Monday, March 16, 2015

කුසිනාරා

සඳ බැස ...... අමාවක ....
හිරු සැගව අවරගිර........
අදුරු ලෝකය මගේ ...... 
කඩවර සමග .....
පන ගැහෙන  හෝරාව.....
නොම උණුසුම් මට දී .....
දික් විජය කරන්නට 
ඉවත ගිය  කුසිනාරා......

විටක හඩවා......
විටක රිදවා......
බලා හිදින කල .....
මන්දස්මිතයක් වත් 
නොරැදී මුව'ඟ .....
අග්නි දාහයක්ව ......
ගි'ගුන් දී ඇවිලෙන 
කප්පරක් දුක් පමණක් 
වැළඳී......

කාෂ්ඨක  වූ අපේ  පෙම......
හරිත වර්නයෙන් .....
සුපසන්ව ...දිලිහෙන තෙක්......
මං කවදා තෙක් 
බලන් ඉන්නද....?
කියන් කුසිනාරා තොම් ......
මෙමට .......දැන්වත්....
නුඹේ අධිරාජ්‍යයේ 
රැජින වන්නට .....
පිරු පාරමී .....
මදිද දැන්වත්......




Monday, March 2, 2015

කතරක අතරමංව



             අපි යන්නේ කොයි පාරේ......මේ යන්නේ හරි පාරේ.....? දැන් අපි යන්නේ හරි පාරේද කියල මං  ආපහු හැරිලා බැලුව. ඔලුවේ තිබ්බ බර නම් ටිකක් අඩු උනා. සැහැල්ලුව ටිකකට දැනුනා. අමුතු නිදහසක් දැනෙන්න පටන් ගත්තා. මට දැනුනේ ඔන්න ඔය වගේ හැගීමක්. යාන්තමට හිනාවක් මුනේ තියන කොට ඒක නැතිවෙයි කියලත් බය හිතෙනවා. මොකද ඒ තරමටම අපි පහුගිය කාලේ මුණ එල්ලගෙන නේ හිටියේ. හරියට උතුරේ යුද්දෙ  ඉවර වෙලා ඒ මිනිස්සුන්ට දැනුන නිදහස් හැගීම වගේ........, අපට තිබුනේ සීතල යුද්ධයක්නේ.
           දාම් පෙතේ ඉත්තො වගේ එහාට මෙහාට මාරු උනා. සමහරු කැපිලම ගියා. අලුත් රජවරු ඔටුනු පැලැන්දා. මං  මේකට කැමතියි. අලුත් සංස්කෘතියක් අපට ලැබුනා. 
            මෙවැනි පෙරමුණු , සභාග රාජ්‍යන් ලෝකේ තිබුනා. ඒත් ..... සංකීර්ණ තත්වයන් මතුවුනේ නැ. අරමුණක්...... දැන් අපේ දේශපාලනයට තියනවා. ඒත්.... පේන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අපි තව බලාන ඉමු. එක අතකට ඉක්මන් වෙන එකත් හොද නැනේ.රටකට අවශ්‍ය යහ පාලනයක්, ඒකට බහුතරය ඉඩ දෙයිද.....?
               මොකද දැන් දේශපාලනය කියන්නේ වෘත්තියක් නෙමෙයිනේ. සමහර විට පාඩු ලබන ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. ඉස්සර වගේ කොමිස්, පරිත්‍යාග, අනුග්‍රහ නැති වෙනකොට , කවුද ..... දේශපාලනය කරන්න කැමති...... අන්න එතැනදී අපි ආපු දිශානතිය වෙනස් වෙයි කියල මට හිතෙනවා. මිට පස්සේ අපිට කතා කරන්න වෙන්නේ වෙනස්ම කොට්ඨාශයකට . 
                ලැබිච්ච දේවල් නොලැබෙනකොට ඉන්න පුළුවන් කාටද....? මේ යන ක්‍රමයට මොකුත් නොකර ඉදි කියල හිතන්නත් අමාරුයි. තවමත් නිහඩ ප්‍රතිපත්ති එක්කයි අපි ඉන්නේ. පැහැදිලි අදහසක් ගන්න අමාරු තැනකයි, දැන් රට රැදිලා තියෙන්නේ. 
             ප්‍රශ්න ගොඩක් එකතු කරන් අපේ අය උත්තර හොයනවා. තාම උත්තර ලැබිල නෑ. ඒකට කෑ ගහනවා, අපේ අය වෙන මොනවා කරන්නද....? සාක්ෂි නැති මලගම් කොතෙකුත් තියනවා. ඒත් කෝ පශ්චාත් මරණ පරීක්ෂණ....? මිනිය කුණුවෙලා ගද ගහනකම් , අපට බලන් ඉන්න සිදු වෙයි.  නැතිනම් බල්ලන්ට කන්න විසි කරලා දමාවි. 
            එක පාරක් වෙච්ච දෙ..... ආයෙත් නොවෙන්නයි...... අපට ඕන..... සම්මුතීන් අතර දින සියය ඉක්මවා යයි......ඒක එහෙම වෙයි......එක් රැයකින් ලොවක් බිහි වෙන්නෙවත්, එලි වෙන්නෙවත් නෑ. මේක ප්‍රයෝගික නෑ කියල අපි දන්නවා. ඒත්...... ඒ රාමුව තිබිය යුතුයි...... වැඩ කරන්න පුළුවන් තරමට යම් දුරක් යයි. 
             ඒත්..... මහමැතිවරණයෙන් පසු..... මේ දිශානතිය කොයි පැත්තට යාද කියල දෙවියෝවත් දන්නේ නැති වෙයි....... තරග වදින, අලුත් මුහුණු ......පරණ මුහුණු..... බුද්ධිය එක්ක හැප්පිලා විසි වෙන්නේ කවුද කියල නම් තීරණය කරන්න ඕන අපිමයි, කරන්න ඕන මොකද්ද කියල තීරණය කරන්න ඕන අපිමයි. එදා ගත්තු වගේ තීන්දු තීරණ ගන්න තරම් අපි නිර්භීත වුනා නම්, යන්න ඕන ගමන වෙනස් කරන්න පුළුවන් අපට විතරමයි. 
          මේකට නම් කාටවත් බැනලා නම් වැඩක් නෑ. දැන් මේ හැම දෙයක්ම පසුපස අදිසි හස්ත නෑ. මිත්‍යාව නැ. ඔයාල හැමෝටම කියන්න අපි කරන්න ඕන මොකද්ද....? අපට ඕන මොනවද....? එතැනට අපේ සංස්කෘතිය හැඩ ගැසේවි. මේක නුතනද.....? සම්ප්‍රධායිකද කියල හිතන්න අවශ්‍ය නෑ.