Tuesday, October 6, 2015

ළමා අපචාර

    


        එන්න , එන්නම රටේ ළමා අපචාර සිදුවන ප්‍රවනතාව වැඩිවෙලා තියෙන්නේ කියල අපි හැමෝම දන්නවා . දවසින් දවස මෙහෙම වෙන්නේ කොහොමද කියල හිතා ගන්න බැරි වෙන්නේ තර්කයකින් තොරවමයි.
 අතීතයේත් මේ විදියට අපචාර වෙලා තියනවද කියල ලොකුවට දැන ගන්න නෑ. ඇත්තටම හේතුව , ඒවා ගැන ,  දැන ගෙනත් කව්රුවත් නොකිමද ...? නැත්නම් .... ලොකු හානියක් නොවීමද ...? එහෙමත් නැත්නම් මාද්‍යයේ නොදියුණු කමද ...? 


මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ , අපි ළමයි කියල හදුන්වන යුගේදී, අපේ වයසේ සමහර ළමයි, ආදරේ කරලා , පැනල ගියා , කොල්ලන් එක්ක. එතකොට අඩු වයස වෙද්දීත් , අපි දෑනන් හිටියේ නෑ, මේකත් ළමා අපචාරේම තමයි කියල . සමහර ළමයි හිටි ගමන් ගෙදර නතර උනා. ආරංචි උනේ, කගේ හරි අතින් කරදර වෙලා මුණ දෙන්න බැරිව නතර වෙලා කියල .  පස්සේ බලන කොට අඩු වයසින්ම කාට හරි බන්දල  දීලා. සමහර ළමයි ටිකක් විසේට හිටිය .... පිරිමි ළමුන් එක්ක ඇවිදලා ඔවුන් අතින් දුෂණය වෙලා . එහෙමත් නැත්නම් , කුඩා කල අතවර සිදුව,  විවාහ කල්පමාව හෝ සදාචාර විරෝධී චර්යාවන් ගත කරන ගැහැණු බවට අද වන විට පත් වෙලා .  එදා ළමුන්ව සිටි ඔවුන් අදටත් ඉදහිට හමුවෙනවා. ප්‍රගතිය මැන ගත්තේ එතනින්, සමහර විවාහ ජිවිත .... අතීත අතවර හේතුවෙන් අවුල් වෙලා .  දැන් තමයි මේ සිදුවෙන ළමා අපචාරත් එක්ක , ඒ කතා මතක් වෙන්නේ , එහෙත් බාල වයස් පිරිමි ලමුන් ගැන නම් කුමන කතාවක් වත්  ඔය විදියට ආරංචි වෙලා නෑ. 



එතකොට ලැබිච්ච දඩුවම් ... ඒ චුදිතයන්ට ... කිසිවක් නෑ.  බල පුළුවන්කාරකම් තියන පවුල් වල ඔවැනි සිදුවීමක් උනොත්, ශේප් එකේ සල්ලි දීල අයින්  කරනවා, පැනල ගියොත් බොහෝ විට වැඩි වයස දාලා හරි කසාද බැදලා. නැතිනම් අහිංසක පාර්ශවය බොහෝ විට අලාභය දරා ගෙනම නිහඩව විදවනවා. නැතිනම් අද වනවිට තවත් අපචාර වලට උදව් දෙනවා.  

මේ සිද්දිය අතීතයේ සිටම දිගින් දිගටම සිදු උනා කියල මට නම් හිතෙනවා. එතකොට ළමා අපචාර කියන්නේ නිලීනව බල පවත්නා සමාජ ක්‍රියාවක්ද කියල වරෙක හිතෙනවා, ඔබ .....  මේ වන විට වැඩි වයසක් පහුකර ඇත්නම් , මේ සංසිද්ධිය මතක් කර බලන්න . ඔබට අහන්න ලැබුනේ එදා මොනවාද කියල . 


ළමා අපචාර සදහා ඇති නවතම ප්‍රවනතාව නම් අතවරයෙන් පසු  මරා දැමීමයි. එයට හේතුව , අතීතයේ නීති ක්‍රියාත්මක නොවුවත්, අද වන විට නීති බලපවත්නා නිසා, දුෂකයෙක් යන සමාජ නාමයට ඇති බිය නිසා,  ප්‍රබල මාද්‍ය ඔස්සේ සිය දහස් වරක් , ඔහුවද දුෂණය වන නිසාවෙන් ළමුන් මරා දැමීම සිදුව තිබෙනවා. 

ළමා කාමය සදහා මේතරම් පිරිමි උනන්දු ඇයි....? මේ තත්වය මානසික ව්‍යකුලත්වයක ප්‍රතිපලයක්ද ....? එසේත් නැත්නම් .....හෝමෝන සාන්ද්‍රණයේ හදිසි අඩු වැඩි වීමක්ද ...? මෙය කොන්ඩයගේ සහෝදරයා ගැන නොව ( ඔහු සුළු මානසික රෝගියකු බැව්  ප්‍රදේශයේ ප්‍රකටව ඇත |) මට මතක් උනේ අර මාතර පැත්තේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී , ඒ වගේම තංගල්ලේ ව්‍යාපාරිකයන්ගෙන්  සිදු වූ පාසල් ළමයකු සමුහ දුෂණය යන සිද්දීන්. ඔවුන් නම් සාමාන්‍ය මානසික මට්ටමේ උදවිය. 


එදා සිට අද වන තෙක් ළමුන් දුෂණය වැඩි වෙලා මිස අඩු වෙලා නම් නෑ. මේ දුෂක උත්තේජනය මිනිසුන්ට ලැබෙන්නේ කොහොමද ....? ඔබ දන්නවද ...? සොයාගත යුතු කරුණ එයයි, මට හිතෙන විදියට එතනින් තමයි මේ සමාජ පිළිලය ඉවත් කරන්න උත්සහ ගන්න ඕන.ගෙවල් වල ඉන්න දරුවන් අමු අමුවේ දුෂණය වෙද්දී, අර විදි දරුවන්ට සිදුවන අතවර ගැන කවුරුත් නොදන්නේද .....? අප ඔවුන්ට සිදුවන දේ ගැනත් අවදානයෙන් සිටින්න ඕනේ. මොකද බාල අපරාධකරුවන් බිහි  වෙන්නෙත් එතනින්. රැදවුම් නිවාස ගතව සිටින , බොහෝ ළමුන්ගේ කතා මං අසා තිබෙනවා. එලෙස විනාශ වුනේ අපේ රටේ අනාගතය කියල කවුරුත් හිතන්නේ නෑ. 

සේයා ඝාතනයත් සමග ගම් මට්ටමින් දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක උනා. ළමුන් ආරක්ෂා කර ගන්නේ කොහොමද ....? ගෘහනියගේ කාර්ය භාරය කුමක්ද ....? මේවා තමා මාතෘකා උනේ . දැනුවත් වෙලා දවස් දෙකයි ගියේ , මගේ දුරකථනයට සිද්දීන් දෙකක් වාර්තා උනා. 

පළමු වැන්න ආච්චි අම්මා කෙනෙක්ගෙන් තම හය හැවිරිදි , මිනිබිරිය (මව මන්ද මානසික තැනැත්තියක් ) නාවද්දී , රහසග ඉදිමි ඇති නිසා දැරියගෙන් ප්‍රශ්න කර ඇත . පිළිතුර වුයේ ,  ඇයගේ පියා  හවසට බිමත්ව පැමිණ ඒ ප්‍රදේශය පිරිමදින බවයි. 


දෙවැන්න ... ඒ ගමේම , අම්මා, තත්තා, රස්සාවට යන නිවසක ගැහැණු දරුවකු තනිව නිවසේ සිටින විට , අල්ලපු ගෙදර ගෘහමුලිකයා විසින් ඔහුගේ ගෙදරට ඇය ගෙන්න ගෙන අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමයි. සේයාගේ කතාව අහපු මේ දැරිය , දෙමාපියන්ට මේ බව පවසා ඇත. පසු දිනයේ දැරියගේ පියා  පාරේ රැක සිට පොරෝ පාරවල් ගැසීමෙන්, චුදිතයා නොමැරී ... රෝහල් ගතවීමත්, පියා බන්ධනාගාරගත වීමත් සිදුවන ලදී. 

ඉතින්..... ඔබට පෙනෙනවද .... ළමා දුෂණය කියන්නේ අපරාධ වැලක ආරම්භයක් බව. මේ ආකාරයට  ආරවුල් ඇතිවූ පවුල් කියක් අප අතීතයේ සිට දැක ඇත්ද ...? මේ හේතු මත සාමාන්‍ය මිනිස්සුත් නිතිය අතට ගන්නා යුගයක් නේද තිබුනේ. අදත් මේවා සිදු වනවා ඇති. 

ඉහල පවුල් වල දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් තම දියණිවරු , මෙහෙකරුවන්ගෙන් පවා දුෂණය වෙලා තියනවා. ඒ වගේම , සහෝදරයන් අතින් දුෂණය වෙලා තියනවා, එම ළමුන්ගේ නීති විරෝධී ගබ්සාත් ඒ වගේමයි. පවුල් වල නම්බුව රකින්න මේ ගබ්සා සිදු කර තිබෙනවා. 


ඉතින් මේ බාල අපචාර කියන සංසිද්දිය අපි ලේසියෙන් බැහැර කලයුතු..... අමතක කලයුතු කාරණාවක් නොව , දිගින් දිගටම සිදු වන්නක් .  අද සේයා වගේම. හෙට කවුරුන් ගොදුරු විය හැකිද ...? මේ ගැන හිතන්න. මාද්‍ය ප්‍රචාර වලට සවන් දුන්න වගේම , ළමා දුෂණය ඔබට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක්  නොව, තමාගේම ඛේදවාචකයක් බව සිතන්න. 




  









19 comments:

  1. මුලින්ම කියන්නට ඕන , සිංහල බ්ලොග් තුල තිබෙන ලිපි අතුරින් ඔබේ මෙම ලිපි පෙළ මා සිත් ගත් බව . අද දවසේ කතා කළ යුතුම වැදගත් මාතෘකාකිහිපය අතුරින් එකක් මේ .

    ළමා අපචාර වැඩි වීම සඳහා හේතු ගණනාවක් කීවද ඉන් , දෙමාපිය දරු සබඳතාව හීන වීම සහ දැනුවත් බව අඩුවීම ප්‍රධාන සාධකයක්. (තවත් සාධක ගණනාවක් අතරේ) . ඒ වගේම හැම දේටම ලොක්කන්ට බැන වදිනවාට වඩා , මෙම අපරාධ සීමා කිරීම සඳහා නිවෙස තුල කල හැකිදේ තිබෙනවා , ඉන් එකක් දරුවන් දැනුවත් කිරීම ,
    ළමා අපචාර රැල්ලක් පිළීබදව දෙස් තබන දෙමාපියන් , තම දරුවන් ඉන් රැකගන්නෙ කෙසේද කියන කරුණ පිළබඳව කොයිතරම් දුරට දැනුවත් කරලද කියල හිතල බලන්න මේ කාළයයි ,

    තම දරුවන් දැනුවත් කළ යුතු එක් කරුණක් පිළිබදව මා ලියූ ලිපිය www.nursinglk.com/2015/03/170-child-sex-abuse.html
    ලොකුවට නොහිතන පොඩිවුන් රැක දෙන “යට ඇඳුමේ කතාව“ !

    එම ලිපිය එක් කලේ මේ මාතෘකාව පිළිබදව තව දුරටත් සොයන්නෙකුට පහසුවක් වනු පිණිස පමණි , ස්තුතියි  , මෙම කොමෙන්ටුව නොගැලපේනම් ඉවත් කිරීමේ අයිතිය ඔබ සතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර ......
      ඔබ කියන දේ හරිම්දෙමපිය දු දරු සබදතාව බිද වැටීමෙන් ළමය හුදකලා වීම අපචාර වලට එක හේතුවක්. මේ දෙගොල්ලොම තේරෙන මට්ටමෙන් දැනුවත් කල යුතියි.
      ලිංගික අද්‍යාපනය පාසල් තුලට ඇතුලත් කිරීමේ කාලය මං හිතන්නේ එළඹ ඇත .

      Delete
  2. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ වාර්තාවලට අනුව 2015 වසරේ මේ වනවිට ළමා අපචාර සහ අපයෝජනය සම්බන්ධ පැමිනිලි 6500 ක් පමන ප්‍රමානයක් ලැබිලා තියනවා.මේ වාර්තා වන ප්‍රමානය විතරයි.එහෙම වාර්තා නොවන ප්‍රමානය මීටත් වඩා වැඩියි.

    ReplyDelete
    Replies
    1. අපි නම් අපේ දූව ගොඩක් දේවල් ගැන දැනුවත් කරනවා.එහෙම නොවුනම පස්සට පසුතැවිලි වෙන්න වෙනවා.

      Delete
    2. ඔව් ..... මනෝ.... වාර්තා වෙන ප්‍රමාණයට වඩා නොවන ප්‍රමාණය වැඩියි. මොකද සමහර සිද්ධීන් වාර්තා වනේ අවුරුදු ගානක් ගිහින්, ඉහත අපරාධය හේතුවෙන්, තව ප්‍රශන ගණනාවක් දා ගත්තට පස්සේ. එතකොට අපට ගොඩ ගන්න දෙයක් නෑ. ජීවිතේම විනාශ වෙලා ඉවරයි.

      Delete
  3. ඔව් නිහිම්සා. මමත් මේ අදහස සහ පෝස්ට් එකට මුලුමනින්ම එකඟයි. අපි ගෙදර කරන්න පුලුවන් දේ ගෙදරම කරානම් කවදාවත් පොලිසි, උසාවි යන්න ඕනෙ නෑ. තව නිරපරාදේ මිනිසුන් දඬුවම් ලබන්නෙත් නෑ. පොලිසිය නෝන්ඩි වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ගෙදරින් දෙන්න පුළුවන් දැනුම ගෙදරින් දෙන්න. මුලික අව්ස්තව්ව එකයි..... ළමයා දැනුවත්වීම තමයි කෙරෙන්න ඕන . එතකොට පොලිසි යන ළමා නඩු ප්‍රමාණය අවම වෙනවා. කසුන්

      Delete
  4. සම්පූර්ණ ඇත්ත.....
    //මාද්‍ය ප්‍රචාර වලට සවන් දුන්න වගේම , ළමා දුෂණය ඔබට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් නොව, තමාගේම ඛේදවාචකයක් බව සිතන්න. //
    අපේ නෙවෙයි කියලා ප්‍රශ්නයක් නෑ. අපි හැමොම මේ ගැන උනන්දු වෙන්න ඕනි. දෙමාපියන් වඩ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනි........

    ReplyDelete
    Replies
    1. ළමා අපචාර සිදුවීම ගැන මුළු සමාජයම වග කියන්න ඕන . ආර්යන් ..... මේ තමා ලංකාවේ දියුනුවක පැතිකඩ .... ලෝකය තුල ලංකාව ඉන්න තැන. මේක පෙරදිග රටක්. උතුම් සංස්කෘතියක් , සභ්‍යත්වයක් තිබු තැනක් ....

      Delete
  5. අපි අපේ හිත දමනය කරගන්න මීට වැඩ සිය දහස් වාරයකින් උත්සාහ ගතයුතුයි. විසඳුම එපමණයි.

    ReplyDelete
    Replies
    1. හිත දමනය නොකිරීම, ස්වයන් පාලනය නැතිකම .... උගත් පුද්ගලයන්ට වන චරිත හානියක්..... අපරාධයකට අත වැනීමක් ... නේද ...? උතුමනි ....

      Delete
  6. මුල ඉදලම හදන්න ඕන දෙයක් නිහිංසා.. අම්මගෙ තාත්තගෙ ඉදං මාධ්‍ය කාරයා කියන තැනට එනකං හදන්න ඒන දෙයක්..
    ඔය වගේ සිදුවීමක් වුණාම මාධ්‍ය හැසිරෙන හැටි බලන්න අර කුණු මස් කට්ටට ඉව අල්ලන දඩෝරියො වගේ
    අම්ම රට යනේක, කෙල්ල ආච්චම්ම ගාව ඉන්නෙක, තාත්ත බේබද්ද වෙනේක, ළමයි තනි වීම නිසා හුගක් අපචාර වලට මුල. ඇත්තටම පොඩි එකීව පොඩි කාලෙ ඉදං දැනෙන විදියට දැනුවත් කරන්න වගේම අම්මල තමන්නෙ දරුවො ගැන මීට වඩා හිතන්න ඕන

    ReplyDelete
    Replies
    1. මාද්‍ය ..... අපරාධ සදහා අද පාසලක් බවට පත්වෙලා. නොතේරෙන ළමුන්ට හා මානසික අඩු ලුහුඩු ඇත්තන්ට පොඩි ගැම්මක් වෙලා, මෙතන නිවැරදි කරන්නේ කොහොමද මහේෂ් ..... ලංකාව ගෝලීයකරණය වෙලා තියෙන්නේ .
      තමන්ගේ දරුවන්ගේ වගකීම තමන්ම ගත යුතු කාලයක්. කෙලින්ම කියන්න දැන්, ළමයි අයිති රජයට නොව, අපටමයි කියල, අපි බලා ගන්නම් කියල .

      Delete
  7. අපේ පන්තිවල හිටිය හොඳට ඉගෙන ගත්ත දක්ෂ ගෑනු ළමයෙක්.. තාත්තා නැතුව අම්මත් එක්ක තනියෙම හැදුනේ.. ලස්සනයි සුදුයි.. දහයේ පන්තියේ වගේ ඉද්දි කතාවක් ගියා කොල්ලෙක් එක්ක යාළුවෙලා වැරද්දක් කරගෙන කියලා.. ඇත්ත නැත්ත දන්නේ නැති උනත් අපිත් ඒ කාලේ විහිලු කරා.. ඒ.ලෙවල් කරන කාලේ ආයිම ත්‍රී වීල් එකක් වැඩ කරපු කොල්ලෙක් එක්ක යාලු වෙලා බැන්දා.. කොහෙත්ම සාර්ථක ජිවිතයක් උනේ නෑ.. දැන් ලොකු ගනු දරුවෙක් ඉන්නවා.. ලඟදි ආරංචි උනා ඒ දරුවත් අර වගේම ප්‍රශ්නයක් කරගෙන කියලා.. මම ඇත්ත නැත්ත හොයන්න ගියේ නෑ.. 'අම්ම' ගැන මතක්වෙලා ලොකු කම්පනයක් ආවා.. පවුල් පසුබිම ළමයින්ට හරි වැදගත්.. අඩුම තරමින් පරණ ගැටළු තියෙනවනම් අද ඉඳලවත් ඒවා අමතක කරලා ළමයින් වෙනුවෙන් කැපවීමක් කරන්න මේක බලන එක අම්මෙක් තාත්තෙක් හරි කැප වෙනවනම් නිහින්සා ගේ බලාපොරොත්තුවත් බොහෝ දුරට ඉටුවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... කලණ මේ සිද්දි මට මතක් උනේ .... ඒ දවස් වල අප අතර හිටි අයව උදාහරණයට ගනිමින්...... ළමයෙක් හැදෙන්න පවුල් පසුබිම ඉතා වැදගත්..... ආරෙට යනවා කියන්නේ ඒකයි.... මං හිතන්නේ ..... සමාජය ඔවැනි වැරද්දක් දුටුවම ඇගිල්ල දික් කරන්නේ අම්මට ..... ඉස්සෙල්ල තේරෙන අපි පුනුරුත්තාපනය වෙලා හරි දරුවෝ හරියට හදන්න ඕන. ආරක්ෂාව දෙන්න ඕන. ගැහැනියක් තමයි මේ week point දන්නේ . දැන් ඉන්න තරුණ ළමයි හරි .... මේ දේ හිතේ තියා ගත්තොත් .... ඉදිරියේදී තමන්ගේ ළමයි.... ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි.....

      Delete
  8. ළමා අපචාර ඝාතන ඇතුළු දුරාචාර සිදුවීම් වැළැක්වීමට විසඳුම පිටින් කළ යුතු දෙයක් නොවන බවයි මගේ අදහස. දේශපාලන/ ජාතීවාදී කෙළි වලදී නොව ආගම යන්න පෙරට පැමිණිය යුත්තේ මෙවන් තැන්වලදියි. වැරදිකරුවන්ට දඬුවම් දීමට පෙර නිවැරදිකරුවන්ට ඇතුළතින් දඬුවම් දිය යුතුයි යන්නයි මගේ අදහස.

    වටිනා ලිපියක්
    ජයවේ නිහිංසා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණ .....
      ළමා අපචාර සදහා විසදුම් පිටින් හොයන්න බෑ .... වර්ණ ..... මේවා අපි විසින්ම වලක්වා ගත යුතු දේවල්.

      Delete
  9. කාලෙට ගැලපෙන ලිපියක්..... ඔව් නිහිංසා අපි බ්ලොග්කරුවන් හැටියට අපිට මේ වෙලාවේ කරන්න හැකි දේ තමා මේ.... සමාජය දැනුම්වත් කිරීම සහ කතිකාවක් ගොඩනැගීම... අගෙයි

    ReplyDelete
    Replies
    1. කුරුටු .... ස්තුතියි ..... කාටවත් දොස් නොකිය අපේ දැනුවත් කිරීම් මේ ආකාරයට කරන එක ජාතික වගකීමක් ..... අපේ යුතුකමක් ....

      Delete