්කොට්ලන්තය නේද අර හිර ගෙවල් වලිං වෙන වැඩ ගන්නෙ
    නෝර්වේ වලට කුලියටත් දීල හිරකාරයො නැති හංද
    ලංකාව වගේ රටක ඒ වගේ තත්වෙකට එන්න සෑහෙන කට්ටක් කන්න වෙයි

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා දන්නේ නැද්ද ... මහේෂ්.... චීනයෙන් හිරකාරයෝ හම්බන්තොට පාරවල් හදන්න ගෙනත් ඉන්නවා කියල , ඒත් කුලියටනේ , හම්බන්තොට ඇවිල්ල බලන්නකෝ.....

      Delete
  7. LTTE සිරකරුවන් පුනරුත්ථාපනය කරන ආකාරය බලන්නට මට කීප වරක් අවස්ථාව ලැබුණා. ඒ සඳහා වෙනම මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේදැයි මා දන්නේ නැහැ. නමුත් ඔවුන්ට ඉතා හොඳ ආහාර, ඇඳුම්, (සාමාන්‍ය ඇඳුම් අඳින්නට ඉඩදෙනවා) විවේකය ගතකිරීම සඳහා පහසුකම්. එකම ශාලාවක සිටීමේ පහසුකම්, අධ්‍යාපන පහසුකම්, වෘත්තීය පුහුණු පහසුකම්, පුස්තකාල, රූපවාහිනී, ගුවන්විදුලි, පහසුකම්, සලසා තිබෙනවා.

    සාමාන්‍ය බන්ධනාගාර වලත් මේ පහසුකම් වැඩිදියුණු කළහැකි වුනත් ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්.... විචාරක මහත්තයෝ..... LTTE සිරකරුවන් සදහා අංග සම්පුර්ණ පුහුණු මද්‍යස්ථානයක් හදල තිබුන. මෙතන ඒ නියමිත ක්‍රමවේදය ක්‍රියාත්මක උනා. මං හිතන්නේ දැන් ඒ කදවුරේ ඉන්නේ drugs treatment කරන අය , ඔය කියන්නේ කන්දකාඩුව හෝ අඹේපුස්ස වෙන්න ඕන.
      දැන් ඔය ආකාරයේ අංග සම්පුර්ණ බන්ධනාගාරයක් අගුනුකොලපලස්සේ හදමින් පවතිනවා.

      Delete
  8. නිහිංසා කාලෙකින්.. මං හිතුවේ මේ ටික ගොඩක් කලින් ලියයි කියලා.. :/

    ReplyDelete
    Replies
    1. ඔව්.... කලණ...... එන්න බැරි තරමට අවිවේකය තිබුනා.

      Delete
  9. එතකොට එල්ලුම් ගහ ඕන වෙන එකක් නෑ..........

    ReplyDelete
  10. ප්‍රජා විශෝධන නිලධාරියෙක් හිටියා මගේ යාලුවෙක් , සමහර කතා මිනිහා කියනකොට අපි හිතුවේ බොරු කියනවා කියලා

    ReplyDelete
    Replies
    1. ඉවාන් ..... ප්‍රජා විශෝධන නිලධාරියා කියන්නේ , බොරු නෙමේ. එයා හොද කවුන්සිලර් කෙනෙක්, ඒ ගොල්ලන්ගේ වෙනස් කතාවක් තියෙන්නේ, හේතුව මනෝ උපදේශකයන් නිසා.

      Delete
  11. කාලින ලෙස ඉතාමත් වටිනා කරුණු කාරනා සහිත ලිපියක් මෙය නිහින්සා. නමුත් තාමත් වෙන්නේ මෙහි අනිත් පැත්ත. සුලු චෝදනාවකට රිමාන්ඩ් වෙන අහින්සකයා එළියට එන්නේ දරුණුම අපරාධයක් කරන්න හැකි මානසික මට්ටමකින්. වියයුතු විශෝදනය බලාපොරොත්තුවන්නේ වරදකරුගෙන් වුවත් රිමාන්ඩ් වන සැකකරුත් එළියට එන්නේ මිනිමැරුමක් කරන්න තරම් තත්ත්වයටකට පත්වෙලා.. ඒ අතිත් අපරාධ පාතාලය විශෝධන ක්‍රියාවලියට වඩා ඉදිරියට ගිහින් තම ගොඩ වැඩිකරගන්නවා. එයට රාජ්‍ය නිළධාරි පැලැන්තියටම හවුල් හා වග කිය යුතුයි. මේ අගනා සටහනට ඔබට මල් මිටක්

    ReplyDelete
  12. ස්තුතියි ...... නලින් අයියේ ..... මේ කාරනා හුගක් ඉස්සර ඉදන් අපි , පෙන්නලා දුන්න, ලොකු අය ගණන් ගත්තේ නෑ. තමන්ගේ පැවැත්ම විතරයි වැදගත් වුනේ රටට හෙන ගැහුවත් කමක් නෑ, එයාලට , මේතරම් විනාශ වුනේ අපේ අයගේ ජිවිත,
    දැන්වත් මේක තෙරුන් ගනියිද මන්ද ,...... ප්‍රතිපාදන වැඩිපුර වෙන් කරන්න ඕන, මේ සමාජ ප්‍රතිසංස්කරණ වලට අයියේ ...

    ReplyDelete
  13. අපරාධ සහ ජාන අතර සම්බන්ධය විද්වතුන් වර්තමානයේදී පිළිගන්නේ නෑ. ඒ බව මා දන්නවා. ඒත් මම නම් කියන්නෙ ඒ දෙක අතර සම්බන්ධයක් තිබෙන බවයි. ඇතැම් පවුල් වල පෙලවැල පරීක්ෂා කිරීමේදී එම පවුල් වල වැලක් මෙන් අපරාධකරුවන් සිට ඇති බව පෙනෙනවා. එසේම අපරාධ සමාජ උගැන්මක්ද විය හැකියි.

    මරණ දඩුවමෙන් අපරාධ අවම කර නැහැ.මරන දඩුවම තිබෙන රටවල අපරාධ අඩුවී නැහැ. සවුදිය හා ඇමරිකාව උදාහරන .

    අපරාධ කිරීම සදහා වන සියළුම පෙළබීම් අහෝසි කළ යුතුයි. මේ සදහා සමාජ සම්බන්ධතා ,සමාජ පරිසරය යළි සකස් කළ යුතුයි. අපරාදවලට හිතකර අධ්‍යාපන රටාව වෙනස් කළ යුතුයි. මාධ්‍ය මගින් අපරාධ පන්ති පවත්වනවා ටෙලි නාට්‍ය වල.සාමකාමී සම්මාජ සම්බන්ධකම් ගොඩ නගා එකිනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට කුඩා කළ සිටම පුහුණු කළ යුතුයි

    මා ඉහත ඡේදයෙන් පෙන්වා දුන්නේ යමෙක් අපරාධයක් කිරීමට බලපාන හේතු සොයා මුලිනුපුටා දැමීම. අපරාධවලට ඉඩහසර විවරකරන ගැන්සි /නඩ ආදිය අධෛර්ය කළ යුතු අතර අපරාධවලට පෙළැඹිය හැකි අය හදුනාගෙන පුනරුත්ථාපනය කළ යුතුයි (කොණ්ඩ පවුල වැනි අපචාරී පවුල් ).

    ReplyDelete
  14. අපචාරී පවුල් බිහි වන්නේ ඒ පවුල තුල සමජානුයෝජනයෙන් මිතුර ..... ජාන සම්බන්ධ නොවෙන්නේ එතනදියි. ගැන්සි .... හිතකර විය යුතුයි, මේකම තමා , බන්ධනාගාර තුල සිදු වන්නේ ත් ....

    ReplyDelete